IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


පරාජයේ වගකීම කණ්ඩායම බාරගත යුතුයි

ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකා පිල හොදින් ක‍්‍රීඩා නොකළ බවත් ශී‍්‍ර ලංකා කණ්ඩායම එහි වගකීම බාරගත යුතු බවත් ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (31) පැවැති සිවුවැනි තරගයේ පරාජයෙන් පසුව මාධ්‍යහමුව අමතමින් මහේල එසේ පැවසීය. තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දියාව මේ වන විට 3x1 ක් ලෙස තරගාවලියේ ජය ලබා සිටියි. ”අපි ඉන්දියාවට එරෙහිව මීට වඩා හොදින් ක‍්‍රීඩා කළ යුතුයි. ඉන්දීය පිතිකරුවන් ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි. සැළසුම් කළාට ඒවා වෙන්නේ නෑ. වැරදි අඩු කරගත යුතුයි” ”පාකිස්තානු තරගාවලියේ අපි හොදින් ක‍්‍රීඩා කළා. මේ තරගාවලිය පුරාම හොදින් ක‍්‍රීඩා නොකිරීමේ වගකීම බාරගන්න  ඕනේ’” යයිද මහේල ජයවර්ධන පැවසීය. සිවුවැනි තරගය පරාජයට පත්වීමට හේතුව කුමක්ද යන ප‍්‍රශ්නයට මෙසේ පිළිතුරු සැපයීය. ”මෙම තණතිල්ලේ මොකක්ද කරන්නේ කියලා අපිට සැළසුමක් තිබුණා. නමුත් ඒ අනුව ක‍්‍රීඩා කළේ නෑ. ගොඩක් කඩුලූ දුන්නම අවශ්‍ය ඉලක්කයට යන්න බෑ. පන්දු රැුකීමේදී හො`ද දේ කළා, ඒත් අපෙන් වැරදිත් වුණා. පරාජයට හේතුව අපි එතරම් හො`දින් ක‍්‍රීඩා නොකිරීමයි”



අදහස් (0)

පරාජයේ වගකීම කණ්ඩායම බාරගත යුතුයි

බුද්ධිකා රෙෂානි Thursday, 02 August 2012 11:02 AM

පැරදුන එක ගැන නෙවෙයි දුක. කවදාවත් හැදෙන්නේ නැති එක ගැන. අපේ කණ්ඩායම සමබර නැහැ. පිතිකරුවන් ගහන්නේ නැති නිසා පිතිකරුවන් ගණන වැඩි කරනවා. ඊට පස්සේ බෝල දාන්න අය නැහැ. අපිට ඕල‍් රවුන්ඩර්ස්ලා 3ක් ඉන්නවා (තිසර,මැතිවුස්,කුලා) . ඔය හොදටම ඇති. තව පියෝ බොලර්ස්ලා 3ක් දාන්න. කුලා වෙනුවට ජීවන් දැම්මම වෙන්නේ බෝල දාන්න කෙනෙක් නැතිවෙන එකයි. තරංග ගැනත් තීරණයක් ගන්න කාලය ඇවිත්. එයා තමන්ගේ පා චලන වල තියෙන වැරදි හදා ගන්නේ නැහැ. ඒ වැරදි හදා ගන්නවනම් එයාට බය නැතිව ඕෆ් සයිඩ් එකේ පහරවල් වලට යන්න පුලුවන්. (නි)

:       0       0

හසිත් Thursday, 02 August 2012 11:07 AM

ඊළග තරගයත් බලනවා කියන්නේ අපරාදේ නිකන් කාලය නාස්ති කරනවා කියන එකයි. (නි)

:       0       0

සුමනා Thursday, 02 August 2012 11:18 AM

ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කරන ගෙවීම්, තරග දිනන පරදින ආකාරයට අනුව ගෙවන ක්‍රමයක් ලෙස සකස් කළොත් නරකද? (නි)

:       0       0

චමින්ද බීඩී Thursday, 02 August 2012 11:29 AM

ඕක තමයි අපේ මිනිස්සුන්ගෙ තත්ත්වය... මෙහෙ රටවල්වල මිනිස්සු ලංකාව ගැන හොද කියනවා.. 100% උගත් කියලා..මේ අදහස් දැක්කම මොනවා හිතයිද මන්දා... මේගොල්ල වැරදිලාවත් පාසලකට ගිහිං නෑ වගේ දාල තියෙන්නෙ.. ක්‍රිකට් කියන්නෙ දිනනවා පරදිනවා එහෙම තමයි..!!(නු)

:       0       0

චමින්ද Thursday, 02 August 2012 11:31 AM

මොනවා නැති වුණත් අඩු නැතුව කට්ටියගේ ප්‍රතිචාර නම් තියෙනවා නේද? (නි)

:       0       0

අමිල Thursday, 02 August 2012 11:32 AM

හැමෝම උනන්දුවෙන් සෙල්ලම් කළා, හැබැයි එක් කෙනෙක් හැර . එයා උනන්දුවෙන් සෙල්ලම් කරන්නේ ඉන්දියානු ප්‍රිමිය ලීග් තරගාවලියේදී පමණයි. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 03 August 2012 11:02 AM

අනේ මහේල අයියේ, මොන රටකට පැරදුණත් අපිට නම් කමක් නැහැ. හැබැයි ඉන්දියාවට පරදින එක අපිට ඉවසන්න බැහැ. (නි)

:       0       0

ජගත් Thursday, 02 August 2012 11:50 AM

මම අපේ අය ඉන්දියව එක්ක ගහපු තරග 12ක් බැලුවා. හැම එකකම ඉන්දියන් අය රන් රේට් එක අඩු කරන්නෙ නැතිව ගහනවා. අපේ අය මීට වඩා ඉගන ගන්න ඕනෑ ඉන්දියන් අය එක්ක තරගෙකට යන්න කලින්. හොදම උදාහරණය තමයි පහුගිය තරගය සහ වර්ල්ඩ් කප් ෆඉනල් එක. (නි)

:       0       0

මනෝජ් Thursday, 02 August 2012 11:49 AM

දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා - කර වට මල් මාල දමනවා එකක් දෙකක් කොල්ලෝ පැරදුනාම අයියෝ - මොකක්ද මේ කළේ අහනවා (නි)

:       0       0

එරංග සඳරුවන් Thursday, 02 August 2012 07:17 PM

මහේල ගැහුවෙත් නෑ. ඒ මදිවට අතටම ආපු ලේසි උඩපන්දුවකුත් අතඇරියා. ඊට පස්සේ දැන් කියනවා පරාජයේ වගකීම කණ්ඩායම බාරගන ඕන කියලා. දිල්ශාන් නායකත්වයෙන් අයින් කරලා මහේලට දුන්නේ වගකීම කණ්ඩායම බාර ගන්න් ඕන නිසාද??(නු)

:       0       0

වසන්ත Thursday, 02 August 2012 07:57 PM

ලබන සෙනසුරාදා තරගය දිනන්න පුළුවං ධර්මසේන වගේ කෙනෙක් විනිසුරු ලෙස හිටියොත්....!!(නු)

:       0       0

චතුරංග Thursday, 02 August 2012 08:35 PM

සනත් ඉස්සර අසාර්ථක වෙද්දී ඔහුට සැළකුවේ කොහොමද කියලා දැන් කාට කාටත් මතක් වෙනවා ඇති නේද? (නි)

:       0       0

පාලිත අබේරත්න Thursday, 02 August 2012 12:51 PM

ගනං ගන්න එපා යාලුවනේ.. ලෝක ශූරයොයි අනු ශූරයොයි නේද මේ...!!(නු)

:       0       0

කුමාර Wednesday, 01 August 2012 08:31 PM

නායකයත් වගකීමෙන් ක්‍රීඩා කරන්න ඕනෙ නේද.... (ස)

:       0       0

අජන්ත Thursday, 02 August 2012 08:44 PM

අපි නම් කියන්නේ "මෑන් ඔෆ් ද මැච්" හිමිවිය යුත්තේ ධර්මසේනට බවයි. (නි)

:       0       0

ගමගේ Wednesday, 01 August 2012 08:32 PM

මහේල එහෙම කියලා ඇඟ බේරගන්න වගේ හදන්නේ. (ස)

:       0       0

සිසිර Wednesday, 01 August 2012 08:41 PM

ගිවිසුම් ගහනකොට වගකීමෙන් වැඩ කළේ නැද්ද. (ස)

:       0       0

ගජනායක Wednesday, 01 August 2012 08:43 PM

මෙයාලට සුපිරි ගෙවීම් කරනවා. මීට වඩා වගකීමෙන් සෙල්ලම් කරන්න ඕනේ. (ස)

:       0       0

නලින් Thursday, 02 August 2012 08:51 PM

අනේ මහේල ඔය පාඩම,තව කී පාරක් කියන්නද? (නි)

:       0       0

චතුරංග සඳරුවන් Wednesday, 01 August 2012 08:43 PM

ඔය දේ හැමදාම කියලා මහේලට කටපාඩම්වෙලා ඇති. (ස)

:       0       0

කුමාර Wednesday, 01 August 2012 08:50 PM

පරාජයේ වගකීම කුමාර ධර්මසේන භාරගන්න ඕනේ. ලංකාවේ කණ්ඩායම හොඳයි විනසුරුවන් අන්තිමයි. (ස)

:       0       0

සනත් Thursday, 02 August 2012 01:42 PM

ඔහොම එක දිගට බනින්න එපා, මොනවා වුනත් මේ අපේ අය... ඉන්දියන් ටීම් එක දක්ෂයි/වාසනාවන්තයි ඒකයි උන් අපේ කොල්ලන්ට අවස්ථාව දීලත් ඒක ලබාගන්න බැරිවුනේ. (අ)

:       0       0

ක්ලෑරන්ස්-ඉතාලිය Wednesday, 01 August 2012 09:25 PM

උපුල් තරංග වගෙ ක්‍රිඩකයො ඕවර් 50 මෑච්,ටෙස්ට් මෑච් වගෙ සෙල්ලම් කරන කොට කොහොමද,මෑච් දිනන්නෙ.ශ්‍රි ලංකා ක්‍රිඩකයො ගොඩාක් නිකන් බෝල අපතේ අරිනවා.කිසිම ටාර්ගට් එකකට නෙවෙයි සෙල්ලම් කරන්නෙ.එක මෑච් බලද්දි හොදට පේනවා.ඉන්දියන් ටිම් එක සෙල්ලම් කරන විදිය බලලා, අපේ අයට ගොඩාක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 01 August 2012 09:36 PM

මහේල නමේ තේරුම මා හෙළ කියන එකයි. ඔහොම ගියොත්නම් මා හළ වේවි. (ස)

:       0       0

රංග Wednesday, 01 August 2012 09:52 PM

දැන් මෙහෙම වුණාට බලන්න බැරියෑ අයි.පී.එල්. රෙකෝඩ් ටික........ (නි)

:       0       0

රුවන් Wednesday, 01 August 2012 09:56 PM

මේ අය හිතන්නේ අපි බබ්බු කියලද දන්නේ නැහැ. (නි)

:       0       0

වසන්ත Wednesday, 01 August 2012 09:59 PM

රංගන හේරත්ට සහ උපුල් තරංගට තරගයේදී මොකද වුණේ? (නි)

:       0       0

රුවන් Wednesday, 01 August 2012 10:00 PM

මොන ප්‍රශ්න තිබුණත් රට ගැන හිතන්න තිබුණා. පරදින්නේ කණ්ඩායම විතරක් නෙමෙයි, මුළු රටමනේ. (නි)

:       0       0

ශශිකා Thursday, 02 August 2012 10:10 PM

ක්‍රීඩාවකදී දිනුම සහ පැරදුම යන දෙකම සම සමව භාර ගත යුතුයි. (නි)

:       0       0

සරත් Wednesday, 01 August 2012 10:40 PM

ඉන්දියාවෙන් කීයක් වත් දුන්නවද්ද? මට නම් සැකයි. (නි)

:       0       0

ෂර්ෆාස් Wednesday, 01 August 2012 11:08 PM

දැන් ඉතිං මුළු කණ්ඩායමම එකතු වෙලා 'සොරි' කිවුවත් වැඩක් නෑනේ. (නි)

:       0       0

මලී Thursday, 02 August 2012 02:49 PM

මැච් එක කොහෙද ගහන්නේ. අනිත් පැත්ත කවුද, පකිස්ථාන්ද ?(ස)

:       0       0

ධනුෂ්ක Thursday, 02 August 2012 02:52 PM

ඔවානම් ඉතින් ඔහොම තමා. පොඩි පොඩි අවුල් තිබ්බා තමයි. ඒත් සෙල්ලම් කළා හොදට. (නි)

:       0       0

ලහිරු Thursday, 02 August 2012 12:04 AM

නැතුව ඉතින් වගකීම අපිද භාර ගන්න ඕනැ? අයි.පී.එල්. ගහද්දි නම් ඔහොම කියන්නේ නෑනේ.. කොන්ද කෙලින් තියාගෙන ක්‍රිකට් ගැහුවොත් නේද හොඳ...??? (නි)

:       0       0

සිදන්ත Thursday, 02 August 2012 11:28 PM

එතකොට මොහු කණ්ඩායමට අයිති නැද්ද? (නි)

:       0       0

දිනේෂ් Thursday, 02 August 2012 12:11 AM

උපුල් තරංගලාට ටෙස්ට් තරග විතරක් දෙන්න. (නි)

:       0       0

යොහාන් Thursday, 02 August 2012 03:04 PM

එස්.එල්.පී.එල් එකේදි තවත් තුං ඉරියව් ක්‍රීඩකයෙක් එනවා.. ඒ වාස් ඔහුට අවස්ථාවක් දෙන්න ඕන.. කුලසේකරට හොද සහයෝගයක් ලැබෙයි..මොකද හිතන්නෙ අපේ අය... (නු)

:       0       0

සංජීව Thursday, 02 August 2012 12:47 AM

අපේ කණ්ඩායම ආදායම් බදු ගෙවනවද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ගාමිණී -කුවේට් Thursday, 02 August 2012 12:56 AM

අනේ මන්දා, සමහරුන්ට හොදට බැට් කරන්න පුළුවන්. ඒත් කරන්නෙ නෑ හරියට. 'උඹලාගෙන් අපට නැත්නම් අපෙනුත් නැහැ' කියනවා වගේ හිතේ එකක් තියාගෙන කරනවා වගේ. ඒත් ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න තියලා ඔන්න ගහනවා.විකට් ගන්නවා.මණ්ඩලේ එක්ක ප්‍රශ්න ඇති. අපි නැහැ කියන්නෙ නැහැ.ඒත් කොල්ලනේ මුදල නොව රට පෙරට බව හිතන්න. (නි)

:       0       0

කැලුම් Thursday, 02 August 2012 01:09 AM

දිනන්න බැරිනම් නයකයා ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් අස් කල යුතුයි. ලංකාවෙදි දිනන්න බැරිනම් අනිවාර්යෙන්ම නායකයා අයින් කළ යුතුමයි. (නි)

:       0       0

ගමගේ Thursday, 02 August 2012 01:38 AM

මහේල, උඩවත්තටත් අවස්ථාවක් දුන්නොත් මොකද? (නි)

:       0       0

මධුෂාන් Friday, 03 August 2012 12:29 AM

දිනන දාට කොල්ලෝ, ෂා නියමයි කියලා, කරවට මල් මාල දමනවා එකක් දෙකක් කොල්ලෝ, පෑරදුණාම අයියෝ, මොකක්ද මේ කළේ අහනවා... හෑම එකකටම මෝඩ විවේචන කරන්න එපා මිනිසුනේ... මෙහෙවු පාලකයන් පිරිසක් එක්ක මෙහෙම හරි සෙල්ලම් කරළා මොනවා හරි දෙයක් රට වෙනුවෙන් කරන්න උත්සාහ කරන කොල්ලන්ව ඔහොම කෙළෙහි ගුණ නොදන්නන් සේ විවේචන කරළා මානසිකව වට්ටන්න එපා. (නි)

:       0       0

සංජීව Thursday, 02 August 2012 02:05 AM

බොරු ටික හෙළි වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සමන් ප්‍රසාද් Thursday, 02 August 2012 03:38 PM

මැතිව්ස් ලකුණු 14ක් ගහන්න පන්දු 34ක්ම ගන්නවා.. අපි අය හතරේ පහරක් ගැහුවොත් ඉතිරි පන්දු ටික නිකං නාස්ති කරනවා.. එක ළකුණක්වත් ගන්නෙ නැතිව.. මහේල හැමදාම එකම වරද කරලා ඉක්මනින් දැවී යනවා.. කවද්ද මේවා හදාගන්නෙ..(නු)

:       0       0

සනත් ඉන්දික Thursday, 02 August 2012 04:24 AM

මම නම් කියන්නේ මුදලට පාවලා දුන්න තරඟයක් මේක. ආරම්භක යුගලය පන්දුවාර 20 නාස්ති කළා. නායකයා නායකයකු සතු වගකීම එහෙම් පිටින්ම පැහැර හැරියා. අවසානයේ විනිසුරුවරයා තරඟය පාවලා දුන්නා. අඩුම තරමින් මෙයාලට ජාත්‍යාලයවත් තිබුණේ නැද්ද අබෑටයක තරම්වත්......??? (නි)

:       0       0

සිංහබාහු රණසිංහ Thursday, 02 August 2012 04:59 AM

ආපු ගමන් ඩිල් ස්කූප් ගහලා පැරදුණා මදිවට තව කියන කතා...........??? (නි)

:       0       0

ඉන්දු Thursday, 02 August 2012 05:50 AM

ඔයා තමයි අපිව පැරැද්දුවේ. (නි)

:       0       0

ප්‍රියශාන්ත Thursday, 02 August 2012 03:49 PM

උපුල් තරංගට හය වැනි තැනට මිස පළමු පිතිකරුවන් ලෙස නම් දාන්න එපා.. පන්දු ඕවර 100ක් විතර දෙනවානම් කමක් නැහැ..මුලින්ම ඇවිල්ලා බෝල ටිකත් නාස්තිකරලා පීඩනයකුත් අතිකරලා දාලා කඩුලු රකින ක්‍රීඩකයාට උඩපන්දුවක් ලබාදීලා ලොක්කවගේ යනවා... (නු)

:       0       0

ශ්‍රී නාත් Thursday, 02 August 2012 03:54 PM

සුද්දගෙ ක්‍රීඩාව කලු සුද්දට ගියා ඒකයි මෙහෙම පරදින්නෙ.. කණ්ඩායම සමබර කරන්න ඕන..(නු)

:       0       0

ගයාන් Friday, 03 August 2012 02:35 AM

එක තරගයකදි විතරක් නිකමට තිසර පෙරේරාව දිල්ශාන් එක්කලා එවන්න... සනයි, කලුවයි 96 දී දුන්නු ගේම ආයෙත් සැරයක් අපට බලාගන්න පුලුවන්... ආයෙ ඒකෙ දෙකක් නැහැ.. (නි)

:       0       0

රංග Thursday, 02 August 2012 08:44 AM

කණ්ඩායමක් වශයෙන් පමණක් නොව රටවැසියන් වශයෙන් අපිද ඒ පරාජය භාර ගත යුතුයි. (නි)

:       0       0

රාම් Thursday, 02 August 2012 08:44 AM

අනේ මන්දා, මේ දේවල් ගැන කාත කරලා වැඩක් නැහැ. හොදම දේ තමයි ක්‍රිකට් නොබලා ඉදීම. (නි)

:       0       0

සිසිර Thursday, 02 August 2012 08:46 AM

නරකද අළුත් කොල්ලෝ ටිකක් දාලා කන්ඩායම අළුතින් හැදුවානම්? එතකොට පැරදුණත් දුකක් නැහැ නේද? (නි)

:       0       0

රඛිත Friday, 03 August 2012 05:21 AM

හැමදාම තරඟ දිනන්න බැහැ. හැබැයි මහියෝ පරාජයේ වගකීම කණ්ඩායම භාර ගත යුතු නම්,ජයග්‍රහණයේ ගෞරවයත් හිමිවිය යුතු වන්නේ කණ්ඩායමටයි. (නි)

:       0       0

ඉෂාර Thursday, 02 August 2012 09:00 AM

දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා - කර වට මල් මාල දමනවා එකක් දෙකක් කොල්ලෝ පැරදුනාම අයියෝ - මොකක්ද මේ කළේ අහනවා(නි)

:       0       0

රවීන් Thursday, 02 August 2012 09:19 AM

දැන් අපේ අය අපේ අයටම බණිනවා.බලමුකෝ ලබන සැරේ. මේක ක්‍රිකට් මිසක් එල්ලේ නෙමෙයි. (නි)

:       0       0

යොහාන් Thursday, 02 August 2012 09:20 AM

කොහොම වුණත් අපි තාමත් ඔයාලත් එක්ක ඉන්නවා. ඊළග එකවත් ගහමු නේද? (නි)

:       0       0

සනත් Thursday, 02 August 2012 04:27 PM

මටනම් හිතෙන්නේ අපේ කණ්ඩායම මේ විදියට සැකසිය යුතයි පිතිකරුවන් අනිවාර්ය (මහේල ,සංග ,ඩිල්ෂාන,චන්දිමාල්,{උපුල්තරංග හෝ තිරිමාන්න } වේගපන්දු යවන්නෝ} තුන් ඉරුයව් { මැතිව්ස්, තිසර,කුලසේකර,} දග පන්දු නිත්‍ය {රංගන හේරත් හෝ රන්දිව් } (නු)

:       0       0

ෆාරු Thursday, 02 August 2012 09:30 AM

අපිට ඉතිං ඕනෑ දිනන්න විතරනේ. (නි)

:       0       0

ඉසුරු Thursday, 02 August 2012 09:41 AM

අතට ආපු උඩ පන්දුව අත ඇරියා නේද? (නි)

:       0       0

ඉෂාර Thursday, 02 August 2012 04:35 PM

බුද්ධිකාගෙ දැනුම නම් අන්තිමයි...කවුද කුලා අයින් කරලා ජීවන් ඇතුලට දැම්මේ?කුලා සෙල්ලම් කරන්නෙ නැත්තේ උඩ පන්දුවක් එකක් ගන්න ගිහින් තුවාල වුණ නිසා. ඕක ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන හදන්න බැරි ලෙඩක්. දන්නෙත් නැහැ. ඒ වුණාට සියල්ල දත් වගේ කතාව. (නි)

:       0       0

නිරෝෂන් Thursday, 02 August 2012 10:13 AM

කිසිම වගකීමක් නැති කට්ටියක්. බොහොම කණගාටුයි අපිට නම්. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 03 August 2012 09:00 AM

ඔය ගොල්ලෝ හැමදාම කියන්නෙත් ඔය සින්දුවම තමයි. (ත)

:       0       0

පාලිත Thursday, 02 August 2012 10:19 AM

උපුල් තරංග හොද ක්‍රීඩකයෙක්. කරුණාකර ඔහුට ටෙස්ට් තරග පමණක් ලබා දෙන්න. (නි)

:       0       0

සජී Thursday, 02 August 2012 10:31 AM

මටත් හරිම කණගාටුයි. ඒත් ඉතිං හැමදාම දිනන්නත් බෑනේ. (නි)

:       0       0

රසිකා Thursday, 02 August 2012 05:30 PM

ධර්මසේන හැර අනික් ක්‍රීඩකයන්ට සුභ පැතුම්! (නි)

:       0       0

රන්දිම Thursday, 02 August 2012 10:48 AM

හැම තරගයක්ම දිනන්න ඕනැ නැහැ. තරග පහෙන් තුනක් දිනුවා නම් හොදටම ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
2024 ඔක්තෝබර් මස 16 243 0

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 1772 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 1772 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 424 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 1019 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 1252 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 491 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1469 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site