ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකා පිල හොදින් ක‍්‍රීඩා නොකළ බවත් ශී‍්‍ර ලංකා කණ්ඩායම එහි වගකීම බාරගත යුතු බවත් ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (31) පැවැති සිවුවැනි තරගයේ පරාජයෙන් පසුව මාධ්‍යහමුව අමතමින් මහේල එසේ පැවසීය.
තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දියාව මේ වන විට 3x1 ක් ලෙස තරගාවලියේ ජය ලබා සිටියි.
”අපි ඉන්දියාවට එරෙහිව මීට වඩා හොදින් ක‍්‍රීඩා කළ යුතුයි. ඉන්දීය පිතිකරුවන් ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි. සැළසුම් කළාට ඒවා වෙන්නේ නෑ. වැරදි අඩු කරගත යුතුයි”
”පාකිස්තානු තරගාවලියේ අපි හොදින් ක‍්‍රීඩා කළා. මේ තරගාවලිය පුරාම හොදින් ක‍්‍රීඩා නොකිරීමේ වගකීම බාරගන්න ඕනේ’” යයිද මහේල ජයවර්ධන පැවසීය.
සිවුවැනි තරගය පරාජයට පත්වීමට හේතුව කුමක්ද යන ප‍්‍රශ්නයට මෙසේ පිළිතුරු සැපයීය.
”මෙම තණතිල්ලේ මොකක්ද කරන්නේ කියලා අපිට සැළසුමක් තිබුණා. නමුත් ඒ අනුව ක‍්‍රීඩා කළේ නෑ. ගොඩක් කඩුලූ දුන්නම අවශ්‍ය ඉලක්කයට යන්න බෑ. පන්දු රැුකීමේදී හො`ද දේ කළා, ඒත් අපෙන් වැරදිත් වුණා. පරාජයට හේතුව අපි එතරම් හො`දින් ක‍්‍රීඩා නොකිරීමයි”
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම උනන්දුවෙන් සෙල්ලම් කළා, හැබැයි එක් කෙනෙක් හැර . එයා උනන්දුවෙන් සෙල්ලම් කරන්නේ ඉන්දියානු ප්‍රිමිය ලීග් තරගාවලියේදී පමණයි. (නි)
මැතිව්ස් ලකුණු 14ක් ගහන්න පන්දු 34ක්ම ගන්නවා.. අපි අය හතරේ පහරක් ගැහුවොත් ඉතිරි පන්දු ටික නිකං නාස්ති කරනවා.. එක ළකුණක්වත් ගන්නෙ නැතිව.. මහේල හැමදාම එකම වරද කරලා ඉක්මනින් දැවී යනවා.. කවද්ද මේවා හදාගන්නෙ..(නු)
එස්.එල්.පී.එල් එකේදි තවත් තුං ඉරියව් ක්‍රීඩකයෙක් එනවා.. ඒ වාස් ඔහුට අවස්ථාවක් දෙන්න ඕන.. කුලසේකරට හොද සහයෝගයක් ලැබෙයි..මොකද හිතන්නෙ අපේ අය... (නු)
ඔවානම් ඉතින් ඔහොම තමා. පොඩි පොඩි අවුල් තිබ්බා තමයි. ඒත් සෙල්ලම් කළා හොදට. (නි)
මැච් එක කොහෙද ගහන්නේ. අනිත් පැත්ත කවුද, පකිස්ථාන්ද ?(ස)
ඔහොම එක දිගට බනින්න එපා, මොනවා වුනත් මේ අපේ අය... ඉන්දියන් ටීම් එක දක්ෂයි/වාසනාවන්තයි ඒකයි උන් අපේ කොල්ලන්ට අවස්ථාව දීලත් ඒක ලබාගන්න බැරිවුනේ. (අ)
ගනං ගන්න එපා යාලුවනේ.. ලෝක ශූරයොයි අනු ශූරයොයි නේද මේ...!!(නු)
දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා - කර වට මල් මාල දමනවා එකක් දෙකක් කොල්ලෝ පැරදුනාම අයියෝ - මොකක්ද මේ කළේ අහනවා (නි)
මම අපේ අය ඉන්දියව එක්ක ගහපු තරග 12ක් බැලුවා. හැම එකකම ඉන්දියන් අය රන් රේට් එක අඩු කරන්නෙ නැතිව ගහනවා. අපේ අය මීට වඩා ඉගන ගන්න ඕනෑ ඉන්දියන් අය එක්ක තරගෙකට යන්න කලින්. හොදම උදාහරණය තමයි පහුගිය තරගය සහ වර්ල්ඩ් කප් ෆඉනල් එක. (නි)
උපුල් තරංගට හය වැනි තැනට මිස පළමු පිතිකරුවන් ලෙස නම් දාන්න එපා.. පන්දු ඕවර 100ක් විතර දෙනවානම් කමක් නැහැ..මුලින්ම ඇවිල්ලා බෝල ටිකත් නාස්තිකරලා පීඩනයකුත් අතිකරලා දාලා කඩුලු රකින ක්‍රීඩකයාට උඩපන්දුවක් ලබාදීලා ලොක්කවගේ යනවා... (නු)
මොනවා නැති වුණත් අඩු නැතුව කට්ටියගේ ප්‍රතිචාර නම් තියෙනවා නේද? (නි)
ඕක තමයි අපේ මිනිස්සුන්ගෙ තත්ත්වය... මෙහෙ රටවල්වල මිනිස්සු ලංකාව ගැන හොද කියනවා.. 100% උගත් කියලා..මේ අදහස් දැක්කම මොනවා හිතයිද මන්දා... මේගොල්ල වැරදිලාවත් පාසලකට ගිහිං නෑ වගේ දාල තියෙන්නෙ.. ක්‍රිකට් කියන්නෙ දිනනවා පරදිනවා එහෙම තමයි..!!(නු)
ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කරන ගෙවීම්, තරග දිනන පරදින ආකාරයට අනුව ගෙවන ක්‍රමයක් ලෙස සකස් කළොත් නරකද? (නි)
ඊළග තරගයත් බලනවා කියන්නේ අපරාදේ නිකන් කාලය නාස්ති කරනවා කියන එකයි. (නි)
පැරදුන එක ගැන නෙවෙයි දුක. කවදාවත් හැදෙන්නේ නැති එක ගැන. අපේ කණ්ඩායම සමබර නැහැ. පිතිකරුවන් ගහන්නේ නැති නිසා පිතිකරුවන් ගණන වැඩි කරනවා. ඊට පස්සේ බෝල දාන්න අය නැහැ. අපිට ඕල‍් රවුන්ඩර්ස්ලා 3ක් ඉන්නවා (තිසර,මැතිවුස්,කුලා) . ඔය හොදටම ඇති. තව පියෝ බොලර්ස්ලා 3ක් දාන්න. කුලා වෙනුවට ජීවන් දැම්මම වෙන්නේ බෝල දාන්න කෙනෙක් නැතිවෙන එකයි. තරංග ගැනත් තීරණයක් ගන්න කාලය ඇවිත්. එයා තමන්ගේ පා චලන වල තියෙන වැරදි හදා ගන්නේ නැහැ. ඒ වැරදි හදා ගන්නවනම් එයාට බය නැතිව ඕෆ් සයිඩ් එකේ පහරවල් වලට යන්න පුලුවන්. (නි)
හැම තරගයක්ම දිනන්න ඕනැ නැහැ. තරග පහෙන් තුනක් දිනුවා නම් හොදටම ඇති. (නි)
මටත් හරිම කණගාටුයි. ඒත් ඉතිං හැමදාම දිනන්නත් බෑනේ. (නි)
අපි නම් කියන්නේ "මෑන් ඔෆ් ද මැච්" හිමිවිය යුත්තේ ධර්මසේනට බවයි. (නි)
අනේ මහේල අයියේ, මොන රටකට පැරදුණත් අපිට නම් කමක් නැහැ. හැබැයි ඉන්දියාවට පරදින එක අපිට ඉවසන්න බැහැ. (නි)
ඔය ගොල්ලෝ හැමදාම කියන්නෙත් ඔය සින්දුවම තමයි. (ත)
හැමදාම තරඟ දිනන්න බැහැ. හැබැයි මහියෝ පරාජයේ වගකීම කණ්ඩායම භාර ගත යුතු නම්,ජයග්‍රහණයේ ගෞරවයත් හිමිවිය යුතු වන්නේ කණ්ඩායමටයි. (නි)
එක තරගයකදි විතරක් නිකමට තිසර පෙරේරාව දිල්ශාන් එක්කලා එවන්න... සනයි, කලුවයි 96 දී දුන්නු ගේම ආයෙත් සැරයක් අපට බලාගන්න පුලුවන්... ආයෙ ඒකෙ දෙකක් නැහැ.. (නි)
දිනන දාට කොල්ලෝ, ෂා නියමයි කියලා, කරවට මල් මාල දමනවා එකක් දෙකක් කොල්ලෝ, පෑරදුණාම අයියෝ, මොකක්ද මේ කළේ අහනවා... හෑම එකකටම මෝඩ විවේචන කරන්න එපා මිනිසුනේ... මෙහෙවු පාලකයන් පිරිසක් එක්ක මෙහෙම හරි සෙල්ලම් කරළා මොනවා හරි දෙයක් රට වෙනුවෙන් කරන්න උත්සාහ කරන කොල්ලන්ව ඔහොම කෙළෙහි ගුණ නොදන්නන් සේ විවේචන කරළා මානසිකව වට්ටන්න එපා. (නි)
එතකොට මොහු කණ්ඩායමට අයිති නැද්ද? (නි)
ක්‍රීඩාවකදී දිනුම සහ පැරදුම යන දෙකම සම සමව භාර ගත යුතුයි. (නි)
අනේ මහේල ඔය පාඩම,තව කී පාරක් කියන්නද? (නි)
උපුල් තරංග හොද ක්‍රීඩකයෙක්. කරුණාකර ඔහුට ටෙස්ට් තරග පමණක් ලබා දෙන්න. (නි)
සනත් ඉස්සර අසාර්ථක වෙද්දී ඔහුට සැළකුවේ කොහොමද කියලා දැන් කාට කාටත් මතක් වෙනවා ඇති නේද? (නි)
ලබන සෙනසුරාදා තරගය දිනන්න පුළුවං ධර්මසේන වගේ කෙනෙක් විනිසුරු ලෙස හිටියොත්....!!(නු)
මහේල ගැහුවෙත් නෑ. ඒ මදිවට අතටම ආපු ලේසි උඩපන්දුවකුත් අතඇරියා. ඊට පස්සේ දැන් කියනවා පරාජයේ වගකීම කණ්ඩායම බාරගන ඕන කියලා. දිල්ශාන් නායකත්වයෙන් අයින් කරලා මහේලට දුන්නේ වගකීම කණ්ඩායම බාර ගන්න් ඕන නිසාද??(නු)
ධර්මසේන හැර අනික් ක්‍රීඩකයන්ට සුභ පැතුම්! (නි)
බුද්ධිකාගෙ දැනුම නම් අන්තිමයි...කවුද කුලා අයින් කරලා ජීවන් ඇතුලට දැම්මේ?කුලා සෙල්ලම් කරන්නෙ නැත්තේ උඩ පන්දුවක් එකක් ගන්න ගිහින් තුවාල වුණ නිසා. ඕක ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන හදන්න බැරි ලෙඩක්. දන්නෙත් නැහැ. ඒ වුණාට සියල්ල දත් වගේ කතාව. (නි)
මටනම් හිතෙන්නේ අපේ කණ්ඩායම මේ විදියට සැකසිය යුතයි පිතිකරුවන් අනිවාර්ය (මහේල ,සංග ,ඩිල්ෂාන,චන්දිමාල්,{උපුල්තරංග හෝ තිරිමාන්න } වේගපන්දු යවන්නෝ} තුන් ඉරුයව් { මැතිව්ස්, තිසර,කුලසේකර,} දග පන්දු නිත්‍ය {රංගන හේරත් හෝ රන්දිව් } (නු)
සුද්දගෙ ක්‍රීඩාව කලු සුද්දට ගියා ඒකයි මෙහෙම පරදින්නෙ.. කණ්ඩායම සමබර කරන්න ඕන..(නු)
දැන් මෙහෙම වුණාට බලන්න බැරියෑ අයි.පී.එල්. රෙකෝඩ් ටික........ (නි)
අපේ කණ්ඩායම ආදායම් බදු ගෙවනවද දන්නේ නැහැ නේද? (නි)
උපුල් තරංගලාට ටෙස්ට් තරග විතරක් දෙන්න. (නි)
නැතුව ඉතින් වගකීම අපිද භාර ගන්න ඕනැ? අයි.පී.එල්. ගහද්දි නම් ඔහොම කියන්නේ නෑනේ.. කොන්ද කෙලින් තියාගෙන ක්‍රිකට් ගැහුවොත් නේද හොඳ...??? (නි)
දැන් ඉතිං මුළු කණ්ඩායමම එකතු වෙලා 'සොරි' කිවුවත් වැඩක් නෑනේ. (නි)
ඉන්දියාවෙන් කීයක් වත් දුන්නවද්ද? මට නම් සැකයි. (නි)
මොන ප්‍රශ්න තිබුණත් රට ගැන හිතන්න තිබුණා. පරදින්නේ කණ්ඩායම විතරක් නෙමෙයි, මුළු රටමනේ. (නි)
රංගන හේරත්ට සහ උපුල් තරංගට තරගයේදී මොකද වුණේ? (නි)
මේ අය හිතන්නේ අපි බබ්බු කියලද දන්නේ නැහැ. (නි)
අනේ මන්දා, සමහරුන්ට හොදට බැට් කරන්න පුළුවන්. ඒත් කරන්නෙ නෑ හරියට. 'උඹලාගෙන් අපට නැත්නම් අපෙනුත් නැහැ' කියනවා වගේ හිතේ එකක් තියාගෙන කරනවා වගේ. ඒත් ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න තියලා ඔන්න ගහනවා.විකට් ගන්නවා.මණ්ඩලේ එක්ක ප්‍රශ්න ඇති. අපි නැහැ කියන්නෙ නැහැ.ඒත් කොල්ලනේ මුදල නොව රට පෙරට බව හිතන්න. (නි)
මහේල නමේ තේරුම මා හෙළ කියන එකයි. ඔහොම ගියොත්නම් මා හළ වේවි. (ස)
උපුල් තරංග වගෙ ක්‍රිඩකයො ඕවර් 50 මෑච්,ටෙස්ට් මෑච් වගෙ සෙල්ලම් කරන කොට කොහොමද,මෑච් දිනන්නෙ.ශ්‍රි ලංකා ක්‍රිඩකයො ගොඩාක් නිකන් බෝල අපතේ අරිනවා.කිසිම ටාර්ගට් එකකට නෙවෙයි සෙල්ලම් කරන්නෙ.එක මෑච් බලද්දි හොදට පේනවා.ඉන්දියන් ටිම් එක සෙල්ලම් කරන විදිය බලලා, අපේ අයට ගොඩාක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා. (ස)
පරාජයේ වගකීම කුමාර ධර්මසේන භාරගන්න ඕනේ. ලංකාවේ කණ්ඩායම හොඳයි විනසුරුවන් අන්තිමයි. (ස)
ඔය දේ හැමදාම කියලා මහේලට කටපාඩම්වෙලා ඇති. (ස)
මෙයාලට සුපිරි ගෙවීම් කරනවා. මීට වඩා වගකීමෙන් සෙල්ලම් කරන්න ඕනේ. (ස)
ගිවිසුම් ගහනකොට වගකීමෙන් වැඩ කළේ නැද්ද. (ස)
මහේල එහෙම කියලා ඇඟ බේරගන්න වගේ හදන්නේ. (ස)
නායකයත් වගකීමෙන් ක්‍රීඩා කරන්න ඕනෙ නේද.... (ස)
දිනන්න බැරිනම් නයකයා ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් අස් කල යුතුයි. ලංකාවෙදි දිනන්න බැරිනම් අනිවාර්යෙන්ම නායකයා අයින් කළ යුතුමයි. (නි)
මහේල, උඩවත්තටත් අවස්ථාවක් දුන්නොත් මොකද? (නි)
බොරු ටික හෙළි වෙයිද දන්නේ නැහැ. (නි)
මම නම් කියන්නේ මුදලට පාවලා දුන්න තරඟයක් මේක. ආරම්භක යුගලය පන්දුවාර 20 නාස්ති කළා. නායකයා නායකයකු සතු වගකීම එහෙම් පිටින්ම පැහැර හැරියා. අවසානයේ විනිසුරුවරයා තරඟය පාවලා දුන්නා. අඩුම තරමින් මෙයාලට ජාත්‍යාලයවත් තිබුණේ නැද්ද අබෑටයක තරම්වත්......??? (නි)
ආපු ගමන් ඩිල් ස්කූප් ගහලා පැරදුණා මදිවට තව කියන කතා...........??? (නි)
ඔයා තමයි අපිව පැරැද්දුවේ. (නි)
කණ්ඩායමක් වශයෙන් පමණක් නොව රටවැසියන් වශයෙන් අපිද ඒ පරාජය භාර ගත යුතුයි. (නි)
අනේ මන්දා, මේ දේවල් ගැන කාත කරලා වැඩක් නැහැ. හොදම දේ තමයි ක්‍රිකට් නොබලා ඉදීම. (නි)
නරකද අළුත් කොල්ලෝ ටිකක් දාලා කන්ඩායම අළුතින් හැදුවානම්? එතකොට පැරදුණත් දුකක් නැහැ නේද? (නි)
දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා - කර වට මල් මාල දමනවා එකක් දෙකක් කොල්ලෝ පැරදුනාම අයියෝ - මොකක්ද මේ කළේ අහනවා(නි)
දැන් අපේ අය අපේ අයටම බණිනවා.බලමුකෝ ලබන සැරේ. මේක ක්‍රිකට් මිසක් එල්ලේ නෙමෙයි. (නි)
කොහොම වුණත් අපි තාමත් ඔයාලත් එක්ක ඉන්නවා. ඊළග එකවත් ගහමු නේද? (නි)
අපිට ඉතිං ඕනෑ දිනන්න විතරනේ. (නි)
අතට ආපු උඩ පන්දුව අත ඇරියා නේද? (නි)
කිසිම වගකීමක් නැති කට්ටියක්. බොහොම කණගාටුයි අපිට නම්. (නි)