කුමාර ගුණරත්නම් ලංකාවට ගෙන්වීමට ආණ්ඩුව ඉඩ නොදෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (18) මරදානේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
'ආණ්ඩුව විපක්ෂ මතයක් දරන අයට ප්‍රහාර එල්ල කරනවා. ත්‍රිකුණාමලයේ අත් පත්‍රිකා බෙදමින් සිටි වමේ පෙරමුණේ අධාරකරුවන් පිරිසකට තර්ජනය කරලා. ඊයේ අත් පත්‍රිකා අත් අඩංගුවට අරගෙන තිබෙනවා. මෙහෙම මර්දනය කරන්නේ වමේ පෙරමුණ විතරක් නොවෙයි.
මෛත්‍රීපාල සිරිසේනගේ වදුරබ මැතිවරණ වේදිකාවට ගිනි තියලා. කලාකරුවන්ට මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා. ජයතිලක බණ්ඩාරට ප්‍රහාර එල්ල කළා. ජනරංජන රහස් පොලිසියට ගෙන ගියා. දෙරණේ ශෙහාන්ගේ රැකියාව අහිමි වුණේ ආණ්ඩුවේ බලපෑම නිසා. වමේ පෙරමුණ මේ තත්වය හෙලා දකිනවා. විරුද්ධ දේශපාලන මතයන් සමඟ දේශපාලනය කරන්න දක්ෂිණාංශික පක්ෂ වලට බැහැ. මේ තත්වයට පිළිතුර තියෙන්නේ ජනතාවගේ සක්‍රීය මැදිහත් වීම තුළයි.
මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වය මඟ හරවන්න පුළුවන් ක්‍රමය එයයි. මේ දවස්වල ගුවන් තොටුපලවල් වහන එක ගැන කතා කරනවා. ධනපති පංතිය තමන් අතරේ ප්‍රශ්න විසඳ ගන්න යන කොට ඇති වන ප්‍රචණ්ඩත්වය දිහා බැලූවම කම්කරුවන්, ගොවියන්, ශිෂ්‍යයන් ගේ මර්දනය කරන්න මොනතරම් ප්‍රචණ්ඩත්වයක් භාවිතා කරයි ද කියා හිතා ගන්න පුළුවන්. මෙය දේශපාලන ක්‍රමයේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක්.
කාලය ඉක්මවා රැඳී සිටියා කියා ගුණරත්නම් සහෝදරයාට දඩයක් ගෙවන්න නියම වෙලා තිබුණා. අපි අවුරුද්දකට වඩා කාලයක් ඒ දඩය ගෙවන්න උත්සාහ කලා. අන්තිමට කිව්වා වීසා ඉක්මවා රැඳී සිටීමට හේතු දක්වමින් ලිපියක් භාර දෙන්න කියා. නොවැ. 27 අපි ඒ ලිපිය භාර දුන්නා. සාමාන්‍ය පටිපාටියට අනුව ඒ ලිපියට දවස් 7 කින් උත්තර ලැබෙන්න ඕනෑ. දවස් 14 කුත් පහු වෙලා උත්තර නොලබුණු නිසා දෙසැ. 12 අපි නැවත ලියුමක් භාර දුන්නා. ඊට පස්සේ ආගමන විගමන පාලක කිව්වා අපේ ලියුම ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශයට යොමු කරලා තියෙන්නේ කියලා.
මෙතනදි ප්‍රශ්න මතු වෙනවා. ආරක්ෂක අමත්‍යශයේ නිර්දේශයක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. හිතාමතා කරන ප්‍රමාද වීමක් තියෙනවා කියලා දැනුන නිසා දෙසැ. 16 උදේ 10.58 ට පමණ කුමාර සහෝදරයා අන්තර් ජාලය මාර්ගයෙන් වීසා ඉල්ලූම් පතක් දැම්මා. එයට ස්වයංක්‍රීයව හමුවෙන ප්‍රතිචාරය කියනවා පැය 24 කින් වීසා ඉල්ලූම් පත්‍රය ගැන දැනුම් දීමක් කරනවා කියලා. පැය 48 ක් ගිහිල්ලාත් ඒ ගැන පිළිතුරක් හමුවෙලා නැහැ. අද පස්වරු එකට පමණ අපි ලිපියක් යොමු කර ඇහුවා ඇයි අපට උත්තර දෙන්නේ නැත්තේ කියලා. මේ ආයතන වල අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මෙය සිතාමතා කරන බදා කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ගැන කතා කරන අයගෙන් අපි අහන්න කැමැතියි මේ ගැන මොකද? කියන්නේ කියලා.'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකීය පුරවැසියෙකු වන කුමාර් ගුණරත්නම් ලංකාවට නැවත පැමිණීම ඔහුට ඇති අයිතියකි. ඔහුගේ දේශපාලනය නිසා එසේ කරන්නේ නම් ඒ සඳහා අපි සටන්වැදිය යුතුය. (නි)
කෙනෙකුගේ අදහස් වලට තමන් විරුද්ධ වුනත් එම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිගන්නේ මොලේ තියෙන අය විතරයි . කෙනෙක්ගේ බුද්ඩිය පෙන්නේ කට ඇරියම කියන කතාව ඔය හුඟක් අය ඔප්පු කරලා ඉවරයි .(හේ)
පරිස්සමින්. ඒත් දේශපාලනය ගැන දැනගෙන කතාකරන්න (නි)
මම නම් දරන්නේ විරුද්ධ මතයක් ඒත් මෙම අයගේ දේශපාලනය මොකක් වුණත් එම අයට අයිතියක් තියෙනවා තමන්ගේ අදහස් පල කරන්න. ඇමරිකාවේ පුරවැසිකම් තියෙන අයට හොඳ නම් ලංකාවේ දේශපාලනය කරන්න මෙම අයට බැරි ඇයි. (අ)
අනේ ඇත්තට මේ මිනිස්සු කව්ද ? (නදී)
විමල්, කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)
අපි සරසවියේ ඉන්න කාලයේ මේ අය කළ හරිය මැරෙනතුරු හොඳට මතකයි. තව බාරදෙන්නකෝ රටේ පාලනයත්. (නි)
ඕස්ට්‍රේලියාවේ එක කකුලක් තියාගෙන අනෙක් කකුල ලංකාවේ තියා ගෙනද දේශපාලනය කරන්න හදන්නේ. ගිහින් ටෝනි ඇබට් ගෙන් නාම යෝජනා ඉල්ලා ගන්න. එතකොට මෙහෙම කරදර වෙන්න ඕන නැහැනේ. (නදී)
මහේසි, මේ ගොල්ලන්ට කවදාවත් ඔය වචන සෙට් එකෙන් එළියට යන්න බැහැ. ඒ නිසා ඔබ කියන දේ තේරෙන්නෙත් නැහැ. අනික, මොන දේ කළත් බලන්න උත්තර තිබෙන හැටි. (නි)
රටට වද්දගන්ට එපා ඔය විෂබීජ (නදී)
මේ අයට ඡන්දය දෙන එකත් රටට කරන ද්‍රෝහී කමක්. (නදී)
මහේසි සම්පුර්ණයෙන්ම හරි (නි)
කුමාර්,වසන්ත, ඔයාල හිතන් ඉන්නේ මේ රටේ දේශපාලනය කරන්න පුළුවන් ශ්‍රී ලංකා කරයින්ට විතරයි කියලද? කොටි කෙසේ වෙතත් අලි කියල හදුන්වන යු එන පී එක මේ රටේ ප්‍රදාන විපක්ෂය. විසබීජ තියෙන්නේ වෙනස් දේශපලන මත දරණ අයට. රටට නීත්‍යානුකූලව ඇවිත් දේශපාලනය කරන්න ඉඩ දෙන්නේ නැතුව ඉන්න එක ප්‍රජාතන්ත්‍රවාදය ද? විරුද්ද මත වලට ඇයි ඔච්චර බය? (නදී)
රට වනසන අය මෙහාට එපා. (නි)
පුබුදු ජයගොඩ මහත්තයෝ ඔයාල වෙනම වමේ අපේක්ෂකයෙක් දමපු එක වැරදියි. පලමුව කරන්නට ඕන රටට ප්‍රජාත්‍රන්තවාදය දිනා ගැනීම වෙනුවෙන් ඔක්කොම එකතු වෙලා එක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමයි. ඔයාලගෙ නායක සහෝදරයට එන්න පුලුවන් වෙන්නෙ අපේ රටට ප්‍රජාත්‍රන්තවාදය ලැබුනොත් පමනයි. ඒක තේරුම් ගන්න පෙරටුගාමී පක්ෂයට ඇයි බැරි කියන එක ප්‍රශ්නයක් ? (නදී)
අලි මදිවට කොටි කිව්වලු. තවත් වධකාරයෝ නම් එපා. (නදී)
මේ වගේ අය ගෙන්නගන්න හදන නරුමයින් ශ්‍රී ලාංකිකයෝද ? ආණ්ඩුවට විරෝදීව කතාකරනවා නම් මේ අයට මොන ද්‍රෝහියා වුනත් වීරයෙක්. (නදී)