IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘පරණ බෙරේ ගහන අයගෙන් දැන් වැඩක් නෑ‘

(අංජුල මහික වීරරත්න)

මාලිමාවෙි සහ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශ වලින්  ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කළත් එයින් ජනතාවගේ ආදායම වැඩි වන ආකාරය ගැන කතා කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය.

ආහාර සුරක්ෂිතතාවය ඇති කරන අතරම සහනාධාර දී දුප්පත්කම නැති කිරීමේ වෙනස කරන්නේ කවුදැයි ජනතාව හොඳින් සිතා තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා  කීය.

මාලිමාව සහ සජබ සහනාධාර දෙන්නේ දුප්පත්කම එලෙසම තබා ගන්නට බව කී ජනාධිපතිවරයා තමා සහනාධාර දෙන්නේ අපනයන කෘෂිකර්මය දියුණු කර දුප්පත්කම නැති කරන සැලසුම් සමඟ බව සඳහන් කළේය.

දැන් අනුර දිසානායක සජිත්ට තර්ජනයක් වී ඇතැයි කී රනිල් වික්‍රමසිංහ මහතා අනුර පරද්දන්න සජිත්ට බැරි බවද පැවසීය. ඒ කාරණය හොඳින් මතකයේ තබාගෙන තමා සමග එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා කීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපහුවේ දී ද ජනරැළියක් පැවැත්විණි.

එම ජන රැලි  අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අද රාජ්‍ය සේවකයන් ඡන්දය දාන්න පටන් ගත්තා. හොඳ ආරංචි එනවා .කෙසේ හෝ මට ඡන්දය දුන්න සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.වසර දෙකකට පෙර මෙහෙම ඡන්දයක් පවත්වන්න පුළුවන් වේවි  කියා කවුරුවත් හිතුවේ නැහැ.එදා තිබූ අවුල අලුතෙන් මතක් කළ යුතු නැහැ.එදා පාර්ලිමේන්තුව බලෙන් අල්ලා ගන්න ගියත් අප  එය නැවැත්තුවා. පරණ පාර්ලිමේන්තුව ඇල්ලුවා. ජනාධිපතිතුමා ඉවත් වුණා .අරලියගහ මන්දිරය අල්ලගත්තා. අගමැති කාර්යාලය අල්ල ගත්තා. මගේ ගෙදර ගිනි තැබුවා.ජනතාවට  පෝලිම් වල ඉන්න සිදුවුණා .බෙහෙත් ගන්න, ගෑස් ගන්න,තෙල් ගන්න පෝලිම් වල හිටියා.

රුපියලට වටිනාකමක් තිබුණේ නැහැ. අමාරුවෙන් ජීවත්⁣ වෙන්න  සිදුවුණා.මේ තත්ත්වය යටතේ ඡන්දයක් තියන්න පුළුවන් වේයැයි කවුරුත් හිතුවේ නැහැ.නමුත් මේ මැතිවරණය තැබිය යුතු යැයි මා හැමවෙලේම සිතුවා. මා සමග එකතු වූ ඇමතිවරුත් එය සිතුවා.පුළුවන් කියා අපේ වැඩකටයුතු ආරම්භ කළා.

අද අපි යම් ස්ථාවර බවක් ඇති කර තිබෙනවා. ගෑස් තිබෙනවා. තෙල් තිබෙනවා .භාණ්ඩ මිල අඩු වී තිබෙනවා. බඩු වල හිඟයක් නැහැ. මේ

මේ යන ක්‍රමවේදය ස්ථිර කළ යුතුව තිබෙනවා. රටේ අලුත් ආර්ථිකයක් ඇති කළ යුතුයි.අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,ලෝක  බැංකුව, ආසියා සංවර්ධන බැංකුව මෙන්ම අපට ණය දුන් රටවල් 18 ක් සමග කතා කර මේ ක්‍රමය ඇති කර තිබෙනවා .

ඔබ වින්ද දුක මම දන්නවා. අපේ පියවර නිසා යම් පමණකට බඩු මිල අඩු වුණා.ජීවන වියදම තවදුරටත් සැහැල්ලු කළ යුතුව තිබෙනවා.මේ ඡන්දය පවත්වන්නේ අපගේ මෙම අනාගත සැලසුම් සියල්ල ක්‍රියාත්මක කරන්නයි.අනාගතය ගැන තීරණය කරන්නයි.අප මේ මාර්ගයේ යනවාද? නැද්ද? කියන කාරණය තීරණය කරන්නයි.

මෙවර අප එන්නේ පක්ෂ විදියට බෙදිලා නොවේ. මේ ගමන සාර්ථකව ගොස් එදාට වඩා හොඳ අනාගතයක් ලබාදීමට අප කටයුතු කරනවා.අපේ වැඩ කටයුතු  තවම  අවසන් කර නැහැ.ඒ කාරණය  අප පිළිගන්නවා.සමහර බඩු වල මිල වැඩියි.

ජීවන වියදම තවත් සැහැල්ලු කළ යුතුව තිබෙනවා. බදු බර සැහැල්ලු කළ යුතුව තිබෙනවා. නමුත් එකවර එය කරන්න බැහැ. කැඩුණු ආර්ථිකය හෙමින් හිමින් හරි අතට ගත යුතුව තිබෙනවා.ඒ සඳහා  අපට ජාත්‍යන්තර සහය තිබෙනවා.

ඡන්දයෙන් පසු ඉදිරි  වසර පහේ කරන්න තිබෙන වැඩසටහන "පුළුවන් ශ්‍රී ලංකා"  යනුවෙන් අප එළිදක්වා තිබෙනවා.

මේ රට වෙනුවෙන් මට අරමුණු පහක් තිබෙනවා. පළමුවැන්න ජීවන බර සැහැල්ලු කිරීමයි. රැකියා බිහි කිරීම,බදු බර සැහැල්ලු කිරීම මෙන්ම රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත්කිරීම සහ උරුමය සහ අස්වැසුම  දිගටම පවත්වාගෙන යාම ඒ අරමුණු ⁣පහයි.

මා පළමුවෙන්ම උරුමය සහ අස්වැසුම ආරම්භ කළා.2023 වසරේ අපේ පළමු පියවර වූයේ අඩු ආදායම්ලාභීන්ට ජීවත්වීම සඳහා සමෘද්ධිය වගේ තුන් ගුණයක මුදල් දීමයි.අප එතනින් ආරම්භ කළා.අප කණ්ඩායම් තුනකට බෙදා අස්වැසුම ආරම්භ කළා .තවත් ලක්ෂ හතරකට පහකට අස්වැසුම ලබාදිය යුතුව තිබෙනවා.අප ඒ වැඩ කටයුතු කරනවා. පළමු සහනය එයයි. අප ඒක කළේ  ගොවි මහතුන්ට ස්තූති කිරීමටයි.

මා රට බාර ගන්නා විට දළ ජාතිය නිෂ්පාදනය ඩොලර් බිලියන 76 යි.මෙම අගය අප නග්ගලා  ගත්තා. නිෂ්පාදනය වැඩි කළා.

ලෝක බැංකුව සහ ඇමරිකාව සමග කතා කර පොහොර ලබා ගත්තා.එය ගොවි ජනතාවට බෙදා දී හොඳ අස්වැන්නක් ඉල්ලුවා.ඔබ ඒ කන්න වල  හොඳට අස්වැන්න දුන්නා. එයින් රටේ නිෂ්පාදනය වැඩි වුණා.ඒ අනුව රටේ නිෂ්පාදනය වැඩි වුණා. සංචාරකයන් ලංකාවට පැමිණියා.

අප තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා. 

එමෙන්ම අප තවත් කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන්නට වැඩ කරනවා. මෙරට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට වසර 85ක් ගියා. 1971 වසරේදී අප මෙහි පැමිණ උල්හිටිය ව්‍යාපාරය ආරම්භ කළා.එමෙන්ම මාදුරුඔය ව්‍යාපාරය ආරම්භ කළා.එතැන් සිට ජනතාව  සී කලාපයේ පදිංචි කළා.ඔවුන්ට සින්නක්කර අයිතිය ලැබුණේ නැහැ. ඔවුන් වෙනුවෙන් සින්නක්කර ඔප්පු දුන්නේ නැත්තේ ඇයි?අප ආණ්ඩුවෙන් ආණ්ඩුවට එය කළේ නැහැ.

නමුත් අප සියලු දෙනාටම සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන්න තීරණය කළා.එලෙස සින්නක්කර අයිතිය ලබාදී කෘෂිකර්මය දියුණු කරනවා. එමෙන්ම අප පොහොර ලබා දුන්නා.දැන් අප කෘෂිකර්මය නවීකරණය කරනවා.අපේ පරමාර්ථය රටේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මය බවට පත් කිරීමයි.

2050 වන විට ලෝක ජනගහනය බිලියන දෙකකින් වැඩි වෙනවා.ඔවුන් සඳහා ආහාර අවශ්‍යයි.අඩු ගණනේ එයින්  මිලියන 20කට වත් ආහාර ලබා දෙන්නට හැකි නම් අපනයන කෘෂිකර්මය දියුණු කළ හැකියි.එවිට සහල්, එළවළු ,පළතුරු රට යවන්න පුළුවන්.එ් වැඩ පිළිවෙලින්  පොහොසත් වන්නේ කවුද? ඔබයි.ඒ තත්ත්වය ඇති කරන්න අපි මේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

මාලිමාවෙන් සහ සජබෙන් ඔබට දෙන්නේ මොනවාද? ඒවා කියවා බලන්න .ආහාර සුරක්ෂිතභාවය දෙන බව කියනවා.ආහාර සුරක්ෂිතතාවය අදත් තියෙනවා .එය වැඩි කරන්න අපත් කැපවී සිටිනවා. එයින් ආදායම වැඩි වන්නේ නැහැ. ඒ අය සහනාධාර දෙන්නේ දුප්පත්කම තියාගන්නයි. මම සහනාධාර දෙන්නේ දුප්පත්කම නැති කරන්නයි. ඉතින් වෙනස කරන්නේ කවුද? මාලිමාවද? අපි ද?

මාලිමාව ගේන වෙනස මොකක්ද? ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සේ අප අපේ ගොවි මහතුන් අපනයන ආර්ථිකයට යොදවනවා . අපේ ආහාර පිටරට යවා අපට ජීවත් වෙන්න පුළුවන් . තේ ආර්ථිකය ලෙසින්  ඒ මුදල් ඔබේ අතට ලබා දෙනවා.

පරණ බෙරේ ගහන අයගෙන් වැඩක් නැහැ. වසර හතරක් අපට රැකියා දෙන්න බැරි වුණා. එන වසරේ සිට ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂයක් ලබා දෙනවා.තරුණයන්ට රැකියා මාර්ග ඇති කළ යුතුයි. ස්වයං රැකියා ක්ෂේත්‍රයෙන් ස්මාර්ට් කෘෂිකාර්මික  ක්ෂේත්‍රයට යොමු කරනවා. වසර දෙකක් තුළ ඒ ක්‍රමයට අප හුරු කරනවා. අප ඒ වැඩ කටයුතු භාර අරගෙන ඉටු කරනවා.ඕනෑම විෂයකින් පුහුණුව ලබන්න තවත් පනස්දාහකට මුදල් දෙනවා.රට රැකියා සඳහා ඒ වැඩ සටහන යටතේ පුහුණුව ලබා ගත යුතුයි.

තරුණයන්ට රැකියා දීම ගැන මාලිමාවට  කිසිම අදහසක් නැහැ.ඔවුන්ගේ එවැනි සැලැස්මක්   තිබේ නම් සොයාගෙන එන්න. මම තෑග්ගක් දෙන්නම්.ඒක හොයන්න බැහැ. මේ අය රට ගැන හිතන්නේ නැහැ.ඔවුන්ට එවැනි සැලසුම් නැහැ.ඔවුන් ඉන්නේ පරණ දේශපාලනයේ.අප ඉන්නේ අලුත් දේශපාලනයේ. අප ඉන්නේ ඉදිරියට යන්නයි.අලුතින් සිතා අප එක්ක මේ ගමන යමු.

සජිත් ප්‍රේමදාසකට කිසි දිනක අනුර දිසානායක පරාජය කරන්න බැහැ.මේ රටේ ඉතිහාසයේ සිට තරඟයේ තිබුණේ දෙන්නෙක් අතරයි. ආණ්ඩුව සහ විපක්ෂය අතර ඒ තරඟය තිබුණා.

අගමැති ආණ්ඩු පක්ෂය බලා ගන්නවා.විපක්ෂ නායක තමන්ගේ පක්ෂය බලාගත යුතුයි.මම විපක්ෂ නායක කාලේ එහෙම කවුරුවත් හිටියේ නැහැ. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැන් අභියෝගයක් පැමිණ තිබෙනවා.සජිත් ප්‍රේමදාස හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය දෙක තුන නාස්ති කර අන්තිමට සිදුවුණේ කුමක්ද?

දැන් අනුර දිසානායක සජිත්ට තර්ජනයක් වෙලා.අනුර පරද්දන්න සජිත්ට බැහැ. සජිත් ඔය කරන මෝඩ වැඩෙන් අනුරට උදව්වක් ලැබෙනවා  ඇති.ඒක මතක තියාගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සැමට කියනවා. ඩී.එස්.සේනානායක,ඩඩ්ලි සේනානායක ,ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මේ පක්ෂය ඉදිරියට ගෙනිච්චා.මා මෙහි පැමිණියේ ඒ උරුමය රැගෙනයි .ඒ නිසා අප එක්කව වැඩ කරමු .සැප්තැම්බර් 21 වැනිදා ගිහින් ගෑස් ටැංකිය ළඟින් ලඟින් කතිරය ගහන්න.නැතිනම් ගෑස් මෙන්ම කෘෂිකර්මයක් නැතිවේවි.

වරාය සහ නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් ,දිලුම් අමුණුගම, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකයෝ ද මෙහිදී අදහස් දැක්වූහ.

 



අදහස් (18)

‘පරණ බෙරේ ගහන අයගෙන් දැන් වැඩක් නෑ‘

nanda Thursday, 05 September 2024 10:47 AM

ඇත්තටම වසර 40 විතර කාලයක් ඉඳන් පරණ බෙර ගහපු අයගෙන් දැන් වැඩක් නැහැ

:       21       34

Banda Thursday, 05 September 2024 10:52 AM

සහතික ඇත්ත. ඔයාගෙ පරණ බෙරේ සද්දෙ දැන් අපිට එපා වෙලා. ඒක නිසා පව් නොදී යන්න සීයේ.

:       17       31

සමන් Thursday, 05 September 2024 11:08 AM

ජේවිපි එකේ ලාල් කාන්ත කියනව අපි ට්‍රාන්ස්ෆෝමර් කැඩුවා ලයිට් කනු කැඩුවා ගිනි තිබ්බා, අපි ඒව කලේ හරි සතුටින්. මම හරි ආඩම්බරයි ඒ ගැන කියල . වෙන පක්ශ වල වැරදි වලට ජේවීපී එකට චන්දෙ දෙන්න පුලුවන්ද ඒ කතාව අහල ?

:       17       27

Don perea Thursday, 05 September 2024 11:09 AM

රට කාපු කම්බ හොරු කතා කරන කැත

:       22       32

විරාජ් Thursday, 05 September 2024 11:11 AM

රටේ අඩියෙන් අඩියට සෙල්ලම් ගෙවල් වගේ ජේවීපී කාර්‍යයාල. හැම තාප්පෙම පෝස්ටර්. කොයිතරම් රැස්වීම් තියනවද? ඔයතරම් කෝටි ගනන් සල්ලි කොයින්ද? ජේවීපී එකට දුන්නොත් ගෝට දෙක බලාගන්න පුලුවන්.

:       22       24

විපුල Thursday, 05 September 2024 11:13 AM

දිනන්නත් කලින් ජේවීපී එකේ කට්ටිය කොහොමද ජනතාවට කරන තර්ජන. බලය ලැබුනොත් කොහොම හිටීද ?

:       21       26

කසුන් Thursday, 05 September 2024 11:16 AM

නියත ජනපති සජිත්. සජීත් පටන්ගන්නෙ ලක්ශ පනහක චන්ද වලින්. අනිවාර්‍යෙන්ම සජිත් ජනපති.

:       22       30

පුරවැසියා Thursday, 05 September 2024 11:17 AM

ඒකට තමා රටේ ජනතාව සූදානම් වෙන්නේ

:       27       13

විනෝද් Thursday, 05 September 2024 11:19 AM

රටේ මිනිස්සු මරපු පොදු දේපොල විනාශ කරපු ජේවීපී එකට මේ භූමියේ පාලනය හිමි නැහැ. මේක බෞද්ධ රටක්. මේ රටේ පාලනය හිමි වෙන්නෙ හොඳ හදවතක් තියෙන සජිත්ට.

:       18       27

manjula Thursday, 05 September 2024 11:37 AM

රනිල්ට අමතරව තවත් හොරු ටිකක් අදහස් දක්වලා තියනවා මේ රැස්වීමේදී .එයාලාගේ අදහස් මේ ලිපියේ දමන්නේ නැද්ද

:       30       15

Rata Perata Thursday, 05 September 2024 11:40 AM

අවුරුදු 47 ක් තිස්සේ බෙර ගහ ගහ ඉන්නේ මේ මිනිහම තමයි

:       29       19

Leader Thursday, 05 September 2024 12:02 PM

Sorry පප්පේ ,හොරු තක්කඩි ,කුපාඩී බැන්කු කඩපු පොරවල්ට කතිරෙ ගහපු කාලේ ගියා ,අද රට කරන්ට පුලුවන් එකම වැඩ්ඩා ට එකෙන්ම කතිරෙ ගැහුවා .ආයේ පැදුරෙන් බිමට වැටෙන්න දෙයක් නෑ නේ .බොලා රට top එකට ම කාල නේ තියෙන්නෙ

:       28       19

ravin Thursday, 05 September 2024 12:11 PM

ඇත්තෙන්ම අවුරුදු 76 තිස්සේ ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ මෙහෙම ගියොත් .හෙට අනිද්දා වෙනකොට බෙරවායොත් නැහැ කියලා තමා කියන්නේ

:       29       16

ජයනාත් Thursday, 05 September 2024 01:11 PM

මෙයා දේශපාලනයට ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ . ඉවර වෙන්නෙත් මේ අවුරුද්දේ .

:       28       16

සෙනෙවිරත්න Thursday, 05 September 2024 01:15 PM

තමුන් සහනාධාර දෙන්නෙ චන්දෙ ගන්න මාලිමාව දෙන්නෙ මිනිස්සු නඟා සිටුවන්න.තමුන්ල කරන අලුත් දෙයක් නැහැ, පුලුවන්නනම් සජිත් එක්ක එකතුවෙලා එන් පීපියට මුහුණ දෙන්න. ඒත් එන් පී පිය දිනුම්

:       35       22

ගමේ එකාලා Thursday, 05 September 2024 03:25 PM

වහල්ලු මොන මොන කතා කිවත් මාරුවෙන් මාරුවට බලයේ හිටපු දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       0       14

Chandima Thursday, 05 September 2024 04:14 PM

බෙරේ උස්සාගන්නවත් බැරි නාකි හමෙක් බෙර ගහන්න කථා කරනවා මෙන්න...!

:       1       12

Sepala Friday, 06 September 2024 04:28 AM

සැප්තැම්බර් 22 වෙනිදා හමුවෙමු. එතැන් සිට සමුගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 27 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 26 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3431 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2492 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3103 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18730 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site