දින හතරක් වයසැති බිළිඳකු වෙනුවෙන් මාස හතරක් කල් ඉකුත් වු මල්ටි විටමින් සිරප් අලෙවි කළ බව කියන බෙහෙත් හළකට එරෙහිව ක්‍රියා කරන බව ඇල්පිටිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ගාල්ලේ ආහාර හා ඖෂධ පරීක්ෂ මේ සම්බන්ධව ක්‍රියා කරන බව ද වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ වෙන්න පරණ වෙන්න "වයින්" හොඳ වෙනවා වගේ විටමිනුත් එහෙමයි කියලා හිතලා වෙන්න ඇති. (ස)
පරිබෝගිකයගේද වගකීමකි නිෂ්පාදිත සහ කල් ඉකුත් වන දිනය බැලීම (දී)
මෙවැන්නන්ට දඩුවම් නොලැබුණත්, ස්වභාව ධර්මයෙන් කිසියම් දිනකදි දඩුවම් ලැබෙනු ඇත. (ස)
අනේ මන්දා මේවා කාගේ වැරදිද කියලා (දී)
"දින හතරක් වයසැති බිළිඳකු වෙනුවෙන්" අනේ මොන දොස්තර මහත්තයද දින හතරක බිලිදෙකුට මවු කිරි වෙනුවට මල්ටි විටමින් සිරප් දෙන්න කිවේ ...... (දී)
මොහුටත් දරුවන් ඉන්නවා ඇති නේද?? (ස)
මනෝජ් ඔබ හරි.දින 4 දරුවෙකුට මොන මල්ටි විටමින් සිරප් ද?දරුවා දුර්වල උනත් මව්කිරි වල පෝෂණය ඇරෙන්න අවම සති 2 යනතුරු දියර බෙහෙත් අනුමැත කරන්නෙම නැති තරම් (දී)
වරදට දඬුවම් දියයුතුයි. ඒ වගේම ඖෂධ අධිකාරිය මගින් සෑම ඖෂධ වෙළඳ සැලක්ම හදිසි පරීක්ෂාවට ලක් කළ යුතුයි. (නි)
ආහාර සහ ඖෂධ පරීක්ෂකවරු සෑම ඖෂධ වෙළඳ සලක් පාසාම මසකට වරක් යනවා නේද ? ඒ යන්නේ යරි වැරදි හොයන්න නේද ? මේ සිද්ධියේදී ඒ ප්‍රදේශය බාර ආහාර සහ ඖෂධ පරීක්ෂකවරයාගෙන් කරුණු විමසිය යුතුයි නේද? (නි)