(චන්ද්‍රසේන ගමගේ)
බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ප්‍රතිකාර සදහා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිට තංගල්ල මූලික රෝහලට රැගෙන ආවේය.
බන්ධනාගාර නිළධාරීන් ගේ දැඩි රැකල් මධ්‍යයේ රංජන් රාමනායක මහතා රෝහලට රැගෙන ආ අතර ඔහුට ප්‍රථිකාර ලබා දීම සදහා රෝහලේ ව්‍යායාම ඒකකයට රැගෙන යනු ගියේය.
එහිදී පැයකට ආසන්න කාලයක් රෝහල් කාමරයේ රැදී සිටි රංජන් රාමනායක මහතා නැවත අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.
රංජන් රාමනායක මහතා ගේ පැමිණීම දැක බලා ගැනීම සදහා පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාද රෝහල් භූමියට පැමිණ සිටියේය.
එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ දමරණීය දන්ඩන නියමු වූ දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තා මෙන් රංජන් රාමනායක මහතාටද ජනාධිපති සමාව දිය යුතු බවයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ රංජන් යළි බන්ධනාගාරයට
Don perera Sunday, 25 July 2021 01:16 PM
බොහොම කණගාටුයි... හොඳ මනුස්සයා...
ලුම්බිණි Sunday, 25 July 2021 01:59 PM
මිනී මරුවන්ට සලකන විදියෙන් සියයට 25ක තරමටවත්,... මිනී මරුවෙක් නොවෙන මේ මනුස්සයට සලකන්න.
BamunuarachchiWednesday, 28 July 2021 10:48 AM
පට පට ගාලා අහන්න හඬපට...
Ranji Sunday, 25 July 2021 02:46 PM
මාර හොඳයි කියලා ප්‍රතිචාර දාන වහල්ලු... මේවා පහුගිය කාලේ කරපුවා.. දන්නේ නැද්ද? පක්ෂ, පාටින් අන්ධ වෙන්න එපා.
pradeepa Sunday, 25 July 2021 04:56 PM
රංජන් ඔබ සිංහයෙක් වගේ ඇතුළට ගියේ... ඒ වගේම ඔබ එළියට එන්නත් ඕනෑ සිංහයෙක් වගේ.. කාගේවත් සමාවක් ගන්න එපා. ඔබේ පෞරුෂත්වය තියාගන්න.. අපි ඔබ සමගයි හැමදාම...
gunarathnaSunday, 25 July 2021 08:34 PM
සිංහයෙක් ඇතුළට ගියාට ඇතුළේ ඉන්න ඕනේ බල්ලෙක් වගේ... ඒක නිසා රංජන් මහත්තයෝ කියන්න පුළුවන් කාටහරි කියලා ගන්න පුළුවන් සමාවක් අරන් එළියට එන්න බලන්න. හොඳ මනුස්සයෙක් වුණත් කට නිසා ඇතුළට යන්න ඕනේ... ඩොක්ටර් කාලෝ ෆොන්සේකා පුළුවන් තරම් කට වහන්න හැදුවා... නමුත් බැරිවුණා...
BamunuarachchiWednesday, 28 July 2021 10:46 AM
කිව්වට තරහ ගන්න කාරි නැහැ.. ආයුබෝවන්..!!! කොහොමද අහවල් එකෙක් කූඩුවට දාලා සිංහයෙක් එළියට ගන්නේ...?
ගමේ එකාලා Sunday, 25 July 2021 06:20 PM
මිනීමරුවන්, පාතාලකාරයින්, කුඩු බිස්නස්කාරයින්, දූෂිතම දේශපාලුවන්, හොර තක්කඩින් එළියේ, නිදහසේ, නිදැල්ලේ? මේ වගේ අවනීතිය රජකරන දූෂිත පවුල් පාලනයක් ඇති රටක් ලෝකෙම නැතුව ඇති...
sharm warn Monday, 26 July 2021 11:34 AM
මේක නම් හරිම විහිළුවක්... මිනී නොමරපු, මහජන මුදල් මංකොල්ල නොකාපු කෙනෙක්... රෝහල්ගත කරලා තියෙන්නේ දැඩි රැකවල් මැද කියලා විශේෂයෙන් කියන්නේ. දේශපාලකයන්ගේ හෙන්චයියන් කරන පාතාලයෝ වගේ බස් එකට වෙඩි තියලා පැනලා යයි වගේ එකක් හිතලාද? මේ රටේ තියෙන්නෙම කුජීත වැඩ තමයි.
Bamunuarachchi Wednesday, 28 July 2021 10:49 AM
රන්ජන්ට පක්ෂපාති අදහස් පමණයි. අනික් අදහස් කුණු කුඩේට....!