යතුරුපැදියකින් යමින් සිටි හැත්තෑ හැවිරිදි විශ්‍රාමික රෝහල් සේවකයෙක් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ කළුපහනේදී යතුරු පැදිය නවතා පාරේ දිගා විය.
කිසියම් අසනීපයක් නිසා ඔහු එසේ කළ බව දැනගත් පාරේ ගිය අය ඔහුගේ හදවත පිරිමදින්නට වූහ.
වහා ඔහු රෝහලට ද රැගෙන ගිය නමුත් ඔහුගේ ජීවිතය බේරා ගත නොහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයනම් තණ අග රැදී පිනි බිදු වැනිය. (නදී)
අසරණ මිනිස්සු! (නි)
කලුපහනේදී හින්දා මේ වගේ මිනිස් දෙවිවරු හිටියා. නගරෙකදි නම් බලාපොරොත්තු වෙන්න බැහැ. අපි ඉන්න රටේ නම් කොහොමටවත් බලාපොරොත්තු වෙන්න බැහැ. මම මේ ලඟදි එසැණ පුවත් වල දැක්කා ඉන්දියාවේ නගරෙක මෙවැනි මිනිහෙක් වැටිලා ඉදිද්දි අනෙක් අය නොදැක්කා වගේ යන හැටි. අපේ ගම්වල තවමත් ඉන්නේ හදවත මුදලට විකුනපු අය නෙමෙයි. කළුපහන ගමේ හැමෝටම මගේ ප්‍රණාමය. (නි)
හදවත් රෝගයක් වෙන්න ඇති.අපි මොනවා තළත් අයිති එකම දෙය මරණයයි.ඒ මහත්මයාට නිවන් සුව අත් වේවා! ඔහුව බේරාගන්න උත්සහ කළ මහත්වරුන්ටත් බොහෝ පින් අත් වේවා! (නි)
නියම තරුණයන් දෙදෙනෙක්. ඔබ දෙදෙනාටම හිස නමා තුති පුදකරමි.(නදී)
නන්නාදුනන කෙනෙකු අනතුරකට පත්වුන විටක තමන් යන ගමන ටිකක් පහුවෙන නිසා හෝ ඕවට අත දැමීමෙන් ලෙඩ වැටේවිය කියා මගහැර දුවන සමාජයක මෙවැනි උත්සාහයක යෙදීම අගය කළයුතුය.මුදල් ටිකක් ලැබුන විට ගේ වටේ තාප්පයක් බැදගෙන තනියම ඉන්නටත්, තම දරුවා යන පාසැල ඉහල නමක් ඇත්නම් පොඩි පාසලට යන ළමයන් සමග තම දරුවා සෙල්ලම් කිරීමට නොයවන තැනට කටයුතු කරන සමාජයක් බිහිවී ඇතිබව අත්දැකීමෙන් දනිමි. එහෙත් තමන්ගේ මවට පියාට දරුවට සොහොයුරියට කරදරයක් උදවුවක් අවැසි විට තමනට ළග සිටිය නොහැක.කළයුත්තේ තමන් දුටුතැන අනුනට උදවුකරන,පිහිටවෙන සමාජයක් බිහිකරගැනීමය. කුලය,නිලය,මුදල,පක්ෂය,වර්ගය,ආගම මත තනි තනිව ජීවත්වන්නට නොහැකිය. (නි)
මේ අහිංසක කොල්ලො දෙන්නා උසාවි පොලිසි ගානේ රස්තියාදු කරයිවද්ද දන්නෙ නැහැ. එහෙව් ලංකාවක් නෙ දැන් තියෙන්නේ. (නි)
බලන්න හසන්ත මහත්තයෝ මේ කැමරාකාරයත් අර මනුස්සයට උදවු නොකර ෆොටෝ ගන්න එක විතරනේ කරලා තියෙන්නේ. මේ කැමරාකාරයවත් අත්අඩංගුවට ගන්න ඕනා. (නදී)
පවු .. පින්තුරේ දැක්කම අහිංසක කෙනෙක් බව පේනවා. ඒ වගේම තව හොඳ කොල්ලෝ දෙන්නෙකුත් මේ රටේ ඉන්න එක ගැන සතුටුයි. මිය ගිය කෙනාට නිත්‍ය සැතපීම ලැබේවා! (නි)
ඔබට නිවන් සුව මත්මයානෙනි! (නි)
උදව් කරපු හැමෝටම ගොඩක් පින්. ඔය වගේ මිනිස්සු ඉන්න රටට තමයි ශ්‍රී ලංකාව කියන්න ඕනෑ. (නි)
ඔබ මේ ගත් උත්සාහයට අපගේ ස්තුතිය. නමුත් ඔබ තව දුරටත් මේ ප්‍රතමාදාර ගැන ඉගෙන ගත්තනම් හොදයි කියලා මට හිතෙනවා. ඔබට මේ සම්බන්දයෙන් ඉගෙන ගන්න විස්තර ලබා ගන්න පුලුවන් මේ වෙබ් සයිට් එකට යන්න. (නදී) www.redcross.lk
වෙලාව ආවහම අපි කවුරුත් යන්න ඕනෑ. ඒක හැමෝටම පොදුයි (නි)
අනේ හරිම දුකයි.මට මගේ තාත්තා මතක් වෙනවා.ඔබට නිවන් සුව පියාණනි. (නි)
පවූ අහිංසක මනුස්සයා!! (නි)
කනගාටු දායක පුවතක්
සම්පත් , ප්‍රථමාධාර පාසල් වල හරියට උගන්වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ප්‍රායෝගික දැනුම. මේ වගේ අවස්තාවල් වල ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. (නි)
අනුර,අපි රතු කුරුස සමාජයෙන් පාසල්වලත්,ගම්මාන වලත් මේ වගේපුහුණුවීම් කරනවා.ඒවාට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්.සෑම දිස්ත්‍රික්කයකම රතු කුරුස සමාජ කාර්යාල තියෙනවා. (අ)
හොද කොල්ලෝ ටික, හදපු දෙමව් පියන්ට අපි ස්තුති කරමු. (නදී)
අපි හැමෝටම ඔහොම තමයි. ඔහුට නිවන් සැප! (ත)
ගුණ යහපත් දෙමව්පියන්ගේ දරුවෝ දෙන්නෙක් සෙරෙප්පු දෙකත් ගලවල මේ උතුම් ක්‍රියාව කරන්නේ අගේ කලයුතු දරුවෙක්, මේ දෙන්නටම ප්‍රණාමය පුද කරන්න ඕනා. ඒ වගේම මිය ගිය පියතුමාටත් නිවන්සුව!(නදී)
ඔහුගේ ජීවිතය බේරාගැනීමට උදව් කළ අයට ස්තුතියි.(නදී)
ප්‍රථමාධාර දුන්නු අයව සහ මේ ෆොටෝ එක ගත්තු අයව සහ ෆොටෝ එකේ ඉන්න අයව උසාවි ගෙනියාවිද දන්නේ නැහැ? කොහොම වුනත් කමක් නැහැ මියගිය කෙනා නම් දැන් දුකින් මිදිලා.... ජීවත් වෙන අය තමයි දුකින් මැරිමැරී ජීවත් වෙන්නේ... මේ උදව් කරපු කට්ටියටත් හුගක් දුක ඇති මෙයාව බේර ගන්න බැරිවෙච්ච එක ගැන...(අ)
අපේ රටේ තාමත් මනුස්ස කම පිරිලා ඉතිරිලා ගිය මිනිස්සු ඉන්නවා , (අ)
ඔහුට නිවන් සැප (අ)
අනුන්ගේ විපතේදී හදවත් උණුවන පින්බර මින්සුන් තවමත් අපේ රටේ ඉන්නවා.කොයිතරම් ආඩම්බරද ?(අ)
මා දකින සැබෑ මනුෂ්‍යත්වය මෙයයි. ඔබ සැමට තෙරුවන් සරනයි.(නදී)
ඔබට නිවන් පුර රුවන් දොරටු විවර වේවා !!!ඔහුට උදව් කර ඔබ සැමට මගේ හද පිරි ප්‍රණාමය පුදමි !!...(ත)
අගය කලයුතු ක්‍රියාවක්! මෙවැනි දේවල් තමා අපේ ලාංකික බවේ සංකේත! මෙවැනි අවස්ථාවලදී අපි කව්රුවත් අදාල පුද්ගලයා දෙමළද,සිංහලද, මුස්ලිම්ද කියල හොයන්නේ නෑ! කලුත්ත කුමක්ද ඒ දේ කරනවා! අ වගේම මම ඡායාරූප ගත්ත කෙනා අත්අඩංගුවට ගනීද දන්නේ නේ! කෙනෙක් මියයනකොට ඡායාරූප ගත්ත කියල! (අ)
මේ දරුවෝ දෙන්නගේ පින්තුරයක් ලංකාදීපයේ පල කරන්න.අගනා දරු දෙන්නෙක්. (අ)
අප සියලුදෙනා කුමන රටවල ජීවත් වුනත් කුමන මැති මතාන්තර දරුවත්, කුමන ආකාරයට ජීවත් වුනත් අපිට හිමි මරණය ආ විට ඉන් ගැලවීමට නොහැක! (අ)
ආඩම්බරයක් මෙවැනි පුත්තු රටකට. ලෝක ප්‍රසිද්ධ වූ ශ්‍රී ලංකික දරුවෝ දෙන්නෙකුගේ යහපත් ක්‍රියාවක් මේ ලින්ක් එකෙන් කියවන්න. (අ) http://narsandanews.blogspot.com/2008/09/get-to-god-without-any-prayer.html
පවු අහිංසක මනුස්සයෙක් (නි)
නිදහස මහ මුහුදක් වේ- එහි උල්පත පුත නුඹ වේ- ඒ බව සිහිකොට මෙලොවේ- යුතුකම ඉටුකල යුතු වේ.(නදී)
මා දකින සැබෑ මනුෂ්‍යත්වය මෙයයි. ඔබ සැමට තෙරුවන් සරනයි.(නදී)
හැම දෙනාටම මෙවැනි යහපත් මරණ හිමි වෙන්නේ නැහැ. මොහු යහපත් සතියෙන් ජීවත් වුනු කෙනෙක්, එම නිසයි මරණය වෙලාවේදී බයිසිකලයෙන් බැහැලා බිම දිගා වුනේ. මේ මගින් ඉතා වටිනා දෙයක් සිහියට එනවා. මිනිසා ප්‍රාර්ථනය කල යුතු වන්නේ ජීවිතයට වස්තුව ලඟා කර ගැනීම නොව මෙන්න මෙවෙනි යහපත් මරණයකි. මන්ද මරණය එතරම්ම වේදනාකාරී දෙයක් නිසාවෙනි. ඒ වගේම මේ සී. පී. ආර්. ප්‍රථමාධාරය පුහුණුවී තිබීම ඉතා අත්‍යාවශ්‍ය දෙයක්. මේ කොල්ලෝ දෙන්නගේ සේවය අගය කල යුතුයි.(නදී)