පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී තම මුහුණ වැලි වලක ඔබා ”ගෙම්බා” යන නම පටබැඳ කැන්ටිමේදී පහර දුන් බව එහි ශාස්ත‍්‍ර පීඨයේ පළමු වසරේ යුක්ති සමන් ඒකධීර (22) මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවසීය. නවක වදයට විරුද්ධ සිසුන් හැමටම දරුණු ලෙස පහරදුන් බවද ඔහු කීවේය. ජෝර්ජ් ස්පෙන්සර් අබේවික‍්‍රම නම් සිසුවා මේ නඩුවෙන් චෝදනා ලබා සිටී. ඒකධීර සිසුවා ආරක්‍ෂක හේතු මත කොළඹ සරසවියට මාරුවක් ලැබ සිටී. පේරාදෙණි සරසවියේ දේශපාලනය කරන කණ්ඩායම තමා මරා දැමීමට උත්සාහ කලැයිද තමා නවක වදයට විරුද්ධ වුවත් ඔවුන් ඉදිරියේ මධ්‍යස්ථව සිටියේ ඊට එරෙහි කිසිම සිසුවකුට පේරාදෙණිය සරසවියේ සිටීමට ඉඩ නොදෙන නිසා බවද ඒකධීර සාක්කියේදී පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නැති කරන්න නියම පහසු ක්‍රම තියෙනවා. කෝ, මොළ කාරයින්ගේ නෑනේ කිසි උනන්දුවක්
නවක වධය දුන්නු අයට උසාවි ගානේ ගෙනත් දඬුවම් කරන්න නෙවෙයි තියෙන්නේ. වධකාගාර හදලා ඒවාට දාලා ඒ අය නවකයින්ට ලබා දුන් වධ බන්ධන විසි තිස් ගුණයකින් වැඩි කරලා ඒවා ආයෙත් ඒ අයටම දෙන්න ඕනේ. ගෑනූ ලමයි දූෂණය කරපු අයව ඒ ආකාරයටම මිනිස්සු පෝලිම් ගස්සලා දූෂණය කරලා ඒකට ජන මාධ්‍යවල ප්‍රසිද්ධියක් ලබා දෙන්න ඕනේ. එතකොටවත් මේ අයගේ මොලේ කලන්ත ගතිය යාවි. නැතුව හරියන්නේ නැහැ.තිරිසන් විදිහට හැසිරෙන අධමයින්ට හොඳට සලකලා බැහැ. මේක නවත්වන්න සරත් ෆොන්සේකා මහත්තයට බාර දුන්නා නම් වැඩේ ඉවරයි.
උසස් පෙළින් පසුව පාසැල් අධ්‍යාපනය අවසන් කරලා විශ්ව විද්‍යාලවලට පිවිසෙන්නේ ඉතා ලාබාල වයසෙන්. ඔවුන් කලින් වැඩිහිටි කෙනෙකුට සාපේක්ෂව ජීවිතේ දුක් විඳලා රස්සාවල් කරලා ලමයි හදලා වගකීම් අරගෙන ඇති පිරිසක් නෙවයි. ඉතින් ඒ වගේ පිරිසකට බ්‍රේන් වොෂ් කරන්න හරිම පහසුයි. උගත්කම කියන්නේ බුද්ධිමත්කම නෙවෙයි. කැල්යුලේටරයක තිබෙන්නේ තාර්කික හැකියාව. ශිෂ්‍යයන්ට දැනුම පොවලා ඔවුන් ඇවිදින කැල්කියුලේටර්, පරිගණක, රොබෝවරු කලාට ඔවුන්ට බුද්ධිමතුන්, ප්‍රඥාවන්තයින් යැයි කියන්න බැහැ. දැනුම, කුසලතාව හා ආකල්ප යනුවෙන් අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව සංජානනය කරගන්නා කරුණු විවිධ පරාසවලට අයත් ලෙස සලකනු ලබන්නේ ඒ නිසායි. අනික දැනට ලංකාවේ ක්‍රියාත්මක වන විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන රටාව අනුව ලංකාවෙන් කොච්චර උපාධි ලබා පිටවුනත් හිතන්න පුළුවන් නිර්මාණශීළී පිරිසක් පිටවෙනවා කියලා හිතන්න අමාරු ඒ පිරිසට ආණ්ඩුවේ හරි පුද්ගලික අංශයේ හරි රැකියාවල් ලැබිලා ඒවාට ගියාම මුහුණදෙන අපහසුතා අපි ප්‍රායෝගිකව අත්දැකලා තිබෙන නිසයි.කොයි කවුරුත් තමන්ගේ ජීවිතය රැක ගන්න කැමතියිනේ. උතුරේ ප්‍රභාකරන්නවත් මට්ටු කලා නම් මේ වගේ වැඩ මොනවද?
ඔයාලට ඉගෙන ගන්න වියදම් කරන සල්ලිවලින් බැටළුවෝ ටිකක් අරන් හදාගත්තානම් මීට වඩා හොඳයි (ස)
විශ්ව විද්‍යාල වල ශිෂ්‍යයන්ට පහර දෙන්නෑ කියන කතාව අමූලික බොරුවක්. අනන්තවත් ඔය බුද්ධිමත්තු තිරිසන් වැඩ කරනවා. විශ්ව විද්‍යාල වල නවක වදය තිබිය යුතුයි. හැබැයි ඒ ශිෂ්‍යයන්ව පීඩාවට ලක් කරන්න නෙමෙයි. විනෝදයක් ලබන්න විතරයි.
නිශාද් කියන දේ හරි. මමත් ඔය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක්. ඔය තරම් දෙයක් උනා කියන එක පිළිගන්න අමාරුයි. බොරදියේ මාළු බෑමක් වගෙයි.
ඔබ මෙහි ශිෂ්‍යයෙක් නොවේ නම් කරුණාකර ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. මොකද විශ්ව විද්‍යාල වල ප්‍රශ්න ගැන ඔබට අවබෝධයක් නැති වෙන්න පුළුවන්
ඉගෙන ගන්න අය කවදාවත් මෙහෙම වැඩ කරයිද?
සරසවි වල කරන නවක වදය නැති කරන්න නියම පහසු ක්‍රම තියෙනවා රජය මේ ප්‍රශ්ණයටද සෘජුව මැදිහත් වී මේය අනිවාර්යයෙන්ම,අධිකරණ ක්‍රියාමාර්ගයකින් මෙය නැවැත්විය යුතය
සමහරු බොර දියේ මාලු බාන්නයි හදන්නේ.මේ වැඩේට සම්බන්ධ එක් කෙනයි.නැතුව සරසවි පද්ධතියම නෙමෙයි
මේ වගේ අය පරිපාලනේට එකතු වුණොත් විනාශයි
රටේ අනාගතය භාර ගන්නේ මේ අයයි. ඒකයි අපට තියෙන ප්‍රශ්නේ (ස)
අපිත් කැමිපස් තමා ඉන්නේ.මේව කීවම අපේ මෝඩ මිනිස්සුත් මේව පිලිගන්නවනේ ඇත්තට....අනික අපි ප්‍රශ්න විසදන්නෙ අතින් පයින් නෙමේ.මොලෙන්..කැමිපස් එකට ගොඩ වෙලාවත් නැති මොඩයෝ තමා ඕව පිලිගන්නේ.
ගොඩේ කට්ටිය කැම්පස් ගියහම ඔහොම තමයි.....
උසස් පෙළ ප්‍රතිඵල මදි උණත් ඉගෙන ගන්න ආසාවක් තියෙන අයට ඉගෙන ගන්න පෞද්ගලික විශ්ව විද්‍යාල කරුණාකරලා ඇති කරන්න
අනේ ඇත්තට, මේ අයට නිදහසේ ඉගෙන ගන්න බැරි හැටි නිදහසේ
විශ්ව විද්‍යාල පිස්සු විද්‍යාල කරන්න එපා ළමයිනේ
මේ නඩුවේ තීන්දුවත් සමග නවක වදය තුරන් වේයැයි බලාපොරොත්තු වෙනවා.
අපේ රටේ වැඩිම මානසික ලෙඩ්ඩු ඉන්නේ විශ්වවිද්‍යාලවල මේ ගොල්ලො රටට බරක්.
උපරිම දඩුවම් දිය යුතුයි
ගෝත්‍රික නවක වධය විශ්ව විද්‍යාල වලිනුත්, මහා විද්‍යාල වලිනුත් තුරන් කල යුතුය .
නවක වධය දෙන්නන්ට රජ කාලේ දඞුවම් දෙන්න ඕනා. නවක සිසුන්ට වද දීල වීරයෝ වෙන්න හදන මොවුන්ට තියෙන්නෙ මානසික අසහනයක්.
අනේ මන්දා මේ අය ශිෂ්‍යයෝද නැත්නම් මස්කඩ කාරයෝද කියලා
මේ ශිෂ්‍යයොද මස් කඩකාරයොද ??
කොටි සහමුලින්ම ඉවර කරන්න පුළුවන් වූ රජය මේ ප්‍රශ්ණයටද සෘජුව මැදිහත් වී මේය අනිවාර්යයෙන්ම,වහාම නැවැත්විය යුතුය.....
පොඩ්ඩ ඇත්නම් බැනර් ඇදන් පාරෙ වාඩිවෙන එකයි, අහින්සක කොල්ලො කෙල්ලො ටිකකට රැග් කරන එකයි ඇරෙන්නෙ මේ අය මොනවද වෙන කරන්නෙ. නවක වදය කියලා පොඩි අය ටිකක් අල්ලගෙන රැග් කරන්නෙ ඒ අයට රගපාන්න පුලුවන් එකම තැන ඔතන විතරක් නිසා. වෙන තැනකදි ඔය සද්ද දානවද කියලා බලන්නකො. වෙන තැන් වලදි සද්ද නෑ.
විශ්ව විද්‍යාලෙකය යන්න කොච්චර මහන්සි වෙන්න ඕනිද? එවැනි උගත් දරුවන් මෙලෙස හැසිරෙන එක හරිද?
ලංකාවේ අධ්‍යාපනයේ අධ්‍යාත්මික පෙරලියක ලකුණු. මේ කොලුගැටවු පසුව උපාධි අරන් ලොකු ලොකු රැකියාවල් කොරන කොට අපිටත් නවකවදේ දෙයිද දන්නෑ?
සරසවි වල කරන නවක වදය සහ සියළු දේශපාලන කටයුතු අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තහනම් කරනවා නම් හොදයි