පේරාදෙණි රෝහලේ දරු ප්‍රසූතියට එන මවුවරුනට හොරෙන් වඳ සැත්කම් කළැයි කියන ආධුනික වෛද්‍යවරුන් දෙදෙනකු ගැන පැය 48ක් ඇතුළත පරීක්ෂණයක් අරඹන බව වෛද්‍ය අධිකාරී දොස්තර චන්ද්‍රා ගුණතිලක මහත්මිය කියන්නීය.
මේ වෛද්‍යවරුන් දෙදෙනාගේ සදාචාර විරෝධී ක්‍රියාවට එරෙහිව ජාතික හෙළ උරුමය අද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹීය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක හා උඩුදුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමරවංශ වීරරත්න මහත්වරු අධ්‍යක්ෂවරියට මේ ගැන පැමිණිලි කළහ.
තමාට ද එවැනි තොරතුරු ලැබී ඇතැයි ඇය කීවාය. ප්‍රසව වේදනාවෙන් කෑ ගැසූ මවකට එම ආධුනික වෛද්‍යවරුන්ගෙන් කෙනකු පහරදුන්නැයි කියන සිද්ධියක් ගැන ද රෝහලට පැමිණිලි ලැබී තිබේ.
වැරදිකරුවන් වුවහොත් ඔවුනට එරෙහිව පියවර ගන්නා බව ඇය එම මන්ත්‍රීවරුනට කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනගෙන අදහස් දක්වන්න. ජාතිවාදී වන්න එපා (නි)
මට පොඩ්ඩක් ඒ දොස්තරව පෙන්නන්න පුළුවං ද ? (නදී)
මේ දොස්තර වරු තාත්තලාද (දී)
ඒ දෙන්නවත් වද කරන්න තියෙන්නෙ (නි)
නිල්මිණි, ඔයා හොද පිළිතුරක් දීලා තිබුනා රන්දිට.මොන රටේ හිටියත් අපි උපන් රටට ගරු කරන්න ඕනෑ. අපේ රටේ දෙවිවරු වැනි දොස්තරවරු ඕනෑ තරම් ඉන්නවා. ටික දෙනක් වැරදි කළාට ඔය වගේ ජරා කතා කියන්න හොද නැහැ. මමත් එංගලන්තේ අවුරුදු 20 සක්. දියුණු රටවල්වල සිරිත්,විරිත් වෙනස්. ඒ මොනවා වුනත් අපේ රට ගැන ආඩම්බර වෙන්න ඕනෑ. පියල්, නිල්මිණි, අපි එංගලන්තේ හිටියත් ඔබලා වැනි අයට ගරු කරනවා.ඔබලා වැනි අය රටට සම්පතක් (නි)
සාමාන්‍යයෙන් වද සැත්කම කීරීමට මවගේ හා පියාගේ ලිඛිත අවසරය ලබාගත යුතුයි. ඊට අමතරව බාලම දරුවාට වයස අවුරුදු දෙකට වැඩි විය යුතුයි.එසේම දරුවන් 2කට වැඩියෙන් සිටිය යුතුයි. තවද යම් කාන්තාවකට දරුණු රෝග තත්වයන් එනම් (හෘද රෝග) ජීවිත අවදානමක් ඇති හෙයින් වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඇතිව වද සැත්කම කළ හැකියි (නි)
රන්දී ඔයාට ඔය පහසුකම් විඳින්න ලැබුනේ ඔයාගේ අම්මගේ තාත්තගේ බුදලේ තිබුණු හින්දා නෙවෙයි. අහිගුන්ටකයෝ ඉන්න රටේ ආණ්ඩුවෙන් ඔයාට හෝ ඔයාගේ මහත්තයට නිදහස් අධයාපනයක් දුන්න හින්ද. එහෙම නොවුනානම් ඔයාටත් වෙන්නේ ඔයාගේ අහිගුන්ටක දෙමවුපියොත් එක්ක ජීවත් වෙලා දරුවා ලැබෙනකොට වද විඳින්න. ඔයාගේ අම්මත් ඒ දුක විඳින්න ඇති. අනුන්ගේ පහනකින් ආලෝකය ලබාගෙන දැන් සැප වින්දට මුල අමතක කරන්න එපා. අහිගුන්ටකයෝ ඉන්න රටට මින් පස්සේ අඩියක්වත් තියන්නත් එපා. (නදී)
ලංකාවේ බොහොමයක් දොස්තරලා බොරු සෝබනකාරයෝ. බටහිර රටවල ඉන්න දොස්තරලා කොච්චර නිහතමානිද? (නි)
මට මේකේ සමහර ප්‍රතිචාර දැක්කම අපේ රට තියෙන තැන ගැන හිතා ගන්නවත් බැහැ. හරිම දුකක් දැනෙන්නේ සමහර යුරෝපියන් රටවල් වල ඉගෙන ගෙන සැපට හැදුන අපේ අයම අපේ පුංචි රටට ගරහන විදිය ගැන. වඳ සැත්කමක් කිසිම දොස්තර කෙනෙක්ට බලෙන් කරන්න බැරි එක ඇත්ත. ඒත් මම දැනුවත්ව පවුල් සංවිදාන මගින් කන්න දෙන්නවත් බැරිව පෝලිමේ දරුවෝ හදන අයට මේ වගේ සැත්කම් නොමිලේ කරගන්න ඉඩ ලබල දෙනවා. එහෙම වෙන්නේ එයාලගේ ලිංගික දැනුම අඩුකම නිසයි කියන එක ගැන අහන්න දෙයක් නැහැනේ. ඔය කියවන අය එහෙම හදන දරුවන්ට කන්න බොන්න දෙන්නේ නැහැනේ. බොරුවට බෞද්ධාගමට නින්දා වෙන විදියේ වැඩ කරන එක විතරනේ කරන්නේ.(නදී)
දොස්තරලා ගැන ඇතිවනවාට වැඩි පිළිකුලක් මට මෙහි ප්‍රතිචාරයක් දමා ඇති රන්දි ගැන ඇති වෙනවා. කොහේ හරි රටකට පැන ගත්ත ගමන් තමන්ගේ රට ගැන ඔය විදියට කතා කරන අය තමන්ගේ ළමයින්ට ලංකාව කියන්නේ මහා ම්ලේච්ච රටක් විදියට කියා දේවි. (නි)
නිහාල්ට ඕනෑ නම් මන්නා පිහියකින් ගෙදරදීම කර ගන්න පුළුවන් අවශ්‍ය සැත්කම... (නි)
නුවන්, ඔය වෛද්‍යවරු ආගමක් ධර්මයක් අදහනවානම් ඔය වගේ වැඩ කරන්නේ නැහැ. (නි)
චතුල වෙරෝනා , අද වෙනකොට වද සැත්කම් කරන්නේ ළමයින්ට කන්න දෙන්න බැරි අය නෙමෙයිනෙ .90%ම තමන්ගේ රුපය නොදිරා තියා ගන්න,දීව්‍ය සම්පත් මෙලොවදීම විදින්න වලිකන ඔයාලා වගේ අයයි.ඒකයි අපට කණගාටු (නි)
කටක් ඇරලා කියන්න පුලුවන්ද මේ දේවල් (දී)
සෙබවින්ම දොස්තරවරු දෙවියන්.මේ අතර යක්ෂයෝ, ප්‍රේතයන් ඉන්න පුලුවුන්. එය සාමාන්‍ය දෙයක්. උපත් පාලනය ක්‍රමයකට කළයුතු එකක්. (නි)
බලාගෙනයි, හැමෝම ප්‍රවේශම් වෙන්න (නි)
කාගෙන් අහලද මෙහෙම කරන්නේ? අපේ ජාතිය විනාස කරන අයට විරුද්ධව ඇයි නැගී නොසිටින්නේ? කෝ ඔය වැටුප් වලට කතා කරන අය, ජාතිය වෙනුවෙන් කෑගහනවා කියන හෙළ උරුමය? (නදී)
මේවාට නිතිය හරස් වෙන්න ඕනේ (දී)
මේක ඇත්ත නම් මේ දෙන්නටම අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතුයි (නි)
රන්දි,ඔබ හරි.මමත් ඇමෙරිකන් පුරවැසියෙක්, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක්.මම මගේ රටට තිබෙන ආදරය නිමක් නැහැ.එහෙත් ලංකාවේ ඉන්නවා ජීවිතය වරද්දගත්තු කොටසක්.එයාල බලන් ඉන්නේ හිතෙන හිතෙන වෙලාවට සත්තු වගේ ලිංගික ක්‍රියාවල යෙදෙන්නත්,මලපහ කරනවා වගේ දරුගැබ් ඉවත්කරන්නත් පහසු රටක් බිහිවෙනතුරු. මේ අය ගැන තොරතුරු හොයල බැලුවොත් ඇතුලේ ඉන්නේ විකෘති මිනිහෙක් හෝ ගැහැනියක්.මේ අය කිසිම දිනක හොද සංගීතයක්,සාහිත්‍යයක් රස නොවිදපු සංස්කෘතියක්,ඉතිහාසයක්,නොදන්නා පවුල් ජීවිතය අවුල් කරගත් දරුණු පීඩනයකට පත් උදවිය.ඔවුනට නිසි පෞරුෂයක් නොමැති නිසා ලිංගිකත්වයට කිසිම තහනමක් නොමැති රටක් බිහිවනතුරු බල සිටිනවා.එදිනට බලහත්කාරයෙන් හෝ තමනට කරගත නොහැකි දෙය කරගතහැකියි සිහින මවනවා. (නි)
රංජනී,ඔබ අවුරුදු 20 නොව 100 හිටියත් වෙනස් නොවන බව දනිමි."කල් තැබූ මුත් බලු වල්ගය උන පුරුකේ ස්වල්පයකුත් ඇද යන්නේ නැත එකේ." ඔබ පෙනීසිටින්නේ හොඳ නරක වෙනුවෙන් නොව දොස්තර රැකියාව වෙනුවෙන්. ඔය වරද කලේ රෝහලේ හෙදියක් හෝ සුළු සේවකයෙකු නම් ඔබගේ අදහස් දැක්වීම දැන් කියන දෙයට විරුද්ධ අදහසක් වනු ඇති. ඔබ බලන්නේ "කවුද හරි කවුද වැරදි" කියාය.එහෙත් බැලියයුතේ "කුමක්ද හරි කුමක්ද වැරදි" යන්නය.උගත්කම පමණක් නොව බුද්ධිමත්කමද භාවිත කරන්න. (නි)
චතුල වෙරෝනා, වඳ සැත්කම් කරන්නේ ඒ අම්මලට හොරෙන්. නැතුව එයාල දැනුවත්ව අනික් යට හොරෙන් නෙමෙයි. අදහස් ලියන්න කලින් සිංහල ඉගන ගන්න. මේක සිංහල පරපුර අඩු කරන්න කරන සංවිධානාත්මක වැඩක්.(නදී)
මේවාට අපි අනුබල දෙන්න හොද නැහැ (දී)
ඒක තමා මනුස්සයනේ මම පෑහෑදිලිව ලියල තියෙන්නෙ තමන් කැමැත්තෙන් කෙරුවට කමක් නෑ මේ වගේ හොර වෑඩ නැතුව කියලා.(නදී)
වෛද්‍යවරුන්ගේ නම් හෙළි කල යුතුය.(නදී)
ප්‍රභාත් ඔබ හරි. එයා සත්‍ය ශ්‍රී ලාංකිකයෙක් නම් නෙමෙයි, ඔබ හිතන්නේ එයා රන්දි කියලද ?(නදී)
අපි අපේ ලස්සන රටට ආදරේ නිසා රටේ වෙන අසාධාරණය, දුෂණ දුටුවම පුදුම කෝපයක්, කලකිරීමක් ඇති වෙන්නේ. රටින් පිටව ඉන්නකොට ලංකාවේ ඉන්න අයට වඩා අපි උනන්දුයි රට දියුණු වෙනවා බලලා සතුටු වෙන්ඩ. මෙහෙම දේ දුටුවම හිතට දැනෙන්නේ විශාල දුකක්. ලංකාවට එනවිට අපි තොරගන්නෙම ශ්‍රී ලන්කන් එයාලයින්. ගණන් වැඩිවුනත් මගේ රට කියන හැගීමෙන්.(නදී)
මේවාට සම්භන්ද අයව වහාම නිතිය ඉදිරියට ගෙන්න (දී)
මෙය සාමාන්‍ය කරණය නොකර මෙම සැකකාර දොස්තරගේ නම ගම සහිතව විස්තර හෙළි කරන්න. එවිට ඔහුගේ අරමුණ පිළිබඳව අපට හිතාගත හැකියි. (ස)
මේවා මහා අපරාධ (දී)
අපේ ජාතික සන්විධාන වල හාමුදුරුවරුයි ගිහි ඇත්තොයි කොච්චර කට කැඩෙනකන් කෑ ගැහුවද? එතකොට මොකද සර්වාගමික සිංහලයෝ කිව්වෙ? ජාතිවාදය අවුස්සනවා කිව්වා. ආයෙත් රට ආපස්සට ගෙනියනවා කිව්වා.හාමුදුරුවරු ඒ විදියට කෑ ගැහුවෙ නැත්තම් මේව හෙලි වෙන්නේ නැහැ. කෝ තම්බිලා තාම ප්‍රතිචාර කරලා නැහැ මේකට. අද සිංහලයා විනාශ කරන්න සූක්ෂම වැඩ පිලිවෙලක් ගෙනියනවා. මේ ගැන තාම කිසිවක් ප්‍රකාශ කරලා නැහැ. සිංහලයා රැක ගන්න එක සිංහලයාගේ යුතුකම. මේවා දකිනකොට ඇහෙනකොට හරිම දුකයි. සමහරුන්ට මේවා ගැන කිසිම ගානක් නැහැ. නැව් ගිලුනත් බෑන් චූන්... (නි)
මේ සහ ගහන අපරාදේ සිංහල බෞද්ධ කාන්තාවන්ට විතරයි කරන්නේ. බලෙන් කරන්නේ. තම්බිලා සිංහලයාව වඳ කරන්න සූක්ෂමව ක්‍රියාත්මක වෙනවා. මේවට අනුග්‍රහය ලැබෙන්නේ හලාල් මුදල් වලින්. (නි)
අයියෝ මේ මිනිස්සුන්ට පිස්සුද? (නදී)
මොනවද මේ අපේ රටේ සිද්ද වෙන්නේ ? තුට්ටු දෙකේ රටක් වේගන යන්නේ දැන් ? පිට රටක වගේ නම් , මෙලහටම දඩුවන් කරලා, පිටරවල ඔය වගේ බහු බුතයෝ දකින්න නැහැ. බුද්ධිමත් මිනිසුන් බුද්ධි මත්ව වැඩ කරනවා. මීට සති 2කට පෙර මම ඉන්න රටේ කිලිනික් එකට ගියා මගේ දුව ලැබෙන්න. මාව තියටර් එකට ගන්න පෙර මාව දැනුවත් කලා මට දෙනු ලබන බෙහෙත් ගැන සහ ලංකාවේදී තිබු අසනීප හෝ ඇලජික්, වේනම්? මගේ සැමියත් මා සමග තියටර් එකේ සිටීමට කටයුතු කළ බැවින් මගේ සිතටත් හරිම ශක්තියක්. අපේ රටක නම් දරු ප්‍රසුතියට ජීවිතයත් මරණයත් සමග සටන් කරන අසරණ අම්මව දුෂණයට පත් කරන්නෙත් අපේම අහිකුන්ටික සමහර දොස්තරලා.(නදී)
නිහාල්ට ඕනෑ නම් ගෙදරදී කරගන්න පුළුවන්. (නි)
රැඳී ඉන්නේ මොන රටේද දන්නේ නැහැ. මේ රටේ දොස්තරලා අහිකුන්ඨක හින්දද ඔයාව මෙලොවට බිහි උනේ. ඒක හින්දා වෙන්න ඇති පිට රට ඉදන් කෑ ගහන්නේ එක්කෙනෙකුගේ වැරැද්දකට. අනේ ඉතින් මටම ලැජ්ජයි ගෑනු වෙලත් මෙහෙම කියන එක ගෙන.(නදී)
හොරෙන් ඇයි වඳ සැත්කම් කරන්නෙ? තමන්ට ඕනෑ නම් ඒ සදහා ස්ථාන තිබිය යුතුයි. ගබ්සා කරනවා වගේ මිනී මැරුම් නොකර තමන්ට වඳ සැත්කමක් කරගැනීමට අයිතියක් තිබිය යුතුයි. හැබැයි නීත්‍යානුකූලව. ඔය උද්ගෝෂණය කරන කෙරුමො ලමයින්ට කන්න දෙන්න එනවද? (නි)
මා දන්නවා පමණින් නම් දරුප්‍රසූතියට සූදානම් කෙනාගේ කැමැත්තෙන් ඇරෙන්න වෙනත් විදිහකින් වඳ කිරීමක් කරන එක නීති විරෝධී, එහෙම දෙයක්නම් වෙලා තියෙන්නෙ මෙතන ආධුනික වෛද්‍යවරු දෙදෙනාත් වඳ කල යුතුයි, (අර වස්සන්ට කරනවා වගේ,හරිම ප්‍රායෝගිකයි).(නදී)
වඳ සැත්කම් කරන්නේ කුමන වයසෙන්ද යන්න විමර්ශනය කිරීම වැදගත්. නීරෝගී දරුවන් වැදීමට ගැහැනියකට යම් වයස් කාලයක් තියෙනවා ඉන් පසුව එම ගැහැණිය වඳ සැත්කමක් කරගැනීම කාලෝචිතයි. එම වයසට පෙර මෙම සැත්කම කරන්නේ නම් වෛද්‍යවරයකුගෙන් විශේෂ අවසරයක් තිබිය යුතුය.(නදී)
රස්සාව පිටදී කරන්න කරදරයක් නැතුව ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන්ම පුරුදුවෙලා යන්න වගේ කල්පනාව. (නි)
චතුල මෝඩයෙක් වගේ කතාකරන්න එපා. ඉස්සෙල්ලා මේක හරියට කියවලා ඉන්න. (නි)
කාන්තාවන්ගේ රෝග කාන්තා වෛද්‍යවරියන්ටම කරන්න දුන්නා නම් හරිනේ. (නි)
කෝ මීට මුහුණ දුන් අම්මලා? (නි)
වෛද්‍යවරු දෙදෙනා මොන ආගම අදහන අයද කියලත් පොඩ්ඩක් දාන්නකෝ ...... (නි)
වද සැත්කම් කරන්න ඕනෑ මවගේ හෝ ස්වාමියාගේ අනුදැනුම ඇතුව. දොස්තරට ඕනෑ විදිහට ඒක කරන්න බැහැ. නිත්‍යායානුකුල විය යුතු දෙයක් ඒක (නි)
දොස්තරලද මුන් කොන්දොස්තරලද ?(නදී)
ඉස්සර සිංහල අය පුංචි පවුල රත්තරන් කියල රුපියල් පන්සීය දීමනාවට වද සැත්කම් කරා. දැන් මුස්ලිම් පැතිවල කට්ටියට දරුවන් හදන තරමට සල්ලි ලැබෙනවා.(නදී)
දරු ප්‍රසුතියට එන අම්මලා නම් වඳ සැත්කම් කරගන්න පරක්කු වැඩියි. මේ එනවා ඇත්තේ එක්කෝ වැඩේ වැරදුනු නංගිලා නැත්නම් ඇත්තටම තවත් දරුවකු අනවශ්‍ය අම්මලා නම් ඔවුන් සඳහා නීතියට අනුව මුදල් අයකරගෙන පිහිට වියහැකි ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ සඳහා නව නීති සම්පාදනය කිරීම බලධාරීන්ගේ වගකීමක්. (නි)
උපත් පාලන සැත්කමක් කරගැනීමට ලංකාවේ දැන් ඉඩක් නැද්ද?(නදී)
මෙය බොහෝවිට සිදුවන්නේ දුර බැහැර රෝහල් වල. දෙමව්පියන්ට නඩත්තු කරගන්න බැරි තරමට දරුවෝ වැඩිනම් දෙමාපිය කැමැත්ත මත දරු ප්‍රසුතියේදීම වන්ද්‍යාකරණ සැත්කම උපකාරයක් ලෙස කරදීමට ඇතැම් වෛද්‍යවරු සිය කැමැත්තෙන් ඉදිරිපත්වෙනවා. එය වැරද්දක් ලෙස දැකියයුතු නැහැ. මන්ද යත් එවැන්නක් මුදල් ගෙවා කරගැනීමට ඔවුන්ට වත්කමක් නොමැතිවීමත් දරුප්‍රසුතියෙන් පසු නිකරුනේ යලිත් සිරුර කපා සැත්කමක් කිරීමට අවශ්‍ය නොවීමත් යන වැදගත් කරුණු නිසයි.(නදී)
මේක හරියට මිනී මැරීමට තත්කලා වගේ. මේකට දෙන දඩුවම මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඩුවම තමයි.(නදී)
වෘත්තියට නොගැලපෙන ක්‍රියාවක්.(නදී)
චතුල වෙරෝනා, නොදන්වා වද සැත්කම් කිරීම නීති විරෝධි දෙයක්. මෙතැනදී වෙලා තියෙන්නේ ඒක. අනිත් එක මම බොහොම වගකීමෙන් කියනවා රෝහල් වල සේවය කරන බොහොමයක් මුස්ලිම් වෛද්‍යවරු බොහොමයක් සිංහල හා දමිල මවුවරුන් හට මෙය නොදන්වා සිදු කරනවා. ඒක නිසා මින් ඉදිරියට එවැනි වෛද්‍යවරු වෙත යාමෙන් වැළකී සිටින්න. (නි)
මම මේ බලාගෙන ඉන්නේ අරාබියේ තෙල් ටික ඉවර වෙන්නේ කවදද කියල (තව අවුරුදු 30 විතර තියේවි නේ )ඉන් පස්සේ මේ ලෝකේට අන්තවාදීන්ගෙන් වෙන හානිය නවතීවි කියල මට හිතෙනවා.(නදී)
මට තවම මේ සම්බන්දයෙන් කිසිම ගැටළුවක් ඇති වී නොමැති බැවින් ප්‍රකාශ කිරීමට අදහසක් දැනට නොමැත.(නදී)
ඇයි මේ හැම දෙකටම ආගම ගාව ගන්නේ ?(නදී)
රංදී, එක සිද්දියක් දෙකක් වාර්තා වුනාට මුළු රටටම සාප කරන්න එපා. ඔය කියන විදියේ වැඩ ඕන තරම් කොළොඹ රෝමල් වල කරනවා. ඒක සාමන්‍ය දෙයක්. ඔයා ඉන්න රටේම දිගටම ඉන්න. අපේ රටට ඕනේ රටට ආදරය කරන අය විතරයි.(නදී)
මහනුවර කියන්නේ බොහෝ දුර තැනක් නෙමේ. මේවා සම්බන්දව ජාතික හැගීමක් තියන අය සිටීම ගැන සන්තෝස වෙනවා. ලංකාදීපයට ඉස්තුතියි. (නදී)
පහන්,ඔයා නම් ලොකු ජාතිවාදියෙක් කියලා පේනවා. නමුත් කමක් නැහැ. ඔයා වගේ අය සිය ගණනක් මම දැකලා තියෙනවා. (නි)
මුස්ලිම් අයට තමයි ඕනෑ සිංහල අය වද කරන්න. මේක මුස්ලිම් රටක් කරන්න (නි)
සරත් ඔබ අදහස් කළේ ඔබට සිදු කළ සැත්කමෙන් ගැටළුවක් තවම ඇතිවී නැති බවද? (නි)
පියල් සහ නිල්මිනී, මමත් මගේ රටට ගොඩක් ආදරේ නිසා තමයි මේවා දකිද්දී හදවතට වේදනා. දරු පැටව් රැගෙන මගේ රටට පය ගහන්න අපිටයි කියලා රටක් නැති උනාම අපේ මිනිස් කම් අපි තුලින් ගිලිහුණාම, සදාචාර සම්පන්න මිනිසුන් කියාගන්න අමනුස්ස අපි මුඩුවෙච්ච මහා පොළොවකට උරුම කියල ඇති වැඩක් නැහැ. අපිත් ඉපදුනේ මීට වසර 30,40 ට පෙර උන්න ජාතියේ වීර දොස්තරලාට පින්සිදුවෙන්න තමයි. එත් එදා හිටියද අද ඔය වගේ බහු බුත වැඩ කරන කට්ටිය. නිල්මිනී ඔයාට කවදාවත් දෙවියනී මෙහෙම දෙයක් වෙන්න එපා. එත් ඔයා ඔයාගේ දරුවාව ප්‍රසුත කරන වෙලාවක ඔය වගේ දොස්තර කෙනෙක් ඔයාව දුෂණය කලොත්, ඔයාට ඔහු හදුන්වන්න සිංහල හෝඩියේ අකුරු මදි වේවි. අපි හොද දේ අගය කරන්න කවදාවත් පසුබට වෙන්නෑ. මම මගේ රටට ජාතියට ආදරය කරන හොද සිංහල කාන්තාවක් ලෝකේ කොහී හිටියත් මගේ රට ජාතිය ගැන නිතර හොද අවධානෙන් ඉන්නේ.(නදී)
අර වැදගත් මන්ත්‍රීවරුන්ටත්, හෙළ උරුමයටත් ශ්‍රී ලාංකික අපගේ ප්‍රණාමය... (නි)