අනවසරයෙන් ගෙන ගිය වැලි ට්‍රැක්ටරයක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන්නැයි සැකපිට කරුවලගස්වැව ප්‍රාදේශීය උප සභාපති චමින්ද රුවන්සිරි පෙරේරා පැය 12 ක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනවසරයෙන් ගෙන ගිය වැලි ට්‍රැක්ටරයක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන්නැයි සැකපිට කරුවලගස්වැව ප්‍රාදේශීය උප සභාපති චමින්ද රුවන්සිරි පෙරේරා පැය 12 ක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අට පාස් නැති උදවිය ලොකු පුටුවලට ගෙනාවා නම් ඉතින් මේ විදියේ නොහොබිනා වැඩත් ඉවසමු. (දී)
මේ දකින්න ලැබෙන දේවල් දකින්න අපේ ඇස් පව් කරලා තිබ්බානේ අම්මපා (දී)
වෑස්සකටවත් පාසලකට නොගිය බූ........... දෙශපාලනයට ආවිට දේශපාලනය කියන උත්තරීතර දෙය විනාශය කරා යනවා....නීතිය වල්වද්දන්න උත්සහ කරනවා....ටිකක් හරි සතුටු වෙන්න තියෙන්නේ..පිටකොන්දක් තිබෙන මාධ්‍ය වේදින් ටිකක් බිහිවෙලා තිබෙනවා...ඒ අයට පුලුවන්වේවි වෑට උඩ ඉන්න මිනිසුන් මානව ගුණධර්ම පිරි මිනිසුන්ගෙ පෑත්තට දාන්න...එහෙම උනොත් මගේ රට ලස්සන රටක් වේවි. (දී)
මෝඩයන් ට බලය ලැබුනාම කරන්නෙ මොනද කියන්නෙ මොනද කියල දන්නෙනැ ඒකයි වෙලා තියෙන්නේ (දී)
මේවාට නිසි දඬුවම් දෙනවානම් මෙහෙම වෙන්නේ නැහැනේ (දී)
දේශපාලනයට එන්න දැන් තියන සුදුසු කම් ජනතාවත් අනුමත කරනවානේ. කොයි පක්ෂයේ වුනත් ඒ සුදුසුකම සමාජයට වැඩ දායක වෙන්න ඕන. මහා උගතුන් නොවුනාට කමක් නැහැ. අඩු වශයෙන් යහපත් චරියාවක් ශීලාචාර පවුල් පසුබිමක් වත් තිබුනොත් හොඳටම ඇති. එත් දැන් මොනවාද පිළිඅරන් තියෙන්නේ ? ගමේ මැරකම කරලා, දුෂණ , වංචා කරලා කොමිස් ගැහුවානම් ඒවා තමා පිරිමියෙකුට සුදුසුකම්. ලෝකෙටම තමාගේ නොපෙන්විය යුතු තැන් පෙන්වා , පෝරුවකටත් නැගලා ඉහල පෙලේ මගුලකුත් කෑවා නම් කාන්තාවකට ඒක තමා දේශපාලනයට එන්න සුදුසුකම. ඉස්සරහට මේ දේවල් වැඩි වෙනවා මිසක් අඩුවක් නැහැ. මහත්මා ගුණ ඇති පිරිමි නිහඬ වෙනවා. විලිබිය ඇති ගැහැණු තම තමන්ගේ ගෙවල් බලාගෙන නැතිනම් රැකියාවක් කරගෙන ඉන්නවා. මේ දෙගොල්ලන්ම දේශපාලනය ට එන්නේ නැහැ. අපේ රටේ මහත්මා දේශපාලනය දැන් ඉවරයි. !(දී)
පොලිසිය ස්වාධීන කර දේශපාලකයින්ගේ බලය අඩු කලොත් මොකද? ප්‍රධානම හේතුව අනිසි දේශපාලනය. (ස)
ඉස්සර නම් පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී හෝ අදාළ පොලිස් ස්ථානයේදී සොර සතුරන් මෙල්ල කරගන්නට පුහුණුවක් දෙනවා. දැන් ඒවා නැතුව වෙන්න ඇති. මහා ලොකුවට තුවක්කුවක් අරන් ගියත් වෙඩි තියන්නත් බැහැ වැඩි දෙනෙකුට. අඩුවක් නැතුව පරුෂ වචන නම් ඇද බාන්න පුළුවන්. (දී)
ලැජ්ජයි අප්පා (දී)
කිසිම බුද්දියක් නැති බල්ලෝ මරල හරි සල්ලි හම්බකරන අයට යම් වරමක් ලැබුනම දකින්න තියෙන ප්‍රථිපල ඕවා තමා.පොලිසියේ නිලධාරීන්ට ඔවුන්ගේ රැකියාව කිසිම දේශපාලුවන්ගේ ඇඟිලි ගැසීමකින් තොරව කරගෙන යන්න අපි කාටවත් කියල හරියන්නේ නැ.ඉස්සරහටවත් බුද්දිමත් අයට රට පාලනය කරන්න තෝරාගත්තොත් ඔය වගේ දෙකේ පන්තියේ වැඩ අහන්න දකින්න නැතිවෙයි. දුක කියන්නේ සමහරු රට පාලනය කරන්න අද එන්නේ අත්විලන්ගුත් දාගෙන පුදුම සුපිරිසිදු භාවයක් .(දී)
කෝ මේ කඩේ යන භවතා. ? මේ බලවතාව බේරා ගන්න නීතිපති උපදෙස් පතන්න ගිහින් වෙන්න ඇති. (දී)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමෙකුත් ඉන්නවා නේද ? ප්‍රාදේශීය සභාව සම්බන්ධ පුවත් එතුමාගේ රේඩාර් එකට වැටෙන්නේ නැතිව ඇති මගේ හිතේ. (දී)
කුණු කරවල කෑවා නම් විදපන් බළලෝ කියන්නේ ඕකට (දී)
පැය 12ක මෙහෙයුමක් ක්‍රියාත්මක කරපු පොලිස් නිලදරින්ට මොන ඉරණමක් තව පැය දෙක තුනකින් උදාවෙවිද කියල අපි විස්සෝපෙන් බල ඉන්නවා ආයුබෝවන් (දී)
අද කොන්දක් ඇති පොලිස් නිලදරින්ට අසුබ කලදසාවක් ලබල තියෙන්නේ. නීතිය අකුරට ක්‍රියාත්මක කරන පොලිස් නිලදාරීන් බේරගන්න කවුරුත් නැහැ. මේ රටේ පොලිස් පති කෙනෙකුත් තවම ඉන්නවද? (දී)
මම පිසි නම් දනියි කරන දේ ලොක්කට. (දී)
පොලිසියට අපගේ ප්‍රණාමය! (නි)
ලෝකය වෙනස් වෙනවා. ඉස්සර වගේ නොවෙයි. පොලිසියේ රාළහාමි කෙනෙක් බයිසිකලේ යනකොට පිටි පස්සෙන් යන කාර් එකක් රළහාමිව ඉස්සර කරගෙන ගියේ නැති රටක් අපට තිබුණා. ඇමෙරිකාවේ නිපදවන සොරුන්ගේ, වීරයන්ගේ චිත්‍රපටි කතාවල බහුලව ඇත්තේ සරළ බාල කතාවන් වුවද එහි ඇති සටන් ජවනිකා වල පොලිසියට පහර දෙන, පොලිසිය ගොනාට අන්දවන ජවනිකා බොහෝය. අපේ ළමයි වැඩිහිටියෝ ඒවා නරඹන්නේ මහත් අභි රුචියෙනි. දැන් දැන් රාළහාමිලාට ගහන කලාව වැඩිවෙලාය. පොලිස්පතිතුමනි. මේ ගැහිල්ලට ලක් වන්නේ එක රාළහාමි කෙනෙක් උනාට ඒක වදින්නේ ඔබටය. එහෙයින් මේ ගැන තනියම තීරණ ගන්නට බය නම් ආරක්ෂක ලේකම් තුමා සමග කතා කර හෝ දැඩි තීරණයක් ගන්න වෙනවා නේද..? (ස)
කවුරුත් පොලිසියට දොස් කියන්න එපා. මෙයා දේශපාලන පොඩ්ඩෙක් උනත්, මෙයාගෙ ඉහල දේශපාලනඥයන්ගෙ හයිය අරගෙන මේයා ක්‍රියා කලා වෙන්න පුලුවන්. පොලිස් නිලධාරින් කොපමන උත්සාහ කලත් නීතිය අකුරට කරන්න මම හිතන විධියට ඔවුන්ට දෙපාරක් හිතන්න වෙනවා.ඉහල දේශපාලනඥයන්ට උපරිම බලතල තියන බව අමතක කරන්න එපා.නිලධාරින්ට ඔවුන්ගෙ ජීවිත වගේම් තම දරු පවුල ගැන හිතන්න වෙනවා. (ස)
දැන් ඉතින් අර කඩේ යන භවතා කියාවි පී සී මොකටද අහක යන වැලි ට්‍රැක්ටරයක් අල්ලන්න ගියේ කියලා. (ස)
දැන් මේ රටේ සැම පුරවැසියෙකුම පළාත් බබා ලා ගෙන් ටොකු කන්න ලැස්තිවෙලා ඉන්න ඕන. (ස)
පොලිස්පතිතුමනි, කරුණාකර පොලිස් කොස්තාපල්වරුන්ට ආයුධ ලබා දෙන්න, ආයුධ යනු බැටන්පොලු නොව පිස්තෝල සහ ටි පනස් හය වර්ගයේ ගිනි අවි, වර්තමාන බහුතර පොලිස් නිලධාරීන් දේශපාලකයන් ඉදිරියේ දන ගහන යුගයක තමයි අපි අද ජිවත් වෙන්නේ, (ස)
අනේ මන්ද..... එක්කෝ පොලිස්පති කොන්ද කෙලින් තියාගන වැඩ කරන්න නැත්නම් අර පොලිස් කාන්තාවන්ගේ වගේ නිල ඇඳුම වෙනස් කරගෙන සායක් ඇඳ ගන්න. (ස)
චීන, හොන්කොන්ග්, ජපන් පොලිසි වලට වගේ අපේ රටෙත් පොලිසිවල රාලහාමිලාට කුන්ෆු සහ අයිකිඩෝ ආරක්ෂක සටන් ක්‍රම පුහුණු කළ යුතුයි. මහජනයා ඉදිරියට යන්නේ පටියක්වත් නැති, පටියක් හෝ දෙකක් පමණක් ඇති කෙසඟ රාලහාමි කෙනෙකි. ඔහු චන්ඩියෙක් නොවෙයි. දුප්පත් පවුලක ඉපිද සුළු පඩියක් සඳහා රස්සාවක් කරන්නෙකි. ඔහු ගැන ලොකු තරු සහ ඔටුනු දරන නිලධාරින් මොකුත්ම දන්නේ නැත. ඔවුන්ට හදිසියකට නිවාඩුවක් ගන්නටවත් බැරිය. එහෙව් කෙනාට සභාපතිලා එක්ක පාට් දාන්නන බැරිය. සභාපතිලා ගණන් ගන්නේවත් නැත. ඒ නිසා මේ ක්‍රමය ඉක්මණින් වෙනස් කරන වැඩසටහනකට යා යුතුය. පොලිසිය ගුටි කනවාට අපි කැමති නැත. (ස)
අර කවුද කිව්වා වාගේ අපේ වැලි ට්‍රැක්ටරේ ඇල්ලුවාම අපිට වුනත් තරහ යනවානේ. ඉතින් පොඩ්ඩක් සත්තමක් දාන්න ඇති. මේක ගණන් ගන්න දෙයක්ද නේද අනේ ? (ස)
පොලිසියට මන්ද පෝෂණයද? මල්ටි විටමින් ටිකක් අරන් දෙන්න පොලිස් පති තුමනි. නැත්නම් අපිටත් ලැජ්ජයි! (ස)
ජනාදිපති තුමනි මේ චන්ඩින්ව පක්ෂයෙන් අයින් කරන්න. (ස)
අද මේ රටේ පුදුම නිදහසක් තියෙන්නේ. අතීතයේ එක්තරා විනිසුරුවරයෙකුගේ නිවසට මැරයන් පිරිසක් විසින් එල්ල කරන ලද පහරදීමේදී එවකට ජනපතිව සිටි ජේ.ආර්. මහතා විසින් කියූ කතාව අදටත් වෙනස් වී නැති බවද මේ ඔප්පුවෙන්නේ.? (නදී)
පැය 12 ක මෙහෙයුමක් කරන්න මේ මනුස්සයා ප්‍රභාකරන් වගේ කෙනෙක්ද? හොදටම දෙන්න තියෙන්නේ ආයේ පොලිසියට අත නොඋස්සා ඉණ්ඩ? (නදී)
ගහ ගැනීම් මරා ගැනීම් තමයි ඉතින් දැන් (දී)
මොනවද මේ නිමා නොවන චණ්ඩිකම්? (නි)