රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් හමුදාව ආරම්භ කළ මූලික පරීක්ෂණ උසාවියේ සාක්කි සම්පිණ්ඩන වාර්තාව ලැබුණු පසු එහි චෝදනා එල්ලවී ඇති හමුදා සාමාජිකයන්ට එරෙහිව ප්‍රබල සාක්කි පවතින්නේ නම් හමුදාපතිවරයා විසින් ඔවුන් යුද අධිකරණය හමුවට පමුණුවන බව යුද හමුදාව කියයි.
මෙම සාක්කි සම්පිණ්ඩන සටහන් කිරීමේ ක්‍රියාවලිය දැනට ආරම්භ වී ඇති බවත් එය තවදුරටත් සිදුකරමින් පවතින බව වැඩබලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
2013-08-01 දින සිදුවූ මෙම සිදුවීමෙන් පසු හමුදා නීති විධි විධානවලට අනුව එවකට හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මූලික පරීක්ෂණ උසාවියක් පිහිටුවා තිබිණි.
මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුව ලබන නොවැම්බර් 6 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නඩු නම් ලේසියෙන් අවසන්වෙන ඒවා නෙමෙයි වගේ (නි)
ප්‍රබල සාක්කි වීඩීයෝ පටිවල තියනවනේ (අ)
අනේ අපේ නීති පද්දතිය ! (අ)
බැරිද ඕකට ගෝඨාව අධිකරණයට ගෙන්වන්න මොකද එයානේ ආරක්ෂක ලේකම් හිටියේ (අ)
රට බේරාගත් වීරයෝ එහෙම ගෙනියන්න දෙන්න බැහැ. අපි මහින්ද මහත්තයා එක්ක පෙළ ගැහෙනවා (නි)
ඉමේෂ්, මෝඩ කතා කියන්න එපා. සිවිල් මිනිස්සු මරන්න කිසිවෙකුට අවසර දීලා නැහැ. මහින්ද මහත්තයා මේවට ගාවන්න එපා. (නි)
ඉමේෂ්, ඔයා කඩේ යන්න එපා වැරැද්දට. වැරදි කළොත් කවුරු කළත් දඬුවම් විඳින්න ඕනෑ. (නි)
බ්‍රිගේඩියර්වරයෙකුට කලබල තත්ත්වයන් පාලනය කරන්න අයිතියක් තිබෙනවා. මිනිස්සු එතුමා කියපු විදියට ක්‍රියා නොකළ නිසා ඊළඟ පියවරකට යන්න අයිතිය තිබෙනවා. (නි)
නිලූ,නිරායුධ සිවිල් වැසියන්ට වෙඩිතියන්න කාටවත් අවසරයක් නැහැ. අනෙක බ්‍රිගේඩියර්වරයෙකුට බැහැනේ සිවිල් වැසියන්ට නියෝග දෙන්න (නි)
අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා (නි)
සිවිල් මිනිස්සු මරන්න අයිතිය දීල නැත්තන් ඇයි සුනිල් රත්නායක එල්ලුම්ගහට යවද්දී කැගහන්නේ?(ම)
තම අයිතිය වෙනුවෙන් උද්ගෝෂණ කරන සිවිල් මිනිසුන්ට වෙඩි තියන්න බලයක් කාටවත් නැහැ. නීති ක්‍රියාත්මක කරන්න.(ම)
මේ වගේ දේවල් නිසා තමා යු එන් එක අපේ ඔලුවට අත හෝදන්නේ (බ)
හිටපු හමුදාපති තුමා හිරගෙට යැවුවේ ප්‍රබල සාක්ෂි තිබිලද ? (බ)