ත්‍රස්තවාදයේ කුරිරු බව චිත්‍රපටයට නගා ලෝකය හමුවට ගෙන ගිය තාමාගේ සියලු සේසතම ප්‍රභාකරන් සිනමා පටය නිසා නැති වු බව එහි නිෂ්පාදක රෝමයේ ඔස්මන් ද සිල්වා මහතා කියයි.
ආලම්කුලමේ හැදුනු වැඩුනු තමා ජයශ්‍රිමහා බෝධියට එල්ලවු අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය සියැසින් දුටු බවත්, එදා සිතුනු සිතුවිල්ලකට අනුව ප්‍රභාකරන් චිත්‍රපටය නිපද වූ බවත්, චිත්‍රපටය වෙනුවෙන් රුපියල් ලක්ෂ 175ක් වියදම් කළත් තමාට ලැබුණේ රුපියල් ලක්ෂ පහක් පමණක් බවත් හෙතෙම කියයි.
රෝමයේ තිබු දුරකතන මධයස්ථානයක්, කුලුබඩු වෙළද සැලක්, අඩක් ගෙවා මිලදි ගත් නිවස, රෝමයේදි අනතුරකට ලක්වීම නිසා ලද රුපියල් ලක්ෂ 50ක මුදල් තමාට අහිමි වී අතැයි ද, මේ වනවිට රොමයේ මහලු කාන්තාවක් බලා ගනිමින් තමා ජීවත් යන බව ද සිල්වා මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ යුද්ද ගැන ෆිල්ම් කලට හොද පාඩම (අ)
"දැනගියොත් කතරගම නොදැන ගියොත් අතරමග" කියො අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ. වැඩි දුර සිතන්න දෙයක් නැහැ. සිනමා පටයට යොදා තිබෙන නමම ශ්‍රී ලාංකිකයින්ට ඇසීමට පවා අප්‍රිය නමක්. එහෙම තියෙද්දී එවැනි නමකින් තිබෙන සිනමා පටයක් මිනිස්සු කැමැත්තෙන් නරඹන්න යාවි යැයි යමෙකු සිතනවා නම්, වෙනත් වර්ගයේ නිර්මාණයක් කිරීම වඩාත් යෝග්‍ය වේ. (නි)
"ලංකාවේ සිටින කරාටේ උපදේශකයන්ට රෝමයට ගියොත් වාසි වගේ!!" අපේ අයියලා එහෙ ගුටිකෙලි පටන් ගන්න යන්නේ (නි)
පිටිගල නොදන්නවට ප්‍රබාකරන් ෆිල්ම් එක ගොඩක් ප්‍රසිද්ධයි.පිටිගල කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා හිතා ගන්න පුලුවන්. (නි)
මේ ෆිල්ම් එක මම ඉතාලියේදි බලපු හොඳම ෆිල්ම් එක.මට හරිම කණගාටුයි.නොබලා අදහස් දමන්න එපා. (නි)
ආනන්ද මිලානෝ, ඒ කතාව සම්පුර්ණ ඇත්ත (නි).
මේ ෆිල්ම් එක හදලා පාඩු විඳින්නේ,ඒකට සම්බන්ධ වූ ශිල්පීන් හොඳ නැතුව ඇති. (නි)
ඕකට තමා කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලා (නි)
දැක්කා නේද අපේ මිනිස්සුන්ගේ රසිකත්වයේ තරම? කුණුහරප එකක් හැදුවා නම් පවුල් පිටින් යන්නේ. නැත්තම් ජාතිය රට පාවලා දෙන එකක් හදන්නකෝ බලන්න, සම්මාන දෙන හැටි...සමහරු මේක කොහෙද පෙන්නුවේ කියලත් අහනවා. (නි)
දැන් රජකතා වල කාලය ඉවරය්. ලගදීම ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ ලස්සන කතාවක් එනවා කියල දැනගන්න ලැබුණා. එකත් මෙච්චර පරක්කුවුනේ ඉතිහාසය වෙනස්කරපු රජ කතාවක් පෝලිම පන්න නිසාලු. අනේ අපට ගිය කලක්. (අ)
දැන් රජකාලේ කතා නම් නැගලා යන්නේ, මම කියන්නද හදන්න හොද එකක්? (නි)
මං හිතන්නේ මේ චිත්‍රපටය ප්‍රභාකරන් කියල නම දැම්මේ මිනිස්සු නොමග යවන්න,මොකද ප්‍රභාකරන් කියල නම දැම්මම ප්‍රභාකරන්ගේ ජිවිත කතාව කියලා මිනිස්සු හිතනවනේ, නමුත් ප්‍රභාකරන් කියල නම තියෙන වෙන පොඩි ළමයෙක්ගේ කතාවක්නේ,මේබව දැනගත්තම ගොඩක් අය චිත්‍රපටය ගැන තිබුණු උනන්දුව අඩුඋනා.ඇත්තටම හොද චිත්‍රපටයක්.වෙළෙඳ පොළට හදුන්වාදීපු වෙලාවත් හොදයි.නමුත් මේකේ නම වෙනස් උනා නම් මිට වැඩ වැඩි අදායමක් උපයගන්න තිබුනා..යුද්ද ෆිල්ම් එකකට ඔබින නමක් උනානම් හොදයි.(අ)
අද කාලයේ අලුගෝසුවෙකුගේ නමක් දාලා නැවත දුවවන්න (නි)
කිසිම රසක් නැති ප්‍රේක්ස්ක්ෂකයෝ. මොකද කිසිම නිර්මාණශීලීත්වයක් නොමැති කිසිමා කළා රසක් නොමැති අපේ සංස්කෘතියට නොගලපෙන " මෙගා සීරියල්" අඩ අඩා බලන මෝඩ රැල. මෙවැනි නිෂ්පාදකයකුට මෙලෙස සැලකීම ඉතාමත් කණගාටු දායකය. (නදී)
අයියෝ සිල්වා,කියන්නකෝ ඔය දේශයට ප්‍රේම කරන පක්ෂයකට, එතකොට ඔය ඔක්කොම පුරස්න ඉවරයි.(නදී)
මමත් ඔය ෆිල්ම් එක බැලුවා. සෑහෙන්න හොද නිර්මානාත්මක ෆිල්ම් එකක් දවල් මිගෙල් රදනියෙල් /පාර්ලිමෙන්ට් ජෝක් /වගේ ගොන් කතාවක් නෙමෙයි. සිදු වූ දෙය කනගාටුයි. .අපේ රසිකයන්ගේ රස වින්දනය ගැන දුකයි.(නදී)
චන්ඩි මා ..ක කියල ක්‍රියාදාම චිත්‍රපටියක් හදන්න . හැමෝම බලාවි.(නදී)
හොද නිෂ්පාදනයට දැන් කාලේ ප්‍රතිචාර ලැබෙන්නේ අඩුවෙන්. මෙම ෆිලිම් එක මම බැලුව.ඩී.වී.ඩී පටයකින්. ඇත්තෙන්ම හොද නිර්මාණයක්.(නදී)
ඔයා දැන් වීනා වයන්න නීරෝ වගේ.(නදී)
මෙම ලංකාවට විරුද්ධව ගසන ගොඩක් චිත්‍ර පට වලට එල් ටි ටි ඉ එක වගේම මුදලට රට පාවා දෙන සිංහලයන්ද හවුල් . සමහරු අපේම හමුදාවේ අය . මන් දැක තිබෙනවා සමහර සිනමා රට ගිහින් සම්මාන ගත් ඒවායේ කිසිම හරයක් නැහැ . තිබෙන්නේ අස්වාබවික ලිංගික කෙරුවාවල් සමග හමුදාවට අපහසුතාවයට පත් වන දර්ශන පුරවා . මෙයින් අපේ රටේ කිර්තිය නැතිවී යනවා . කොටසකට මුදල් ලේබෙනවා . රට යන්න වරම් ලැබෙනවා (දී)
ඔක්කොම වෙන්නේ හොදටයි කියලා කියනවනේ. මේ උන දෙය හොද අත්දැකීමක් විදියට අරගෙන, ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගනී කියා අපි බලාපොරොත්තු වෙමු (නි)
මේ වගේ වැඩ කරනකොට ගොඩක් අය සම්බන්ධ කරගන්න ඕනෑ නේද? අනෙක ලොකු මුදලක් වියදම් කරද්දී මීට වැඩිය සැළකිලිමත් වෙන්න ඕනෑ.කොහොම වුණත් අපේ කට්ටිය ඔය අළුගෝසු මෑන් ගෙන බලන එකක් නැහැ .මිනිස්සු හරි කියලයි මම නම් හිතන්නේ (නි)
එයාගේ පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නැහැ,ප්‍රබාකරන් ෆිල්ම් එක ගැන රජයේ හෝ වෙනත් ආයතනයකින් අගයකලයුතුව තිබුන,(දී)
පිටිගල කියන්නේ නියම මෝඩයෙක්. (නි)
ඔහුගේ ශ්‍රමය සහ ධනය ශ්‍රී ලංකාවේ අබිමානය වෙනුවෙන් කැප කල ඔහු අපිටනම් සබැ වීරයෙක් තවද මේ පිළිබඳව ලංකාවේ වගකිවයුතු නිලධාරින් මීට වඩා අවදානයෙන් මේ ප්‍රශ්නය දෙස බලනවානම් ඉතා වටිනවා (දී)
ඒ ෆිල්ම් එක මහලොකු හොඳකුත් නැහැ මහලොකු නරකකුත් නැහැ.පව් ඉතින් ඒ මනුස්සයට වෙච්ච වැඩේ නම් ...හැබැයි ඉතින් මමත් බැලුවේ සල්ලි දීලා නෙමෙයි..CD එකක්.. (ස)
කටුනායක අජිත් ගේ කතාව ඇත්ත. අනේ මන්දා, මිනිස්සු පෝලිමේ ගෙන්න ගන්න ක්‍රම සහ විධි කොච්චර තියෙනවද? රැඟුම් පාලක බලධාරියෝ අන්ධයිද? (නි)
නමින්ම තේරෙනවනේ පෑවැත්මක් නැහැ කියලා (දී)
අප අවරුදු 10 සිට දන්නා හදුනන අපිට යන හරි මග මේ ඉතාලියේදී කියාදුන් අපේ සොහොයුරෙකු යාළුවෙකු මෙන් තවදුරටත් මෙම රටේ අප සමග ජීවත් වෙමින් අප සියල්ලන්ගේම මවගේ පියාගේ අඩුව පුරවන සතුටේ මෙන්ම දුකේදී විශේෂයෙන්ම ලග සිටින ඔස්මන් මහතාගේ මුවෙන් පිටවන සත්‍ය කතාවය් මේ ඔහු විසින් අපරටට කල සේවය අප අගයකල යුතුය් මගේ යාලුවනේ සොයුරු සොයුරියනේ ඔබත් මෙය කියව බල අන් යටත් යවන්න එය මගේ කාරුණික ඉල්ලිමයි ඔහු වෙනුවෙන් මෙවන්දේ අප ලක් වැසි සියලු දෙනා දන ගත යුතුයි (දී)
සිනමාව වෙනුවන් ඔබ කල සේවය අගයමි. හොද ෆිල්ම් එකක්.(නදී)
අචිනි නංගී පුංචි වැඩ්යි වගේ මන් කියපු දේවල් තේරුම් ගන්න. තමන්ට අපහාස කරපු යුද ජයග්‍රහණයට අපහාස කරපු රටට ජාතියට එළිපිටම ද්‍රෝහිකම් කරපු දේශපාලන සහ දේශීය විදේශීය එන්.ජී.ඕ නඩත් එක්ක තමන්ට ගෞරවය පුදාපු රටට ආදරය කල මිනිස්සුන්ට පිටුපාල ගිහින් හිට ගත්ත දවසේ ඉදල එයා අපිට ජීවත්ව හිටියත් ඇවිදින මළමිනියක්ම පමනයි.(නදී)
ඕන දෙයක් අපිට මොකද. අපිත් කුඹුරු කොටලා ජිවත් වෙන්නේ ලක්ෂ 175 ක් මට තිබ්බනම් ලංකාවේ රස්සා නැති කොල්ලෝ කෙල්ලෝ 200 කට රැකියා දෙන්න පුළුවන්.(නදී)
ඔය චිත්‍රපටයට උඩුකය නිරාවරණ ළමා චරිත කිහිපයක් දාලා සෝමේ අයියා හරහා එළිදක්වුවානම් පිටපත් 35 ට 55 ක් ගහල ලංකාව පුරා ප්‍රදර්ශනය කරන්න තිබුන. (දී)
බන්දුල පෙරේරා, දේශපාලන අදහස් ගැන නොවෙයි රටට කල සේවය ගැන හිතන්න පුරුදුවෙන්න තමුන් නම් අම්ම තාත්ත හරි පාවාදෙන ජාතියේ වාසි අතට හොය්යා කියන මනුස්සයෙක් බව පැහැදිලියි (දී)
හොද උදාහරණය සිහල ජනතාව ජාති වාද නැහැ. ජාතීන්ගේ සමගිය ශ්‍රිලංකාවේ බලයයි . අපි ඔක්කොම එක්වී රට ගොඩ නගමු . යමු පෙරට සමගිව. (දී)
මමත් ෆිල්ම් එක බැලුව මේ ෆිල්ම් එක තාත්වික නැහැ එල් ටි.ටි.යි අය කතා කරන්නෙත් සිංහලෙන් (දී)
ලාල් කොහොම කෙනෙක්ද කියයලා කොමෙන්ට් එකෙන්ම තේරෙනවා. ප්‍රභාකරන් ප්‍රසිද්ධ උනාට එහෙම චිත්‍ර පටියක් ලංකාවේ වත් අපි ඉන්න රටේවත් ප්‍රසිද්ධ නැහැ. ලාල් ඔය ඉන්න රට කියන්නේ මුළු ලෝකයටම නෙවෙයි. ඔයත් හොඳයි අරයත් එක්ක එකට නගුලේ බඳින්න.(නදී)
චිත්‍රපටි මේ මොනවද ! ඔන්න අර විදියේ සින්දුවක්වත් කිව්වනම් ගෙවල් පාර තමන්ගේ නමින් නම් කරවගන්නත් තිබුන. (දී)
තණ්හා ජායති සෝකෝ.(නදී)
ඕවා ඔහොම තමයි (නි)
නුඹ නාඩන්...නුඹ නාඩන්...නුඹට ඕවා හොඳ පාඩම්. (නි)
දැන් ලංකාවෙ අල්ලලා යන්නෙ රජ කථා. ලංකාවෙ රජකළ අනුලා දේවිය ගැන චිත්‍රපටයක් කරන්න. පරම්පරා හතක් ගොඩ යනවා සිකුරුයි.(නදී)
අනේ මහත්තයෝ, ලාභයක් ගන්න නම් කලාත්මක චිත්‍රපටියක් හෝ හොඳ සාහිත්‍ය කෘතියක් නිර්මාණය කරලා හරි යන්නේ නැහැ. එහෙම වුනේ ඉස්සර කාලේ. දැන් හම්බකරන්න නම් නිල් චිත්‍රපටියක් නිපදවන්න ඕන.එහෙමත් නැත්නම් "ජනප්‍රිය" දේශපාලුවෙක් අල්ලගන පොඩි පහේ කුඩු බිස්නස් එකක් කරන්න ඕන. හැබැයි ඊටත් හොඳයි දේශපාලනයම කරන එක.(නදී)
අපේ රටේ දැන් ත්‍රස්තවාදීන් කුරිරු නැහැ. ජනතාවට සේවය කරන්න පොරකනවා ඒකයි හේතුව."වැලිවේරියේ ජනතාව කුරිරුයි" කියල එකක් හැදුවොත් හොද ගානක් හොයා ගන්න පුළුවන් වෙයි.(නදී)
ඔය ෆිල්ම් එකෙන් අපී හමුදාව අප කීර්තියට පත් කලානම්, එහෙම නැතිනම් අපී ඓතිහාසික සංස්කෘතිය විවේචනය කලානම් ඔස්කාර් සම්මානත් දේවි. එහෙම නැතිනම් ඕක සුද්දෙක් හැදුවා නම් අපි යයි පෝලිමේ.(නදී)
රුපවාහිනී නාලිකාවට, ඩී.වී.ඩී නිෂ්පාදනයට විකුනන්න. ඉන්පසු චිත්‍රපට සංරක්ෂයෙකුට විකුනා දමන්න. (නදී)
මම මේ ෆිල්ම් 1 බැලුවා තරමක් හොඳ ෆිල්ම්ස් 1 ක් . මේක පිටවුනේ වුනේ 2008 දී . එතුමාට මේ ෆිල්ම් 2 තව චැනල් එකකට දීලා තව ලක්ෂ 20 ක් විතර හොයාගන්න පුළුවන්.(නදී)
ඇඩ් එකක වත් දැකල නැති නිසයි ඇහුවේ. ගොඩක් මිනිස්සු මේ ගැන දැනුවත් කර නොමැති කම නිසා ප්‍රේක්ෂකයෝ අඩු වන්න ඇති. අනිත් එක තමයි තමන්ට හොඳ වුන පලියට චිත්‍රපටියක් සාර්ථක වෙන්නේ නැහැ එය කාලීන සමස්ත ප්‍රේක්ෂකයන්ට ගැලපෙන විදියට තැනීය යුතුයි.(නදී)
චිත්‍රපට සංරක්ෂකයෙකුට විකුණා දමන්න (නි)
අද සිනමාවට අරක් අරගෙන ඉන්නවා මාෆියා කල්ලියක්. ලංකාවේ ඉතිහාසය විකෘති කරමින්, රජවරු විකුණමින් තමින් ඒකාකාරී චිත්‍රපට හදලා මෙම මාෆියා කල්ලියේ අය ඒවා හෝල් වලට දාලා බලෙන් ඇඟේ ගහනවා. (නි)
පිටිගල ඔයා ඉන්නේ වන්නියේද? වෙනදට පිටිගල මිලානෝ සිට. අද නිකන්ම පිටිගල. මිනිහෙක් අසරණ උනාම ඔහොම කතා කරන්නේ මෝඩ මිහිස්සු. තමා හිතාන ඉන්නේ හැම දේම දන්නවා කියලා. සිල්වා මහත්මයා ඔයාට වරදින්නේ නෑ.(නදී)
සිල්වා මහත්තයට වෙලා තියෙන දේ ගැන බලවත් කනගාටුව. මහත්තයෝ දැන් ඉන්න පරපුරේ ඕනම දෙයක් ගන්නේ නම බලලා. ඒකයි කියන්නේ නම බලලයි ගන්න ඕනේ කියලා.(නදී)
අනිත් අය කරන පලියට නොදන්නා වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා. දැන්වත් තමන් දන්නා දෙයක් කරන්න බලන්න.(නදී)
මොනවා කරන්නද ඔස්මන් මහත්තයෝ , ලාබයක් තිබුනානම් කියන්නේ නැහැ නේද. දැන් මහලු කාන්තාවක් බලා ගන්න ජොබ් එක හරි තියෙන නිසා සතුටු වෙන්න.(නදී)
ලංකදීපෙට ස්තුතියි මෙහෙම පුවතක් පලකලාට වත්,කවුරුම හරි බලධාරියෙක් අහන්න ඇතිනේ,මේක ලංකාවේ ප්‍රදර්ශනය කලදා, පුළුවන් කෙනෙක් නැවත අවස්ථාවක් හදලා දෙන්න ප්‍රදර්ශනය කරන්න. පන්දම් අල්ලන්නේ නැතුව සිනමා කරුවෙක් නම් කඩේ යන්නේ නැත්නම් ඔහොම වෙනවා. (නදී)
ඔය චිත්‍රපටය ප්‍රදර්සනය කලේ ලංකාවේද? රෝමයේද? ඇඩ් එකක් වත් දැකල නැහැ.(නදී)
දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතර මග. මේවා කාටත් පාඩම්. සිල්වා මහත්තයා ඔය රැකියාව හරියට කරන්න. ඔබට වරදින්නේ නැහැ.(නදී)
අනේ ඇත්තමයි පිටිගල, නම තියා එහෙම ෆිල්ම් එකක් තියෙනවා කියලා දැන ගත්තෙත් දැන් තමා. මොකක්ද පිටිගල දැන් මේකට කරන්නේ ?(නදී)
ඉන්දික රෝමය, වලිගෙ උඩින් කකුල අහකට ගන්න. මිනිහෙක් අසරණ උනාම මම මොකක්ද කිව්වේ. මම ඇඩ් එකක් වත් දැක්කේ නැහැ කියල කිව්වේ දැක්කේ නැති නිසා. හිතන්න එපා මේ ලෝකේ කියන්නේ රෝමයට කියලා. තව රටවල් තියෙනවා මේ ලෝකයේ. වන්නිය කියන්නේ ලංකාවේ දියුණු පළාතක්. අං ඇදුනට අනික් මිනිස්සුන්ට අනින්න හදන්න එපා. දැන් ඕයා හිතාගෙන ඉන්නේ ඕයා සේරම දන්නවා කියලද? මෝඩකම තිබුනට ප්‍රදර්සනය කරන්න එපා.(නදී)
මට මේ ගැන හිතෙන්නේ හොද ෆිල්ම් එකක් තමයි කියලා.(නදී)
අගාදයේ තිබුන යුගයක සිනමාව ගොඩ ගැනීමට ගිය ඔබට මගේ ප්‍රණාමය .හොද ෆිල්ම් එකක්.(නදී)
මේවට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕනා. අඩුම ගානේ මය ෆිල්ම් එක පාසැල් ළමයින්ටවත් පෙන්නුවද? ආණ්ඩුවට කඩේ යන අය ෆිල්ම් හැදුවානම් මොන්ටිසෝරි ළමයින්ටත් බලන්න අනුමත කරනවා. දැන් වුන දේ වුනා. ඔබට වාසනාවන්ත කාලයක් උදා වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.(නදී)
රටේ නායකයාගේ නමින් ෆිල්ම් එකක් හදන්න. දවසින් ගොඩ.(නදී)
ඔස්මන් මහත්තයෝ, ඔයාටත් තිබුනේ ආයුබෝවේවා කියලා චිත්‍රපටියක් හැදුවනම්, ලංකාවේ හොදම චිත්‍රපටි අධ්‍යක්ෂ වෙලා ඔයාගේ නමින් පාරකුත් නම් කරගන්න තිබුනා. (නදී)
ඔස්මන් මහත්තයෝ, ඇත්ත නැතුව බොරුව පෙන්නුවානම් ඔයත් ගොඩ සල්ලි ටිකත් ඉතුරුයි. අර එක රැයකින් කොහෙද රටක හොදම ගායිකාව වෙලා එයාගේ නමින් පාරකුත් නම් කලා වගේ. පුළුවන් තරම් ලොකු තැන බලලා මුට්ටිය අල්ලන්න පුරුදු වෙන්න.(නදී)
අරවින්ද නම් මහා මෝඩයෙක්, කෙනෙක් අමාරුවේ වැටුනම ඔහොම කතා කරන්න එපා මිනිහෝ.(නදී)
මෙම චිත්‍රපටයට ආණ්ඩුවේ සහය යම් පමණකට ලැබුනා. මම මෙය කොළඹ රීගල් සිනමා හලේ බලනවිට එයට පොලිස් ආරක්ෂාව යොදා තිබුනා. මෙය මාසයකට වැඩි කාලයක් තිරගත වූ නිසා ලැබූ ආදායම ලක්ෂ 5 ට වැඩි විය යුතුය. මෙය රූපවාහිනී නාලිකා වලට විකුණා ඔබගේ පාඩුව අවම කරගන්න.(නදී)
මහත්තයෝ අපි ක්‍රමය විස්වාස කරමු. ඒ එක්කම ජීවතය ගොඩ නගා ගැනීමට උත්සහ දරමු. ඔබට නුවන සහ දිරිය ලැබේවා.(නදී)
මට මතකයි මුහුදු හතක් ගැන චිත්‍රපටියක් හැදුනා. ඒක පෙන්නන්න එ කාලේ සිනමා හල් අධිකරිය බාර ගත්තේ නෑ. චිත්‍රපටි සංස්ථාවක් හිබුනෙත් නෑ. පසුව සිනමාහල් අයිති තනි පුද්ගලයෝ එකතුවෙලා සිනමාහල් හතක ලංකාව පුරා පෙන්නුවා. ඉහල ප්‍රතිචාර නරබන්නන්ගෙන් ලැබුනා. සරසවි සම්මානත් ලැබුනා. ලංකාවේ හැටි ඔහොම තමයි.(නදී)
'අයියලා, මල්ලිලා සහ පුතාලා' කියලා චිත්‍රපටියක් හැදුවොත් නම් ලංකාවේ 'හිට්' වෙයි.(නදී)
සිදුවුණ දේ ගැන ඇත්තේ දුකකි. දමිදු වෙරෝනා, අපි කාවවත් බලෙන් ඉතාලි වලට ගෙනාවේ නැහැ. ඉතාලියට කට්ටිය ගෙනා මිනිස්සුන්ට බැනලා ශාප කරන්න එපා (නි)
රෙජිමය ගැන චිත්‍රපටියක් හදමුකෝ (නි)
මට නම් පෙනෙන්නේ මීට සම්බන්ධ වුණ ශිල්පීන් මෙයාගේ දත් එක එක ගලවා ඇති බවකි. (නි)
මට නම් කියන්න තියෙන්නේ හොද වැඩේ කියලයි. (නි)
මට නම් නිකන් පිස්සු වගේ අනේ.(නදී)
ඉන්දික රෝමය,ඔයා හදන්නේ අර අහිංසකයව නැවතත් බංකොලොත් කරන්නද? නොදන්නා දේවල් කතා නොකර ඉන්න. (නි)