මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ තරුණයෝ 37 දෙනෙක් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පැවැති සම්මූඛ පරීක්ෂණයක දී යුද හමුදාවට තෝරා ගනු ලැබූහ.
මේ පරීක්ෂණයට දෙමළ තරුණයෝ 44 දෙනෙක් ඉදිරිපත් වූහ.
මොවුන් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාය, යාන්ත්‍රික ඉන්ජිනේරු බලකාය හා ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුවට බඳවා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර බඳවාගත් අය කළ දේවලුත් මතකයේ තියාගත්තොත් හොඳයි (නි)
අපේ තුවක්කුවෙන් අපිට ගහයිද? (නදී)
"මේ තරුණයින් අපේ රටේ පුරවැසියන්ය. ඔවුන්ටත් රැකියාවක් කරමින් රට ජාතිය රැකගන්නට අයිතිය තිබෙනවා. සුභ පතමු!" එතකොට ත්‍රස්තයෝ කවුද ? (නදී)
ඔබ සැමට සුභ පැතුම්! (නි)
ඇමරිකාවත් රුසියාවත් අතර පැවති සීතල යුද්ධය උත්සන්න වකවානුවේදී සිදු වූ සමහර සිදුවීම් අධ්‍යයනය කළොත් මැනවයි මට සිතේ. (නි)
මේ කට්ටිය බලාගන්න එක හමුදාවේ වැඩක්. මෙහෙමහරි මේ අය හමුදාවට බැඳෙන එක හොඳ නැද්ද? අනික මේ අයත් ලංකාවේ ඉපදුන අය. ඒ නිසා සම්පුර්ණ අයිතිය තිබෙනවා. (නි)
කල්පනාවෙන් රිංගා ගැනීමත් එක ක්‍රමවේදයක්...නයකයන්ගේ ආරක්ෂාව ගෑනත් ටිකක් සොයා බෑලිය යුතුයි.(ස)
මටත් බය හිතෙනවා. මේ කට්ටිය ඇත්තටම නිවැරදියි කියලා හඳුනාගන්නේ කොහොමද? (නි)
මටත් ඇත්තටම බය හිතෙනවා (නි)
මේ තරුණයින් අපේ රටේ පුරවැසියන්ය. ඔවුන්ටත් රැකියාවක් කරමින් රට ජාතිය රැකගන්නට අයිතිය තිබෙනවා. සුභ පතමු! (නි)
ඒ උනාට මට නම් තාමත් බයයි. බලාගෙන කැලෑව මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ. (ස)
ඔබට සුභ පැතුම් සොයුරනි, මේ රට අපට මෙන්ම ඔබටත් උරුමයි. (නි)
හමුදාව කියන්නේ මේ රටේ ප්‍රාණ වායුවයි. එයට විෂබීජ ඇතුලු වුවහොත් අද නොව, හෙට බරපතල වැරැද්දක් විය හැකියි. (නි)
ලියනගේ,ඔබගේ කතාව හරි. (නි)
මටත් කියන්න තියෙන්නේ ලියනගේ මහතා කියූ දේම තමයි. (නි)
ලියනගේලා වගේ උදවිය ඉන්නකම් ලංකාවට හොඳ කලක් යයි කියලා මට නම් හිතෙන්නේ නැහැ (නි)
පසුවට අපිට වගකියන්න නම් බැහැ. (නි)
මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
ඔවුන් ගැන සෙවිල්ලෙන් සිටීම නුවණට හුරුයි (නි)
බලමු බලමු මොකද වෙන්නේ කියලා. (නි)