IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පෙරුම්පුරා දඹදිව යයි : නඩේ ගුරා සීයක නඩය අතරමං කරයි

මහනුවර ප‍්‍රදේශයේ වන්දනා චාරිකා ආයතනයකින් එක් අයෙකුට රුපියල් 66000 බැගින් ගෙවා දඹදිව වන්දනාවේ පැමිණ සිටියදී සංචාරය අතරමග නවතා දැමීමට නඩේ ගුරා තීරණය කිරීමෙන් පසු දින කිහිපයක් තිස්සේ ඉන්දියාවේ බුද්ධගයා ප‍්‍රදේශයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 110 දෙනා අද (3) චෙන්නායි නුවරට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කටයුතු යෙදූ බව ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් ඇසල වීරකෝන් මහතා ලංකාදීපයට පැවසීය.

ගයා සිට දුම්රියෙන් චෙන්නායි වෙත පැමිණෙන අතර වන්දනාකරුවන් 100 කට වැඩි නිසා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගත් බවද වීරකෝන් මහතා කියා සිටියේය.

ඔවුන් ලබන 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා කීය.

චෙන්නායි හි ශ්‍රී  ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා මහාබෝධි සමාගම මෙම වන්දනාකරුවන් ගැන සොයා බලනු ඇතැයිද ඔහු කීය.

මෙම වන්දනාකරුවන් සියලූ දෙනාම වැඩිහිටි පිරිස් වන අතර ඔවුන් සියලූ දෙනාම යහපත් සෞඛය තත්ත්වයෙන් පසුවන බවත්, ගයාවේ මහාබෝධි සමාගමේ කහටගොල්ලෑවේ මේධංකර හිමියන්ගෙන් මේ ලාංකිකයින් ගැන තමන්ට දැන ගන්නට ලැබුණු බවද හෙතෙම කීය. පුරා දින කිහිපයක්ම මෙම පිරිසගේ දුක් සැප සොයා බැලීමට මේධංකර හිමියන් විශල මෙහෙවරක් ඉටු කළ බවද වීරකෝන් මහතා පැවසීය.

සතියක්ම ඔවුහු මහාබෝධි සමාගමේ අනුග්‍රහය ලැබූහ. 



අදහස් (0)

පෙරුම්පුරා දඹදිව යයි : නඩේ ගුරා සීයක නඩය අතරමං කරයි

ඉසුරන්දි Wednesday, 02 December 2015 01:27 PM

සංචාරය අතරමග නවතා දැමුවයි කියන්නේ නඩේගුරා මේ මිනිසුන්ව අතරමන් කරලා පැනල ගිහින්ද? (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 02 December 2015 02:33 PM

විශාල ලෙස වයෝවෘද්ධ පින්වතුන් සහභාගිවන මෙම ගමන් සඳහා රජයේ අධීක්ෂණයක් අවශ්‍යමයි. (නි)

:       0       0

සිරි Thursday, 03 December 2015 04:34 AM

පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනුවිසුනුව වැටුනේ (බ)

:       0       0

ලියොන් ගුනවර්ධන Wednesday, 02 December 2015 04:40 PM

මෙවැන්නක් සිදුවූ පළමු අවස්ත්තව මෙය නොවේ දමදිව වන්දන්ව ව්‍යාපාරක් කරගෙන .මෙවැනි පාපකාරී ක්‍රියාවලට යෙදෙන්නන්ට විරුද්ධව නීති මගින් ක්‍රියා කර දැඩි දඩුවම් දිය යුතු මෙන්ම පීඩා විඳි අසරණ වන්දනාකරුවන්ට වන්දි මුදලක්ද ලබදියයුතුය .තවද මෙම වන්දනා සංවිධාන සියල්ලම රජයේ ලියාපදිංචි කල යුතුය i(රේ)

:       0       0

සමන්ත රොද්ද්‍රිගා් Wednesday, 02 December 2015 05:42 PM

ලංකාවේ පැය 25 ක් 30 ක් එක දිගට කෝච්චියේ නොගියපු වයසක අම්මලා තාත්තලා ගයා සිට දුම්රියෙන් චෙන්නායි යන්නේ කොහොමද ?දඹදිව වන්දනාවේ / සංචාරය කරන අයව කෝච්චියෙන් ගෙනයාම තහනම් කරන්න ඕනා.(රේ)

:       0       0

මාලා Wednesday, 02 December 2015 07:43 PM

දඹදිව වන්දනා මෙහෙයවීම දැන් ලොකුම ලොකු ව්‍යාපාරයක් වෙලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 277 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 55 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 423 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 239 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 927 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 893 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21606 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21270 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site