IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචනය සළකා බැලීමට දිනයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

තමාට එරෙහිව රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කර ,  තමාව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු ගොනු කළ අභියාචන පෙත්සම ලබන සැප්තැම්බර් 07 වැනිදා  සලකා බැලීමට අභියාචනාධිකරණය අද (09)  නියම කළේය.

මෙම අභියාචනා පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරු සිංහ යන යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ ඊයේ කැදවූ අතර එහිදී පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම මෙදිනට නිම කෙරිණි.


2015 වසරේ ජනවාරි මාසයේදී පැවති ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතන කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළ විත්තිකාර අභියාචකයින් වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඉකුත් වසරේ ජූලි 31 වැනිදා මරණ දඩුවම නියම කළේය.

එකී නඩු තීන්දුව දෝෂ සහිත බවත් ,  එම තීන්දුව  බල රහිත කොට තමා නිදොස් කොට නිදහස් කරන්නැයි  ලෙස ඉල්ලා පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා මෙම අභියාචන පෙත්සම ගොනු කෙරිණි.


නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ ඇත.


විත්තිකාර අභියාචකයින් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි,  අනූජ ප්‍රේමරත්න, නීතීඥ   බුද්ධික චන්ද්‍රසේකර,  යන මහත්වරු  පෙනී සිටියහ


නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ සුදර්ශන සිල්වා මහතා  පෙනී සිටියේය.

මේ අතර රත්නපුර මහාධිකරණයෙන් මරණ දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට යෑමට අවසර ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනු කළ අතර එය සලකා බැලූ අභියාචනාධිකරණය ඉකුත් වසරේ සැප්තැම්බර් 07 වැනිදා ඔහුට පාර්ලිමේන්තු යෑමට අවසර ලබා දුන්නේය.ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර මහතා බන්ධනාගාරයේ සිට සෑම පාර්ලිමේන්තු සැසිවාරයකට එක්වේ.



අදහස් (14)

ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචනය සළකා බැලීමට දිනයක්

Nuwan Friday, 09 July 2021 05:15 PM

අපිට විශාල ශබ්දයක් ඇහුණා... බැලින්නම් මෙතුමා නිදහස් වෙලානේ..!!!

:       0       95

ශාන් Friday, 09 July 2021 06:12 PM

දප්පුල ද ලිවේරා මහත්තයා යනකන්ම ඉඳලා තමයි අභියාචනය කරලා තියන්නේ නේද? නැත්තන් අභියාචනයත් දිගු පෝලිමකට යටත්ද දන්නේ නෑ. ළඟකදීම තීන්දුවත් ඒවි. අර සිරිසේනගේ ඡන්දයට මැරිච්ච මිනිහත් මැරුණු එක හොඳයි ඒ යකා කරපුවා බලන්න ඉන්නේ නැතුව. අන්තිමට දැන් දෙගොල්ලන්ම එක පැත්තේ...

:       0       69

සෙනෙවිරත්න Saturday, 10 July 2021 06:36 AM

සිරිසේන වෙනුවෙන් මැරිච්ච කෙනාට පණ එනවා එදාට.., එතකොට වැඩේ සම්පූර්ණයි...

:       0       0

අතුල Friday, 09 July 2021 07:08 PM

බොරුවට දින දෙන්න දෙයක් නැහැ. ඔන්න ඔහේ "නිදොස් කොට නිදහස්" කරලා දාන්න. මම නොකිව්වත් වෙන්නේ ඕකම තමයි.

:       0       65

සෙනවි Friday, 09 July 2021 08:45 PM

තීන්දුව පැහැදිලියි.

:       0       61

Nihal Saturday, 10 July 2021 01:41 AM

තීන්දුව කලින්ම සඳහන් කර වටිනා ත්‍යාග දිනාගන්න.

:       0       0

Puppa Saturday, 10 July 2021 06:38 AM

ඔය තීන්දුව අපි දන්නවා පොහොට්ටුවේ කෙනෙක් නිසා..

:       0       0

de silva Saturday, 10 July 2021 07:03 AM

මෙහෙම ගියොත් දේශපාලනයට සම්බන්ධ මිනිස්සුබය නැතිව ප්‍රසිද්ධියේ මිනී මරන්න පටන් ගනීවි.

:       0       0

ran Saturday, 10 July 2021 07:58 AM

69 ලක්ෂය ඡන්දෙ දුන්නට පස්සේ දැන් සැපයි. තව ඔය ටික විතරයි තව කරගන්න තියෙන්නේ...

:       0       0

Vithana Saturday, 10 July 2021 09:19 AM

මොකට උසාවි ගානේ රස්තියාදු වෙනවද? ජනාධිපතිතුමාගෙන් සමාවක් ගන්නකෝ..

:       0       1

jagath Saturday, 10 July 2021 09:59 AM

නොදකින් ලංකාවේ නම් තවත් ජීවත්වෙන ආසාවක් නෑ. හිරිකිතයි... මෙයා වෙඩි තියලා තියෙන්නේ නළුවෙක්.. රඟපානවා වගේ... ඒ කාලයේ එතරම් නිදහසක් තිබ්බේ මේ අයට. මහින්දගේ කාලේ...!!!

:       0       2

jagath Saturday, 10 July 2021 10:10 AM

ජනාධිපතිතුමනි, සර් ඔබ අසමත් වුණාට, ගොඩාක් දේවල් වලින් ඔබතුමා පාස් වුණා. දුමියගේ කේස් එක, සීනි කේස් එක... වගේ ඒවයින්... අපිට ශුවර් ඔබතුමා මේකෙනුත් පාස් වෙනවා ශුවර්...

:       0       2

සුමිත්ත හිමි කුරුණෑගල Saturday, 10 July 2021 10:31 AM

මොනවද ඉතින් නිදහස් වෙයි. ඔය වරෙන්තු පිට ඉන්න පුෂ්පා අත්අඩංගුවට පත් නොවී ලංකාවට ඇවිත් ඉන්නේ...!!!

:       0       28

Sri Lanka Saturday, 10 July 2021 03:58 PM

මිනීමරුවන් එළියට දාන්න කොන්දේසි සහිතව.... 1. ප්‍රජාඅයිතිය අහෝසිකිරීම 2. අගතියට පති අයට ජීවිත කාලයටම වන්දි ගෙවීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 246 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 123 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 193 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 736 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 986 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1198 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site