පාර්ලිමේන්තු පාලන ක්‍රමයේ මහගෙදර ලන්ඩන් නුවර පිහිටි වෙස්ට්මින්ස්ටෙර් ගොඩනැගිලි සංකීර්ණයි. බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රණ සභාව සහ සාමී මන්ත්‍රී මණ්ඩලය රැස්වෙන මෙම ගොඩනැගිල්ලේ තැනින් තැන පිහිටි වැසිකිලි නවයක "හෙරොයින්" මත්ද්‍රව්‍ය භාවිත කරනලද බවට සාධක සොයාගැනුණු බව පසුගියදින බ්‍රිතාන්‍ය පුවත්පතක පළවී තිබුණි.
මේ ආරංචිය පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇතිවුයේ කුඩු භාවිතය පිලිබඳ සාක්කි ලැබී ඇති සමහර වැසිකිලි මන්ත්‍රී කාර්යාල සමීපයේ පිහිටිම හේතුවෙනි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පොදුජනයාට හා සංචාරකයින්ට ඇතුළුවීමට අවසර ඇතත් ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ඒ සියලුදෙනාටම ගොඩනැගිල්ලට අතුල්වීමට හැකිවන්නේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා ඇති 500කට ආසන්න පොලිස් නිලධාරීන් ගේ උකුසු ඇසින් සහ ආරක්ෂක වට කපොලු කිහිපයක් පසුකරමින් අසීමිත පරීක්ෂාවකට භාජනය කිරීමෙන් අනතුරුවය.මේ මාර්ගය හරහා මත්ද්‍රව්‍ය හෝ අවි ආයුධ තබා ඇල්පෙනිත්තක්වත් ගෙනයාමට අවස්ථාවක් ඇත්තේම නැත.
ඒ කෙසේවෙතත් පාර්ලිමේන්තුව තුල මත්ද්‍රව්‍ය භාවිතය පිලිබඳ සාක්ෂි ලැබී ඇති සියලුම ස්ථාන මහජනයාට ඇතුල්වීමට අවසර නොමැති තැන බවද එම වාර්තාවේ දැක්වෙයි.
මෙම වාර්තාව සකස්කර තිබුනේ රහසිගතව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිය පුවත්පත් වාර්තාකරුවෙකු විසින් සිදුකල පරීක්ෂණයකදී සොයාගත් කරුණු මුලික කරගනිමිනි.
ඒ සඳහා රේගු නිලධාරීන් විසින් යොදාගන්නා පරීක්ෂණ විධි භාවිතා කර ඇති නිසා එම වාර්තාවේ සඳහන් කරුණු සම්ප්‍රප්පලාප ලෙස ඉවතදැමිය නොහැකි තත්වයක් උද්ගතවී ඇත.
ප්‍රවෘත්ති ලබාගැනීමේ අයිතිය යටතේ ලබාගත් තොරතුරු අනුව මීට පෙර දෙවතාවක් පාර්ලිමේන්තුවේ දොරකඩදී ගංජා ගෙනයාමට
ගත් උත්සාහයන් නැවත්වුබව වාර්තාවිය.මෙවන් උත්තරීතර සංස්ථාවක් මේ අන්දමින් ජරාජීර්ණවී පරිහානියට පත්වීම ඉතාම කනගාටුදායක තත්වයක් බව මේ පිළිබඳව තමන්ගේ අදහස් දැක්වූ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් පවසා ඇත.
එහෙත් පාර්ලිමේන්තු මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ වෙනත් දෙයකි. ඔහු කියා ඇත්තේ "පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසරකට දස ලක්ෂයකට වඩා පොදු මහජනතාව පැමිණෙනවා. මෙයට අමතරව පාර්ලිමේන්තුව ඇතුලත පැවැත්වෙන රැස්වීම්,සාකච්චා සහ ප්‍රිය සම්භාෂණ වැනි දේ සඳහාද බොහෝ පිරිසක් පැමිණෙනවා. ගොඩනැගිල්ලේ පිරිසිදුකිරීම් සහ අලුත්වැඩියා කටයුතු සඳහා පැමිණිනෙන අය සඳහා ඇතුල්වීමේ අවසරපත් 14,000 ක් නිකුත්කර තියෙනවා.ඉතින් මේ සියලුම අය ගොඩනැගිල්ලේ ඇති පහසුකම් භාවිතා කරනවා. ඔවුන් වැසිකිළි භාවිතාකරන අවස්ථා පරීක්ෂාවට ලක්කිරීම කලහැකිදෙයක් නොවේ.
නමුත් මෙම වාර්තාවේ සඳහන් කරුණු අපි සැහැල්ලුවෙන් සලකන්නේ නැහැ. මේගැන සම්පුර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරනවා" යයි ඔහු පවසා ඇත.
බ්‍රිතාන්‍යයේ අඩු පඩියට වැඩි වැඩකොටසක් ඉටුකරන විදේශික සංක්‍රමිණකයින් බොහෝ රාජකාරි සඳහා යොදවාගැනීම තුල මෙවැනි සිදුවීම් වැලැක්වීම සිහිනයක් පමණක් බව මේ ගැන අදහස් දැක්වේ බොහෝදෙනෙක් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ..... (දී)
මේක නම් දේවාශීර්වාදයක්. අපි ඔහොම දෙයක් බලාගෙනමයි හිටියේ. අපිත් ඔය ගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි අනුගමනය කරන්නේ. ඒ හින්දා හෙට අනිද්දම අපිත් එව්වා මෙව්වා පොජ්ජක් ඇන්න එන්නම් දියවන්නාවට එනකොට. අපිට ඕනෑවට නෙමෙයි. ප්‍රජාතන්තරේට ඕනෑ හින්ද. අපිට ස්වෙච්චා කට්ටිය ඕනෑ තරම් ඉන්නවා. (දී)
වරුණ ආයිත් පටන්ගත්තා මෝඩ භාෂාව දාන්න! (දී)
අනේ අපි නම් ඕව ගහයි , අපි ඉතින් තොග ගානට විකුනනනවා විතරනේ (දී)
ගනන් ගන්න එපා ඕවා මොනවාද (දී)
මත්ද්‍රව්‍ය නම් කොහෙත්ම එපා (දී)
ලංකාවෙන් කුඩු නැති කරන්න වෙන්නේ නැහැ (දී)
දැන් ටිකක් මතක නැහැ කිවුවට අපේ අයත් අද හෙටම බිස්නස් එක දෙයියනේ කියලා කරගෙන යයි.දියවන්නාව දෙක වෙන්න දිය බුං ගහන්න පුළුවන් (නි)
අනේ අපොයි මෙහෙම ගියොත් මතට තිත නෙමෙයි මුලු ලෝකෙම මතට හිත දෙයි වගේ (අ)
අපේ සමහර උත්තමයෝ ගෙන්නනවා විතරයි. ඔය එංගලන්තේ පාර්ලිමේන්තුවේ වගේ ජරා විදියට වැසිකිලිවල පාවිච්චි කරන්නේ නැහැ. (අ)
ම්ලේච්ච ත්‍රස්තවාදීන් වෙනුවෙන් හඬ නගන බ්‍රිතාන්‍ය පර්ලිමෙන්තුවෙ කුඩු කුඩු ගහන එක උන්ට එච්චර ලොකු දෙයක් ණොවෙයි. (අ)