IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කමිටුව පිහිටුවයි

 

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (10) පිහිටුවනු ලැබීය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරුන්  21 දෙනකු තේරීම් කාරක සභාව විසින්  නම් කරනු ලැබ ඇති බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (10) දැනුම් දුන්නේය.

රජයේ මුදල් කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙසේ පත්කරනු ලැබ සිටින්නේ  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන , මන්ත්‍රී විදුර වික්‍රමනායක ,අමාත්‍ය නලීන් ප්‍රනාන්දු
මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා,මන්ත්‍රී විජිත හේරත්,මන්ත්‍රී දුමින්ද දිසානායක,මන්ත්‍රී ශෙහාන් සේමසිංහ , මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ,මන්ත්‍රී ඉන්දික අනුරැද්ධ, මන්ත්‍රී සිරිපාල ගම්ලත් ,මන්ත්‍රී වෛද්‍ය සීතා අරඹේපොල, මන්ත්‍රී ආචාර්ය සුරේන රාගවන්,  මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, මන්ත්‍රී කාවින්ද ජයවර්ධන,මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රී හර්ෂණ රාජකරැණ, මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රී ඉසුරැ දොඩංගොඩ , මන්ත්‍රී අනූප පැස්කුවෙල්,මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර යන අය වෙති.

ස්ථාවර නියෝග 121 විධිවිධාන  ප්‍රකාරව  තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම කරනු ලැබ ඇත.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු කළ කංචන විජේසේකර,, මනුෂ නානායක්කාර, කුමාර වේල්ගම ඩිලාන් පෙරේරා,   සරත් වීරසේකර සහ නාලක ගොඩහේවා යන මහත්වරු එම කමිටුවෙන් ඉවත් කරන කරනු ලැබ සිටිති.

ඊට අලුතින් ඇතුළත්වී සිටින සාමාජිකයන් වන්නේ දුමින්ද දිසානායක, ශෙහාන්  සේමසිංහ සිරිපාල ගම්ලත් ,සීතා අරඹේපොල හර්ෂණ රාජකරුණා සහ  චමින්ද විජේසිරිය.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ  රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.

නව කමිටුව සඳහා සභාපතිවරයා පත් කිරීමද අද හෙටම සිදුකිරීමට නියමිතය.



අදහස් (2)

පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කමිටුව පිහිටුවයි

ravin Wednesday, 10 August 2022 02:57 PM

ඉහත නම් සඳහන් මන්ත්‍රීවරුන්ගෙන් කිසියම්ම චෝදනා ඇති අයවලුන් සිටීනම්, මහජන මුදල් අපතේ යැවීමක්.. නොහොත් හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්...

:       0       7

චින්තක Wednesday, 10 August 2022 08:02 PM

බලන්න මේකට පත්කළ අය කවුද කියලා. කමිටුව පත්කිරීම කළයුතු හොඳම දෙය නම් ඒ ඒ මන්ත්‍රීවරයා හෝ වරියගේ අධ්‍යාපන සුදුසුකම් මත පත්කිරීමයි. බලන්න මුදල් කමිටුවේ දොස්තරලා කී දෙනෙක් ඉන්නවාද කියලා... ඇයි ඒ අය සෞක්‍ය කමිටුවලට පත්කරන්න බැරි? කෘෂිකර්මය සඳහා දක්ෂතා ඇති අයට කෘෂිකර්ම කමිටුව හොඳයි.. නීතිය දන්නා අයට එම කමිටුව හොඳයි. මෙපමණ කලක් කළේත් නුසුදුසු අයට නොදන්නා දේ පැවරීමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 86 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 250 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 69 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 978 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 6480 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5461 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 276 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1708 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site