IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතාගෙන් අද (10) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

එම දෙපාර්තමේන්තුවෙන් කෙරුණු දැනුම්දීමක් අනුව ජයලත් පෙරේරා මහතා ඊයේ පෙරවරුවේ එහි පෙනී සිටියේය.

එම දෙපාර්තමේන්තුව මෙයට පෙරද ජයලත් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.

පාර්ලිමේන්තුව වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති සභා ලේඛන කාර්යාලය පවතින්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා යටතේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට පෙර සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානියාගෙන්ද  අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කළ එම කාර්යාලයේ සේවකයෙකුගෙන් සහ සේවිකාවකගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එම දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

මේ අතර සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සඳහන්ව තිබූ තොරතුරු අනුව හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කළ බව එම සේවකයන් එහිදී සඳහන් කර ඇත. එම ලේඛනය සභා නායක කාර්යාලයට ලැබී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව එම කාර්යාල නිලධාරීන්ගෙන්ද මේ පිළිබඳව ඉදිරියේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ  තමාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීමෙන් තමාට අපහාසයක් සිදු වූ බව පවසමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පසුගියදා පැමිණිල්ලක් කළේය.

එම දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කළේ ඒ අනුවය.

මේ සිද්ධිය  කතාබහට ලක්වීමෙන් පාර්ලිමේන්තුවේද  පසුගියදා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.



අදහස් (3)

පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක්

swene Saturday, 18 January 2025 07:42 AM

එමිල් රංජන් ළමා හේවාට තම දෑත බදලා සම්මාන දීපු එක ගැනත් විමර්ශන තිබුණොත් නේද හොඳ? කොහොම වුවත්, ඉදිරියේදී සම්මාන දීමේ උත්සව වලින් වැළකී සිටිනවා නම් හොඳයි. එක එක වැඩකට නැති සමිති සමාගම් වලින් අත දිග හැරලා සම්මාන දෙන නිසා...

:       0       6

Bunny Preena Saturday, 18 January 2025 09:25 AM

හර්ෂණ නානායක්කාරට නම් අවුරුදු 5ක් යනකන්ම ඇදගෙන යන්න පුළුවන් ව්‍යාපෘතියක් ලැබිලා තියෙනවා.

:       0       6

Kamal Koyrala Sunday, 19 January 2025 03:03 PM

පාර්ලිමේන්තුවේ වග කිව යුත්තන් මේවා වෙබ් අඩවියට ඇතුළත් කිරීමට සත්‍ය අසත්‍ය භාවය සොයාබැලිය යුතුයි. මෙය වගකීම් විරහිත ක්‍රියාවක් නිසා ඇති වූ තත්වයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 334 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 1195 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 813 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 296 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 1001 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 228 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site