පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ස්ලාමාබාද් මහාධිකරණ භූමියෙන් ලිස්සා ගියේය.
ඔහුට එරෙහිව ශ්‍රේෂාඨාධිකරණ විනිසුරු සවුකත් අසීස් සිද්ධික් විසින් පැවරුණු නඩුවෙන් ඔහුගේ ඇප අවලංගු කළ වහාම ඔහු සිය ආරක්ෂකයන් සමග වෙඩි නොවදින මොටර්රථයෙන් පලා ගියේය.
2009දී ඔහු අගවිනිසුරු ඉෆ්තිකාර් මහමුද් චවුද්‍රි ඇතුළු විනිසුරුවරුන් හැට දෙනකු පමණ රඳවා ගත්තැයි කියන සිද්ධිය පිළිබඳ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ඔහුගේ ඇප අවංගු කැරිණි.
පකිස්තාන පොලීසිය පැවසුවේ හිටපු ජනරාල් ඔහුගේ ගොවිපළට ගොස් සිටි බවයි.
පොලීසිය එහි ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කළැයි මේ අතර ඉස්ලාමාබාද් මහාධිකරණය කියයි.
වසර හතරක් රටින් පිටුවහල්ව සිටි මුෂාරෆ් ගියාමාසයේ පකිස්ථානයට පැමිණියේ මැයි 11 වැනිදා මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහාය. එහ්‍තේ ආසන හතරකින්ම ඔහු විසින් ඉදිරිපත් කැරුණු අයදුම්පත් මැතිවරණ කොමිසම විසින් ඉවත දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ සමග මා එකගයි ,යථාර්තය එයයි. (නි)
අපේ රටේ නම් අයෙක් පැවසු පරිදි "ගැහැනියක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැහැනියක්" කරන්න විතරයි බැරි අනිත් ඕනෑ දෙයක් කරන්න පුළුවන්. (නි)
අමතක කරන්න එපා අපිට යුද්දේ කාලේදී මෙතුමා මල්ටි බැරල් දුන්නා කියලා. හැමෝම අහක බලද්දී චෙක් ජනරජයි පකිස්තානයයි යුධ අධාර දුන්නේ. දැන් ඔය මුස්ලිම් මිනිසුන්ට කටින් ගහන අපේ අයට අමතක වුණාට අපේ ගුවන් හමුදාවට නියමුවන් පුහුණු කරන්න උදව් වුණේ මෙතුමාගේ එඩිතරකම හින්දා. එතකොට වෙන කවුරුත් හිටියේ නැහැ. (නි)
පොලිසිය අල්ලයිද? ඔහු හා එක්වෙයිද?(නදී)
කකුලවත් කඩාගත්තද දන්නෙ නැහැ.(නු)
මොනවාද වෙලා තියෙන්නේ..?(නු)
පකිස්ථානය පාලනයට දැං අවශ්‍ය වෙන්නේ පර්වේස් වගේ එඩිතර නායකයෙක්.. ඔහුට පුළුවං පකිස්ථානය ගොඩ ගන්න.. සත්‍යය ඒකයි..!(නු)
හමුදා නායකයෝ ලිස්සා යන්නේ /ලෙඩ වෙන්නේ මෙහෙ වගේම තමයි එහෙත්.(නදී)
ඔන්න තවත් භුමිකම්පාවක්... (නි)
පකිස්තාන් ජනතාව බුද්ධිමත්ව රට ගැන හිතලා නැවත පර්වේස්ව පත් කරගන්න (නි)
මතකද අපේ එක්කෙනෙක් හෙලිකොප්ටරෙන් උසාවි ආවා? (නි)
බලේ නැති වුණාම ඔය කණු තුනම හොදයි උපාලි. (නි)
අපේ දේශපාලකයොත් කවදා හරි ඔය වගේ උසාවි යවන්න වේවි දැන් මේ කරන වැරදි වලට (නි)
කර්මය පස්සෙන් එලවන බව අපේ කට්ටිය තේරුම් ගන්න ඕන මේවා බලල. බලය නැති කාලෙක අවලංගු කාසියක් වගේ ඔය දර්මය කාටත් පොදුයි...(ස)
ඒ කවුද ? (නි)
"ප්‍රජාතන්ත්‍රවාදයේ කණු තුන හොඳට හිටවලා තියෙනවා" අම්මපා හැබෑව. අල්ලපු ගෙදර කුකුලගේ කරමලේත් රතු පාටලු. (නි)
අපොයි ඔව් උපාලි. ඔය කනු තුනම හිටවලා තියෙනවා අපූරුවට, පාකිස්තාන් හමුදා බුද්ධි අංශයෙ (නි)
එහෙ පොලිසියත් අයිති අපේ පොලිසියටමද? (නි)
පාකිස්තානේ මොන තරම් පිස්සු වැඩ කළත් අර ප්‍රජාතන්ත්‍රවාදයේ කණු තුන (විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය) හොඳට හිටවලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. අපේ රටත් එක්ක බලනකොට නම් නිසැකවම එහෙමයි. (නි)