IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ප්‍රශ්න පත්තර හදන්න ප්‍රශ්නයක් නැති අය ගන්න‘

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී හා පිළිතුරු පත් ඇගයීමේ දී ඒ සඳහා සුදුසු ප්‍රාමාණික දැනුමක් ඇති උගතුන් යොදා ගත යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විභාග දෙපාර්තමේන්තුවට නියම කර ඇත.

2014 උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය දෝෂ සහගත බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමණිල්ල විභාග කර නිර්දේශ ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ආර් පී පෙරේරා මහතා ඒ බව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සහ අධ්‍යාපන ලේකම් වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ එම පැමිණිල්ලේ මැදිහත් පාර්ශ්වයක් ලෙස මහාචාර්ය අතුල රණසිංහ මහතා ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් කටයුතු කළහ.

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වද්දී ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති මාහාචාර්ය හා ආචාර්යවරු කිහිප දෙනකුගෙන් කරුණු විමසූ බවත්, ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ හා  පිළිතුරු පත්‍රයේ සඳහන් කර ඇති පිළිතුරුවල ද ඇපහැදිලිතා ඇති බව හා නිවැරදි නොවන කරුණු අඩංගුව ඇති බව ඔවුන් අවධාරණය කළ බවත් මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යනු ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රජාව මුහුණ දෙන කඩයිම් විභාග දෙකක් බව ද, එම විභාගයන්හිදී විභාග දෙපාර්තමේන්තුවෙන් ගැටළු ඇතිවේ නම් එය විභාගයේ තරඟකාරිත්වයට හා විශ්වාසනීයත්වයට බාදා ඇති කරන බව ද, එමගින් විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි රට තුළ පවත්නා යහපත් ආකල්පය බිඳ වෙන බව ද මානව හිමිකම් කොමිසමේ සභාපති ප්‍රියන්ත ආර් පී පෙරේරා මහතා විසින් විභාග දෙපාර්තමේන්තුවට යැවුණු ලිපියේ සඳහන්ය.

මීට පෙර විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා  ප්‍රකාශ කර තිබුණේ ප්‍රශ්නපත්‍රයේ කිසිදු වරදක් නැති බවයි.

 



අදහස් (0)

‘ප්‍රශ්න පත්තර හදන්න ප්‍රශ්නයක් නැති අය ගන්න‘

නෙතු Wednesday, 08 July 2015 03:46 AM

කව්රු කොහේ මොන ආකාරයක වැඩ කරත් ළමයින්ගේ අධ්‍යාපනය සමඟ සෙල්ලම් නොකළ යුතුයි (ම)

:       0       0

ඉරේෂා Wednesday, 08 July 2015 04:39 AM

ඔන්න දෙනවනම් උත්තර දෙන්න හොඳ ප්‍රශ්න වෙන විකාර කතා කරනවට වැඩ මේවට උත්තර දෙනවනම් අපේ රට කොයි තරම් දියුණු වෙයිද (බ)

:       0       0

චන්න බුවනක Tuesday, 07 July 2015 05:22 PM

ප්‍රශ්න හදන තැනත් ප්‍රශ්නනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 25 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 677 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 134 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3160 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1093 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2115 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30615 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23707 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site