උතුරු මැද පළාත් සභාව පාසල් හි හයවැනි පෙළ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය සමග උත්තර පත්‍රයද මුද්‍රණය කර බෙදා දීම නිසා විභාගය අවලංගු කළ බව විභාග බළධරයෝ කියති.
උතුරු මැද පළාත් සභාව පාසල් හි හයවැනි පෙළ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය සමග උත්තර පත්‍රයද මුද්‍රණය කර බෙදා දීම නිසා විභාගය අවලංගු කළ බව විභාග බළධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකපාර විබගය නොතියාම පාස් කරලා දැම්මා නම් ඉවරනේ. අනේ මහත්වරුනේ, බත් වෙනුවට තණකොලද කන්නේ? (දී)
හැමෝම දණ ගස්වන්න ඕනෑ (නි)
ප්‍රශ්න පත්‍ර ගානටම පිලිතුරුපත්‍රත් අච්චු ගහනවද ? (ස)
පිස්සු නැත්තම් හොඳයි (ස)
ප්‍රසන්න මහතාගේ අදහස හරියටම හරි. අද විබාග නිසා ළමයි අසහනයට පත් වෙලා තියෙන්නේ. එක ප්‍රශ්නයකට උත්තර 2 බැගින් එවන්න. හරි උත්තරේට ලකුණු දෙන්න. ළමයි විබාග පාස්වෙයි. කාටත් සතුටුයි. අධයාපනය සාර්ථකයි (දී)
ප්‍රසන්න, ඔබේ අදහස සමග මමත් එකග වෙනවා. මෙම විබාග ක්‍රමය තුලින් ළමුන් පන්ති කාමරය තුලදී සහෝදරත්වය වෙනුවට තරගකාරිත්වය ගොඩනගා ගන්නවා. ළමා මනස තුල ඊර්ෂ්‍යාව වැනි හැගීම් ජනිත කරවනවා. මෙලෙස ප්‍රශ්න පත්‍රය සමග පිලිතුරුත් ලබා දීමෙන් සියලුම සිසුන්ට උසස් ලකුණු මට්ටමක් කරා ලගා වෙන්න පුළුවන්. මේ තුලින් සියලුම සිසුන්ගේ ආත්ම විශ්වාසය ඉහල මට්ටමකට පත්වෙනවා (දී)
සාමාන්‍යපෙළ, උසස්පෙළ ගැන මොන කතාද ? හරියට වාර විභාගයක් තියාගන්න බැරි අය.. (දී)
මම දන්නේ නැති නිසා අහන්නේ, හය වැනි පෙළ කියන්නේ මොනවද ? අලුතෙන් එහෙම එකක් තියනවද ? (දී)
මේකට වගකිවයුතු අයව දණගස්සමුද? (ත)
ආශ්චර්යමත් රටේ හැමදාම විභාග අවුල්ම තමා (දී)
දේශපාලක හෙන්චයියන්ගෙන් පිරිච්ච ඕනෑම තැනක නීතිය ක්‍රියාත්මක කරනවා තියා හිතාගන්නවත් බැහැ. එකම සතුට කොටි එක්ක තිබ්බ යුද්ධය ඉවරයි. බොරුද මම කියන්නේ ? (දී)
මෙය ඉතා සාර්ථක ක්‍රමවේදයක්. මම හිතනවා මෙම ක්‍රමය අනිකුත් විබාග සදහාත් යොදා ගත යුතුයි කියලා. 100% සමර්ථ අනුපාතයක් බොහොම පහසුවෙන් ලගා වෙන්න පුළුවන්. ළමුන් අද කාලයේ විබාග තුලින් දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. මෙම නව ක්‍රමවේදය තුලින් සිසුන්ට දැඩි ආත්ම විශ්වාසයකින් යුක්තව විබාගයට මුහුණ දීමට හැකියාව ලැබෙනවා. කාලෝචිත ක්‍රමවේදයක්. අපෙන් සුබ පැතුම් (දී)
මේක තමයි දැන් රටේ තත්ත්වේ. හැමතැනම පිරිහිලා. කිසිම වැඩක් හරියට කරගන්න දන්නේ නැහැ. බොරු ලේකන විතරයි (දී)
නොසැලකිල්ල. විභාගෙ පටන්ගන්න විනාඩි 5 ක් තියෙද්දි හීල්ස් දාගෙන දුවගෙන එනවා. ගහගන්නවා සාරි පොට ඉනේ. මෙන්න ළමයි... දැනුයි පේපරේ කඩන්නේ කියලා අත්සනක් අරගෙන සීල් කඩනවා. බෙදාගෙන බෙදාගෙන යනවා. ඇයි, පොඩ්ඩක් බලන්න එපැයි... එක අතකින් විභාග ශාලාවෙ අයට දොස් පවරලා වැඩකුත් නෑ, ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කරලා පැකට් කරලා එවන තැනින් තමා මෙම අඩුපාඩුව සිද්ධ වෙන්නෙ. කොහොමෙන් කොහොම හරි අපි දිනෙන් දිනා ආසියාවේ ආස්චර්යට ළඟාවෙන බව නම් ඇස් පනාපිට මැවි මැවී හීනෙනුත් පේනවා ! සුබ අනාගතයක් (ත)
අපි විභාග ලියපු කාලේ මේ කට්ටිය හිටියා නම් අපිත් අමාරුවේ (දී)
මම හිතන්නේ පිළිතුරු පත්‍ර බලන්න කට්ටිය සොයාගන්න අමාරුකමක් ඇති. (දී)
ප්‍රශ්න පත්‍රයත් එක්ක උත්තර පත්‍රය දීලා තියෙන්නේ වැරදීමකින් නොවේ. ළමයි අහලා තියෙන ප්‍රශ්න වලට නියම උත්තර දුන්නොත් අමාත්‍යංශය අමාරුවේ (දී)
හරි ෂෝක්. හරි හිනා. අනේ මන්දා මේවා ප්‍රින්ට් කළාට පස්සේ චෙක් කරලා බලන්නේ නැද්ද? (දී)