හින්දු භක්තිකයන්ගේ ගෞරවාදරයට හා පුජනීයත්වයට පත් ගණ දෙවියන් උදෙසා සිදු කරන විශේෂ ගණ දෙවි පෙරහර 18 වැනි වසරටත් මෙවරද පැරීසියේ දි මහා ජනකායකගේ සහාභාගිත්වයෙන් පැවැත්විණි.
පැරීසියේ හින්දු භක්තිකයන් අතරින් වැඩි ප‍්‍රතිශතය හිමි වන්නේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාවටය. පැරීසියේ නගර කලාප විස්සෙන් හතරක්ම මෙම ගණදෙවි උත්සවයට සම්බන්ධ වේ.
පෙරහර නැරඹීමට එන විදේශිකයන්ගේ සංඛ්‍යාවද බොහෝය. සිසිල් පැන්, බත් දන්සල්, සංගීත උත්සව කෙසෙල් කැන් ආදීය පෙරහර මග දකින්නට ලැබේ. පැරීසියේ හා ඉන් පිටත හින්දු කෝවිල් මුලික කොට සිදුවන මෙම පෙරහර උදේ 10 සිට සවස 06 දක්වා ඉහත කලාප හතරේ සංචාරය කරයි.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිර්ති මහත්තයෝ ප්‍රංස මිනිස්සු මේවා දිහා බලන්නේ බොහොම සන්තෝසයෙන්. ප්‍රංස මිනිස්සු ගැහැනුත් මේවාට සහබාගි වෙනවා ලොකු සතුටකින්. ඔවුන් බොහෝ ආසයි වෙනත් රටවල නැටුම් ගැයුම් වැයුම් සංස්කෘතිය බලා සන්තෝස විඳින්නට . මෙය අප බෞද්ධ පින් කමක් කරත් මේවගේ. අවුරුද්දකට සැරයක් බෞද්ධ පන්සල් කිහිපයකින් මෙහි මේ වගේ උත්සව පවත්වනවා . කාලයක් සිට . කිසිම ප්‍රශ්නයක් ඇතිවී නැහැ . ඔබ මන්ද බුද්ධිකව මේ දෙස බලන නිසා වැටහෙන්නේ නැතුව ඇති . ලංකාවට සංචාරකයන් වශයෙන් එන බටහිර රටවල අයට ලංකාවේ නැටුම් වැයුම් පෙන්නීමට තැන් තිබෙන්නේ එම නිසා . ඔවුන් මුදල් ගෙවා ඒවා බලන්නේ අපේ රටට අදායමකුත් එනවා. පහත් මානසික මට්ටමකින් සිටින ඔබට මෙය වැටහේද කියා දන්නේ නැහැ.(නදී)
බටහිර රටක් වුණත් ප්‍රංශයේ ඕනෑම ජාතියකට හෝ ආගමකට තමන්ගේ සංස්කෘතිය පෙන්නන්න හැකියාව තිබෙනවා (නි)
ඉතා හොඳයි ආගමික නිදහසක් ප්‍රංශයේ තිබීම ගැන. එහෙත් කවුරුත් යුතුකම් ඉෂ්ටකරමින් සහයෝගයෙන් ජීවත්විය යුතුයි. (නි)
ෂෙරිෆ් ඒකනේ පකිස්තානෙන් කිලෝ සිය ගණන් හෙරෝයින් සමග ග්‍රීස් මෙහෙට එවලා ලාංකිකයෝ විනාශ කරන්න හදන්නේ.(නදී)
අලංකාරයි, එකමුතුකම, භක්තිය,රටේ සහයෝගය හොදින්ම පෙනේ අපටත් ආදර්ශයක්.(නදී)
අමාලි නෝනා ප්‍රංශසේ ඉදගෙන ලංකාවට සත්තම දැම්මට සුද්දෝ ඔයාලට සළකන්නේ කොහොමද කියලා අපි නම් දන්නවා.සියලු බටහිර හා ඕස්ට්‍රේලියාවෙත් තත්වය ඕකයි.කොහොමත් දැනටමත් සුද්දන්ට යමක් තේරිලා තියෙන්නේ. (නි)
ලොව බොහෝ නගර සමග බලනවිට, ඇතැම් වෙලාවල ප්‍රශ්න තිබුනත්, පැරිසිය මම දැකපු සුන්දර සාමකාමී තැනක්. (නි)
අපේ රටේ පිරිස් වලට වෙන රටවල මේ වගේ උත්සව පවත්වන්න තිබෙන නිදහස හා ලබන ගෞරවය, අපේ රට තුලම පවත්වලා දිනාගන්න තියෙන අමාරුව දැන්? කීයක් දේවල් කියයිද එතකොට? අලංකාරයි මේ චාරිත්‍ර (නි)
ප්‍රංශ මිනිස්සු බලනවා ඇති මේ මොන කරුමයක්ද කියල පාරවල් වහගෙන පෙරහැරවල් යනකොට. ලංකාවේ ගියාට මේවා ප්‍රංශ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. වැඩිය නැටුවොත් තහනම් කරාවි බුර්කාව වගේ.(නදී)
මෛත්‍රිය කිරීම හොද දෙයක්. ඔතන ඉන්න මිනිස්සුන්ගේ හදවත්වලින් කරුණාව මෛත්‍රිය පිටවෙනවා , දෙවියොත් එහෙම තමයි ,වාද බේද නොකර හැමදෙනාම එකතුවෙලා ලොවටම සාමය ඇතිවී දුක්පීඩා තිවේවයි පතමු. සියලු දෙනාටම තෙරුවන් සුව.(නදී)
මිනිස් අයිතිවාසිකම් සුරැකීමේ තිඹිරි ගෙය වශයෙන් ප්‍රංශය හදුන්වන්න පුළුවන්. ලෝකයේ සැම ජාතියක්ම මේ රටේ ඉන්නවා කිසි කරදරයක් නැතුව. මෙතන ඉන්න සියල්ලම ශ්‍රී ලාංකිකයෝ නෙමෙයි. ලෝකයේ හැම රටක්ම නියෝජනය කරන පිරිස්. එකිනෙකාට ගරු කරන්ට පුළුවන් වන්නේ විනයක් තියෙන ශිෂ්ට සමාජයකට විතරයි. (නි)
පාලිත, මෝඩයා වගේ අදහස් ලියන්න එපා, මාතෘකාවට අදාලව ලියන්න, පකිස්තානෙන් කිලෝ සිය ගණන් හෙරෝයින් ගෙනාවේ මම ඉල්ලුම් කරලා නවෙයි හෙළයන්ගේ ඉල්ලුමට.(නදී)
මහත්වරුනි, නෝනාවරුනි, මෙනවියනි, ඔබ යම් අදහසක් ඉදිරිපත් කරද්දී කරුණාකර හොදට සොයා බලා කරුණු කාරණා තේරුම් ගෙන හැගීම් වලට වහල් නොවී සත්‍ය එනයින්ම ඉදිරිපත් කරන්න. ප්‍රංශය යනු තවත් ලංකාවක් හෝ ඉන්දියාවක් නොවන බව තේරුම් ගන්න. (නි)
ෂෙරිෆ්, මෝඩකම ලියන එකෙන් පේනවා , හෙළය කියන්නේ ලාංකිකයෝ නෙමෙයිද? (දී)
පාරවල් ඉවරයි. (දී)
හිංදු ආගමේ ගෙණ්‍ෂ්, විනායක,ගණපති ලෙසද දකුණු ඉන්දීයෙවි "පිල්ලයර් ලෙස ද හදුන්වති. නුවණට අදිපති දෙවියන් ලෙස සලකති ශිවා,පාර්වතී දෙගුරැන් වෙති. ඉන්දියාවේන් ආ සංස්කෘතියක් මිස බෞධද්යින්ගේ පූජාවක් යැයි කීම නොදන්නා කමක තරම ...? චරිත ප්‍රංශ සහ කුමුදු දෙන්නට මතක නෑ හිංදු ආගෙමි පූඡාවක්ද? බෞද්ධාගමේ පුජාවක්ද කියලා. ඔය දෙන්න මේ ගැන ඉන්ටෙනටි හෝ පොත පත් ඇසුරෙන් දැනුම ලබා ගන්න. ඝණෙදවියන් ගැනම බලා නොසිටින්න . ඔය වෙග් අයට ගණ දෙවිදුන්ටත් නුවන දිය නොහැක (දී)
දේව සංකල්ප විශ්වාස කරන්න එපා (දී)
රත්නම් මහත්තයෝ, ඔයාගේ නමත් දමිල නමක්. රත්නම් ලියන්නේ මොනවද ඔහුම දන්නේ නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ රත්නම්ගේ ප්‍රතිචාර (නි)
හැමතැනම ජාතිවාදී සහ ආගම්වාදී අන්තවාදී අදහස් ප්‍රතිචාර වැඩියෙන් දමන්නේ. ටික දෙනෙකු මධ්‍යස්තව ප්‍රතිචාර දැම්මත්, බොහෝ දෙනා එසේ නැත (නි)
ෂෙරිෆ්,අපේ අයට අන්තිමට පිහිට වෙන්නේත් අරාබිකාරයෝ තමයි කියන්නේ අරාබිකාරයෝ එකතු වෙලා කුඩු ගනුදෙනු කරන එකද? පොඩ්ඩක් හරි මොලේ තියෙනවා නම් බලන්න වෙලාවත් එක්ක කවුද හරි මාතෘකාවට අදාලව ලියලා තියෙන්නේ කියලා. (නි)
සේරසිංහ, "අපි බෞද්ධ අය වශයෙන් මෙවැනි දේවල් මෙම රටවල කරනවා " ඔන්න ඔතන තමයි ඔබ වරද්දාගත්තේ. නියම බෞද්ධයෝ ගණ දෙවියෝ පස්සේ යන්නේ නැත. ඔය රටවල ඉන්න බුද්ධාගම ගැන දන්න මිනිස්සු හිතාවි සිංහල බෞද්ධයන්ගේ මොළය හොඳ නැහැ කියලා. (නි)
මොන ආගම වුණත් මොන රටේ වුණත් මොන ජාතිය වුණත් මොන සංවිධානය වුණත් මොන පක්ෂය වුණත් හොද දෙයක් කරනවා නම් එය බලා සතුටු සිතින් මෙම තොරතුරු දීපු ලංකාදීප පත්තරේට ස්තුති කරන්න. (නි)
යුරෝපයේ ඉන්න සුද්දන් ඕනෑම පෙරහැරක යන්න කැමතියි. අපි ඔය සුදු පාටට රැවටෙන්නේ නැහැ. (නදී)
රත්නම් ඔයාගේ රෙදි සෝදන ලෝන්ඩරිය සුදු ඇඳුම් සොදන්නේ නැද්ද ? (අ)
මම දන්නේ නැහැ අමාලි සිල්වා ප්‍රංශයේමද ඉන්නේ කියලා. ඔයා දන්නවා ඇතිනේ යුදෙවුවන්ට පාසල්වල, කීපාව තහනම් වගේම එක්තරා කාන්තාවන් පිරිසක් භාවිතාකරන ගෝනි බිල්ලා ඇඳුමත් තහනම් කියලා. ඔය දෙමල පිරිසෙන් වැඩිහරියක් යුද්දේ නිසා ලංකාවේ ඉන්න බැහැ කියලා ඔය රටවලට ගිහින් දේශපාලන රැකවරණය ගත්තු අය. ඒ ගිහිල්ලත් තවම හදන්නේ ලංකාව ජාත්‍යන්තර උගුල්වල හිරකරන්න. දෙමල ඩයස් පෝරාවත් එක්ක එකතුවෙලා, සමහර හොද දෙමල අයත් ඔය අතරේ ඉන්නවා.. යුරෝපියන් රටවල් මානව හිමිකම් ආරක්ෂා කරන්න ගොඩාක් කැමති නිසා දෙමල අය ඉල්ලන ඊලාම් රාජ්‍යත් ඔය රටකම පිහිටුවන්න ඔයාත් පුලුවන්නම් උදවු වෙන්න එයාලට. ලංකාවෙනම් ඒක හීනයක් විතරයි කියලාත් කියන්න.(නදී)
මේ පුවතේ සදහන් වෙනවා '' හින්දු භක්තිකයන් පුජනීයත්වයට පත් ගණ දෙවියන්'' කියා. හැබැයි ලංකාවේ නම් අපේ අය තමයි හැම දෙවියන්ම වදින්නේ. හරිද වැරදි ද කියා මම දන්නෙ නැහැ. (නි)
ඉන්දියාවක් වුණාට නම් කමක් නැහැ.අරාබියක් වෙන්නේ නැතුව. (නි)
මේ වැඩ වල ප්‍රතිපල බටහිරට වැටහෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. සිංහල ජාතිය වශයෙන් අපිට තියෙන්නේ මේ පුංචි ලංකාව විතරයි. අපි ජපනා වගේ එක ජාතියක් වශයෙන් එකමුතු වෙලා වැඩ කරමු. (නි)
ප්‍රංශය වුණත් නරකම නැහැ. නරකද පොඩි උත්සාහයක් දාලා බැලුවොත්. (නි)
බලනකොට ඉරිසියාවද?(නදී)
ස්කන්ද කුමාර වගේම ගණපතිත් ලංකාවේ. ලොවපුරා පැතිරී යන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතියයි. (නදී)
මම දැකලා තියෙනවා මේ බන්දුල පෙරේරා දමන ප්‍රතිචාර කිසිම වැදගත් කමක් නැති හරයක් නොමැති දේවල් කියලා. මම අවුරුදු 28 ක පමණ කාලයක් ජිවත් වෙන්නේ පැරිස් වල. සෑම ආගමකටම ජාතියකටම එකසේ ඉඩ කඩ දෙන නිදහස් රටක් පැරීසිය. එහි සිටින කවුරුත් මේ රට ඉන්දියාවක් කරන්න හෝ අරාබියක් කරන්න යන්නේ නැහැ . අවුරුද්ද්දකට සැරයක් පවත් වන මෙවැනි උත්සව බෞද්ධ හින්දු හෝ වෙනත් අය කරනවා. රජයෙන් එම දිනවලට විශේෂ පහසුකම් ලබා දෙනවා . රටට හානියක් නොවන ඕන දෙයක් කරන්න නීතියෙන් කරදරයක් නැහැ. මේ රටේ . බන්දුල පෙරේරා මහතා මන්ද බුද්ධිකව සැමදා දමන ප්‍රතිචාර ඉතාම පහත් පෙලේ දේවල්ය.(නදී)
"රටට හානීයක් නොවන ඕනෑම දෙයක් කරන්න ලංකාවෙත් පුලුවන්. ලංකාවේ නිදහස නෑ කියලා කියන්නේ මෙහේ වීසා හදා ගන්න. ඔයාලා ඇත්තටම ඔයාලගේ නම වත් දානවද? මේ පින්තූර වල තිබෙන ගොඩනැගිලිවල ෆ්‍රංශ මිනිසුන් මේ අයටම කීයකට හරි විකුනල දාල යන්නේ නිවී සැනසිල්ලේ ඉන්න තැනක් හොයාගෙන. සමහර පලාත් වල යන්නත් බෑ බේබද්දෝ හැමතැනම මහ පාර මැද දෙවියන්ට පොල් පලන එක හොදද මන්දා. පොඩි තමිල් ඊලමක් ඉල්ලුවා නම් හරි. මොකද මේ රටවල් මානව හිමිකම් අකුරටම ඉටුකරණ අයෙන්. පෙරහැර ලස්සනයි අලිත් ඉන්න නිසා. වෙන සතුන් පේන්නේ නැහැ. ඇදුම් ගලවාගෙන ඉන්න නිසා. මේ පුදපූජා දකූණූ ඉන්දියාවෙන් ආ හින්ඳු සංස්කෘතිය මිස ලංකාවේ සංස්කෘතියක් යැයි කියනුයේ ලිදේ ඉන්න මැඩියෙක් වෙන්න ඇති.(නදී)
දෙමල අයගේ එකමුතු බව අගයන්න ඕන. අපේ සිංහල කෙනෙක් කඩයක් හෝ වෙනයම් දෙයක් කලොත් අරක මේ පක්ෂේ අර පක්ෂේ කියලා එන්නේ නැ. මේ රටවල් වලටත් ලංකාවේ දේසපාලනය බද්ද වෙලා.(නදී)
අමාලි ඔබ හරි මම පිලිගන්නවා ඔබගේ අදහස් වලට නමුත් මේක සමහරුන්ට තේරුම් ගන්න තරම් මොලයක් නැහැ.(නදී)
ප්‍රංශ රාවය හෝ ප්‍රංශ බල සේනා එහෙම නැතුව ඇති ඒ රටේ.(නදී)
තව අවුරුදු 10/15ක් යනකොට යුරෝපයම ඉන්දියාවක් වෙනවා මේ යන තාලෙට නම්.. (නි)
මම සිංහලයෙක් වීම මටත් පුදුමයි. මොකද සිංහලයා කිසිම එකමුතුකමක් නැති ජාතියක් ගානට වැටිලා ඉවරයි. (නි)
හුගක් බටහිර රටවල්, සුලු ජාතික පුරවැසියන්ගේ මෙවැනි ආගමික හා සංස්කෘතික උත්සව අනුමත කරන්නේ ලෝක ප්‍රජාව හින්දා.ඔය කියන රටේම තමයි,ඉස්ලාම් ගැහැණු ඇදුම සමහර තැන්වලදී පැළදීම තහනම් කළෙත්. (නි)
ආර්ය බලපෑම නිසා මොහෙන්ජොදාරෝ, හරප්පා වැනි ස්ථාන පරිහානියට පත්වෙද්දී, ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් වයඹදිග ඉන්දියාවේ සිට ද්‍රවිඩ ජනයා දකුණු ඉන්දියාවට සංක්‍රමණය වී තිබෙනවා. නමුත් හරප්පා මුල් අවධිය මීට වසර 5000 කට පමණ පෙර යුගයට අයත්වුවත්, ඒ කාලයේදී ලංකාවේ අපිත් ලිංග පූජා සහ මාතෘ දෙවඟන වන්දනාව සිදුකළ බව පුරා විද්‍යා සාධක අනුව තහවුරු වෙන්නේ. එවැනි සාක්ෂි දකුණු ඉන්දියාවෙන් හමුවී නැහැ. ඒ අනුව හින්දු දහමේ මූලික අංග ලංකාවේ බිහිවී තිබෙන බවත්, මායා රටෙන් පරිබාහිරව වැඩ වසන අපේ ආර්ය දෙවිවරු වන ස්කන්ධ කුමාර හා ගණපති වන්දනාව පිණිස ද්‍රවිඩ ජනයා මෙහි ආ බවත් පැහැදිලියි. ද්‍රවිඩයින්ට කැමති පරිදි අපේ පූජා විධි ඇදහුවාට වරදක් නැහැ. (නි)
අමාලි, පැරිසිය නිදහස් නගරයක් මිස රටක් නොවේ. රට ප්‍රංශයයි (නි)
පේනවද අපිට නැති ඔවුන්ගේ එකමුතුකම? (නි)
මෙවැනි දේවල් මෙහෙත් ස්විස්ටර්ලන්තෙත් සිදු වෙනවා . රත්නම් මහතාගේ මොලයේ ආබාදයක් වගේ ඔබගේ ප්‍රතිචාරය දැක්කම. ඔහුට පේන්නේ නැහැ වගේ මෙම පෙරහැරේ සුද්දොත් යනවා. ඒ කියන්නේ බටහිර ජාතිකයෝ ඔවුන් සෑම ආගමකටම ගරු කරනවා . පන්සලක පින් කමක් කටින පුජාවක් තිබ්බොත් මෙහි සිටින සිංහල අය පමණක් නොවේ. මෙම රටේ ජිවත් වෙන විවිධ ජාතින් එයට සහබාගි වෙනවා සහයොගය දෙනවා. රත්නම් මහතාගේ අන්තවාදය නිසා ඔහුට මෙය පේන්නේ වෙන විදියකට. මේක දකුණු ඉන්දියාවේද පුජාවක් ද වෙනත් දෙයක්ද කියා මෙහේ සිටින අය සිතන්නේ නැත. ප්‍රංශයේ මුහුදින් එතෙර තිබෙන ප්‍රංශයට අයිති රටවල් තම ඉල දේ ල ,රෙයුනිඅන් . පොලිනීසියා, නිව් කලිදොනියා වගේ රටවල් අනික් රටවල් කැරිබියන් මාර්ටිනික් සහ ගර්දුලුප් මෙම රටවලද විශාල වශයෙන් හින්දු ආගම ප්‍රචතලිතය . බොහෝ දෙනෙක් ප්‍රන්සයේ ජිවත් වෙති . ඔවුන් වසරකට වරක් ඔවුන්ගේ පුද පුජා කිරීම පුරුද්දක් වශයෙන් කරති . එයට ශ්‍රී ලන්කන් දමිලයන්ද සහබාගි වෙති. රත්නම් ඔබ නොදන්නා දේවල් විකෘති නොකර අන්තවාදී අදහස පල නොකර ඉන්න . අපි බෞද්ධ අය වශයෙන් මෙවැනි දේවල් මෙම රටවල කරනවා . එයට වෙනත් ජාතින් උදවි කරනවා . සමහර දමිළයන් පවා සහබාගි වෙනවා.(නදී)
රත්නම් මහතා, ඔබට අමතකද අප උදේ හවස දන ගසා වඳින්නේ ඉන්දියාවේ උපන් සිදුහත් අප ගෞතම බුදුරජාණන් වහන්සේට කියා? ඉන්දියාවෙන් ආ හින්දු සංකෘතිය සහ ඉන්දියාවෙන් ආ බෞද්ධ සංස්කෘතියත් බොහෝ සමාන දේවල් තිබෙනවා. ඉතිහාසය කියනා ආකාරයට අපත් උතුරු ඉන්දියානු සම්භවයක් ඇති ජාතියක්. අන්තවාදී නොවන්න . මානුෂිකව සමානත්වයෙන් සිතන්න පුරුදු වන්න. රත්නම් මහතාට ත්‍රිවිධ රත්නයේ පිහිට පතමි (නි)
මේවා දකිද්දී අපේ අන්තවාදින්ට තරු පෙනෙනවා. මේවා දැකලවත් ජාතීන් අතර සමගිය තියෙනවා නම් කොච්චර වටිනවද. යුරෝපා රටවල් වල අපේ අය හැමදාම රංඩු වෙනවා, ඉරිසියාව හා ක්රෝධය හැම දාම.(නදී)
අර සංවිධාන වලට සහභාගි වෙන්න තිබුන අගනා අවස්ථාවක් මග හරවා ගත්තේ.(නදී)
ශ්‍රී ලාංකික අපිට ආඩම්බරයක් (නි)
වීර, එදා ඉන්දියාව අපිට හරහට ඉන්න වෙලාවේ පිහිට වුණේ අරාබිකාරයෝ. අපේ අයට අන්තිමට පිහිට වෙන්නේත් අරාබිකාරයෝ තමයි. (නි)