IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් නුවරට අද එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් අඩු ගණනේ 150 ක් මියගොස් ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි.

පැරිස් පොලිස් වාර්තා වලට අනුව පැරිසියේ නෘත්‍ය ශාලාවක්,කැම්බෝඩියානු ආහාර සපයන ආපනශාලාවක්,ප‍්‍රංශ හා ජර්මන් පාපන්දු කණ්ඩායම් සුහද පාපන්දු තරගයක නිරත වෙමින් සිටි කී‍්‍රඩාංගනයක් සහ කලාගාරයක් යන ස්ථානයන් ත‍්‍රස්ත ප‍්‍රහාර වල ඉලක්කයන් වී ඇත.

මුල්ම ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ ප‍්‍රංශ හා ජර්මන් පාපන්දු කණ්ඩායම් තරගයක නියැළී සිටි ස්ටේඞ් ඩෙ ෆ්රාන්ස් කී‍්‍රඩාංගනයටය.මෙම තරගය නැරඹිීමට ප‍්‍රංශ ජනපති ෆ‍්‍රැන්කොයිස් හොලන්ඬේද පැමිණ සිට ඇත.

කී‍්‍රඩාංගනය පිටත සිටි මරාගෙන මැරෙන බොම්බකරුවන් දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

නරඹන්නන්ගේ ජයගෝෂා හඩ පරයා බෝම්බ පිපිරීම් හඬ ඇසී තිබෙන බව සඳහන්ය.

පිපිරීම් හඩ ඇසුණු වහා කී‍්‍රඩකයින් තරගය නවත්වා තිබෙන අතර පේ‍්‍රක්ෂකයින්ද වහ වහා පේ‍්‍රක්ෂකාගාරයෙන් ඉවත්වන කී‍්‍රඩාංගනයට එක්රැුස්වී තිබේ.ප‍්‍රංශ ජනපතිවරයා ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධරයින් කටයුතු කර ඇත.

දෙවැනි ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ පෙටිට් කැම්බොජේ නම් කැම්බෝඩියානු ආහාර සපයන අවන්හලකටය.

සිද්දිය ඇසින් දුටුවන් පවසන අන්දමට මෝටර් රථ වලින් පැමිණි පිරිසක් අවන්හලේ රැුදී සිටි පිරිස ඉලක්ක කර වෙඩි වරුසාවක් එල්ල කර තිබේ.

පොලිසිය පැමිණෙන විට 15 දෙනෙක් පමණ වෙඩි වැදී මියගොස් සිටියහ.

අවන්හලට අත්බෝම්බ ප‍්‍රහාර කිහිපයක්ද එල්ලවී ඇතැයි පැවසේ.

නෘත්‍ය ශාලාවට ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සංගීත ප‍්‍රසංගයක් පැවැත්වෙමින් තිබී ඇති අතර දිවි ගලවාගත්තවුන් පවසන්නේ අවි අතින් ගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එක්වනම ශාලාව මැදින් මතුවී හතර අතට වෙඩි තැබීමට පටන්ගත් බවයි.

විනාඩි 15 ක් පමණ ඔවුන් මෙසේ වෙඩි තබමින් සිට ඇත.

වෙඩි වැදී සිරුරු එකපිට එක වැටෙද්දී තමන් මෙසේ කරනුයේ සිරියාව වෙනුවෙන් බව ඔවුන් හඬගා කීවේයැයිද දිවිගලවාගත්තවුන් කියයි.

වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරුවන් නෘත්‍ය ශාලාවේ ඉතිරිව සිටියවුන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටියදී එතැන වටළා ඇති පොලිසිය වෙඩි හුවමාරුවකින් පසු ඔවුන් තිදෙන මරා දමා ශාලාවේ සිරව සිටි සාමාන්‍ය වැසියන් බේරාගෙන තිබේ.වෙඩි හුවමාරුවට මැදිව පොලිස් නිලධරයින් තිදෙනෙක්ද මියගොස් ඇතැයි වාර්තා වේ.

ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති නමුත් මේ පසුපස සිටින්නේ අයිඑස් සංවිධානය බවට ප‍්‍රංශ බලධරයින් සැකකරයි.

මේ දක්වා දියත් කර තිබෙන සෝදිසි මෙහෙයුම් වලින් අයිඑස් සංවිධානය හා සබඳතා පවත්වා ඇති බවට අනාවරණයව තිබෙන පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත්ව ඇත.

වෙඩි තැබීම සිදුවුනු කැම්බෝඩියා අවන්හල පිහිටා තිබෙන්නේ චාලි හෙබ්ඩෝ නම් ප‍්‍රහසන කාටූන සගරාවේ ප‍්‍රධාන කාර්යාලය ආසන්නයේම බව සදහන්ය.

අපහාසාත්මක කාටූන පළකරන්නේයැයි අන්තවාදීන් තිදෙනෙක් පෙර අවස්ථාවකදී මෙම කාර්යාලයට ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ අතර එහිදී චාලි හෙබ්ඩෝ කාර්යමණ්ඩලයේ 13 දෙනෙක් මියගියහ.

ප‍්‍රහාරත් සමග ප‍්‍රංශයේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කිරීමට ජනපති හොලන්ඬේ පියවර ගෙන තිබෙන අතර දේශසීමාද තාවකාලිකව වසා දැමිීමට ඔහු නියෝග කර තිබේ.

ප‍්‍රංශ ජනතාව මේ අවස්ථාවේදී ශක්තිමත්ව හා ඉවසිල්ලෙන් කි‍්‍රයා කළ යුතු බව ඔහු ජාතිය අමතමින් කළ ප‍්‍රකාශයේ දැක්වේ.

ඇමරිකාව හා බි‍්‍රතාන්‍යයද  ප‍්‍රහාරය හෙළා දකිමින් ප‍්‍රකාශ නිකුත් කර ඇත.

 

PARFRA 1114 MAP 2E6CE39A00000578-3317776-image-a-21_1447457824193 2E6CE2C100000578-3317776-image-a-20_1447457425894 2E6CD76400000578-3317776-image-a-53_1447466002749 2E6CD21700000578-3317776-image-a-3_1447455803832 2E6CBEB700000578-3317776-image-a-19_1447456321061 2E6C632F00000578-3317776-Images_posted_online_showed_the_cracked_windows_of_what_appeared-a-67_1447454685424 2E6C9FD000000578-3317776-Victims_lay_on_the_pavement_outside_Paris_restaurant_following_a-a-62_1447454685402 2E6C9FB000000578-3317776-Two_police_officials_said_at_least_11_people_were_killed_in_the_-a-63_1447454685404

151113171909-08-paris-shoot 151113180132-10-paris-shoot CTuVWNOWsAA_5a7 paris-attack-reuters-650_65 paris-attacks-afp_650x400_5 parisattacksafp3650_6358307

 



අදහස් (0)

පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

කිරන් Saturday, 14 November 2015 02:54 AM

අනේ පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5250 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 100 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 211 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 308 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2862 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2800 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16491 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site