1992 දී ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පූර්ණ ආශීර්වාද මැද ඇරැඹු ප්‍රංශයේ ශ්‍රි ලාංකිකයන්යේ සංගමය විසින් අභීත රණවිරු පස්වැනි සැමරුම බ්‍රහස්පතින්දා (08) සවස හතරට පැරිස් නගරයේ රූ ඩුසිලි, 55 ස්ථානයේ පවත්වන බව එහි සභාපති මහේෂ් පිරිස් මහතා කියයි.
තවද ආරක්ෂක අමාත්‍යශ තොරතුරු අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සමිති සමාගම් අතරින් තම සංගමය ආරක්ෂක අමාත්‍යශයේ රෝහල් සහ එහි ස්ථානවලට ආධාර ලබාදුන් සමිති සමාගම් අතරින් දෙවැනි ස්ථානයේ පසුවන බවද පීරිස් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1982 වර්ෂයේ මහේන්ද්‍ර නිලවීර විසින් ප්‍රංශයේ ප්‍රථම ශ්‍රී ලංකික සංවිධානය ඔහුගේ බලවත් අවශ්‍ය තාවය නිසාම සිදුවිය. සිංහලයන් වැඩ ඇරී එනතුරු උමං දුම්රිය අසල රැදී සිටිමින්. මුද්දර ගාස්තු පවා තමන් විසින්ම දරමින් එදා ඒ සේවය කල බව නොදන්නා අයට දැනගැනීම සදහා කිව යුතුව ඇත. සිංහල දෙමල කලබල අවස්ථාවේදී සිංහල සියලු දෙන එකරැස් කරමින් කටයුතු කීමට ඉදිරිපත් වුයේද ඔහුය.(ස)
යුද්ධය ලංකාවෙත් කොටසකට වෙළඳ ව්‍යාපාරයක් වුණා . රටින් පිට සිටිනා අයටත් වෙළඳ නොවුවත් වෙනත් ක්‍රමයක වාසිදයාක ව්‍යාපාරයක් වුණා. රට වෙනුවෙන් දිවි දුන් අපේ රණවිරුවන්ගේ නාමයෙන් ගසා කන ඔවුන්ගේ නමින් වෙනත් ප්‍රයෝජන ලබන බොහෝ දෙනෙක් යුද්ධය අවසන් වුනාට කැමති නැහැ. ඔබට කළ හැකි දේ රණවිරුවන් කරන්නට ඔබට තනිවම හෝ පුළුවන්. ඔබට මාසිකව හෝ අවුරුද්දට වරක් ආධාර කිරීමට යුධ හමුදා නිල අංශයෙන් ගිණුමක් සහ ටෙලිෆොන් නොම්මර සපයා තිබෙනවා. හොඳ සිතින් කවුරු කළත් හොඳක්. දුන් දෙය සුවඳය කියා කියනවනෙ. (ස)
මේවායේ වටිනා කම තේරෙන්නේ ඒ යුද්ද අත්දැකීමකට මුහුණ දුන් කෙනෙක් පමණයි (දී)
ප්‍රංශයේ පළමු සිහල සංවිධානය බිහි කළේ නිලවීර මහතාය. ඔහු දැනට ජීවතුන් අතර නැත. ප්‍රංශයේ පළමු බෞද්ධ සංවිධානය පටන් ගත්තේ කරුණානායක මහතාය. ඔහුත් දැනට ජීවතුන් අතර නැත. පසුව ලංකාවේ 1983 සිංහල දෙමළ යුද්ධය නිසා මෙහි පැමිණි බොහෝ දෙනා නොයෙක් වර්ගයේ සමිති සංවිධාන පටන් ගත්තා. දැනට පැරිසිය තුළ පමණක් සිංහලයන් කරනා සංවිධාන 30 කට වඩා තිබේ. සමහර සංවිධාන වල නම් ලංකාවේ නගර වල නම් වලින් ලියාපදිංචි කර තිබේ. අවංකව කිවුවොත් මේ සමිති සංවිධාන නිසා ප්‍රංශයේ සිංහලයන්ගේ බෙදීමක් මිස එකමුතුවක් මම දැක නැත. එයට හොඳම පිළිතුර මෙහි දකිනා ප්‍රංශයේ සිටිනා අයගේ ප්‍රතිචාරයයි. මෙය ලිවුවේ කාටවත් පහර ගැසීමට නොවේ. සමහරුන්ට චිත්ත පීඩා ඇතිවන්නට පුළුවන් බව දන්නවා. සමාවන්න (නි)
පැරිස් වල ජීවත්වන තම දේශයට, ජාතියට, ආගමට ආදරය කරන සියලුම දෙනා ගැන හරිම ආඩම්බරයි.යහපත් දෙයක් කිරීම අගය කරන්න.තමන්ට කරන්න බැරි යහපත් ක්‍රියාවක් තව කෙනෙක් කරාම හෙළා දකින්න එපා.තව තවත් යහපත් දේ කිරීමට ඔබ සැමට දහිරිය ශක්තිය ලැබේවා!!! (ස)
මෙතන අදහස් දාල තියෙන ගොඩක් අයට සම්මා දිට්ඨිය නැහැ වගේ පේන්නේ.තමන්ට මේවගේ දෙයක් කරන්න බැරිනම් කරන දෙයක් අගය කරන්න වත් පුරුදු වෙන්න. (ස)
යහම්පත් කියා ඇති දෙයින් සත්‍ය 5% ක් විතරයි. මෙයා 'කෙන්ද කන්ද' කරන්න බොහොම දක්ෂ පුද්ගලයෙක්. ශාක්‍ය ජයවර්දන මහතා පැරිසියට සහ සිංහලයන්ට විශාල සේවයක් කළ කෙනෙක්. (ස)
හොඳ දෙයක් කවුරු කළත් අගයන්න පුරුදු වෙන්න. අපේ රට බේරාගත් රණවිරුවන්ට මාගේ උත්තමාචාරය.(නදී)
ප්‍රංශයේ ඉන්න සමහර රට පාවා දෙන කට්ටිය ගැන අපි දන්න නිසා මේවා දකිනකොටත් හිනා යනවා (නි)
පිනට දන් දුන් දෙය 'දුන්නා' යැයි කීම එහි අරුත වෙන පැත්තකට ගෙනයාමක් ලෙස මම දකිමි. දකුණු අතින් දුන් දෙය වම් අතටවත් නොකියා සිටීම පිනට දීම ලෙස මම දකිමි. (නි)
මමත් වසර 30 ක් විතර පැරිසියේ ජිවත් වෙනවා ,,,,, ඔය නලින් යහම්පත් කියන සමහරක් දේවල් ඇත්ත ,,,, වැඩි කොටසක් බොරු (ස)
මම පැරිස් නුවර 1977 සිට ජිවත් වෙන කෙනෙක් . ලේක්කෝ ගලබොඩ කියන ඔය ශාක්‍ය ජයවර්දන කරපු සමිතියක් නැහැ . පළමු සමිති සංවිදානය ඇති කලේ මරුන නිලවීර සහෝදරයා . 1977 කාලයේ සිට කන්න බොන්න නැති අයට කන්න බොන්න දීල සති අන්තයේ විනෝදයක් දුන්නේ , අදත් නිහඬව සිටිනා ලාමර්ක්ස් උමන් දුම්රිය පොළ ගව ජිවත් වූ චන්ද්‍රා සේනානායක සහෝදරයා . ඔහු පැරිසියේ කල සේවය නිහඩය . අදත් ඔහු නිහඩය . ඔය ගලබඩ කියන කෙනා පැරිස් වල ජිවත් නොවන ඉතාලියේ ජිවත් වන කෙනෙක් නිසා කරුණු නොදෙන සාවධ්‍ය තොරතුරු ලියනවා . ශාක්‍යජයවර්දන ගෙන පැරිස් නුවර කවුරුත් දන්නවා . මම ශාක්‍ය ජයවර්දනගේ යහළුවෙක් ඔහුගේ පවුලේ යහළුවෙක් . නමුත් මෙය තමා ඇත්ත (දී) ;
එක එක සමිති සමාගම් විවිධ නම් වලින් දාගෙන කැගැහුවට පැරිසියේ මුලින්ම මහජන සේවයේ යෙදුන ශාක්‍ය ජයවර්ධන මහතා වැනි අය නිසා තමයි මේ ගොල්ලන්ට මෙහෙම වත් දෙයක් කරන්න ඉඩ සැලසුනේ. පැරිසියට රිංගාගත් යන එන මන් නැති අයට එදා කෑම ටික සහ ඉන්න තැනක් සොයා දෙන්න තමයි ශාක්‍ය ජයවර්දනලා මහන්සි වුනේ. මේක 'කනයෝ පණ්ඩිතයෝ' වන කාලයක්. ඉතාලියේත් මේ ටිකමයි වෙන්නේ.(නදී)
යුද්ධය නිමාකල අපේ මහා විරුවන් අගයන්න අවශ්‍යමයි (දී)
පැරිසියේ තිබෙන ශ්‍රී ලාංකික සමිති සංවිදාන අසීමිත නිසා. මේවයේ පසු පස මොනවා වෙනවද දෙයියෝ තමා දන්නේ.(නදී)
ඒ කාලේ නම් විදේශ, දේශීය හැම සමිතියක්ම හමුදාවට ආධාර සහ යුදමය නොවන උපකරණ තෑගි කළා. (නි)
හොද වැඩක්. ඔබ සංගමයට සුභ පැතුම්. තව තවත් දෛර්‍ය දෛර්ය වාසනාව ලැබේවා! (නදී)