රටවල් 124 ක් සහභාගි වන 56 වෙනි ටෙබල් ටෙනිස් ලෝක ශුරතාවය පැරීසියේ අන්තර් ජාතික බර්සි ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ දී මැයි 13 වැනිදා සිට 20 දක්වා පැවැත්වේ.
එයට සහභාගි වීමට ශ්‍රී ලාංකික කණ්ඩායමක් පැරීසියට පැමිණියහ. ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකරු ජගත් රාජපක්ෂ, පරිවාරි නිලධාරිනී ලෙස ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සම්මේලනයේ උප සභාපති තමරා හේවගේ මහත්ම මහත්මීහුද, ක‍්‍රීඩකයෝ 9 දෙනෙක්ද කණ්ඩායමට ඇතුලත් වුහ.
ගුවන් හමුදාවේ ගුවන් භට නායක රොහාන් සිරිසේන යුද හමුදාවේ දෙවන ලූතිනන් සුජිත් කාවින්ද, නිර්මල ජයසිංහ, මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදාර රණසිංහ ,යුද හමුදාවේ ගුවන් භට නායිකා ඉෂාරා මධුරංගි, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නුවනි විතානගේ, මහනුවර මහමායා විදුහලේ රිද්මි කරඳනආරච්චි, කුරුණෑගල මලියදේව විදුහලේ පවනි සිරිසේන, මහනුවර උසස් බාලිකාවේ ප‍්‍රවීනා සිල්වා ඔවුහුය.
ඔවුන් ඉන්දියාවේ දිල්ලියේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල තරග වලට සහභාගිවී ප‍්‍රංශයට පැමිනෙන අතර වාරයේ ගුවන් ගමනාන්තයේ ඇතිවූ ප‍්‍රමාදයක් නිසා පසුගිය සෙනසුරාදා රාත‍්‍රියේ පැරීසියට ගොඩ බැස්සේය. එනමුදු ඔවුන් 11 දෙනාට නවාතැන් පහසුකම් නොමැත. ඒ සදහා නවාතැන් ලැබෙන පසුදින උදේ වරුව දක්වා බලා සිටිය යුතුය. එම රාත‍්‍රිය ගත කිරීමට හෝටල් වලට ගෙවීමට ඔවුන් ලඟ යුරෝ නැත .
ටෙනිස් කණ්ඩායම එම රාත‍්‍රියේ ගුවන් තොටුපොලේ මුල්ලක නිදා ගැනීමට තීරණය කළේය.සිද්ධිය ආරංචි වු පැරිසියේ සිටින මොහාන් පෙරේරා ටෙනිස් කණ්ඩායම පැරීසියට රැගෙන ආවේය. කෑම, බීම, ඉදුම් හිටුම් සැපයීය.
ප‍්‍රංශ ලංකා සුභ සාධක සංවිධානයේ සභාපති සනත් මුතුනමගෝන්නගේ , එම සංවිධානයේ රංජිත් අහංගමගේ, ප‍්‍රසංග සිල්වා හා රන්ජන් ප‍්‍රනාන්දු ඔහුට සහය වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියම සිංහලයෝ. හරිම සතුටුයි (නි)
කැපී පෙනෙන්න නෙමෙයි, පුරුද්දක් හැටියට උදව් කරන්න පුරුදු වෙන්න. (නි)
ඔබ කළ සේවයට තුති! (නි)
ප්‍රංශයේ ඉන්නේ ඉතාමත් අගනා කොල්ලෝ කෙල්ලෝ (නි)
පැරිස් ලාංකිකයෝ ගාව අර සිංහලයන්ගේ සිංහල ගති ගුණ තියෙනවා. ඔවුන් ආගන්තුක සත්කාර වලට බොහොම කැමති කොටසක්. මම එය පිළිගනිමි. හොඳට කාලා බීලා සන්තෝසෙන් ඉන්න කොටසක් ෆ්‍රාන්ස් වල සිංහලයෝ (නි)
සුභපතනවා මම
අයියෝ සල්ලි
කවදාවත් අපේ සිංහල,හෝ දෙමල සහෝදරයෙක් මෙහාට එන අයව නොදැක්ක වගේ යන්නේ නැහැ. අපිට ආපු ගමන් මුදල් වලින් උදව් කලේ මෙහෙ ඉන්න දෙමල සහෝදරයෙක්. එය අපිව දැකලවත් තිබුනේ නැහැ ලංකාවේදී. ඒ මුදල් ආපහු ගත්තේත් නැහැ. (නි)
ඉතා අනර්ඝයි මොහාන් පෙරේරා හද පතුලේ එම ක්‍රියා දාමය අගය කරමි. මෙම කටයුත්තට සහය දුන් හැමටම සුබ අනාගතයක්.(නදී)