IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘ප‍්‍රසංග අද මට වඩා ආදරේ හිතෛෂිට’

DSC_1242

 

වසර කීපයකට පෙරදී විකාශය වූ මුතුකිරිල්ලී සහ අමා නාට්‍ය දැන් නැවතත් විකාශය වෙනවා. මේ නිසා මේ දිනවල අලූත් නිර්මාණ සමග පෙනෙන්නට නැති වුණත්, වත්සලා ගැන ආයෙත් බොහෝ දෙනා කතා කරන්න පටන්ගෙන. වත්සලා පසුගිය වසර දෙකක කාලයේදී රඟපෑමට සහ නිවේදන කටයුතුවලට දායක නොවුණේ, විවාහයෙන් පසුව මවක වීමේ අපේක්ෂාවෙන් සිටි නිසයි.

dgf
දැන් ඒ කටයුත්ත සම්පූර්ණ කරගෙන ඇය සිටින්නේ හරිම සතුටින්. ඒත් ඇයගෙ සැමියා වන ප‍්‍රසංග ගුණසිංහ අද වැඩියෙන්ම ආදරේ ඇයට නොවෙයිලූ හිතෛෂිටලූ. කවුද මේ කියන හිතෛෂි? වත්සලා සැඳැල්ල කතාබහට ඒ ගැන කිව්වේ මේ විදියටයි.

 


 

starවත්සලා දැන් කොහොමද ජීවිතේ?


ඉස්සර වගේ නෙවෙයි, ගොඩාක් වෙනස් වෙලා. බබා එක්ක ගත කරන කාලය හොඳයි, සුන්දරයි, ඒත් වගකීම් වැඩියි.

 


star බබාගේ නම?
හිතෛෂි වෙනායා ගුණසිංහ

 


star දැන් රඟපෑමෙන් ඈත්වෙලා කොච්චර කාලයක් වෙනවද?


අන්තිමට රඟපෑවේ නාලන් මහතාගේ අංගනාවෝ නාට්‍ය මාලාවේ. ඉන්පසුව අවුරුදු දෙකක්ම රඟපෑවේ නැහැ. ඒත් අද මම පෙනෙන්න නැති වුණාට පේන්න ඉන්නවා.

 


star ඒ කිව්වේ?


ගොඩාක් දෙනෙක් එදා මාව හඳුනාගත්ත මුතුකිරිල්ලි සහ අමා නැවත විකාශය වෙනවා. ඒ නිසා ආයෙත් මා ගැන කතා කරන්න පටන්ගෙන.

 


star ගෙවී ගිය වසර දෙකක කාලය ගත කළ විදිය ගැන කිව්වොත්?


ඒක ඇත්තටම අමුතුම ඇත්දැකීමක්. මවක් වීමේ අපේක්ෂාව ඇතිව සැමියා සහ පවුලේ හැමෝගෙම ආදරය ලබමින්, කාලා, බීලා සතුටින් ජීවිතය ගත කළා. බබා ලැබුණාට පස්සෙ කාර්ය බහුල වුණා. මුලදී ඒ වැඩ තේරුම් ගන්න අමාරු වුණා. ඒත් දැන් මවකගෙ වැඩ ගැන ටික ටික තේරෙනවා.

 


star මවක වූ ඒ දවස් කොහොමද සිහිපත් වෙන්නෙ?


මහා පුදුමාකාර දෙයක්. වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ මහා පුදුමයක්. රෝසමලක් වගේ පෙනුමැති බබා මගේ ළඟට ගෙනැත් තැබුවාම හරි පුදුම හිතුණා. ප‍්‍රසංග මගේ ළඟම හිටියා.

 


star බොහෝ දෙනාගේ ගීතවලට රූප රචනා නිර්මානය කරන ප‍්‍රසංග, දුව ගැන නිතරම ගී මුමුනණවලූ නේද?


සුනිල් එදිරිසිංහයන්ගේ ‘‘දුවේ නුඹ මගෙ ප‍්‍රාණයයි’’ ගීතයට එයා හරිම ආසයි. ඒ ගීතය මුමුණන්නත් ආසයි. එයාගෙ සැබෑ වුණ සුබ සිහිනය දුවයි. අද මට වඩා එයා ආදරේ දුව හිතෛෂිටයි.

 


starමොනවද බබාගෙ කේන්දරේට සටහන් වෙලා තියෙන්නෙ?


කලාවට ගොඩාක් සමීප චරිතයක් වේවි කියලා කේන්දරයට කියැවුණා. හොඳ ලස්සන කටහඬක් හිමි බවයි කියන්නෙ.

 


star ඇයි මෙච්චර දවසක් වත්සලා ඡුයාරූපවලට පෙනී නොසිටියේ?


බබාට මාස 6ක් වෙනකල් කිසිම දෙයකට සහභාගී වුණේ නැහැ. ඒක කෝකටත් හොඳයි කියලා හිතුණා.

 


star සැමියා හැටියට ‘‘ප‍්‍රසංග’’ තෝරා ගත්ත එක ගැන අද ඔබට හැෙඟන්නෙ කොහොමද?


මම ජීවිතයේ ගත්ත හොඳම තීරණයක්. ප‍්‍රසංග කියන්නෙ ඇත්තටම ආදරණීය සැමියෙක්. කවදාවත් ඒක කරන්න බැරිවුණා කියන අතපසුවීම් එයා ළඟ නැහැ. මගේ සිතැඟි හොඳින්ම හඳුනන සැමියෙක්.

එයා ජීවිතය ගැන හිතන විදියට මම හරි ආසයි. එයා මට හරිම ආදරෙයි. ඉතින් ආදරේ නිසා සෑම දෙයක්ම මං වෙනුවෙන් කරනවා.

 


star දැන් නැවතත් ඔබ රඟපෑමට එක්වෙන්න නේද සූදානම?


ඔව් 2015 දී නැවතත් රඟපෑමට සූදානමින් ඉන්නෙ. ආරාධනා ලැබෙන විදියට හොඳ චරිත බාර ගන්න සූදානම්. ඔන්න ආයෙත් මං එනවා කියලා පේ‍්‍රක්ෂකයින්ට කියන්න කැමතියි.

 


star ප‍්‍රසංග ඒකට අවසර දෙනවද?


හොඳ චරිත වෙනුවෙන් එයා තහංචි දාලා නැහැ. ඒ හැරත් ප‍්‍රසංගට ටෙලිවිෂන් මාධ්‍ය අමුතු දෙයක් නෙවෙයිනෙ. වයිඞ්ඈන්ගල් (Wide Angle) එකේ වැඩවලට අමතරව චැනල් C මියුසික් විකාශය පවත්වාගෙන යන්නෙත් එයා. අපේ අම්මත් උදේ ඇවිත් හවස් වෙනකල් බබා බලා ගන්නවා. ඉතින් මේ දේවල් නිසා හොඳ දෙයක් රංගනය වෙනුවෙන් කිරීමට අවකාශය තියෙනවා.

 


star දැන් ඔබ නැති අඩුව රූපවාහිනියෙ පුරවන්නෙ, නැගණිය බුවනිකා නේද?


ඔව්, අපි දෙන්නා ඇත්තටම හොඳ යාළුවෝ වගේ. අක්කයි - නංගියි වුනාට ඊට වඩා හොඳ බැඳීමක් අපට තියෙන්නෙ.


sadun-gamage



අදහස් (0)

‘ප‍්‍රසංග අද මට වඩා ආදරේ හිතෛෂිට’

ශ්‍යාමිලා Thursday, 18 December 2014 06:30 AM

දුක්වෙන්න එපා.දුවට ආදරේ කළා කියන්නේ ඔයාට ආදරේ කළා වගේ තමයි.සුබ පතනවා ඔයාලගේ පවුල් ජීවිතේ හැමදාමත් ආදරෙන් අවංකකමින් පිරුණු පවුල් ජීවිතයක් වෙන්න කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 35 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 551 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 619 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 252 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 701 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1961 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site