IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ප්‍රසන්න විතානගේ රුසියා සම්මාන දිනයි

අගෝස්තු මස 23 - 30 වැනිදා තෙක් රුසියාවේ පැවැති තෙවැනි අන්තර්ජාතික සකාලීන් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට රුසියා විචාරක සංසදයෙන් පිරිනැමෙන සම්මානය දිනා ගැනීමට ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක" සමත්විය.
රුසියාව, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, පිලිපීනය, චෙක් ජනරජය, කසකස්තානය, ජර්මනිය සහ ප්‍රංසය නියෝජනය කරමින් චිත්‍රපට නවයක් මේඋළෙලේදී තරගකාරී අංශය නියෝජනය කළේය.
මේ සම්මානය "ඔබ නැතුව ඔබ එක්ක" දිනූ පස්වැනි අන්තර්ජාතික සම්මානයයි.

43 වැනි ඉන්දීය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය එහි ප්‍රධාන නිළි අංජලී පාටිල් විසින් දිනා ගන්නා ලද අතර ප්‍රංශයේ වෙසුල් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි "රන් පාපැදිය" සම්මානය සමඟ නෙට්පැක් ජූරියෙන් හොඳම ආසියාතික චිත්‍රපටයට පිරිනැමෙන නෙට්පැක් සම්මානයද "ඔබ නැතුව ඔබ එක්ක" දිනාගත් අතර, ඉතාලියේ මිලානෝවේ අප්‍රිකා, ආසියා, ලතින් ඇමෙරිකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සිග්නීස් ජූරියෙන් පිරිනැමෙන "සිග්නීස්" සම්මානය ද දිනා ගැනීමට"ඔබ නැතුව ඔබ එක්ක" සමත් විය.

 

 

 



අදහස් (0)

ප්‍රසන්න විතානගේ රුසියා සම්මාන දිනයි

ජානක Thursday, 05 September 2013 11:21 AM

මෙවන් චිත්‍රපටි ලංකාවේ පෙන්නන්නේ නැද්ද (දී)

:       0       0

අසේල Thursday, 05 September 2013 11:23 AM

මේකේ අපේ හමුදාවටයි සංඝයා වහන්සේලාටයි පහර ගහලා නැහැ නේද? (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රිනා Thursday, 05 September 2013 11:32 AM

තමන්ගේ මනකල්පිත අදහස් වෙනම පටයකින් එලිදෑක්වීම වරදක් ණෙමෙයි නමුත් තමා තම ජාතියට, ආගමට, සංස්කෘතියට සහ ශ්‍රී ලන්කාවෙ කීර්ති නාමයට හානියක් නොවෙන විදියට වග බලා ගත යුතුයි තමා උපන් රටට කැළලක් ඇති කිරීම තම මවගෙය් චරිතය ගාතනය කළා හා සමාන වෙනවා. සම්මාන ගන්න බලාගෙන චිත්‍රපටි කරන අය මෙය සිහියට ගත්තොත් හොඳයි (දී)

:       0       0

චමල් Thursday, 05 September 2013 03:22 PM

කවුරුත් එන්නැති කව්රුත් යන්නැති සම්මාන උළෙලවල් වලදී අපේ අයට සම්මාන ලැබෙනවා . මේ ළඟදිත් හම්බවුනේ . ලෝක ප්‍රසිද්ද සම්මාන උළෙලවල් වල අපේ අය ගැලරියේත් නැහැ . තාමත් යුද්දේ පට්ට ගගහ ෆිල්ම් හදනවා . ඒවාට මුඩුක්කු සම්මාන උළෙලවල් වල සම්මානත් ලැබෙනවා ( දැන් කට්ටිය මට බැනපල්ලා අපේ මෙලෝ රහක් නැති ෆිල්ම් අගේ නොකලට ).(නදී)

:       0       0

රංග Thursday, 05 September 2013 11:52 AM

පැවති යුද්ධයට අබමල් රේණුවකින්වත් දායක නොවී එයට අකුල් හෙලපු අය තමා දැන් යුද්ධයෙන් ප්‍රයෝජන ගන්නේ.මේගැන චිත්‍රපට හැදුවට ගැටළුවක් නෑ හැබැයි අපේ රණවිරුවන්ට අපහාස නොකර. (දී)

:       0       0

සරත් ආතාවුද Thursday, 05 September 2013 12:20 PM

එක එක්කෙනා මොනවා කතා කලට ප්‍රසන්න ඔබ දක්ෂ සිනමා කරුවෙක් මගේ උණුසුම් සුබපැතුම් (දී)

:       0       0

කනිෂ්ක Thursday, 05 September 2013 12:21 PM

රටට ගෞරවයක් ගෙනෙන සැමටම මගේ ගෞරවය (දී)

:       0       0

නිල් රනා Thursday, 05 September 2013 01:02 PM

'සම්මාන නැතුව සම්මාන එක්ක' ඉන්න බවයි පෙනීයන්නේ. කලකට පෙර භික්ෂුවකුත් රුසියාවෙන් උපාධියක් ගන්න ගියා. (දී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 05 September 2013 01:22 PM

ප්‍රසන්න විතානගේ යනු කවුද කියා අපි දනිමු (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 September 2013 01:26 PM

අපි නම් බඩගින්නේ මළත්, මොන අගහිඟකම් තිබුනත් රට ,ජාතිය, ආගම නම් පාවලා දෙන්නේ නැහැ (නි)

:       0       0

සරෝජ් ජයසේකර Thursday, 05 September 2013 01:45 PM

බොහෝ සිනමා පට විදේශ රටවලදී සම්මාන ගන්නා . ඒවා අප රටේදී පවුලක් එකට සිට නැරඹීමට නොහැකි සිනමා පටයි. ඒවායේ ගොඩක් පසුබිම වී ඇත්තේ සමලිංගික සේවනය අස්වාබව්ක ලිංගික හෝ ලිංගික හිංසනයන්ය . නැතිනම් අපේ හමුදාව හෝ පොලිසිය කරන්නාවූ වැරදී ක්‍රියා පෙන්වන සිද්දින්ය. මෙම චිත්‍රපට බටහිර ලෝකයේ පෙන්වන්නේත් සීමිත කොටසකට පමණි . මේවා අපට බලා ගැනිමට ලැබෙන්නේ අන්තර් ජාලයෙන් හෝ වෙනත් ක්‍රමයකින් පමණි . එහෙත් එය එකී නෙකා හොරෙන් බලනවා මිස පවුලේ සියල්ල එකට නැරඹිය හැකි ඒවා නොවේ.(නදී)

:       0       0

කමල් Thursday, 05 September 2013 01:45 PM

මම මේ ෆිල්ම් එක බැලුවෙ ලංඩන් වල. ඉතා හොද නිර්මාණයක්. හැබැයි ඒක තේරෙන්නෙ බුද්ධි මට්ටම අනුව. සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නෙ හමුදාවට අගෞරවයක් කියලා. ඒ වුනාට නියම තේරුම අපේ හමුදාවට ඉතා හොද මිනිස්කමක් ඇති බව. එහි කියන හමුදා සොල්දාදුවා අතීතය අමතක කර වර්තමානය ගැන හිතන්න උස්සාහ කරනවා. නමුත් තාම දෙමළ අය එහෙම නැහැ කියන එක. මම හිතන්නෙ මේක තමයි එල්.එල්. ආර්.සී එකට හොදම ආදර්ශය. ඒ වගේම විදේශිකයන් මේක දැක්කොත් අනිවාර්යෙන්ම හිතනව අපිට තව කාලයක් ඕනෙ එල්.එල්.ආර්.සී වගේ දෙයක් කරන්න. (හැබයි රතු පස්සවල වගේ දෙවායින් පස්සෙ මම නම් කැමති අපේ හමුදාවට විරුද්ද එකක් කරනවනම්).(නදී)

:       0       0

ව්‍රංග Thursday, 05 September 2013 02:10 PM

එළ.(නදී)

:       0       0

කටා මාමා Thursday, 05 September 2013 02:22 PM

ඔබ නැතුව ඔබ එක්ක ඉන්නේ කොහොමද? (නදී)

:       0       0

කටා මාමා Thursday, 05 September 2013 02:27 PM

ඒ සම්මානයද? මට නම් පෙනෙන්නේ හරියට රෝස් කරපු කුකුලෙක් වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1075 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 67 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1138 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 190 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2032 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32277 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23827 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site