යුරෝපයේ ලක් රූ රැජණ අභිෂේක ලබන සැණකෙළිය ජුනි 01 වැනි ඉරුදින පැරීසියේදි පැවැත් වීමට යයි.
මේ සදහා ප්‍රංශය, එංගලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය, ඛෙල්ඡියම, මොන්ටි කාලෝ, නොර්වේ, නෙදර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය යන රටවල් වලින් තරග කාරියෝ 21 දෙනෙක් අවසාන තරගයට ඉදිරිපත්වී සිටිති.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දුෂ්කර ගම්මාන වල පැතිරී යන වකුගඩු රෝගීන්ට පිරිසිදු ජලය ලබා දීමේ ව්‍යාපෘතියකට යොදවන බව පැරීසියේ ප්‍රංශ ලංකා සුභ සාධන සංවිධානය කියයි.
සෝලංගි ගුණවිජය ,ෆෙත් ලැන්ඩ්ස්, උපේක්ෂා ස්වර්ණමාලි, සුරාජ් මාපා, දුමාල් වර්ණකුලසූරිය, හින්දි ගීත ගායක අර්ජුන් ආරාධිතයන් අලෙස සහභාගී වීමට නියමිතය.
පැරිසියේ ඡායා සංගීත කණ්ඩායම සංගීතය සපයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා, සද්ක්‍රියාව කුමක්ද? (නි)
නිකම් ඉඳන් කට මැත දොඩනවට (හෝ ලියනවාට) වඩා හොඳයි මේ වගේ කාටහරි වැඩක් වෙන දෙයක් කරන එක. අදහස් දාන බොහෝ දෙනා ඇයි හැම දෙයක් ගැනම සැක කරන්නේ? (නදී)
මෙතන බුද්ධිමත් අදහස් පලකරන අනිත් කාන්තාවන්ට අපහාස කරන්න එපා. (ස)
ඔය මානව හිමිකම් ගැන චෝදනා කරන ඇමරිකාවේ ග්‍රීන් කාඩ් තියන අයගේ ඒවා කැන්සල් කර ගන්න කියන්න. (ස)
මදුභාශිනි, අශෝකා අමතක කරන්න එපා ලෝකේ කොහේ හිටියත් මෙයාල ශ්‍රී ලාංකිකයෝ. අනික කොටි හිතවාදී විජය කියන දකුණු ඉන්දියානු නළුවට අපේ සිංහලයොත් වහවැටිලා. එහෙව් එකේ මෙයාල ඔය රටවල ජිවත් වෙන එක වැරද්දක් විදිහට දකින්න එපා. එයාල කරන්න හදන දේ ගැන සතුටු වෙන්න. (ස)
ලාංකික පංච කල්යනියන්ට හොද අවස්ථාවක් . මේකප් භාවිතාවෙන් වලකින්න .(අ)
මේක පැරණි කතාවක් නේ. මේවට අපි කොමෙන්ට් දාල හුඟක් කාලනේ. (අ)
එක ඒ අයගේ කැමැත්තනේ අපිට මුකුත් කියන්ඩ බැ නේ ! (ස)
මමත් ඉන්නේ පැරිසියේ නමුත් මේ කට්ටිය කරන්නේ තමන්ගේ මඩිය තරකරගැනීම සහ නම්බු නාම ලබාගැනීමේ අරමුණින් (ස)
ඉසුරු බොරු කියන්න එපා . අපිත් ජිවත් වන්නේ පැරිස් වල . ඔය කියනා කිසිවක් මෙම සංවිධනයෙන් කර නැහැ . ඔබත් ඔය සංවිධානයේ ගැත්තෙක් නිසා කඩේ යන බව පේනවා (අ)
ඉසුරු බොරු කියනව (අ)
මධුභාශිනි, මෝඩ කතා කියන්න එපා.(නදී)
මමත් බෙල්ජියමේ. දැන් අවුරුදු 22ක් වෙනවා. මෙහේ ඉන්න ලංකාවේ අය ගැන මම නම් කතාකරන්න කැමති නැහැ (නි)
වකුගඩු රෝගීන් බහුලව ඉන්නේ අනුරාධපුරේ, පොළාන්නරුව පළාත්වල නේද? ඒ පැත්ත ගැන වචනයක් වත් කියල නැහැ. මේක සංවිධානය කරන්නේ ඩයස්පෝරාවට ඍජුවම සම්බන්ධ රටවල් නේ. ඉතින් අහන්න දෙයක්ද? (ස)
සංවිධානයේ නම: ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාදන සංවිධානය. මේ සංවිධානයෙන් පිළිකා රෝගීන්ට බෙහෙත් හා වෙනත් උපකරණ ගංවතුරෙන් අනාත වූ දරුවන්ට පාසැල් උපකරණ සහා පොත් ලබාදී තිබෙනවා. ඔහෙලාට ඒ ගැහැණු ළමුන් දකින්න අවශ්‍ය නම් ජුනි 1වෙනිදා උත්සව සාලාවට එන්න. එවිට ඔබව සංවිධායකවරු ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගනීවි. (අ)
ඉසුරු පුලුවන්නම් මේ කෙල්ලන්ගේ පැහිදිලි පින්තුර ටිකක් පල කරන්න කියන්නකෝ. (නදී)
මෙහි ආදායම යෙදවීමට බලාපොරොත්තු වන සත් ක්‍රියාව ඉතා විශිශ්ඨයි. (නදී)
අපේ රටේ ප්‍රශ්න රජය සතුයි, පිට රටවල ප්‍රශ්න ඒ ඒ රටවල රජයන් සතුයි. පිට රටවල ජිවත් වන අහිංසක ශ්‍රී ලාංකිකයින්ට ඔබලා කියනදේ අදාළ නොවේ රජයන් ගන්නා තීන්දු වෙනස් කරන්න සුළු පිරිසකට නොහැක. යන්නේ කොහෙද මල්ලේ පොල් කතා එපා.(නදී)
මධුභාෂිනී ඔයාගේ කතාව හරි. මේ තරගයට ඉදිරිපත්වෙන්නේ යුරෝපයේ ඉන්න තරුණියන්. ඒ නිසා එහෙම නම් ඊට කලින් කල්පනා කරන්න වෙනවා. ඇයි ලංකාවේ මිනිසුන් අපට විරුද්දව ඡන්දෙ දුන්නු රටවල ජිවත් වෙන්නේ කියලා. එහෙමනම් මේ තරග වලට කලින් හොයන්න බොහොම දේවල් ලංකාවේම තියෙනවා කියල ඔයාට හිතුනේ නැත්ද? (නදී)
නොයෙක් ආකාරයේ ක්‍රමෝපායයන් යොදලා කොටි නැවත අපේ රටේ ගින්නක් අවුලවන්නට හදන වෙලාවක මේ කියන සියළුම තරඟ ගැනද සොයා බලන්න කියා මම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ තරඟයට ඉදිරිපත් වෙනවා කියන තරුණියෝ ජිනීවාහිදී අපේ රටට විරුද්ධව ඡන්දය දුන් රටවලිනුයි නියෝජනය වෙන්නේ. (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා ඉතින් (නි)
ගිහාන් කියන්නේ ඇත්ත. පොළොන්නරු, අනුරාධපුර ජනතාව වකුගඩු රෝගෙන් පීඩා විඳිනකොට මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)
රූපය මුල් කොට ගෙන කාන්තාවන්ට අපහාස කරන එක පිරිමි අපිට මදි කමක් නේද ? (අ)
මෙහෙම දෙයක් කරලා හරි ලංකාවේ කට්ටිය එකතු වෙන එකත් ඒ මගින් ලංකාවේ කාටහරි උදව්වක් කරන එකත් අගය කල යුතු දෙයක්! ලස්සන කියන දේ තිබෙන්නේ බලන කෙනාගේ ඇස්වල කියලයි මම අහල තියෙන්නේ! (අ)
මෙහෙ ප්‍රන්සේ ඉන්නේ රෑප වැඳිරියෝ මිසක් රූප සුන්දරියෝ නෙවෙයි ,කොහොම උනත් සෝබනේට හරි වැඩක් කරන එක ලොකු දෙයක් . (ස)