
(රංජිත් රාජපක්ෂ)
ශ්‍රීපාද අවාරයේදි ශ්‍රී පාදස්ථානය සංචාරය සදහා පැමිණෙන ඇතැම් දේශීය සංචාරකයන් ශ්‍රි පාද මාවතේ පරිසරයට සහ පොදු දේපලවලට දැඩි ලෙස හානි කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියෝ පැවැසූහ.
2026 - 2027 වන්දනාවාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නියේ පැවති විශේෂ රැස්වීමේදිය ධම්මදින්න නා හිමියෝ මේ බව පැවැසූහ.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
එම සංචාරකයන්ගෙන් වනජීවි දෙපාර්තමේන්තුව මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන නිසා ඒ පිලිබදව කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකියි
නල්ලතන්නියේ බෞද්ධ මධ්‍යස්ථානය අසළ සිට රත්නපුර පලාබද්දර ශ්‍රී පාද තොරන දක්වා මාවත වනජීවි දෙපාර්තමේන්තුවට නොවේ අයත් එම මාවත අයිති මහජනතාවට බවයි.
ශ්‍රිපාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර එම මාවත අඩි 20 බැගින් දෙපසට තිබෙන සේ ගැසට් කරන ලෙස අවස්ථා කිහිපයදී පැවති රජයන්ගෙන් ඉල්ලා සිටියත්, එය මෙතෙක් ඉටු කිරිමට කිසිදු රජයක් සමත් වී නොමැත් වී නැහැ.
මෙවර ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වීමට ප්‍රථම ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර එම මාවතද ශ්‍රී පාදස්ථාන මාවත ලෙස නම් කරන ලෙස එම රැස්වීමට සහභාගි වූ නුවරඑළිය සම්බන්ධීකරණ කමිටු සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගෙන් ඉල්ලීමක් කළහ.
දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රීපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ විශාල නායයෑමක් සිදු වූ බවත්, එම නායයෑම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන් සමග සාකච්ඡා කර ආරක්ෂක අංශ යොදවා එම මාර්ගය යථා තත්වයට පත් කිරිමට පියවර ගත්තා, පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවෙන් යලිත් ඉදිකටු පහණ ප්‍ර දේශයෙන් මාර්ගයේ එවැනිම නායයෑමක් සිදු වී වුණා, එම මාර්ගයද යථා තත්වයට පත් කිරිම ජනාධිපතිතුමන් මැදිහත් වුණා යැයි ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියෝ පැවැසූහ.
ශ්‍රී පාද වන්දනාවාරයේදි ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන ශ්‍රී පාද වන්දනාකරුවන්ට සහ උඩමළුවට නොමිලේ පානීය ජලය ලබා දීමට ජනාධිපතිවරයා මැදිහත් වි ඇති බව සතුටට කරුණක් බවත්, ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් මෙහිදි පැවසීය.
මෙවර ශ්‍රී පාද වන්දනාවාරයේදි පරිසරය ආරක්ෂා කර ගනිමින් ශ්‍රීපාදස්ථානය පූජනීය ස්ථානයක් සේ සලකා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ.
2026-2027 ශ්‍රීපාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (12/23) ආරම්භ කරනවා. , ඒ අනුව ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ අවාරයෙ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන්දේව ප්රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ දෙසැම්බර් මස (21) දින පස්වරුවේ එලියට වඩම්මවා එසේ වැඩම්ම වූ සධාතුක කරඩුව, සමන්දේව ප්රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ දෙසැම්බර් මස (22) දින පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට බලංගොඩ, රත්නපුර පලාබද්දර රජ මාවත, කුරුවිට එරත්න, රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් යන මාර්ගය ඔස්සේ පෙරහැරවල් 04කින් ශ්‍රී පාද උඩ මළුව වෙත වඩම්මවා උදුවප් පොහෝදින (23) අලුයම ශ්‍රීපාද උඩ මළුවේ දී පුරාණ චාරිත්‍ර කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව 2026-2027 ගෞතම ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ කරන බවයි.
මෙම රැස්විමට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, ශ්‍රී ලංකා යුධ හමුදා 114 බල සේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර් සාගර පෙරේරා, මස්කෙළිය සහ අඹගමුව ප්‍රාදේශීය සභාවල සභාපතිවරැන්, නිළධාරින් සහ රජ්‍ය සහ පෞද්ගලික අංශවල නිළධාරින් රැසත් සහභාගි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd