මහනුවර ඇසල පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරයෙන් පසු පෙරහර නැරඹීම සඳහා පැමිණි ජනතාව මාර්ග දෙපස හා වාඩි වි සිටි ස්ථානවල අපද්‍රව්‍ය දමා නගරය අපවිත්‍ර කර තිබෙනු දැකිය හැකි විය.
මහනගර සභා සේවකයින් යොදා ඒවා ඉවත් කිරීමට සිදුවූ අතර පෙරහර ආරම්භවීමට පෙර සිටම අපද්‍රව්‍ය තැන තැන නොදමන ලෙස දැනුම්වත් කිරීම් රැසක් සිදුකර තිබිණි.
මහ මග කුණු දැමීම වැළැක්වීමට කළ යුතු සුදුසුම ක්‍රියාමාර්ගය කුමක්ද ?




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2006 ඉතාලියේ නාපෝලිවල මේරියන්ස් සහභාගි වූ සංදර්ශනයක් තිබ්බා. එකේ තිබිච්ච බියර් විස්කි හිස් බෝතල් නගර සභාවෙන් එකතුකරලා පහුවෙනිදා පත්තරේ දාල තිබුන. විසාල බෝතල් කන්දක ෆොටෝ එකක් අද වෙනකොට නාපොලියේ කිසිම භූමියක් දෙන්නැ ලංකාවේ කිසිම උත්සවයකට නොමිලේ නගර සභාව විසින් සියලු වියදම් අයකරගෙන තමයි පිට්ටනිය දෙන්නේ එක දිනකට යුරෝ 4000 ත් 5000 ත් අතර අයකරනවා ඒ සිද්දියෙන් පස්සේ (අ)
බමුණුසේන මොකද සිංහල මිනිස්සු විතරද ඔය වගේ කැත, අශීලාචාර වැඩ කරන්නේ ? (බ)
අපේ මින්සුන්ට තියෙන තරම් ජාතික ආලයක් වෙන කිසිම රටක මනුස්සයෙක්ට ඒ අයගේ රටට නැහැ වගේ පෙන්නන්නේ . පත්තර වල ටීවී වල සමාජ වෙබ් අඩවිවල මේ ලේ කකියන මිනිසුන්ගේ අඩුවක් නැහැ . එ්ත් මෙන්න මේකයි අපේ මිනිසුන් බහුතරයකගේ ඇත්ත තත්ත්වේ . ගිය තැනක් තව මනුස්සයෙක්ට යන්න ඉතුරු කරන්නේ නෑ. කිසිම හැගීමක් නැහැ තමන් ජීවත්වෙන රට ගැන (බ)
අපේ රටේ මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නැහැ. (බ)
රජින්දගේ කතාව හරියට හරි. (බ)
මගේ අදහස නම් මේ රටේ හැම කෙනෙක්ම යම් කාලයකට හමුදාවට යැවිය යුතුයි විනය, පිළිවෙල, ගුණයහපත්කම් ආදි දේ ඉගෙනගන්න.එතකොට හැදිලා එයි (බ)
ගෝත්‍රිකයින් ජිවත් වන රටක මොන කුණු ගැන කතාද...මුළු රටම කුණු ගොඩක්.(හේ)
ඕකත් සංස්කෘතියේම කොටසක්ද?(හේ)
අපේ ලාංකිකයන් ඔස්ට්‍රේලියාවට ගියාම ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ මොකද දන්නවාද ? කසල , අදාළ බඳුන් වලට දමා නියමිත විදියට බැහැර කරන්නේ කොහොමද කියලා. පොදු වැසිකිලි පිරිසිදුව පාවිච්චි කරන්නත් ඉගෙන ගන්නේ එහෙදි. ඒ මොකද රැකියාවක් ලැබෙනකන් බොහොමයක් වෘත්තිකයන් පිරිසිදු කරන රැකියාව තමයි කරන්නේ . මේවා කටක් ඇරලා කියන්නේ නැහැ. (අ)
තමන්ට ඕන තැනක කුණු ටිකක්වත් දාන්න බැරි නිදහස මොකටද? (අ)
අපේ මිනිස්සුන්ගේ බොරු උද්දච්ච කම නං තියනවා අපි සිංහල අරකද මේකද කියලා. ඒත් කරන්නේ සත්තුවත් කරන්නේ නැති අසික්කිත වැඩ. (අ)
නියම ශ්‍රද්ධාවකින් නොවෙයි මේවා බලන්න යන්නේ. ඒ අය අහලකවත් ශ්‍රද්ධාව, ප්‍රඥාව නැහැ. තියෙන්නේ "සෝභන චෛතසිකෙ" පමණයි. (අ)
ඒවා කතා කරලා වැඩක් නෑ දවසක් තමන්ගේ කාර් එකෙන් කාලා සිලි බෑග් එක එළියට දැම්ම මම ඇහෙව්වා එහෙම හොදද කියල මට එයා දන්නා කුනුහරපයකුත් කියල ගියා . මට එදා හිතුන කාර් එක සල්ලි දීල ගත්තට මොලේ සල්ලි දීල ගන්න බැහැ කියලා (බ)
ඔය තම සිංහලයාගේ මානසිකත්වය. (හේ)
ප්‍රබෝද හරි. මේවා තමන් කරොත් දරුවොත් කරනවා. පරිසරයට ගහට සතාට ආදරෙන් හිටියොත් දරුවොත් දරුවන්ගේ දරුවොත් එම පාරේම යනවා. (හේ)
ඔබල සියළුදෙනා හරි. ඒත් ඔය පෙරහැර කරලා ලැබෙන අදායමෙන් නගර සභාවට තව කීප දෙනෙක් දින ගණනක වැටුප් ගෙවලා ඕවා ශුද්ධ කරන්න බැරි ඇයි? අනික මේ වගේ වෙලාවල් වලදී මිටවැඩිය ලොකු කුණු බාල්දි තියන්නත් ඒවා නිතර හිස් කරන්නත් වැඩිපුර සේවකයන් යෙදිය යුතුයි. (නි)
විදේශිකයෝ මේවා දැක්කහම අපි ගැන මොනතරම් අප්‍රසන්න හැඟීමක් ඇතිකරගන්නවා ඇද්ද...? අපි අපි ගැනම ලැජ්ජා වියයුතුයි නේද? (නි)
සාලිය ද සිල්වා, සත්‍යම සත්‍ය අදහසක්. (නි)
පොඩ්ඩක් කතරගම දේවාලය පිටුපස බලන්නකෝ. අපේ අය ගැන හිතාගන්න පුළුවන්. (නි)
දෙවෙනි පින්තුරේ දැක්කම සන්සාරේම කලකිරෙනවා . එතන හිටපු පිරිස ඉතාම පහත් පන්තියේ නුගත්ම පිරිසක් බවයි මෙයින් පෙනෙන්නේ . ඔවුන්ගේ ගෙවල් දොරවල් වලත් මෙවැනිම ජිවිතයක් ගත කරනවා ඇති . (අ)
මේ වගේ අය ටොයිලට් ගිහින් හෝදල එනවද කියලත් සැකයි..ඇත්තටම දළදා වහන්සේට තුන් හිතක හරි ගරුත්වයක් තියනව නම් මෙහෙම කරන් නෑ,,ඕකයි අපේ රට හැමදාම වලේ (අ)
ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් ඉතාමත් අලසයි. ඔවුන් පළමුව සිතන්නේ බඩ ගැන. එබැවින් ශ්‍රී ලංකාව එක තැන කුණු ගොඩක් සේ පල්වෙයි, ඉහත රූප වලින් පෙනෙන මහනුවර සේ. (නි)
වැඩිවශයෙන් කුණු දමන භාජන තැනින් තැන තියලා කව්රැහරි බිමට විසි කරනවා දුටු තැන දඩ නියම කරන බවට දැන්වා සිටීම හැර මෙයට විකල්පයක් නම් සිතාගත නොහැක. සමහර මිනිසුන්ගේ ජන්ම ගති වෙනස් කීරීම අපහසුය. මෙය තමාගේම සිතට නැගී ආ යුතු දෙයක් මිස බලෙන් කල හැකි දෙයක් නොවෙයි (රේ)
අපේ රටේ මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නැහැ (නි)
මේවා පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕනෑ වැඩ. අපේ මිනිස්සු තාම ප්‍රාථමික අවදියේ ඉන්නේ. අනාගත පරපුරවත් ආත්මාර්ථකාමී නොවෙන පිරිසක් බවට පත්කරගමු. මේකට දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ කැපවීම තිබිය යුතුමයි. (නි)
මේ දාන කුණු ටික හරි දාන එක නවත්වන්න ඕනෑ නම් ආරක්ෂ අංශ පරීක්ෂා කරන තැනකින් හෝ කලින් මහජනතාව දැනුවත්කොට මේ තත්වය අවම කරගන්න තිබුණා නේද? (නි)
දැන් තේරෙනවානේ රට ගැන කැක්කුමක් නැත්තේ මොකද කියලා. මුලින්ම මිනිස්සු ළඟ මනුස්සකම සහ විනයක් තියෙන්න ඕනෑ. එතකොට අනෙක්වා ඉබේම හැදෙනවා. අපේ රටේ මිනිස්සු හැසිරෙන්නේ තනිකරම වනචාරි විදිහට. තිත්ත ඇත්ත ඔන්න ඕකයි. (නි)
පාර්ලිමේන්තුවේ අය හැසිරෙන විදිය දකිනකොට, අනිත් මිනිස්සු ගැන මොන කතාද? (නි)
බීරි අලින්ට වීණා ගැයීමෙන් වැඩක් තිබේද? පරිසරය අවලක්ෂණ නොවෙන විදියට, නගර සභා මඟින් මඟ දෙපස කසල බඳුන් සවිකර, ඒවාට කසල නොදමන අයට එරෙහිව දඩ ගැසීමේ ක්‍රමයක් ආරම්භ කළොත් මෙවැනි අශීලාචාර වැඩ සමහරවිට අඩුවෙන්න පුළුවන්. (නි)
තව අවුරුදු කල්පයක් ගියත් අපේ මිනිසුන්ව නම් හදන්න බැහැ (නි)
මේවා ඉතින් පුදුම වෙන්න දේවල්යැ? අපේ පෞඪ ලාංකිකයා යන තැන ඔහොමනෙ. (නි)
බස් එකේ හා දුම්රියේ වීදුරුවෙන් එළියට කුණු දමන මිනිස්සු ඉන්න රටේ මේවත් වැඩද. අනික මේ වගේ කටයුතු වලදී නගර සභාව මීටවඩා උවමනාවෙන් කටයුතු කරන්න ඕනෑ. මම නවසීලන්ත නරයකදී දැක්කා පෙරහැර පස්සෙන් අන්තිමට එන්නේ නගර සභාවේ කණ්ඩායමක් හා කුණු ලොරියක්. පෙරහැර අවසන් වෙනකොට පාරත් පිරිසිදු කරලා ඉවරයි. ඒවගේම මිනිසුන්ගෙන් වැටෙන කුණු අහුලන්න වෙනම කට්ටිය පාර දෙපැත්තේ දාලා ඉන්නවා (නි)
ඕක සිංහල මිනිසුන්ගේ හැටි! (නි)
අපි දියුණු රටක් නොවෙන්න එක හේතුවක් තමයි මේක. අපේ අය තමන්ගේ හතර මායිමේ හැර අනිත් හැමතැනම අපවිත්‍ර කරනවා. (නි)
ගමේ බයියෝ අාවාම ඔහොම තමයි.(හේ)
අපේ රටේ අයට පඩි වැඩිකර බඩු මිල අඩුකළාම ඇතිනේ (නි)
දඩ කොළ දෙන්න. නැතුව මොවුන්ව හදන්න බැහැ (නි)
අපේ මිනිසුන්ගේ ජන්ම ගති යවන්න බැහැ (නි)
කෝ අර අපේ “සිංහ ලේ“ කට්ටිය එහෙම? (නි)
කසළ බඳුන දැක දැක ඒවා හැම තැනම විසිකරන ජාතියක් අපේ අය. මේකටත් සමහරු දේශපාලනේ ගාවාගන්න එක තමයි දුක. ඕක පක්ෂ පාටකින් තොරව කළ දෙයක් කියලා පේනවනේ (නි)
නීති දැඩි නොකර ලංකාවේ මිනිස්සු කවදාවත්ම හදන්න බැහැ. ඒක නිසා මේ සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. (ම)
රටක් හැදෙන්නන්ම් විනයක් තියෙන්න ඕනි. අපේ රටේ ගොඩක් මිනිස්සු ගාව නැත්තෙම ඒ දේ තමයි. මේවා කරන්න අය ඉන්නවානේ, අපි මොකටද ඒවා කරන්න යන්නේ කියන ආකල්පය තමයි තියෙන්නේ.(ම)
විනෝදයට කෝච්චියට බස්වලට ගල් ගහන රටේ ඕවත් වැඩද? මේ දේවල් මේ විදියට සිද්ද වෙන්න ගත්තාම රටට වෙන දේ හිතා ගන්න පුළුවන් (ම)
මෙහෙමත් මිනිස්සු තියන දේ රැකගන්න බැරි හැටි කිසි අගයක් නෑ... (ම)
අවුරුදු දහස් ගණනක ඉතිහාසය ඇතුළේ ඔය වගේ පොඩි දේවල් එච්චර ප්‍රශ්නයක් වෙලා නෑ, මොකද අපි දඬු මොනර හදපු වගේ ලොකු වැඩ නේ කරලා තියන්නේ (ම)