කොළඹ පුරහල ප්‍රදේශයේ නීතිවිරෝධී සූදු පිටියක් වැටලූ පොලිසිය කාන්තාවක් ඇතුළු 34 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට පත්වූවන්ගෙන් හත් දෙනෙක් එහි සේවකයෝය.
මෙම සූදු පොළ මීට පෙර අවස්ථා කිහිපයක දී වැටළු අතර එක් අවස්ථාවක දී මෙය වැටලීමෙන් පසු කොළඹ සංවිධානාත්කම අපරාධ විමර්ශන අංශය විසුරුවා හැරි බවට ද චෝදනා එල්ල විය.
ඉන් අනතුරු මෙම සූදු පිටිය පවත්වාගෙන යනවාදැයි නිරීක්ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කෝ අර මහත්තයා..? (නි)
මොනවද සූදු කියන්නේ? (ස)
අල්ලපු පොලිස් නිලදාරින්ට දෙයියන්ගේ පිහිට තමා. දුෂ්කර පළාතක සේවය අනිවාර්යයි. කෙසේ උවත් මෙම අල්ලපු අවංක නිර්බිත පොලිස් නිලදාරින්ට මාගේ අවංක ප්‍රණාමය.(නදී)
මෙවැනි වැටලීමක දී ගන්න නීති මොනවද.? හිරේට දානවද, නැත්නම් පැමිණිලි ලියාගෙන යවනවද. කරුණාකර කවුරු හරි මට නිවැරදි පිළිතුර සපයන්නේ නම් ස්තුති වන්ත වෙමි.(ස)
මේකට තියෙන විසඳුම තමයි මේවට අනුබල ආරක්ෂාව සපයන බලධරයින් අත්අඩංගුවට ගැනීම. (ස)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කිවුවලු. !!?? (ස)
හෙට වෙනකොට මෙම විශේෂ පොලිස් කණ්ඩායම රට පුරා මාරු නොකලොත් තමයි පුදුමේ.(නදී)
ඇයි ඕකට ගැසට් පත්‍රිකාවක් දලා නැද්ද?? ඕකත් ජේම්ස් පැකර්ට දුන්නනම් වටලන්නේ නෑනේ. (ස)
අනේ අහිංසක පොලිස් නිලධාරී ටික හෙට ඉඳලා කිලිනොච්චි නේද? (නදී)
පුෂ්පසිරි, ඔය තිප්පොල ඔබ කියන තැනම තමයි. (නදී)
උදේ වෙනකොට දැනගන්න පුලුවන් ඇත්ත (නි)
මේ කට්ටියටත් මාරුවීම් ලැබේවිද? (නි)
මොකද මේ එකම වැරැද්ද නැවත නැවත කරන්නේ? (නි)
ආ! අර අහවලාගේ තැනනේ... දැන් තේරුණා (නි)
මෙදා පාර නම් පොලිසියේ අවංක නිලධාරීන්ට නම් කරදරයක් වෙන එකක් නැතිවෙයි. (ස)
මේ අර හුලා සම්බන්ද සුදු පිටියම වාගේ . හුලාට මොනා උනාද ? (ස)
නීතිගත කරපු කැසිනෝ ශාලාවක් ලොකුවට කොළඹ තිබුන නම් , මෙම හොර සුදු පොළවල් නැති වනවා . හොරෙන් හරි සුදුවට කැමති කෙනා යනවා . නීතිගත සුදු පොළවල් ( කැසිනෝ ) වලින් අඩුම ගානේ රජයට අදායමක් එනවා . මම පොඩි කාලයේ දැක තිබෙනවා වෙසක් එකට හදපු තොරණ පිටුපසත් හොර සුදු පොළවල් . මරණ ගෙවල් වල මගුල් ගෙවල් වලත් තිබෙනවා. (ස)
එහෙනම් මේවා තවමත් කෙරෙනවා? (නි)
මේ සුදුව ආයෙත් පටන් ගත්තද? (නි)
නෙයින ගේ සූදුවද? (නි)
පැකරුත් මේ ළඟදි හොඳටම ගහගත්තා නේද? (නි)
මේවා සිදුවන්නේ නේ , අර ජේම්ස් පාකර් ගේ කැසිනෝ එක දාලා නීති ගත කරානම්. ඒකට විරුද්ද බොහෝ අය හොරෙන් හෝ සුදුව කරනවා.(නදී)