(සුජිත් හේවාජූලිගේ)
පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් රජයට රුපියල් කෝටි 5000ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
පොල්තෙල් අානයකරුවන් ගිය වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝ කෝටි 3900 ක් ආනයනය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
බුද්ධික ද සිල්වා මහතා මෙසේ පැවසුවේ දෙහිවලදී පෙරේදා(4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙරට තිදෙනෙකුට අයිති ආයතන හයකින් මෙම බදු වංචාව කර ඇති බව පවසන ප්‍රධාන කැඳවුම්කරු මේ අය අතර මත්ද්‍රව්‍ය අානයනය කිරීමේ චෝදනාවට ලක් වූ අයද සිටින බව ප්‍රකාශ කළේය.
දේශීය කර්මාන්තකරුවන්ට පනවා ඇති වැට් බද්ද හා සමාන වැට් බද්දක් පොල්තෙල් ආනයනකරුවන්ට පැනවීමට කටයුතු කරන ලෙසත් මෙම විෂ තෙල් හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට වී ඇති හානිය එම ජනතාවගෙන් අය කර ගන්නා ලෙසත් ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.
පැහැර හැර ඇති වැට් බදු ප්‍රමාණය දඩ මුදලක්ද සමග අය කර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි මේ අය මෙම බදු මුදල් වංචා කරන්නේ තනිවම නොවන බවත් මේ සඳහා අනිවාර්යයෙන්ම දේශපාලන බලධාරීන්ගේ සහ රජයේ අැතැම් උසස් නිලධාරීන්ගේ උදව් ලැබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
බුද්ධික ද සිල්වා මහතා මෙසේද පැවසීය.
පොල්තෙල් ආනයනය කරුවන්ට රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබා දෙන බදු සහන හේතුවෙන් දේශීය කර්මාන්තශාලා සියයට අනූවක් පමණ වැසී ගොස් ඇත. මේ හේතුවෙන් ලක්ෂ හතරක පමණ පිරිසක් පාරට ඇද වැටී ඇත. දේශීය කර්මාන්තකරුවා අද නන්නත්තාර වී ඇත.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොල්තෙල් ආනයනකරුවන්ගෙන් කෝටි 5000 ක බදු පොල්ලක්
Mohan Mangala Mapa Sunday, 05 January 2025 07:06 PM
ඇයි මේවා විසඳන්නේ නැත්තේ?