ජුලි පළමුවැනිදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මසට හරකුන් ප්‍රවාහනය තහනම් කැරේ.
තමන් කඩුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී මෙම තීරණය ගැනිණි.
මේ අනුව පොළොන්නරුවේ සිට මසට හරකුන් කොළඹ හා අවට නගර වලට ගෙන ඒම සපුරා තහනම් වේ .දිනකට බලපත්‍ර සහිතව හරකුන් 250 ක් පමණ කොළඹට ප්‍රවාහනය කෙරේ.
හොරෙන් ප්‍රවාහන කෙරෙන සංඛ්‍යාව කෙතෙක් දැයි කිසිවෙක් නොදනිති. ගව ඝාතනයට එරෙහිව බෝඅත්තේ ඉන්ද්‍රරතන හිමි පසුගියදා මහනුවරදී ගිනි තබාගෙත අපවත් වුහ.
ගවයින් ප්‍රවාහනයට අවසර නොදෙන ලෙසත් මේ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රිත් ලේකම් නිමල් අබේසිරි මහතාට හා පොලීසියට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක්ට තාම තේරෙන්නේ නැහැනේ හරක් මරන්න එපා කියන්නේ මස් කන්න එපා කියලා කියන හන්දාම නෙමේ කියලා, ගව සම්පත රටේ පෝෂණ ක්‍රියාවලියේ වැදගත් කොටසක් ඉතින් මරන් කෑවම හරියයිද ? ඉන්දියාව මේක යස අගේට තේරුම් ගෙන තියෙනවා ඈත අතීතයේ පටන්.(අ)
පොලිසිය පගා නොගත්තොත් වැඩේ සාර්ථක වෙයි (නි)
ඇයි මොකද්ද මේ හරක් විතරක් මරන්න හොඳ නැත්තේ. ඇයි එළුවට, ඌරට , කුකුල මරනකොට රිදෙන්නේ නැද්ද? හොඳට අනික් මස් කකා ඇයි මේ අපේ බෞද්දයෝ කියන්නේ හරක් මරණ එක විතරක් එපා කියලා. මොකද්ද මේ අබුද්දස්ස කතාව.(නදී)
පොලොන්නරුවේ හරක් වයසට ගිහිල්ලා මියයාවි (නි)
හරක් මරණ එක නවත්වන එකනම් ගොඩක් හොදයි.ඒ වගේම එල කිරි නිෂ්පාදනය කරලා මේ රටේ දරුවන්ගේ පෝෂණයත් ඉහල නංවන්න වැඩපිළිවෙලක් සකස් කරනවා නම් ගොඩක් හොදයි. (නි)
ලොකු හාමුදුරුවෝ කියන කතාව ඇත්තයි කොහොම වුනත් ඉන්ද්‍ර රතන හාමුදුරුවන්ටත් පින් සිද්ධවෙනවා ඇමති තුමා කරන්න යන වැඩේ සාර්තක වුනොත් ඔබට පින්සිද්ධවෙනවා.(නදී)
කුකුලෝ, එළුවෝ,මාළුවෝ සහ මදුරුවෝ මරනවට විරුද්ධවත් සටන් කළ යුතුයි. ඒවත් පව් වැඩ. (නි)
අන්තිමට වෙන්නේ ඇමෙරිකාවෙන් ටින් කළ හරක් මස් ගේන්න. එතකොට රටේ ආර්ථිකයටත් හොදයිනේ. මොකද රටේ ඉන්න හරක් මස් කන අය වෙන මොනවා කන්නද. (නි)
කරනවා නම් 100% ම සාර්ථක වැඩක් තියෙනවා. ලංකාවේ තියෙන සියලුම මස්කඩ ටික වහලා දාමුද ?එතකොට ප්‍රවාහන ප්‍රශ්නේ ගෙන ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ නේද ? අපවත් වුණ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ටත් පින් සිද්ද වෙනවා (නි)
රණවීර-ඔබගේ අදහස හරි.(නදී)
චන්දා, ඔබ හරියටම හරි. බොහොම දෙනෙක් මේ කරුණු දෙක පටලවාගෙන අදහස් දාල තියෙන බව පේනවා. සිරිසේන ඇමතිතුමා කෙලින් වැඩකරන බොහෝවිට කැපිලිවලටත් ලක්වෙන ඇමතිවරයෙක්. මේකටත් බැනුම් අහන්න වෙයි. නමුත් වැඩියෙන්ම කිරි නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයක් වන පොළොන්නරුවට එතුමාගේ මේ ක්‍රියාව ඉතා වටිනා ආශීර්වාදයක් වේවි.(අ)
ඉතාමත් හොඳ තීරණයක්. මේ විදිහට අනෙත් ප්‍රදේශ වල අයටත් මොලය පෑදුනොත් හොඳයි. එසේම වේවා කියලා පතනවා.(නදී)
හොද තීරණයක් . (නි)
මේ උතුම් ශ්‍රිලංකාවේ අනික් පළාත්වලත් මේ විදයේ තීරන ගන්න කාලය ඇවිල්ලා. රටට යහපතක් වෙන්නේ මේවගේ තීන්දු ගත්තොත් පමණයි.(නදී)
ඔය ඇමති තුමා දන්නේ නැතිව ඇති වැඩි පුරම ගණිකාවෝ ඉන්නේ එය පලාතේ කියලා. ඒකත් නතර කරන්න බලන්න.(නදී)
ශෙහාන් , උපාලි , චන්දා, ඔයාල කියන විදිහට එලදෙනුන්න් නොමරා, හරක් මැරුවට කමක් නැද්ද ? එතකොට එළුවෝ පව් නැද්ද ? ගස් වැල් අපට සෙවන දෙනවා, ඔක්ෂිජන් දෙනවා, ආහාර දෙනවා, ගස් වලට පන නැද්ද ? ගස් කැපීම හෙවත් ගස් මැරීම හොදද ? වැරදි මතයක් පතුරලා තියනවා ඉන්දියාවේ හරක් මැරීම තහනම් කියල, එයාල ගොඩක් අපනයනය කරනවා. දන්නෝ දනිති. ඉන්දියාවේත් ගවයා කියන්නේ සම්පතක් ඒ වගේම දෙවියෙක්, නමුත් එයාල අපිට වඩා බුද්දිමත්. හරක් මරපු කිසිම රටක හරක් වඳ වෙලා නැ. එක්කෝ කියන්න සියලු සතුන් මරන්න එපා කියල නැත්නම් ළිදෙන් එලියට එන්න. (නදී)
විජේසිංහ, අනිත් සතුනුත් මරණ එක නවත්වන්න ඕනෑ තමයි. ඔක්කොම එක සැරේට කරන්න බැහැ. ඉතින් හරක් මරණ එකෙන් පටන් ගත්තම තියෙන වැරැද්ද මොකක්ද ? අපි ඉන්නේ ළිදෙන් උඩ. ඔබ නම් පව සහ අකුසලය නමැති ලිදේ ගිලෙන බව පේනවා. මතක තියාගන්න ඔය ලිදේ පතුල අපාය කියලා. ඒ ගැන මට තියෙන්නේ කනගාටුවක් (නි)
ඉන්දික, මා ගැන කණගාටුවන ඔබට පින්. හරක් මස් කෑවයි කියලා සමාජයක් පිරිහෙන්නේ නැ නේද . හැබැයි සුරාවෙන්, සූදුවෙන් ගොඩක් පවුල් අනාථ වෙලා තියෙනවා නේද ?. සුරාවෙන් මිනිස්සු මැරෙනවා නේද ? අපි එතනිනං පටන් ගත්තෝත් නරකද ?(නදී)
හොද දේට අපි හොදයි කියනවා. ඔබතුමාට අපේ ප්‍රණාමය. (නි)
මෙය හරියට ක්‍රියාත්මක උනොත් ඉන්ද්‍රසාර හාමුදුරුවන්ගේ එක බලපොරුත්තුවක් හරියනවා. උන්වහන්සේට පිස්සු යයි කී අනෙක් ලොකු හාමුදුරුවරුන්ට කට උත්තර නැති වෙනවා.(නදී)
අති විශ්ෂ්ඨයි ඇමතිතුමනි. සියලුම දෙනා අනුගමනය කරනවානම් කොච්චර හොදද?(නදී)
හරක් පණපිටින් ගෙනි යන්න තහනම් හින්දා මස් කරලම ප්‍රවාහනය කරයිද.? ඊට පස්සේ උසාවියේදී කීයයි අපි හරක් නෙමෙයි ප්‍රවාහනය කලේ මස් කියලා.(නදී)
බෞද්ධ අපේ රටෙන් මෙම ගව ඝාතනය සහ මුලින්ම තුරන්වේවා, බෞද්ධයනි ගව මස් කෑමෙන් වලකින්න.(නදී)
අපි ඔබ සමගයි. මෙන්න වැඩකාරයෝ. හදවතින්ම සුභ පතමි.(නදී)
දේශපාලන බලපුලුවන්කරයෝන්ට මේවා ඔට්ටු නැහැ. හරක් මස් මිල වැඩි උනහම බොහොම හොඳින් ජාවාරම කරගෙන යාවි.(නදී)
මේක හින්දු රටක්ද නැත්නම් බෞද්ධ රටක්ද? මම නම් හරක් මස් කන්නෙ නෑ(නදී)
අනේ දැන් ඉතින් මස් කන්නේ කොහොමද? (නි)
නියමයි ඇමතිතුමා. කරන්න තව තව ඔය වගේ වැඩ. ඔයා ඉස්සරහට යන එක කාටවත් නවත්වන්න බැහැ.(නදී)
මොනවහරි කරල ඡන්ද එකතු කරගන්න ඔබතුමාට තියන කෑපිලි වල හෑටියට හරක් හරි උදවු කරයි.(නදී)
බලපත් සහිතව ප්‍රවාහනය තහනම් වුණත් හොරෙන් ගෙනියන කට්ටිය ගැන නම් විශ්වාසයක් තියන්න බැහැ නේද? (නි)
අනේ මාළු ප්‍රවාහනයත් නවත්තන්නකො. අපි කන්නේ මාළු නැති මාළුපාන්. (නි)
පව් අරක්කු බොන කොට බයිට් නැති වෙයි අපේ කට්ටියට.(නදී)
විජේසිංහ, මාළු කිරිද බොන්නේ? මාළුවයි එළහරකයි සමාන කරන්න එපා. එළ හරකා ගම්බද ජනතාවගේ ජීවනාලියයි. එළහරක් රැක්කොත් විෂ පිටිකිරි වලින් රට ඇදෙන සල්ලි නවතා දැමිය හැකියි. (නි)
මෙය ඉතා හොඳ තීරණයක්. අනිත් පැති වලත් ක්‍රියාත්මක කල යුතුයි. ඇමති තුමාට ගොඩක් පින්.(නදී)
මේ තීරණයට ගුණ ගරුක, බොන කිරිවලට කෙලෙහි ගුණ දන්නා සැමගේ ප්‍රණාමය හිමි වෙනවා. අනිත් පළාත් සබාත් මේ තීරණය ගන්න අර දිවි පිදු හාමුදුරුවන්ට කරන ගෞරවයක් වශයෙන්. (නි)
මෙලෙස ටිකෙන් ටික ප්‍රදේශයෙන් ප්‍රදේශයට වාරණ පැනවීමෙන් යම් පාලනයක් ඇතිකරගත හැකිය. කිරි පට්ටියකට හැරෙන්න හරක් වාහන වල ප්‍රවාහනය කිරීම තහනම් කරන මෙන් මම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමි. (නි)