IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පුලතිසි පුරෙන් හරකුන් ගේන්න බෑ

ජුලි පළමුවැනිදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මසට හරකුන් ප්‍රවාහනය  තහනම් කැරේ.

තමන් කඩුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී  මෙම තීරණය ගැනිණි.

මේ අනුව  පොළොන්නරුවේ සිට මසට හරකුන්  කොළඹ හා අවට නගර වලට ගෙන ඒම සපුරා තහනම් වේ .දිනකට බලපත්‍ර සහිතව  හරකුන් 250 ක් පමණ කොළඹට ප්‍රවාහනය කෙරේ.

හොරෙන් ප්‍රවාහන කෙරෙන සංඛ්‍යාව කෙතෙක් දැයි කිසිවෙක් නොදනිති. ගව ඝාතනයට එරෙහිව බෝඅත්තේ ඉන්ද්‍රරතන හිමි පසුගියදා මහනුවරදී ගිනි තබාගෙත අපවත් වුහ.

ගවයින් ප්‍රවාහනයට අවසර නොදෙන ලෙසත්  මේ පිළිබදව අවධානය යොමු කරන ලෙසත්  මෛත්‍රීපාල සිරිසේන මහතා   පොළොන්නරුව දිස්ත්‍රිත් ලේකම්  නිමල් අබේසිරි මහතාට  හා පොලීසියට උපදෙස් දී ඇත.



අදහස් (0)

පුලතිසි පුරෙන් හරකුන් ගේන්න බෑ

මාටින් Wednesday, 12 June 2013 11:52 AM

හොද තීරණයක් . (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 11 June 2013 08:15 PM

මෙලෙස ටිකෙන් ටික ප්‍රදේශයෙන් ප්‍රදේශයට වාරණ පැනවීමෙන් යම් පාලනයක් ඇතිකරගත හැකිය. කිරි පට්ටියකට හැරෙන්න හරක් වාහන වල ප්‍රවාහනය කිරීම තහනම් කරන මෙන් මම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

දයාරත්න Wednesday, 12 June 2013 12:00 PM

මේ උතුම් ශ්‍රිලංකාවේ අනික් පළාත්වලත් මේ විදයේ තීරන ගන්න කාලය ඇවිල්ලා. රටට යහපතක් වෙන්නේ මේවගේ තීන්දු ගත්තොත් පමණයි.(නදී)

:       0       0

රවිදු Wednesday, 12 June 2013 12:10 PM

ඔය ඇමති තුමා දන්නේ නැතිව ඇති වැඩි පුරම ගණිකාවෝ ඉන්නේ එය පලාතේ කියලා. ඒකත් නතර කරන්න බලන්න.(නදී)

:       0       0

විජේසිංහ Wednesday, 12 June 2013 12:15 PM

ශෙහාන් , උපාලි , චන්දා, ඔයාල කියන විදිහට එලදෙනුන්න් නොමරා, හරක් මැරුවට කමක් නැද්ද ? එතකොට එළුවෝ පව් නැද්ද ? ගස් වැල් අපට සෙවන දෙනවා, ඔක්ෂිජන් දෙනවා, ආහාර දෙනවා, ගස් වලට පන නැද්ද ? ගස් කැපීම හෙවත් ගස් මැරීම හොදද ? වැරදි මතයක් පතුරලා තියනවා ඉන්දියාවේ හරක් මැරීම තහනම් කියල, එයාල ගොඩක් අපනයනය කරනවා. දන්නෝ දනිති. ඉන්දියාවේත් ගවයා කියන්නේ සම්පතක් ඒ වගේම දෙවියෙක්, නමුත් එයාල අපිට වඩා බුද්දිමත්. හරක් මරපු කිසිම රටක හරක් වඳ වෙලා නැ. එක්කෝ කියන්න සියලු සතුන් මරන්න එපා කියල නැත්නම් ළිදෙන් එලියට එන්න. (නදී)

:       0       0

චන්දා Wednesday, 12 June 2013 08:34 AM

සමහරක්ට තාම තේරෙන්නේ නැහැනේ හරක් මරන්න එපා කියන්නේ මස් කන්න එපා කියලා කියන හන්දාම නෙමේ කියලා, ගව සම්පත රටේ පෝෂණ ක්‍රියාවලියේ වැදගත් කොටසක් ඉතින් මරන් කෑවම හරියයිද ? ඉන්දියාව මේක යස අගේට තේරුම් ගෙන තියෙනවා ඈත අතීතයේ පටන්.(අ)

:       0       0

අසංක ප්‍රදීප් Tuesday, 11 June 2013 04:49 PM

නියමයි ඇමතිතුමා. කරන්න තව තව ඔය වගේ වැඩ. ඔයා ඉස්සරහට යන එක කාටවත් නවත්වන්න බැහැ.(නදී)

:       0       0

අජන්ත Tuesday, 11 June 2013 09:33 PM

රණවීර-ඔබගේ අදහස හරි.(නදී)

:       0       0

නිහාල් Tuesday, 11 June 2013 09:33 PM

පොලිසිය පගා නොගත්තොත් වැඩේ සාර්ථක වෙයි (නි)

:       0       0

වරුණ Tuesday, 11 June 2013 04:49 PM

මෙය හරියට ක්‍රියාත්මක උනොත් ඉන්ද්‍රසාර හාමුදුරුවන්ගේ එක බලපොරුත්තුවක් හරියනවා. උන්වහන්සේට පිස්සු යයි කී අනෙක් ලොකු හාමුදුරුවරුන්ට කට උත්තර නැති වෙනවා.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 12 June 2013 01:15 PM

විජේසිංහ, අනිත් සතුනුත් මරණ එක නවත්වන්න ඕනෑ තමයි. ඔක්කොම එක සැරේට කරන්න බැහැ. ඉතින් හරක් මරණ එකෙන් පටන් ගත්තම තියෙන වැරැද්ද මොකක්ද ? අපි ඉන්නේ ළිදෙන් උඩ. ඔබ නම් පව සහ අකුසලය නමැති ලිදේ ගිලෙන බව පේනවා. මතක තියාගන්න ඔය ලිදේ පතුල අපාය කියලා. ඒ ගැන මට තියෙන්නේ කනගාටුවක් (නි)

:       0       0

නිරෝෂන් Tuesday, 11 June 2013 05:01 PM

අති විශ්ෂ්ඨයි ඇමතිතුමනි. සියලුම දෙනා අනුගමනය කරනවානම් කොච්චර හොදද?(නදී)

:       0       0

රුක්මල් Tuesday, 11 June 2013 10:02 PM

ඇයි මොකද්ද මේ හරක් විතරක් මරන්න හොඳ නැත්තේ. ඇයි එළුවට, ඌරට , කුකුල මරනකොට රිදෙන්නේ නැද්ද? හොඳට අනික් මස් කකා ඇයි මේ අපේ බෞද්දයෝ කියන්නේ හරක් මරණ එක විතරක් එපා කියලා. මොකද්ද මේ අබුද්දස්ස කතාව.(නදී)

:       0       0

උපාලි Wednesday, 12 June 2013 09:34 AM

චන්දා, ඔබ හරියටම හරි. බොහොම දෙනෙක් මේ කරුණු දෙක පටලවාගෙන අදහස් දාල තියෙන බව පේනවා. සිරිසේන ඇමතිතුමා කෙලින් වැඩකරන බොහෝවිට කැපිලිවලටත් ලක්වෙන ඇමතිවරයෙක්. මේකටත් බැනුම් අහන්න වෙයි. නමුත් වැඩියෙන්ම කිරි නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයක් වන පොළොන්නරුවට එතුමාගේ මේ ක්‍රියාව ඉතා වටිනා ආශීර්වාදයක් වේවි.(අ)

:       0       0

රණවීර Tuesday, 11 June 2013 05:09 PM

හරක් පණපිටින් ගෙනි යන්න තහනම් හින්දා මස් කරලම ප්‍රවාහනය කරයිද.? ඊට පස්සේ උසාවියේදී කීයයි අපි හරක් නෙමෙයි ප්‍රවාහනය කලේ මස් කියලා.(නදී)

:       0       0

සමන් පෙරේරා-සෞදි Tuesday, 11 June 2013 05:16 PM

බෞද්ධ අපේ රටෙන් මෙම ගව ඝාතනය සහ මුලින්ම තුරන්වේවා, බෞද්ධයනි ගව මස් කෑමෙන් වලකින්න.(නදී)

:       0       0

විජේසිංහ Wednesday, 12 June 2013 01:53 PM

ඉන්දික, මා ගැන කණගාටුවන ඔබට පින්. හරක් මස් කෑවයි කියලා සමාජයක් පිරිහෙන්නේ නැ නේද . හැබැයි සුරාවෙන්, සූදුවෙන් ගොඩක් පවුල් අනාථ වෙලා තියෙනවා නේද ?. සුරාවෙන් මිනිස්සු මැරෙනවා නේද ? අපි එතනිනං පටන් ගත්තෝත් නරකද ?(නදී)

:       0       0

ප්‍රියා Tuesday, 11 June 2013 05:20 PM

අපි ඔබ සමගයි. මෙන්න වැඩකාරයෝ. හදවතින්ම සුභ පතමි.(නදී)

:       0       0

ද සිල්වා Tuesday, 11 June 2013 05:27 PM

දේශපාලන බලපුලුවන්කරයෝන්ට මේවා ඔට්ටු නැහැ. හරක් මස් මිල වැඩි උනහම බොහොම හොඳින් ජාවාරම කරගෙන යාවි.(නදී)

:       0       0

පෙරුමාල් Tuesday, 11 June 2013 05:36 PM

මේක හින්දු රටක්ද නැත්නම් බෞද්ධ රටක්ද? මම නම් හරක් මස් කන්නෙ නෑ(නදී)

:       0       0

පුන්සිරි Tuesday, 11 June 2013 06:02 PM

අනේ දැන් ඉතින් මස් කන්නේ කොහොමද? (නි)

:       0       0

මහින්ද Tuesday, 11 June 2013 11:29 PM

පොලොන්නරුවේ හරක් වයසට ගිහිල්ලා මියයාවි (නි)

:       0       0

විපුල් Tuesday, 11 June 2013 11:59 PM

හරක් මරණ එක නවත්වන එකනම් ගොඩක් හොදයි.ඒ වගේම එල කිරි නිෂ්පාදනය කරලා මේ රටේ දරුවන්ගේ පෝෂණයත් ඉහල නංවන්න වැඩපිළිවෙලක් සකස් කරනවා නම් ගොඩක් හොදයි. (නි)

:       0       0

සම්පත් Tuesday, 11 June 2013 06:26 PM

හොද දේට අපි හොදයි කියනවා. ඔබතුමාට අපේ ප්‍රණාමය. (නි)

:       0       0

දම්මිකා සෞදි Wednesday, 12 June 2013 12:15 AM

ලොකු හාමුදුරුවෝ කියන කතාව ඇත්තයි කොහොම වුනත් ඉන්ද්‍ර රතන හාමුදුරුවන්ටත් පින් සිද්ධවෙනවා ඇමති තුමා කරන්න යන වැඩේ සාර්තක වුනොත් ඔබට පින්සිද්ධවෙනවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 11 June 2013 06:37 PM

මොනවහරි කරල ඡන්ද එකතු කරගන්න ඔබතුමාට තියන කෑපිලි වල හෑටියට හරක් හරි උදවු කරයි.(නදී)

:       0       0

විජේසිංහ Tuesday, 11 June 2013 06:41 PM

බලපත් සහිතව ප්‍රවාහනය තහනම් වුණත් හොරෙන් ගෙනියන කට්ටිය ගැන නම් විශ්වාසයක් තියන්න බැහැ නේද? (නි)

:       0       0

විජේසිංහ Tuesday, 11 June 2013 06:42 PM

අනේ මාළු ප්‍රවාහනයත් නවත්තන්නකො. අපි කන්නේ මාළු නැති මාළුපාන්. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 12 June 2013 01:15 AM

කුකුලෝ, එළුවෝ,මාළුවෝ සහ මදුරුවෝ මරනවට විරුද්ධවත් සටන් කළ යුතුයි. ඒවත් පව් වැඩ. (නි)

:       0       0

සමන්ති Wednesday, 12 June 2013 01:49 AM

අන්තිමට වෙන්නේ ඇමෙරිකාවෙන් ටින් කළ හරක් මස් ගේන්න. එතකොට රටේ ආර්ථිකයටත් හොදයිනේ. මොකද රටේ ඉන්න හරක් මස් කන අය වෙන මොනවා කන්නද. (නි)

:       0       0

ශිරළ් Tuesday, 11 June 2013 07:07 PM

පව් අරක්කු බොන කොට බයිට් නැති වෙයි අපේ කට්ටියට.(නදී)

:       0       0

ශෙහාන් Tuesday, 11 June 2013 07:05 PM

විජේසිංහ, මාළු කිරිද බොන්නේ? මාළුවයි එළහරකයි සමාන කරන්න එපා. එළ හරකා ගම්බද ජනතාවගේ ජීවනාලියයි. එළහරක් රැක්කොත් විෂ පිටිකිරි වලින් රට ඇදෙන සල්ලි නවතා දැමිය හැකියි. (නි)

:       0       0

වසන්ති Tuesday, 11 June 2013 07:09 PM

මෙය ඉතා හොඳ තීරණයක්. අනිත් පැති වලත් ක්‍රියාත්මක කල යුතුයි. ඇමති තුමාට ගොඩක් පින්.(නදී)

:       0       0

ජ හේරත් Wednesday, 12 June 2013 05:42 AM

කරනවා නම් 100% ම සාර්ථක වැඩක් තියෙනවා. ලංකාවේ තියෙන සියලුම මස්කඩ ටික වහලා දාමුද ?එතකොට ප්‍රවාහන ප්‍රශ්නේ ගෙන ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ නේද ? අපවත් වුණ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ටත් පින් සිද්ද වෙනවා (නි)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 12 June 2013 11:24 AM

ඉතාමත් හොඳ තීරණයක්. මේ විදිහට අනෙත් ප්‍රදේශ වල අයටත් මොලය පෑදුනොත් හොඳයි. එසේම වේවා කියලා පතනවා.(නදී)

:       0       0

සුසිල් Tuesday, 11 June 2013 07:19 PM

මේ තීරණයට ගුණ ගරුක, බොන කිරිවලට කෙලෙහි ගුණ දන්නා සැමගේ ප්‍රණාමය හිමි වෙනවා. අනිත් පළාත් සබාත් මේ තීරණය ගන්න අර දිවි පිදු හාමුදුරුවන්ට කරන ගෞරවයක් වශයෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1431 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 908 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1389 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 983 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 558 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1018 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site