මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයෙහි පැල්පත් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට එරෙහිව එම පැල්පත්වාසීන් සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් අද (10) මාලිගාවත්තේදී උද්ඝෝෂණයක් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර,රවී කරුණානායක,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් ,නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුද එහි වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමරන,මේ ඇත්තමද? මෙයාලගේ මුහුනු වලින් නම් ඒ බවක් තමා පේන්නේ. පැල්පත් තියෙන තරමට මෙයාලට වාසි ඇති. (නදී)
ටිකක් ඉන්න මොහොමඩ්. ඔන්න අපි ඔයා කියන දේ ඇහුවා..අත තියන්නේ නැහැ යන්ත්‍ර වලින් ඉවර කරලා දෙන්නම්. ටිකක් ඉන්න. (ස)
අපිත් කියන්නේ මේවා කඩන්න අයිතියක් නැහැ.අත නොතබනු! (නි)
දැන් ලංකාවේ අසරණයන්ට ඉතිරි වෙලා තිබෙන්නේ මාවත් දෙකකි.එකක් මැරෙන එක. අනික මැරෙන්න හෝ උද්ඝෝෂණ කරන එක. (ස)
මේ යන ක්‍රමයට අපේ නිවෙස් වලින් පන්නන දවසත් වැඩි ඈතක නැහැ. (ස)
ඔසාන් සලාම් - කටාර්. ඔබගේ අදහස නිවැරදියි. (ස)
ඔසන් සලාම් - කටාර්, නිවැරදි කියමනක්. ඒ වගේම මේ මිනිස්සුන්ට වටහා දිය යුතුයි ඉදිරියට ඔවුන්ට ලැබෙන්න යන නිවාසවල, පරිසරයේ තිබෙන වටිනාකම. (ස)
විජේ, එල්ලෙන්න වැල් නැතුව ඉන්නේ විපක්ෂය නෙමෙයි අපි.(නදී)
මෙතන වෙලා තියන්නේ වැලේ වැල් නැති දේශ පාලුවො ටිකක් පෝස්ටර් ටිකක් මිනිසුන්ට බෙදා දීලා එයාලව කුලප්පු කරලා පාරට බස්සවලා තියන්නේ. ඒකයි ඔක්කොම එකම විදිහේ පෝස්ටර්. මේ මිනිස්සුත් කැමති නැතුව ඇති මේ නරකාදී වැඩ වලින් ඉවත් වෙලා හොඳ නිවාසයකට යන්න.(නදී)
කොළඹ නගරය නවීකරණය වෙද්දී එහි එක් ප්‍රතිපලයක් තමයි අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම.අද යු.එන්.පි.ආණ්ඩුවක් සිටියත් කරන්නේ ඒකම තමයි..මේ වෙනකොට එල්ලෙන්න වැල් නැතුව ඉන්න විපක්ෂෙට මේ වගේ පොඩි සිද්ධීන් පේන්නේ පිදුරු ගහත් පොල් ගහක් වගේ.සාමාන්‍ය මිනිස්සු කරන විරෝධයකට හොම්බ දාලා ලකුණු දාගන්න බලනවා.මේ අනවසර ගෙවල් කැඩුනට ඒ වෙනුවට ඊට වඩා හොඳ ගෙවල් ලැබෙනවා. (ස)
කොළඹ නගරයේ අනවසර ඉදි කිරීම් 99% ක් වෙන්නේ කාගෙන්ද කියල කියන්න අවශ්‍ය නැහැ...ගහගන්න පුළුවන් හැම තැනකින්ම මොකක් හෝ අටවා ගෙන ඒකට හිමිකම් කීම තමයි කට්ටියගේ උපක්‍රමය..මෙයාලව ඉවත් කරනවා නම් ඒකට යම් ක්‍රියා මාර්ගයක් අරගෙන ඇති නීත්‍යානුකූලව..නීතියක් තියෙනවා නම් එම නීතිය ක්‍රියාත්මක විය යුතුයි..ජාති ආගම දේසපාලන බේද නොසලකා සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කර නගර මංමාවත් පදික වේදිකා මහජනයාට විවෘත කරවිය යුතුයි... (ස)
අනේ මේ අසරණයෝ විශ්වාස කරලා ඇවිත් ඉන්නේ මේ අයවද?? මඟ අත ඇරලා යයි. (ස)
වතු නැති කරනවා නම් කොලඹ හැම වත්තක්ම නැති කරන්න. එක තැනක අයින් කරලා තව තැනක ඉතුරු කරන්නේ කොහොමද? (නදී)
මංගලත් ඔය දේම කළා. (නදී)
ඕසන් සලාම් ඔය කියන විදියටම වැඩේ කරන්න කියල නාගරික සංවර්දනේට කියමු.(නදී)
කොටින් ට කඩේ යන රැලම එකට එකතු වෙලා ! මංගල,වික්‍රම බාහු,රවී ලා ගැන බහුතර ජනතාව දන්නවා . (නදී)
ප්‍රථමයෙන්ම කළයුතු වන්නේ තමන් ජීවත්වූ නිවෙස් ඔවුන්ගේ ඇස්පනා පිටම කඩා දැමීම නොව ඔවුන් වෙනුවෙන් නිවෙස් තනා එහි ඔවුන් පදිංචි කර ඉන්පසුව කඩා ඉවත් කිරීමයි. ලොව කිසි කෙනෙකුත් තමන් ජීවත් වන්නාවූ නිවාස තමන් ඉදිරියේ කඩා දැමීම අනුමත නොකරති. එසේ කිරීම මිනිස් අයිතිවාසිකම් උදුරා ගැනීමකි. (ස)
ඔතන ඉන්නා 99% ගෙවල් තියෙනවා.ඔය පැල්පත් මුල් කොටගෙන ගොඩක් නීති විරෝධි වැඩ කරනවා.ඒවාට රැකවරණය දෙන්නෙ කුහක දේශපාලුවෝ.ඒක නිසා ඉවත් කරන්නම ඕනී.ඔතන ඉන්න ඔය නායකයන්ට ගොඩක් වේදනාවක් තිබේ නම් ඒ අයගේ නිවාස ඉදිරිපිට මෙම පැල්පත් පිහිටුවා ගන්න කියන්න. (ස)
මංගල සමරවීර ,රවී කරුණානායක, වික්‍රමබාහුට හරි සතුටුයි.(නදී)
ලගදිත් පැල්පත් අයින් කරපු අයට ගෙවල් බෙදලා දුන්නා. වන්දිත් එක්ක. මෙයාලටත් ක්‍රමයක් හදල ඇති. අනවසර ඉදිකීරිම නම් ප්‍රශ්නයක් වෙයි. හැබැයි මේ යන විදියට මිනිස්සුන්ව පාරට ඇදලා දාන්නත් බැරි නැහැ. ඔය සහභාගී වෙලා ඉන්න පක්ෂ වල අයනම් මිනිස්සුන්ට අනුකම්පාවට නෙවෙයි අනුන්ගේ පහනෙන් එලිය බලල ජන්ද ගන්න ආව අය. (නදී)
චෝගම් වලට පාරවල් හදන්න, වරායවල් හදන්න, ගුවන් තොටුපොළ හදන්න ඕන තරම් අපේ රටේ සල්ලි තියනවා. දුප්පත් මිනිස්සුන්ට ගෙයක් හදල දෙන්න, ජීවන වියදම අඩු කරන්න විදිහක් නැහැ කොමිස්ගන්න, පගා ගහන වැඩ නිසා.(නදී)
ඇපැල් වත්ත ගැන පසුගිය දවස්වල පුවත් පත්වල විස්තර තිබුනා.හොඳ ඒවා නොවෙයි.නමුත් කූඩැල්ලව කොට්ටෙ උඩ තියන්න බැරිකමකුත් තියෙනවා. (ස)
දුක් වෙන්න එපා මිනිසුනේ. ඔයාලට ඔය අපායට වඩා හොඳ ගෙවල් ලැබෙයි. (ස)
නාගරික සංවර්ධ අධිකාරිය මේ අයව අයින් කරන්න කලින් මෙයාලාට වෙන තැනකින් ඉඩම් දීලා ගෙවල් හදාගත්තාට පස්සේ මේ පැල්පත් කැඩුවා නම් තමයි හොඳ.... ඒත් අපි කිව්වා කියල ඕවා අහන කෙනෙක් ඉන්නවාද? (ස)
මේ මිනිස්සුන්ට ගෙවල් එපා නම් ඔහොමම ඉන්න දෙන්න. එයාල කැමති ඇති ඒ ජිවිතේට. (ස)
මේ දුප්පත් මිනිසුන්ගේ පැල්පත්වලට ගිහිල්ලා පිල උඩ ඉදගෙන ඉදලා ඒ මිනිස්සුන්ගේ ඡන්දයෙන් බලයට ඇවිත්ලා දැන් ඒ පැල්පත් දකිනිකොට ලැජ්ජා හිතිලද මෙහෙම කරන්නේ. සුපිරි නගරයක් කරන්න හදන සුපිරි දේශපාලකයිනේ මේ සුපිරි වැඩ කරන්න කලින් මේ මිනිස්සුන්ට ඉන්න තැනක් හදලා දෙන්න. (නදී)
මේ සමහර අයට ගෙවල් දෙක තුන තියනවා. මේ ගැන හොයා බලන්න ඕනි. මේ මුණු වල කිසිම කණගාටුවක් පේන්න නෑ. (නදී)
වික්‍රම බාහුට බැරිද තමිල් නාඩු වෙන් පැලක් අටවා ගෙන ලංකාවට වද නොදී ඉන්න.(නදී)
මේවා කඩා ඉවත් කරන්න ඕනි තමයි .වැලේ,වැල් නැති තමන් කරන්නේ මොක්ක් ද කියල දන් නැති පක්ෂයකට අවස්ථා වාදී සුළු තරයකට ලකුණු දා ගන්න මේක ලොකු අවස්ථාවක් වේයි . (නදී)
මෙම අනවසර ඉදිකිරීම් කඩා දැමීමට පෙර ඔවුන් සදහා විකල්පයක් දිය යුතුයි. මෙම පිරිසට කොලඹ නගර සීමාවෙන් පිට ගෙවල් ලබා දෙන්න.(නදී)
මේ දේශපාලකයින් ක්‍රියා කරන්නේ මේ මිනිසුන් පාරට ඇදල දානවා වගේ.(නදී)