ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් තලෙයිමන්නාරමේ සිට පාලමක් ඉදිකිරීමට ඉන්දියා රජය හෝ ශ්‍රී ලංකා රජය කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය.
එවන් අමනෝඥ හා දේශද්‍රෝහි ක්‍රියාවන් රජය කිසිසේත් සිදු නොකරන අතර රජය අප්‍රසාදයට පත් කිරීමට කරන මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනපති කිවේය.
තලවතුගොඩ, ගනේලන්ද විහාරස්ථානයේ අද (10) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනපති ඒ බව සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බෞද්ධාගම පිළිබද ඡේද ඉවත් කරමින් මේ රට අනාගමික රටක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට නව රජය සූදානම් වන බවට පටු දේශපාලන අන්තවාදීන් ගෙන යන අසත්‍ය ප්‍රචාර ද තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව සිරිසේන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් මහතා සමඟ මම එකඟයි. ඔබට ජය! (නි)
චතුරි, පාද යාත්‍රාව ගැන විතරක් උලුප්පන්න එපා, ඔයාට මතක නැද්ද දැන් ඉන්න අය ඒ කාලේ ආණ්ඩුවට විරුද්ධව පොළේ ගියා, කොල්ලුපිටිය හන්දියේ හෝන් නාද කළා. රටේ තියෙන ප්‍රශ්න සියල්ල ජාතිත්‍යන්තරයට මවලා පෙන්නුවා. තව කියන්න බොහෝ තියෙනවා. අනේ චතුරි ඔයාට සතුටුද දැන්. (නි)
මෙතුමා හදන්නේ නැහැ කියලා කිවුුවොත් එ්ක අනිවාර්යෙන් හදනවා කියලා අපි හිතාගන්නවා. වැට් එක ගහන්නේ නැහැ කියලා පුරසාරම් දෙඩුවට පහුවෙනිදා වැට් එක ක්‍රියාත්මකයි. අපිට තේරෙන දෙයක් තමයි තීන්දු තීරණ ගන්නේ මෙතුමා නොවන බව. අපට තිබෙන්නේ යහපාලනය ගැන කළකිරීමක් පමණි. (නි)
එහෙම නොවෙනවා නම් ලොකු දෙයක්. පේනවනේ, අද මුළු ලෝකෙම ඉන්දියා ආක්‍රමණ එමටයි. (නි)
ඉන්දියා ගිහින් එකක් කියනවා. ලංකාවේ අපට එකක් කියනවා. දෙවියෝවත් දන්නේ නැතුව ඇති මොකද වෙන්නේ කියලා (නි)
බොරු කතා හදන එකයි මේ හැමදේටම මුල.(හේ)
පාලමක් හැදුවොත් ලංකාවත් ඉංදියාවේ ප්‍රාන්තයක් තමයි.(හේ)
එහෙනම් හොදයි.(හේ)
ජාත්‍යන්තර විනිසුරන් මෙරටට නොගෙන් වීම මෙන්ම, පාලම් කතාවද යථාර්තයක් නොවේවා ! (හේ)
මම නම් කියන්නේ මේ පාලම කොහොමහරි ඉක්මනින් හදන්න. ලෝකය ගැන දන්නේ නැති මිනිස්සු මේවට විරුද්ධ වුණාට බලන්න සෞදි අරාබියයි බහරේනයයි කිලෝමීටර් 25 දිග පාලමකින් යා කරලා තියෙන්නේ. එ්කෙන් රටවල් දෙකටම වාසියි. නිකන් මේ දෙහිවල පාලම වගේ එහාට මෙහාට යන්න ඒවායින් බැහැ, සල්ලි අය කරනවා. මේ අපේ මිනිස්සු හිතන විදිහට ඕනෑම හොරෙකුට තක්කඩියෙකුට එයින් යන්න බැහැ. බලන්න ලංකාවයි ඉන්දියායි අතර පාලමක් හැදුවොත් දඹදිව යන්නම කොයිතරම් ලේසිද? (නි)
දහම් මහතා කියනවා වගේ දේශපාලකයන් බොරු කියන එකේ සීමාවක් වගේම දේශපාලකයන්ගේ පුත්තු හොරකම් කරන එකෙත් සීමාවක් තිබිය යුතුයි නේද? (නි)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ (නි)
එහෙම නම් සොරිම තමයි. අර වැට් බද්ද වගේ පාලම හැදෙන එක අනිවාර්යයි. මොකද එතුමා වැට් එක ගැන කිව්වීත් ඔහොමනෙ (නි)
පිටරට වල තිබෙන ප්‍රශ්න මේ රටට ගෙනෙන්න එපා ලලිත්. ඔබට මේකේ බරපතලකම නොතේරෙන නිසා තමා මේ වගේ ප්‍රකාශ කරන්නේ. (නි)
ඒකාබද්ධ විපස්ෂය යැයි කියාගන්න මේ අය පාලමක් ගැන කතා කරන්න පටන්ගත්තේ පැරදුන රජ යළිත් පුටුවේ හිඳුවා වංචා, දුෂණ, ඒ කාලේ කරපු මදාවිකම්, තක්කඩිකම් ආදිය යට ගහන්න මිස වෙන මොනවාටද? (නි)
වැරැදුණාට පස්සේ දැන් කියනවා බොරු කතා කියල අායිමත් අපි රැවටෙන්නේ නැහැ මහත්තයෝ (බ)
ඔයාල තොත්ත බබාලා ගානටද. රටේ බුද්ධිමත් පුරවැසියන්ව දකින්නේ ? එහෙම දෙයක් රනිල් සමග ඉන්දියාවේ අගමැති කතා නොකළානම් හින්දු ටයිම්ස් පුවත්පතේ පල කරනවාද? ඉන්දිඅන් රජය ලැබූ ලොකුම ජයග්‍රහණය තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරට අතර ඉදිවෙන පාලම,(බ)
මෙතුමා මෙහම කීවට රනිල් අගැමති තුමා එක්ක වෙන කතාවක් කියාවි.අන්තිම දේ පාලම හදල විතරක් නෙමෙයි කොළඹ සිට තමිල්නාඩුවට දුම්රිය ගමන්වාරයක් ආරම්භ කරාවි.එවිට අපිට කරදරයක් නැතිව දඹදිව වදින්න යන්න පුළුවන්. ඒ නිසා මේ පාලම හදන එක කොච්චර හොදයිද. (බ)
මෙයා නෑ කියුවනම් ඉතින් අනිවාර්යයෙන් ඔය පාලම හදනවමයි. මෙයා නමට ජනාධිපති . (බ)
පාලම හැදුවා කියලත් ඉදිරියේදී දැනගන්න වෙන්නේ පත්තරෙන් තමා. (නි)
නැහැ ඉතින් ඔබතුමාත් නොදැන, පත්තරෙත් නොදා කරපු දෙයක්ද දන්නේ නැහැනේ ඔය පාලම...
මේක බොරුවක් කියලා කියන්න මේ වෙනකම්ම හිටියද. (නි)
අයියෝ ජනාධිපතිතුමනි , ගම්මන්පිල මහත්තයාගේ ආතල් කඩන්න එපා.(රේ)
ජනාදිපති තුමා මෙයත් පත්තරයේන්ද දැනගත්තේ(රේ)
මේ ඔබතුමා අපට කියන දේ. එහෙත් සිදුවෙන්නේ අනෙකක්. උදා: වැට් බද්ද. උදාහරණ තව ඕන තරම් දෙන්න පුළුවන්.(රේ)
සමහර දේශප්‍රේමීන්ගේ පවුල් ඇමෙරිකාවේ සැපට ජීවත්වෙනවා කියලා අපි දන්නවා (නි)
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාව පත්කර ගත්තේ වැටුණු රට බේරාගැනීම සඳහා. කෙසේ වෙතත් පාලම් අපට එපා. නව ගිවිසුම් අපට එපා. මෙහෙම වෙන්න ගියොත් පහුගිය රජයට වුණදේම මේ රජයටත් වේවි (නි)
කොහොමහරි දැනගෙන මෙහෙම ජනතාව දැනුවත් කරන එකත් ඉතා වැදගත්ය. නැත්නම් දේශපාලන අනාථයන් කියන දේ පිළිගන්නා සමහරක් අය මුලාවීමට පුළුවන්. (නි)
ජනතාවගේ සිහින විනාශකරන්න එපා (නි)
මගේ අම්මෝ, එ්ක කියන්න ගිය කල්?? (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා ඉදිරියේදී? (නි)
චතුරි, ඔයාගේ මොළය කරවෙලා වගේ පෙනෙන්නේ. රජයේ ඇමති කෙනෙක් තමයි ඉන්දියාවේදී පාලම ගැන කිව්වේ, අව්වේ ගිය අය නොවෙයි. (නි)
පාද යාත්‍රාවෙන් පසුව. කට්ටියම විකාර කතා. දොඩවනවා අව්වට වෙළුන වැඩිකමට දිය පට්ටා ඇවිත් තියෙන්නේ ඔලුවේ. වේදනාව වැඩි කමට මේ කතා කියන්නේ (රේ)
චතුරි දකින්නේ පාද යාත්‍රාව විතරද? අර කාගෙවත් කාර්වල හෝන් ගහනකොට, කුස්සිවල වළං පිඟන් සද්ද කරන්න කියනකොට ඔයා කොහෙද හිටියේ (නි)
සමහරවිට ඔබතුමාටත් ආරාධනාපත් දෙයි එ්ක විවෘත කරන්න. පත්තරේ දැම්මොත් නම් හොඳයි (නි)
ජනපතිතුමනි, කොළඹ වරාය බදු රහිත විවෘත වරායක් කරලා මේ පාලම ඉදිකරන්න. මේ පාලම ඉදිකරලා දුම්රිය මාර්ගයක් ඉදිකරන්න. ඉන්දියාවටත් විශාල ආර්ථික වාසි සැළසෙනවා. ලංකාවෙත් කොළඹ නගරය හා වරාය විශාල දියුණුවක් ලබනවා. ඇයි මේ දේ කරන්න පසුබට වෙන්නේ. කව්රු දේශපාලන වාසි වෙනුවෙන් විරුද්ධ වුණත් ඒවාට සැළෙන්න එපා. (නි)
පොඩ්ඩක් මේක කියවලා බලන්නකෝ. http://www.ndtv.com/india-news/india-sri-lanka-bridge-on-cards-nitin-gadkari-1394494 (නි)
චතුරි, මේ ප්‍රකාශය කරලියට ආවේ ඉන්දීය අමාත්‍යවරයෙකුගෙන් නොවේද? ඔහුත් ඔබ කියන ලෙස පාද යාත්‍රා ගියාද..?? (නි)
දේශපාලකයෝ බොරු කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑනේ. නේද? (නි)
ඒ කියන්නේ බොරු කියලා ජනතාව මුලා කරන ඇමතිවරුත් ආණ්ඩුවේ ඉන්නවා. නේද? (නි)
කවුරු ඇත්ත කියනවද, කවුරු බොරු කියනවද කියලා මට හිතා ගන්න බැහැ. ඔය කියන කතාව අපි ඇත්ත කියලා පිළිගනිමු. එතකොට ඒ බොරුව හැදුනේ කොහොමද? මම අහලා තියනවා හැම බොරුවකම ඇත්තක් තියනවා කියලා. (නි)
ඇත්ත ඇත්ත. මෙතුමා ඒක දැනගන්න විදියක් නැහැ තවම. (නි)