(අංජුල මහික වීරරත්න)
පෝලිම් වල හිටපු මිනිසුන්ට ගෙවල් වලට යන්නට හැකියාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 25 වතාවක් රට ගොස් ජාත්‍යන්තර සහාය ගෙන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදුන් නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රනිල් 25 වතාවක් රට ගියා යැයි ආණ්ඩුවේ උදවිය කරන චෝදනා විහිළු සහගත බව කී අබේවර්ධන මහතා රනිල් එලෙස රට නොගියා නම් අද චෝදනා නගන අය ඇතුළු මුළු රටම තාමත් පෝලිම් වල බව සඳහන් කළේය.
රනිල් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රට ඔසවා තැබීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වී කටයුතු කළ නමුත් ඒ දේවල් තැන් තැන් වල කීමට කාලය වැය නොකළ බව අබේවර්ධන මහතා සඳහන් කළේය.
ගාල්ල හිනිදුම මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෝලිම් වල මිනිස්සු ගෙදර ගියේ රනිල් රට ගිය නිසා
රම්බොඩ Wednesday, 29 January 2025 01:40 PM
රනිල් මහතා යමක් කළා තමයි. නමුත් මොන හේතුවක්ද මන්දා සාමාන්‍ය ජනතාව ඔහුව විශ්වාස කරන්නෙ නෑ. මේවර නම් මාලිමාවේ පච ලොරි වලට ජනතාව යට වුණා විය හැකියි. රටට හොඳක්.වෙනව නම් කවුරු වුණත් කමක් නෑ. පක්ෂ බදාගෙන ඉඳීම තමයි නරකම දේ.
බකල ජයා Wednesday, 29 January 2025 01:52 PM
රට බල්ලට ගියා, බල්ල රට ගියා වගේද මාත්තයෝ ...
karolisWednesday, 29 January 2025 02:40 PM
දැන් ඉන්න නැව් බොරු කාරයෝ රට ගිහිල්ලත් මිනිස්සු පෝලින් වල
Sra Wednesday, 29 January 2025 02:14 PM
රනිල් නොහිටියා නම් අද රට සිම්බාබ්වේ වගේ තමයි...
බකල ජයාWednesday, 29 January 2025 04:24 PM
රටේ හැඩේද? එච්චර ඉක්මනට රටවල් වෙනස් වෙනවාද? දැනගන්න ඇහැව්වේ.
G. Amila sampath Thursday, 30 January 2025 07:51 AM
සහතිකම ඇත්ත වුණත් මොළේ විකෘති වෙලා මුල්ලේරියාවේ ප්‍රතිකාර අවශ්‍යව සිටින එවුන්ට ඒ බව තේරුම් ගන්නම බැහැ. කොහොම වුණත් පිටකොටුවේ සහල් වෙළෙන්දෝ වර්ජනය කළොත් නැවතත් සිරිමාගේ ආණ්ඩුව කාලයේ වගේ සතොසේ නැත්නම් සමුපකාරේ පෝලිම්වල තපින්නම වෙනවාමයි (දැනුත් පෝලිම් තියෙන එකම වෙළෙඳ ආයතනය සතොස පමණයිනේ) ඒක වළක්වන්න වෛමාටවත් පුළුවන් කමක් නැතිවේවි...!
sudath Wednesday, 29 January 2025 02:17 PM
ලංකාවට කෙළවෙන්න එක හේතුවක් තමයි ඔන්න ඔය බකල ජයා වගේ ගැලරි අදහස් දරන මිනිස්සු සිටීම...
බකල ජයාWednesday, 29 January 2025 04:22 PM
suduh, ගැලරි කිව්වේ ආර්ට් ගැලරිද? ෂෝක්නේ. තැන්කූ ඈ. මම අර මාතියාගෙන් ප්‍රශ්නයක් ඇහැව්වේ. උත්තරේ සරලයි. ඔව් හරි නෑ හරි.
NISHANTHA Wednesday, 29 January 2025 02:22 PM
මෝඩ කතා...
ravin Wednesday, 29 January 2025 02:26 PM
අර ජනපති කාර්යාලයේ කුස්සියේ තිබුණු දේවල් දිහා බැලුවා නම් කාට කාටත් හිතාගත හැකි වෙයි රට ගියේ ඇයි කියලා?
ජයනාත් Wednesday, 29 January 2025 02:33 PM
මොන රටෙන්ද මහත්තයො ආධාර දුන්නේ .. ඉන්දියාව චීනය හැරෙන්න . මෙහෙම රට දුවන්නේ අයිඑම්එෆ් නිසා .. නැතුව රට සවාරි නිසා නෙවෙයි .
පිටරටවැසියා Wednesday, 29 January 2025 03:09 PM
පෝලිම්වල හිටපු මිනිස්සු රටගියා ජීවත්වෙන්න විදිහක් හොයාගන්න. රටකාපු කාලකන්ණි ටික ගෙදරම යැව්වා මැතිවරණයෙන්. මේ වගේ හැතිකරේ හින්දා තමයි, රටට මෙච්චරම කෙළ වුණේ...
Bandula Wednesday, 29 January 2025 03:54 PM
ඇත්තටම මේ මිනිස්සුන්ට පරාද වෙලාවත් ජනතාවගේ බලාපොරොත්තු හිතන්න මොලයක් ඇත්තේම නැද්ද මන්දා...?
Nihal Dharmatileke Wednesday, 29 January 2025 04:53 PM
අපි කවුරුත් දන්නවා රනිල් කවුද කියලා... ඔහේ මොනවා කිව්වත් රනිල් ඉවරයි.
karolisWednesday, 29 January 2025 05:48 PM
මාලිමාකාරයොත් පට්ට බොරුකාරයෝ කියලා දැන් අපි දන්නවා. මාලිමාවත් ඉවරයි කියලා සමුපේ ඡන්ද වලින් කියනවා. ආන් හරක් කටාත් නිදහස් කරලා.
Neel Wednesday, 29 January 2025 06:40 PM
රනිල් වික්‍රමසිංහ මහතා 25 වතාවක් රට රටවල ගිහිල්ලා ලන්කාවට ගෙනාව එක ආයෝජනයක් තමයි කුලියාපිටියේ වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව... හැමෝටම අමතකවෙලා ඒ බව...!
හසකWednesday, 29 January 2025 10:18 PM
ඒක වෙන්ඩ ඇති එක ගෙදරට වොක්ස්වැගන් තුන හතර ගානේ තියෙන්නේ. ඒවා හරිම ලාබ වෙලා. එකක් ගත්තොත් දෙකක් නිකං දෙනවා...
ගමේ එකාලා Wednesday, 29 January 2025 07:58 PM
මහ බැන්කුව හොරාකන්න ඉඩදීලා බලාගෙන හිටපු පින් ජනපතියා කෙරුවේත් දූෂිත පවුල් පාලනේ අයව රැකපු එක. 2048 වෙනකම් බලාගෙන ඉන්ඩනේ කිව්වේ රට ගොඩදානකම්...?
පිටරටවැසියා Wednesday, 29 January 2025 08:27 PM
මෙයාලාගේ පක්ෂෙ හිටපු මහලේකම්තුමා වරක් ප්‍රසිද්ධියේ කිව්වා (මහලේකම් වෙන්න කලින්) පරපුරක් නැති කෙනෙක් පරපුරකට කරන්නේ කොහොමද කියලා? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා හිටියා නම් අනිත් ඒවාට කලියෙන්...