උතුරේ පලෙයි සිට කොළඹ බලා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය අනුරාධපුරයේ දී ඉරිදා රාත්‍රී 11.30 ට පමණ පීලි පැන්නේය. වෙනත් දුම්රිය ඇංජිමකින් මැදරි ආපස්සට ඇද පීලි ගත කල අතර එම දුම්රිය කොළඹ බලා පිටත් වුයේ අද අලුයම 1.30 ට පමණය.
මේ අනතුරින් කිසිවෙතුටත් කුවාල සිදු වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දැන් සාමාන්‍ය දේවල් අපිට... (නි)
රේල් පාරවල් වල යන්නේ නැතුව දුම්රියත් මහා පාරටම දැම්මා නම් ඉවරයි (නි)
ඔයින් ගියා ඇති. (ස)
ශ්‍රී ලංකාවේ කොයි වැඩේද හරියට කෙරුනේ.(නදී)
අනේ මන්දා කට්ටිය ඕනවට,එපාවට වැඩ වගේ. කව්රු මොනදේ කලත් වගකීමෙන් බැහැරව ඒවාට ගෙවිය යුක්තේ අහිංසක මහජනයා. (නදී)
මෙහෙම රටක තමයි න්‍යෂ්ටික බලාගාර හදන්න කතා කළේ ටික කලකට ඉස්සර. (ස)
අලුතින් මාතර කතරගම දුම්රිය මග හදනවට වැඩිය අබලන් දුම්රිය මාර්ග අලුතින් හැදුවොත් හොඳයි නේද? (නදී)
පෙනෙන විදිහට අපේ මිනිසුන් බහුතරයක් සූදුවට සුරාවට ඇබ්බැහේ වෙමින් තමුන්ගේ රාජකාරිය සහ වගකීම ඉටුනොකිරීම සහ වැරදි කරන අයට දඩුවම් නොකිරීම. මෙය ඉහල සිට පහල සියලු දෙනාට සත්ත්‍යක්.(නදී)
පෙනෙන විදිහට අපේ මිනිසුන් බහුතරයක් සූදුවට සුරාවට ඇබ්බැහි වෙමින් තමුන්ගේ රාජකාරිය සහ වගකීම ඉටු නොකිරීම සහ වැරදි කරන අයට දඩුවම් නොකිරීම. මෙය ඉහල සිට පහල සියලු දෙනාට සත්ත්‍යයි.(නදී).
මේකට නම් පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතුය . කඩාකප්පල්කාරී වැඩක් විය හැකිය (ස)
දුම්රිය දෙපාර්තමේන්තුවට කොඩි විනයක් වැදිලා වත්ද? එක දිගට කරදර. (ස)
මේ දුම්රිය එන්ජින් සහ මැදිරි අවුරුදු 50 කට වඩා පරණ ඒවා. භාණ්ඩාගාරයට එකතුවෙන මුදල් වලින් කොටසක් මෙම මුදල් දුම්රිය සේවයට වියදම් කළා නම් මේ වැනි අනතුරු වෙන්නේ නැහැ. කොහෙද ඉතින් අපේ පාලකයෝ මේ දවස්වල යන්නේ උඩින්නේ. ඡන්ද කාලෙට තමයි නේ ටිකක්වත් බිමට බහින්නේ (ස)
තමන්ට පැවරුණු විෂය හරියට කරන්න බැරිනම් දාලා යන්න. (ස)
මෙම දුම් රිය එන්ජින් එකක් තමා මීරිගම විල්වත්තේදී 1964 දී පෙරලුනේ. හරියටම අවුරුදු 50 කට පෙර. මම පොඩි ගමේ කොල්ලෙක් ලෙස දුවගන ආවා.බලන්න. මේවා තාම සේවයේ යෙදීමට හැකි අයුරින් පවත්වා ගැනීම ගැන ල දු සේ ට මල් මිටක්.(නදී)