එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිනී නවනීදන් පිල්ලේ නිල සංචාරයක් සදහා ලබන මස විසිපස් වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ලංකාවට එන බව කියමින් ඇය මීට පෙර කිහිප වරක්ම සිය ගමන කල් තැබුවාය.
යුද සමයේදී ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි නවනීදන් පිල්ලේ චෝදනා කරයි.එම මානව හිමිකම් කඩවීම් විමර්ෂණය කිරීමට අන්තර්ජාතික කමිටුවක් පත්කිරීමට අවශ්‍යවේ යන්න ඇය සෑම සභාවාරයකදීම පාහේ සදහන් කරන කරුණකි.
ඇය නඟන චෝදනා පදනම් විරහිත බව පවසන ශ්‍රී ලංකා රජය ඇයගේ සංචාරයේදී සියලූ ජනවර්ග වලට සම තැනක් ලබාදෙමින් වැඩකටයුතු කෙරෙනා ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ඇයටම දැක බලා ගත හැකිවේයැයි විශ්වාසයෙන් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල්ලේ මොනවද ලංකාව ගැන දන්නේ. (දී)
පිල්ලයක් නම් කට්ටඩියෙක් ලවා වතුර කෝප්පයක් මතුරලා ඉසපන් යෝදියේ....ඉක්මනට...තොයිලයකුත් නැටුවා නම් හොදයි වස් වැටෙන්න.(අ)
මුලින්ම පිල්ලෙව දැරනියගලට යවන්න.ඉන්පස්සේ තංගල්ලට යවන්න. ඉන්පස්සේ කැළණියට යවන්න. (නි)
පිල්ලෙව සාදරයෙන් පිළිගනිමු. (නි)
මෙහෙට ඉස්සරවෙලා එන්නේ. ඉස්සරවෙලා යන්න තිබුනේ ඇමරිකාවට සහ එංගලන්තයට. එහෙ මානව හිමිකම් කඩකරන අය ගැන වාර්තා කිරීමෙන් පසු මෙහෙ අවට කමක් නැහැ. (දී)
මැතිවරණය උණුසුම් වන කාල වල පිල්ලේ එන එක ගැන බලධාරීන් සිතා බැලුවද (දී)
යුද්ධය තියන වෙලාවේ ඔය කියන පිල්ලේ කොහේ සිටියද ? ඇවිල්ල කොටින්ට ආවඩනවාට වඩා නොඒ නම එක හොඳයි. (දී)
මොකක්ද රුපවතී නෝනේ ඔයකළු එපා බොලේ (දී)
එයා මොනා කරන්නද ඇවිල්ලා මමනම් කියන්නේ ජනතාව එකතුවෙලා ආපසු යවන්න (දී)
අයි ඔයගොල්ලෝ හැමෝම ඇත්ත වහලා කතාකරන්නේ ? කලුපාට බෝලයක් සුදු පාටට දිලිසවන්න හදන්නේ ? (නි)
මේ උතුරේ ප්‍රශ්නය පිළිබඳ ඇමෙරිකාව හා යුරෝපිය රටවල් ඉන්නේ එකම ස්‌ථාවරයක. ඒ වෙන කිසිවක් නොවෙයි කොටින්ගේ අවසානය ඒ අයට ඕනෑ විදියට අවසන් නොවී අපට හා චීනය හා රුසියාවට වුවමනා විදියට සිදුවීම පිළිබඳ ඉවසා ඉන්න නොහැකිවයි. ඇයගේ ශ්‍රී ලංකාව පිලිබඳ ස්ථාවරය බොහොම පැහැදිලියි. පිටරටක සිටින අපට මෙහි එදා සිට ඇයගේ හැසිරීම හොඳින් බැලුවහොත් ඕනෑම කෙනෙකුට මෙය තේරුම් ගන්න වෙලාවක් යන්නේ නැහැ. අපි නෝනාට හොඳින් සළකා යවමු. අපි අවසනාවන්ත රටක් නෙවෙන බව ඉතිහාසය දිහා බැලු විට පෙනී යනවා. කලබල විය යුතු නැහැ . (නි)
පිල්ලේ එන එක හොදයි. බෑන් කි මූන් හෝ වෙන ඕනෑම අයෙක් පැමිණියදෙන්. එවිට හැමටම හොදයි. ඇයි ඒ අය නැවත ගොස් කියයි රටේ ප්‍රජාතන්තවාදය හොඳයි, මිනිස්සුත් හොදයි, මේ රටේ මොනවත් කරදර නැහැ කියලා. එතකොට ගොඩක් සංචාරකයොත් එයි. දැන් ඇත්තටම රට හොඳයිනේ. පොඩි,පොඩි සිදුවීම් කීපයක් අර නූරිවත්තේ වගේ ඒවා හැරෙන්න. දෙමල ,මුස්ලිම් අයට නම් හොඳටම සාදාරණය ඉටුකරලා තියෙන්නේ. (නි)
ඔය පිල්ලේ මොනවටද එන්නේ? එය මොනවද අපි ගැන දන්නේ...? (ස)
පිල්ලෙව සාදරයෙන් පිළිගනිමු. (නි)
පිල්ලේ නෝනා එච්චර හොඳ මානසික තත්ත්වයක ඉන්න කෙනෙක් නොවෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
ලුම්බිණි, පිල්ලේට බය නෙවේ, පිල්ලේ බයයි එන්න. (දී)
පිල්ලේට මෙච්චර බය මොකද කියල මට හිතාගන්න බැහැ. (දී)
මෙයා වගේ අයව එයාපෝට් එකේදිම අත්අඩංගුවට අරගෙන විමර්ශනය කරන්න ඕන අපේ රටට විරුද්දව කියපු දේවල් වලට, අමෙරිව්කව, රුසියාව වගේ රටවල් ඒවගේම මැද පෙරදිග රටවල් වලට මේ මේ වගේ කිව්වොත් වෙන්නේ මෙයට වෙච්ච දේත් හොයගන්න බරිවෙයි , මමනම් කියන්නේ මෙයට මීට වැඩ තදින් ක්‍රියාත්මක විය යුතුයි (දී).
හුසේන් , ඔහේ ආපුදෙන්. අපි වෙඩි මුරයකුත් තියලම ඒ නෝනාව පිළිගනිමු. එයාලාඑන තරමට අපේ රට පිරිසිදු වෙනවා. මොකද එයාලා තාම දන්නේ නැහැ රටේ ඇත්තටම වෙන්නේ මොනවද කියලා. එයා විතරක් නොවෙයි බෑන් කීන් මුන් මහත්තයත් එන්න ඕනෑ ශ්‍රී ලාංකිකයෝ මොනවගේද දැනගන්න. අපේ මනුස්සකම පිරිලා ඉතිරිලා නිසා තමයි හැමෝම ඔලුවට අත හෝදන්න එන්නේ (නි)
මෙයාගෙන් අපිට වැඩක් නැ. මේගොල්ලෝ ඇමරිකාව කරන දේවල් හොයන්න බයයි. එනවා මෙතන පොඩි රටවල් වල දේවල් හොයන්න. පිල්ලේ ට කොටි කියල තියන දේවල් හරිද බලන්න නේ එන්නේ. අපේ අය ලෑස්ති වෙන්න ඕන ඒවා ඇත්තද නැත්තද කියල හරි හැටි පෙන්නලා දෙන්න. ස්තුති. (දී)
දිලිප්, දැරණියගල විතරක් නෙවේ, බටලන්ද, මාතලේ ගැනත් කියන්න පුළුවන්. (දී)
මේකට දැරණියගල ඒවත් කියන්න පුලුවන්ද බන්දුල.......... (නි)
කලබල වෙන්න එපා. එයා මේ පාර එන්නේ අහිංසක ජනයා විනාස කරන්න බෝම්බ අටවලා, බස් වල,කඩ සාප්පු වල බෝම්බ පුපුරවලා මානුෂික අයිතිවාසිකම් කඩ කල අයට විරුද්ධව කටයුතු කරන්නයි. (නි)
ඔන්න ටිකිරිලට, ඩුබායි තිලක්ලට, ලාල් සුරන්ජිත්ලට,ගිරි ගෝරිස්ලට,චන්දිලට ,ලුම්බිනිලට,සත්‍යපාලලට තමන්ගේ දුක් ගැනිවිලි කියන්න, මේ දේශයේ මර බයෙන් ජීවත් වෙන හැටි කියන්න දේව දුතියක් එනවා (නි)
අපේ රට තරම් වෙන කිසිදෙයක් අපට වටින්නේ නැහැ. (නි)
මේ පාර එන්නෙත් නෑ.(ස)