එක්සත් ජාතීන්ගේ සංවිධානය ශී‍්‍රලංකාවට එරෙහිව නඟා ඇති මානව හිමිකම් කඩවීමේ චෝදනා හා යුද අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා හමුවේ ශී‍්‍ර ලංකාව කටයුතු කළ යුත්තේ කෙසේදැයි අවැසි උපදෙස් ලබා ගැනීමට ප‍්‍රකට පකිස්තාන නීතිඥයෙකුගේ සහය ලබා ගැනීමට රජය සැරසේ.
70 හැවිරිදි අයිට්සාස් අහ්සාන් නම් වන මෙම නීතීවේදීයා නීතී කටයුතු සම්න්ධයෙන් විශාරදයෙක් ලෙස සැළකේ.
ඔහු ජනපති මහින්ද රාජපක්ෂ පකිස්තාන අගමැති නවාස් ෂරීෂ්ගෙන් කළ ඉල්ලීමකින් පසු ඔහු පසුගිය සතියේ ශී‍්‍රලංකාවට පැමිණියේය.
1999 වසරේ පකිස්තානයේ හිටපු හමුදා නායක පර්වේස් මුෂාරෆ් ගමන් කරමින් සිටි ගුවන් යානයක් පැහැරගැනීමට තැත් කළේයැයි දැන් සිටින පකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ්ට චෝදනා නැගෙද්දී ඔහු ආරක්ෂා කළේ අයිට්සාස් අහ්සාන්ය.
අහ්සාන් ශී‍්‍රලංකාවට උපදෙස් දී ඇත්තේ විශේෂ සැසිවාරයක් කැඳවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පොළඹවන ලෙසයි.එම සැසිවාරයේදී ශී‍්‍ර ලංකාව තම සහයට තවත් රටවල් දිනා ගත යුතු වන බවත් එයින් පසු සාර්ථකව නැගී ඇති චෝදනා පත‍්‍රය හමුවේ ආරක්ෂාව සළසා ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු කියා ඇත.
මෙසේ විශේෂ සැසිවාරයක් කැඳවීමට ශී‍්‍රලංකාවට දැනටමත් සහය පළ කර ඇති රටවල් 12 හි සහය මෙන්ම තවත් රටවල් 4 ක සහය අවැසි බව ඔහු පවසා තිබේ.
මෙනිසා ප‍්‍රථමයෙන් තවත් රටවල් 4 ක විශ්වාසය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව කටයුතු කළ යුතුව ඇතැයි ඔහු උපදෙස් දී ඇත.
පසුගිය මාර්තු මාසයේදී සම්මත කරගත් යෝජනාවලියකට අනුව ශී‍්‍රලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය මූලික පියවර ගැනීමට මේ දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරමින් සිටී.මේ සදහා වන පරීක්ෂණ මණ්ඩලය නියෝජනය කරනු ඇත්තේ කවුරුන්දැයි දන්වා නුදුරේදීම නිවේදනයක් නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඍජුව නැඟී සිටිමු. එතකොට ප්‍රශ්නයක් නැහැනේ (නි)
ශාන්, මම හිතනවා ඔබ තාම කිරිබොන වයසේ පුංචි ළමයෙක් වෙන්න ඇති කියලා (නි)
88/89 තියා කට්ටියට මීට අවුරුදු පහ හයකට එහායින් හිටපු හැටිත් මතක නැහැ..සමහරු ඒර්දියෙන් පහල වෙලා මවු කුසෙන් නැතුව එකපාරම. අදහස් දැක්කම හිතෙන්නේ ලංකාව ගැන අහල දැකල තියෙන්නේ පහුගිය අවුරුදු කිහිපය ඇතුලත විතරයි කියල.සේනාධිර මහත්තය ගනන් ගන්න එපා..ඔය අර අලුත් මුහුණු පොතේ කට්ටිය. ඒගොල්ල දන්නේ ඔච්චර තමයි..
ශාන්,88 89 කාලෙ ලංකාවේ මැරුනෙ ජාතියක්, ජන්මයක් නැති මානව හිමිකම් අවලංගු වෙච්ච ලෝකෙටම වැඩක් නැති අය. එසේ නැතිව දේශ හිතෙෙෂී, අංකුර නායකයො නෙවේ. එකනෙ පිල්ලේ අර මානව ගුණයෙන් පිරි දෑහිතකාමී විරුවන්ගේ මානව අයිතීන් ගැන විතරක් හිතන්නෙ. (ස)
බොහොම කාලෝචිත අදහසක් (නි)
සිංහ, ඔබට මතක නැද්ද, අපි පසුකරපු භීෂණ සමය.? එදා අපිට පකිස්තානයත් සහයට ආවා. එයාලා හිටියේ නැත්නම් අපිට බඩගින්නේ මැරෙන්න නොවෙයි වෙන්නේ. කොටියාගේ බොම්බේ ගිලින්නයි.(නදී)
ශාන්. ඔයාගේ මොලේ පමණ ලොවට පෙන්වන දේ ලියන්න එපා. 88-89 ලංකාවේ වෙච්ච දේවල් දැනගන්න පසුගිය වසර පහේ ජාතික පුවත්පත් වල හොයා බැලුවට හම්බවෙන්නේ නැහැ කියලා ඉස්කෝලේ නොගිය කෙනෙකුට උනත් තේරෙනවා. (ස)
ශාන් 88/89 කිසිවක් සිදුවුනේ නැහැ,ඒ කාලෙ බයක් සැකක් නැතුව මිනිස්සු රෑටත් පාරෙ ගියා. ටයර් සෑවලින් නිකුත් වූ ආලෝකයෙන්.අපි දැක්ක අපේම තරුණයො බොහොම උජාරුවෙන් නිදහසේ වීදිවල ඇවිදිනව. තරුණ ළමයි ඉන්න දෙමව්පියො උන් කොහෙ ගියත් ආපහු ගෙදර එනව කියල සැනසිල්ලෙ නිදාගන්නව.අපි දැක්ක ශාන්ල වගේ අය දෑස , දෙකන ,මුව වසාන චිත්ත ප්‍රීතියෙන් මදුවිත තොල ගානව.ඒ මදුවිත කොතරම් අනර්ගද කියනව නම් තාමත් එලෝ විකාරෙන් මෙලොව අත ගානව.ඔබ වැන්නන් අපට ආඩම්බරයක්.!!!! (ස)
ශාන්,ඔබ වැනි බුද්ධිමත් පරපුරක් මේ රට බාරගන්න සිටීම ගැන අපි හදවතින්ම සතුටු වෙනවා (නි)
මොනවාහරි කරලා කමක් නැහැ,යහපතක් වෙනවා නම් (නි)
අපේ රටේ ප්‍රශ්න වලට පිළිතුරු අපිම සොයන්න ඕනෑ කියූ ස්ථාවරයට දැන් මොකද වෙන්නේ? (නි)
මට හිතෙන්නේ මේ අදහස් දාලා තිබෙන කෙනෙක්ගෙන් අවවාද උපදෙස් ගත්තා නම් හරි (නි)
මේ ඇයි මේ. (ස)
මේ සියලුම විස්තර දැනටමත් මානව කවුන්සලය දැනගෙන ඇතිනේ දැන් ඒ ගොල්ලොත් ප්‍රශ්න වල (ස)
පකිස්ථානයේ දවස ගානෙ බෝම්බ පුපුරනවා ඊට උපදෙසක් සොයා ගන්නේ නැතුව ලංකාවට කොහොමද උපදෙස් දෙන්නේ (ස)
මෙන්න බලන්න හිටපු ගමන් ඍජුව නැගී සිටින්න හදනවා. මෙච්චර කල් මෙයා ඍජුව නැගිට්ටේ නැත්තේ පිටසක්වල හිටියාවත්ද..? (ස)
පොලිසිය සැකකරුවන් එක්ක ආයුද හොයන්න යන එක නවත්තන්න බැරිද? අහිංසකයෙක්ගේ ජීවිතයක් බිලිගන්න්න තියන අවස්ථා අඩු කරමු.(නදී)
මෙතන ප්‍රතිචාර දක්වල තියෙන ගොඩක් අය කියන්නේ පකිස්ථානය මේකට සම්බන්ද කරගත්ත එක වැරදි කියල. එත් මට හිතෙන්නේ එක හොඳ තීරණයක් ...කොච්චර ප්‍රශ්න උනත් එයාල තම යුධ අපරාධ චෝදනා වලින් බේරිලා ඉන්නවා. (ස)
කල ගුණ අමතක කරන්න එපා .. අපේ සොල්දාදුවෝ දහස් ගණනක් යාපනේ කොටුවේ හිර වෙලා ඉද්දි ලෝකේ කිසි කෙනෙක් අපේ උදව්වට අවේ නැහැ . පකිස්ථානය දේශසීම වල තිබුණු මල්ටි බැරල් දෙකක් ක්ෂණිකව එව්වේ නැත්නම් අපේ සොල්දාදුවෝ දහස් ගානක් මැරෙනවා. කොටින්ට යන එන මන් නැතිවෙන්ට දුන්නේ එදා තමා (අ)
මම කැමති නැහැ මේ වැඩේට. මොකද අපි බඩගින්නේ මැරුණත් මොන තහංචි දැම්මත් අපි ඔවුන්ගෙන් උදව් ගතයුතු නැහැ. (නි)
එහෙමවත් අපි කරලා බලමුකෝ (නි)
පහුගිය ටිකේ කට්ටිය කිවුවනේ ජිනීවා පෙන්නලා ඡන්දෙ ගන්න යනවා කියලා.දැන් මොකද එයාලට කියන්න තියෙන්නේ? (නි)
88 89 මහදවල් උන මානව හිමිකම් උල්ලංඝනය ගැන සොයා නොබලා මේක ගැන විතරක් හොයන්නේ මොකද කියල කාට කාටත් තේරුම් ගන්න වටිනවා. එයාලට ගැති අයට වෙනම හැන්දකිනුත් අනිත් අයට වෙන හැන්දකිනුත් බෙදීමක් තමා මෙතන වෙන්නේ.. (ස)
පාකිස්තානේ අපිට උපදෙස් දෙයි,ඒ් වගේම ඒ ගොල්ලන්ගේ කුඩු ටිකකුත් එවයි. පකිස්ථානය වෙනුවට උපදෙස් ලබා ගැනීමට වෙන රටක් ඇත්තෙම නැද්ද. පකිස්ථානය අසාර්ථක රටකි. (ස)
දැනට රුසියාව සහ චීනය අතර ඇති වෙමින් පවතින කථාබස් සහ ඉන්දියානු නව අගමැතිවරයා වෙත ඇති ඇමරිකානු ආකල්ප අනුව ඉදිරියටම යාමට සුදුසු ක්‍රමවේදයක් සැකසිම පහසුවෙිවි. ප්‍රඥාව දල්වමු. (ස)
ඔය උපදේශ දේශීය අයගෙන් ලබාගන්න බැරිද? (නි)
අරාබියේ,පාකිස්තානයේ ජීවත් වෙන්නේ ඒ රටවලම ජීවත්වෙලා තම සංස්කෘතීන් පෝෂණය කරගෙන ඉන්නා මිනිස්සුය. ආගම කුමත් වුණත් තම රටවල් අතහැර ගිය අය නොවේ. ඒ නිසා ඔවුන්ගෙන් උදව් ගත්තාට වරදක් නැහැ. (නි)
දැන් මේකේ දා තිබෙන අදහස් බලලා ආණ්ඩුව ඒ විදියටම කරයි කියලා කට්ටිය හිතනවා ඇති (නි)
මම නම් කියන්නේ ඔය කට්ටියව ගාවාගන්න එපා. තමන්ගේම රට හදාගන්න බැරුව බොහොම අමාරුවෙන් තමයි එයාලත් ඉන්නේ. (නි)
මාගේ අත්දැකීම අනුව ලොව ඕනෑම රටක නඩුවකට පෙනී ඉන්න ඕනෑම පුද්ගලයෙක් තම නඩුවට පෙනී ඉන්න අල්ලන්නෙ ඒ ඒ විෂයට සාර්ථකව ප්‍රතිපල ලබා ගන්න දක්ෂම නීතිවේදියා. බටහිර සිටින කොටි හිතවාදින් මේ පිළිබඳ ලොව යුද අපරාධ නඩුවලට පෙනී සිටි ඒ ඒ නීතී විශාරදයන්ගෙන් උපදෙස් අරගෙන අවුරුදු ගණනාවක් ලක ලැහැස්ති වූ හැටි බටහිර සිටින අපි එදා සිටම දැක්කා. (නි)
ඇත්තටම වෙන කවුරුවත් නැද්ද අපිට උපදෙස් ගන්න? උපදෙස් දීලා ගාස්තුව විදියට මොනවා ඉල්ලයිද? (නි)
අනේ! අර කැනඩාවෙන් හරි නෝර්වේ වලින් හරි උපදෙස් ගන්නකෝ (නි)
අපි ඉතින් ලාංකිකයෝනේ. අපිට සියලුම දේවල් දවස් හතකට වඩා මතක නැහැ. (නි)
හිසරදයට කොට්ටය මාරු කළා වගේ නම් වැඩකරන්න එපා (නි)
සේනාදීර, 88 89 ලංකාවේ මොකක්ද සිද්ධ වුණේ? පසුගිය වසර 5 ක සියලුම ජාතික පුවත්පත්වල හොයලා බැලුවා. කිසිවක් හොයාගන්න බැරි වුණා. (නි)
නයා ඇඳුම් අස්සේ දාගත්තහම පස්සේ ඌ කන්නේ අපිවම තමා (නි)
හැබැයි පිල්ලේ මෙල්ල කිරීමට අල්ලාගෙන ඉන්න මෙයා නම් නොම්මර එකේ මත්ද්‍රව්‍ය බිල්ලෙක් (නි)