මොරගහකන්ද ජලාශය ඉදිකීමේ භූමීයේදී පල්ලමකට පෙරැලීගිය ජීප් රිය පැදවු අතුරුදන් වු ඉංජිනේරුවරයා වැඩබීමේ කමරයක සිට අද(2) උදෑසන සේවයට වාර්තා කැර ඇතැයි නාවුල පොලීසිය කියයි.
පෙර දින (01) පස්වරුවේ එම වාහනය පෙරැළීයාමෙන් පසු ඉංජිනේරුවරයා සොයා නාවුල පොලීසිය අද පාන්දරවන තුරුම එම පෙදෙස පීරා බැලුවේය.
මේ අතරතුරදී උදෑසන 7 ට පමණ අතුරුදන්වු ඉංජීනේරුවරයා සේවයට වාර්තා කැර ඇති බවද මේ අනතුරින් ඔහුට කිසිවක් සිදු වී නැතැයිද නිවාඩු දිනයකදී වාහනයක් වැඩ බිමෙන් රැගෙන යාම හා එය අනතුරකට ලක් වුයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බවද මොරගහකන්ද ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර් බී තෙන්නකෝන් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලම් සහිත ප්‍රදේශයක් නිසා ඇයි පහළ තියෙන ගෙදරක වහලයකින් කාමරයකට වැටෙන්න බැරිද? වැටුන කාමරයේ කාන්තාවක් නිදාගෙන ඉන්න පුළුවන්කමක් නැද්ද?දැන් රෑ වෙලා හෙට යන්න කියලා කාන්තාව කියන්න ඇති! ඉතින් ඉන්ජිනේරුවා පසුදා සේවයට වාර්තා කරන්න ඇති බවයි මට නම් හිතෙන්නේ! (නි)
නාමල්, ඔයා දැකපු හීනෙ නම් නියමයි. අනේ මට ඕකේ අනෙක් පැත්ත පේනව නම්. සරත්, රසාදරී ,කාමරේ හිටියනම් හද ''සසල'' වෙන්න විදියක් නැහැ නේද?(නදී)
සමහර ඉංජිනේරුවෝ යාලුවොන්ට නෑදෑයන්ට 'නයා' අරින්නත් එක්ක රාජකාරි වාහනය හොරෙන් ගමේ ගෙනියනවා.(නදී)
මහත්තයා මලා නම් අනේ අපොයි ... දැන් ඉතින් ..... (ස)
සරත් මටත් සමහර වෙලාවට නිදාගන්න ගියහම ඔය වගේ හීන පෙනෙනවා. වහලේ කඩාගෙන සුරංගනාවෝ මගේ ඇඳ උඩට වැටෙනවා! එයාලත් පහුවදාට තමයි යන්නේ! (ස)
ෂුවර් එකටම කාමරයේ නිදාගෙන ඉඳලා තියෙන්නේ රසාදරී වෙන්න ඕනේ! (ස)
වාහනේ ඔටෝ ගිහින් තියෙන්නේ. (ස)
ඕක පරික්ෂා කරන්න දෙයක් නෑ. මේවා තමයි තියෙන යල් පැනපු නීති. අච්චර ඉගෙන ගත්ත ඉංජිනේරුවෙකුට මේක අරන් යන්න බැරිනම් රියදුරු අරන් යන්නේ කොහොමද. මේ නීති කාලයට අනුව වෙනස් විය යුතුයි. මේ නීති නිසා ඉංජිනේරුවට වුනත් රියදුරාට යටත් වෙලා ඉන්න තමයි තියෙන්නේ. රිය පදවාගෙන ගියත් ඔහුගේ හිතේ ඇති පීඩනය නිසා මෙවැනි දේවල් වැඩිපුර වෙන්නේ. (ස)
සරසවි සිසුන්ට රියදුරු පුහුණුව ලබා දිය යුතුය රැකියාවට යාමට පෙර (දී)
නවක ඉංජිනේරුවන් වැඩි දෙනෙක් සාමාන්‍ය පවුල් වලින් පැමිණි අය. ඒ අයගෙනුත් වැඩි දෙනෙකුට රිය පැදවීම ගැන පුරුද්දක් නැහැ. ඒ නිසා රැකියාවට පැමිණි පසු රාජකාරි නිල වාහනයෙන් රියදුරු පුහුණුව ලබාගන්නවා. තමාගේම රියදුරු පුහුණුකරු බවට පත් කරගන්නවා. මේ හේතුව නිසා රියදුරුගේ රාජකාරි අධීක්ෂණය කිරීමේ ගැටළු ඇතිවීම නිසා රියදුරුද රාජකාරී වාහන අයුතු ලෙස පාවිච්චි කිරීම සිදුකළත් නිලධාරියාට මුනිවත රැකීමට සිදුවෙනවා. මෙතනදී සිදුව ඇත්තේ රියදුරු රාජකාරියෙන් පිට ගමනක් යාම හෝ රියදුරු පුහුණුවට ගොස් අනතුරට මුහුණ පෑ පසු වගකීම රියදුරු මත පටවා නිලධාරියා ලිස්සා යාමයි. රජයේ නිලධාරීන්ගේ නිල වාහන පාවිච්චියේ නියම ස්වභාවය ඒකයි. (නි)
මේ සියලු වැරදි වලට හේතුව ,කරන සිතුවිල්ලේ වරදයි. හොර සිතුවිල්ලෙන් කරන දේවල් වල ප්‍රති ආගමනය මෙයයි. මින් පසු කරන්න එපා. ඔබ රටට සම්පතක්. (නි)
හද සසල වුනා ඊයේ මේ පුවත දුටුවාම. ඔහුට අනතුරක් නැත්නම් එච්චරයි. (නි)
සමහර අදහස් අනුව පෙනෙන්නේ මේක බොහොම සැහැල්ලු දෙයක් හැටියට සළකන බවයි. අපි හිතනවා නම් මහජන මුදල් සතයක් හරි නාස්ති කිරීම සැහැල්ලු දෙයක් කියලා, එහෙනම් කිසිම රජයේ සේවකයෙකුට මින් පසුව දොස් නොකියා ඉදිමු. (නි)
කොහේහරි ගමනක් හොරෙන්වත් ගිහිල්ලද? (නි)
වාහනේ ඉබේම ගියාද කවුද දන්නේ. දැන් වෙන්නේ එහෙම දේවල්නේ. ඉබේම ගස් බැද ගන්නවා, තමන්ම ගහ ගන්නවා (නි)
ඕක අර ගුවන් යානයේ සිදුවීම වගේද? (නි)
ඉංජිනේරු මහත්තයා හොර පුසෙක්ද කියලා හොයලා බලන්න (නි)
වැරදි හෝ නිවැරදි හෝ සුපුන්ගේ අදහසින් හිතන්න දෙයක් තියෙනවා. (නි)
මම අහන්නේ මෝඩ ප්‍රශ්නයක්ද මන්දා? එහෙත් කට කහනවටමයි අහන්නේ. ඒ ඉංජිනේරු මහත්තයා මොරටු ඇත්තෙක්ද? (නි)
හොර පාරෙන්ම ගිය ගමනක් නම් ඉස්සෙල්ලම 'සිතාසිය' එන්නේ ගෙදර උන්දැගෙන්. (නි)
ඉංජිනේරුවට දීල තියෙන, ඔහුගේ බාරයේ තිබෙන වාහනේ අනතුරකට ලක්වුනොත් ඔහු ඊට වගකිවයුතුයි. නමුත් එහෙම අනතුරක් නැතුවත් නිලධාරීන් සේවයෙන් පහකළ රටක් මේක. (දී)
නිවාඩු දවස නිසා ???පනින්න ඇති කොහේ හරි <<වැඩේ වැරදුන හින්දා ශේප් වෙන්න තමා බැලුවේ....?ඒවාකොහෙද ලොක්කා එක්ක..? හොයන්න!!!!හොයන්න!!!!කොහෙදගියේ,,,කියලා??දෙන්න හොඳ දඬුවමක්!!!!!? (දී)
වෙලා තියෙනවා ඇත්තේ, ෂුවර් එකටම, ඉන්ජිනේරුවාගේ නම දාලා (දැනුවත්ව හෝ නොදැනුවත්ව) ඩ්‍රයිවර් වාහනේ අරන් ගිහින්. සමහර නිලධාරින් ඕටට ඉඩ දීලා තියෙනවා. වැඩේ හොඳ නැහැ තමයි. ඒත් ඉතින් හැමෝම සාමයෙන්, සතුටින්, අපේ බදු මුදලින් ජිවත් වෙනවා. මේ වෙලා තියෙන්නේ එහෙම ගහපු පොඩි පහේ වංගුවක් කෙලින් වෙලා! (නි)
කාමරයටම වාහනේ යන්න බැරි නිසා ඔහු කාමරයට යන්න ඇති කියලා අපි උපකල්පනය කරමු (නි)
ඔහුට නින්දෙන් ඇවිද යාමේ කුමක් හෝ රෝගයක් තිබේද? (නි)
පොඩි වරදක් වුණා-වාහනය ඇලේ ගියා-ඕකත් ලොකු වරදක්ද? (නි)