ඌරගස්මන් හන්දියේ වැටලීමට ගිය පොලිස් සැරයන්වරයකු අත තිබු අවියක් පත්තු වීමෙන් සැකකරුවකු සුළු තුවාල ලැබී යැයි රෝහල් ආරංචි කියයි.
සැකකරු අත පිහියක් තිබු බවත් ඔහු නිරායුධ කිරීමට ගත් උත්සාහයේදී සැරයන්ගේ ගිනි අවිය පත්තු වී සැකකරුගේ හිසට සුළු තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගිනි අවි පත්තු වෙන්නෙම සැකකරුවන් පැත්තටනේ.(නදී)
පිහිය පෙන්වා අවිය උදුරාගන්න ගියා නොවෙයි නේද? (නදී)
එහෙම දෙයක් උනාද? මට මතක නැහැනේ.(නදී)
මොනවා උනත් ඔහොම අදහස් දාන්න එපා. ඔයාලට කරදරයක් උනාම පොලිස්සිය වැඩ කරන්නෙත් ඔහොම තමා. සැකකරුවෙක් උනාට වැඩකරුවා නිසානේ පිහිය අතේ. (ස)
ඔව්. ඔව්. කොහොමත් මේ දවස්වල සැකකරුවෝ පොලිසියේ මහත්තුරුන්ට කොකා පෙන්වන්න හදනවා. ඉතින් දන්නෙම නැතිව කොකා ගැස්සෙනවා. (ස)
මගේ පුංචි මුණුබුරාත් මේ වගේ කතාන්තර කියනවා. හරි ආසයි අහගෙන ඉන්න. (ස)
ශ්‍රී ලංකාවේ පොලිසිය සර්ව සාධාරණයි. (ස)
රාජකාරි ගිනි අවිය හරියාකාරව පරිහරණය කරන්න බැරි නම් බැටන් පොල්ල අතට දුන්න නම් හොඳයි. (ස)
රාළහාමි දණහිසින් පහලට ඉලක්කේ හරියට අරගෙන තියන පාටයි. (ස)
පොලිසිය මං හිතන්නේ දැන් නම්, නීති විරෝධී ක්‍රියා මැඩලන්න තදින්ම ඉන්නවා.ඇත්තටම අපි සතුටු වෙන්න ඕන ඒ පිළිබඳව.ඒත් ඉතින් ඒකේ දාලා තියෙනවා වගේ සුළු සිද්ධියකට අදාලව පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නට යද්දීත් ගිනි අවි පත්තු වෙන්න ගියෝත් මිනිස් ජීවිත වලට වටිනාකමක් නැති බව ඔප්පු කිරීමක් වෙනවා..කොහොමත් අර කතාවක් තියෙනවා නේ, නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා. ඒක තමා ඉතින් ඕවට කියන්න තියෙන්නේ. (ස)
ඔළුවට වැදිලා සුළු තුවාල උනාලු නේද?. (ස)