කාන්තා පොලිස් නිළධාරීනියන් දැනට භාවීතා කරන නිල ඇදුමට අමතරව කාර්යාල රාජකාරී වලින් පරිබාහිර රාජකාරී කටයුතු වලදී භාවිත කිරීමට ජුනි පළමු වැනිදා සිට පොලිස් කාන්තාවන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කොස්තාපල් හා සැරයන් වරියනට දිග කලිසමක් හා අත් දිග කමිසයක් ද උප පොලිස් පරීක්ෂකවරියන්ගේ සිට සහකාර පොලිස් අධිකාරිවරියන් දිගු කලිසමක් හා කාකි කබායක් ද ගැබිනි පොලිස් කතට ගවොමක් ද හඳුන්වා දෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම හොඳ තීරණයක්. මේ නිසා ඔවුන්ගේ පෞරුෂත්වය,අභිමානය ඉහළ යනු ඇති. පොලිස්පති තුමා ගත් බුද්ධිමත් තීරණයට අපගේ පැසසුම්.(දිල්)
ඇත්තෙන්ම ඉතාමත් කාලෝචිත තීරණයක් (නි)
මේක කාලීන අවශ්‍යතාවයක් (නි)
මොන ඇදුම ඇන්දත් වැඩක් නෑ තමන්ගේ රාජකාරිය හරියාකාරව කෙරුවේ නැත්නම්. (අ)
අනේ ඇදුම මොකක් වුනත් කමක් නැහැ.., නීතියයි හරියට කරන්න ඕනේ.., දැන් යුනිෆෝම් එක මාරු කරා කියල., දේශපාලකයන්ගේ බලු වැඩ නතර වේවිද...? රටේ දාමරික වැඩ හොරකම් මිනීමැරුම් ඒවා නතර වෙවිදා..?ඒවා නේද රටකට වටින්නේ., ? (අ)
ඒ වෙනස කොහොම වේවිද කියල බලන්න වෙන්නේ අලුත් ඇඳුම හඳුන්වල දීල රාජකාරි කරන කොටම තමයි. (අ)
පාසල් දරු දැරියන්ටත් ඔය වගේ දිග කලිසම් දුන්න නම් හොඳයි (අ)
බොහොම හොඳ වැඩක්. මොකද? සමහර පොලිස් කාන්තාවෝ ඉන්නවා දැන් අඳින ටයිට් ස්කර්ට් එකට ලස්සනයි. හැඩයි. මහත පොලිස් කාන්තාවන් එ්ක ඇන්දා ම පිටි මිටියක් එතුවා වගේ. පොලිස් ගෞරවය පවා නැති වෙනවා. එතරම් විසිළු ස්වභාවයක් තියෙනවා. (ස)
අපිට දැන් අඩුවෙලා තිබුනේ එච්චරයි! දැන් ඉතින් ලෝකයේ ඉතාම හොඳ නීති ගරුක පොලිසිය ලංකාවේ පොලිසිය වේවි. (ස)
ඒක යහපත් දෙයක් (ස)
සාරිය වඩාත් සුදුසු පොලිස් පරීක්ෂක මට්ටමට. (ස)
මෙයාලට කලිසම් අන්දන්න ඕනේ දුවන්න පනින්න ලේසි වෙන්න. (ස)
හොඳයි. හෙදියන්ගේත් ඇඳුම මාරු කරන්න ඕනේ.(ස)
ඇත්තටම මේ දේ ගැන මම ගොඩාක් කල් සිට හිතුවේ ලංකාවේ පොලිස් කාන්තාවෝ දකිද්දී හදිසියකටවත් මේ කාන්තාවෝ දුවන්නේ කොහොමද ..? කියල ? මුළු ලෝකෙම බොහොමයක් පොලිසිවල කාන්තාවෝ අදින්නේ දිග කලිසම ..ආරක්ෂාව වගේම පහසුව , මෙන් , ප්‍රසන්නයි ! අපේ ලංකාවේ පොලිසියේ හැමෝටම .යුනිෆෝම් එකට සවිකළ වීඩියෝ කැමරාවක් අනිවාර්ය කලානම් දියුණු රටවල වගේ දේශ පාලකයන් මෙන්, පගාව ගහන රාළහාමිලාටත් , වැරදි කරන, ධාමරිකයින්ටත් හොද ..පාඩම් ටිකක් උගන්වන්න හැකියි ...? (ස)
ඒක හොඳයි.පොඩි වෙනසකටත් එක්ක. (ස)
සාරිය අන්දවන්න. (ස)
මින් රටට ජනතාවට උස්සස් අවංක සේවයක් වනවානම් අනේ හොඳා , (අ)
අනිවාර්යෙන්ම ඉතා හොද දෙයක්. කොටට ඇදගත්තම අදාල හදිස්සි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න ගොඩක් දුරට අපහසු වෙනවා (අ)
ඇඳුම් මාරු කරන්න ඕන නැහැ තියෙන ඇඳුම හොඳියි (අ)