(සුජිත් හේවාජුලිගේ)

මෑන් පවර් සේවක ක්‍රමය අහෝසි කිරීමට රජය නීති සම්පාදනය කරමින් සිටින බව වෙළෙද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඒ ගැන සාකච්ඡා යන බවද හෙතෙම සඳහන් කළේය.

ඍජු රැකියාවක නිරත වෙමින් තම ශ්‍රමය දෙන සේවකයා වෙනුවෙන් අතරමැදියකුට මුදලක් ගෙවීම රජය පිළි නොගන්නා බව ඔහු පැවැසීය.

මෑන්පවර් සේවකයන්ගේ රැකියා ස්ථිර කර ගැනීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් පුරාගෙන ගෙනගිය අරගලය ඉදිරියටත් ශක්තිමත් කරන බව අමාත්‍යවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පෙරේදා(07) පැවති වෘත්තීය සමිති ජාතික සමුළුවේදීය.

කම්කරු උපදේශක කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්වී ඇති බව හෙතෙම කීවේය.

සේවක අර්ථ සාධක අරමුදල රජයට ණය ගන්න අරමුදලක් වෙනුවට සේවකයාට වැඩි ප්‍රතිලාභ ලැබෙන අරමුදලක් කිරීමට කටයුතු කරන බව කී හෙතෙම අතීතයේ එහි මුදල් කොටස් වෙළඳපොළේ දමා නාස්ති කළ බවද සදහන් කළේය.

එම අරමුදල අවභාවිත කිරීමට ඉඩ නොදෙන බවද ඔහු පැවසීය.