IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පොලිස් පාට් රඟ පෑ ශිෂ්‍ය සංගම් ලොක්කාට වැඩ වරදි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දී  පරීක්ෂණ කටයුත්තක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ ලෙස දැනුම් දීමක් කළේ යැයි කියන ශිෂ්‍ය සංගමයක සභාපතිවරයකුට  එරෙහිව පීඨාධිපතිවරයා පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියමින් ඉකුත් 20 වැනි දා පේරාදෙණිය පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී ඒ පොලිස් කොස්තාපල්වරියක ගෙන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ දුරකථන අංකය ඉල්ලා ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ(25) පැවසීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටි එම පුද්ගලයා පසු දිනක පීඨාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් පහක් ලබාගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

පීඨාධිපතිවරයා ඒ අවස්ථාවේ එම ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වී ඇති අතර පසුව එම අංකයට කතා කර ඇත.

පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සඳහන් කර ඇතැයි පොලීසිය පැවසීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට බැන වැදීම නිසා සිසුන් කලබලයට පත්වී කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා වරෙන්තුවක් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කතා කළ පුද්ගලයා දැනුම් දුන්නේ යැයි පීඨාධිපතිවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව දැන ගැනීමට ඇත.

විද්‍යාලයේ ඇති සියළුම ලිපි ලේඛන 21 වෙනිදා කුලපතිවරයාට භාරදී පරීක්ෂණයක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණි ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දැනුම් දුන් බවද පීඨාධිපතිවරයා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව කියති.

 



අදහස් (5)

පොලිස් පාට් රඟ පෑ ශිෂ්‍ය සංගම් ලොක්කාට වැඩ වරදි

යෝගා Friday, 25 August 2023 02:23 PM

මොනතරම් හරක්ද අන්තරේ ඉන්නේ.. උන් දන්නේ කෑ ගගහා පාරවල්වල යන්න විතරයි..

:       4       54

Aruna Friday, 25 August 2023 03:27 PM

මේ මිනිස්සු කාලයක් ගිහිල්ලා අධ්‍යාපනය අවසන්කර සමාජයට පැමිණිදාට, ඒ සමාජයත් දූෂිත සමාජයක්ම තමයි. අවාසනාවකට ඉතා බහුතරයක් මේ වගේ මිනිස්සුන්ගෙන් තමයි වර්තමාන ලාංකික සමාජය හැදිලා තියෙන්නේ. ඉතිං අති බහුතරයක් අවාසනාවන්ත මිනිස්සු සහිත රටකට කොහොමද කලට වැසි ඇති සුඛිත, මුදිත රටක් බිහිවෙන්නේ?

:       3       50

කිරිපුතා Friday, 25 August 2023 03:42 PM

ඔවුන්ට ඕන හරක් වගේ හැසිරෙන්න. ඒවාට විරුද්ධ වුණාම ඔවුන්ට හරස් වෙනවා. මොවුන් මානසික රෝගීන්... කිසිම දවසක රටට දැයට සේවයක් නොකරන දේශපාලනය කර පින්නාගත් නිකම්මු කොටසක්... අපරාදෙ නිදහස් අධ්‍යාපනයට රටක් වියදම් කරන සල්ලි...

:       3       47

sam Friday, 25 August 2023 04:09 PM

ඔන්න ශිෂ්‍ය සංගමයේ ලොක්කාගේ මොලේ... ඉතින් මේ අයද මේ රටේ බලය ඉල්ලන්නේ...? මෝඩකමට බෙහෙත් නෑ. තණකොළ තමයි හොඳම අත් බෙහෙත... පවු ඉතින් මෝඩයි කියලා ගහන්නයෑ...

:       1       45

සමන් Friday, 25 August 2023 05:25 PM

පෙනෙන්නැත්ද, කොන්ඩෙ, රැවුල කපන්නේ නැතිව කුඩුගහපු හිඟන්නෝ වගේ ඉන්න මොවුන්ගෙන් මෙයට වැඩි යමක් බලාපොරොත්තු විය හැකිද?

:       1       37

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 193 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 197 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 115 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 288 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 514 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 392 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 558 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 302 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site