(සුජිත් හේවාජුලිගේ )
පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම ඇතුළු පොලීසියේ රාජකාරි සඳහා සුනඛ පැටවුන් ලබා ගැනීමේ අරමණින් උසස් වර්ගයේ බල්ලන් සහ බැල්ලියන් 25 දෙනෙකු විදේශයෙන් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙම එක් සුනඛයෙකු ලක්ෂ දහයක් පමණ වේ යැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
පොලිස් නිල සුනඛ අංශයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව පොලිස් සැපයුම් සේවා කොට්ඨාසය මෙම සුනඛයන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යයි.
ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට පොලිස් දෙපාර්තමේන්තුවට නිල සුනඛයන් සහ අශ්වයන් 2019 වර්ෂයෙන් පසු මිලදී ගෙන නොමැත .
මෙම බල්ලන් සහ බැල්ලියන් මාර්ගයෙන් පැටවුන් ලබාගෙන ඒ සතුන් පොලීසියේ විවිධ රාජකාරි සඳහා පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසයි.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’පොලිස් බල්ලෝ’’ තවත් 25 ක් පිටරටින් එති
suneth hemantha Saturday, 21 May 2022 01:30 PM
මේ වෙලාවේ අත්‍යාවශ්‍ය දෙයක් නම් නෙමෙයි....
විපුල Saturday, 21 May 2022 01:57 PM
ඒක හොඳයි..
sugathSaturday, 21 May 2022 05:42 PM
බල්ලන්ද?
Sumith Premarathna Saturday, 21 May 2022 02:02 PM
පොදු ඡනතාවට අඩුවට තිබුනේ ඔච්චරමයි ! දැන් ඒකත් හරි.
Karl Saturday, 21 May 2022 02:29 PM
අපි මෙහෙ බඩගින්නේ... ඒ අය බල්ලො ගේනවා... හෙන ගහපල්ලා!
siri Saturday, 21 May 2022 02:31 PM
අර අරගල බිමේදී දැක්ක කට්ටිය මදිද අප්පා?
Bamunuarachchi Saturday, 21 May 2022 02:40 PM
ජේප්පෝ රට පටවලා ඒ වෙනුවට බල්ලෝ ගෙන්වමු.
විපරමා Saturday, 21 May 2022 05:01 PM
තමුන්ට පුළුවන් කමක් තියෙනවා නම් කරලා පෙන්වන්නකෝ...! මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ?
fairoosSunday, 22 May 2022 11:59 AM
බමුණාවත් එදා බේරෙ වැවේ දාලා ගන්න තිබුණේ..!
BamunuarachchiMonday, 23 May 2022 09:30 AM
අපි මේ රටේ සිංහල මිනිස්සු... ඒ ටික විතරක් මතක් කරන්ම් ගොයියෝ.
Pradeep Kumara Saturday, 21 May 2022 03:06 PM
ලංකා පොලිසියේ ඉන්න තරමක් ඉන්නේ ඔය අය තමයි. ඒත් ඔය වැඩවලට බල්ලන් හොඳ මදි ඇති. මොකද දන්නේ කටු ලෙවකාලා බුරන්න විතරනේ....!
Lalith M Saturday, 21 May 2022 03:58 PM
ඔය බෝකරන කතාව පාර්ලිමේන්තු විවාදය වගේ. හැමදාම ඒකම කියලා බල්ලන් ගෙන්වනවා. හේතුව තේරෙනවා. කොමිස්... හරි සැලසුමකින් කළා නම් උසස් තත්ත්වයක බලුපැටව් අතිරික්තයක් මේ වෙනකොට පොලිසිය සතුවිය යුතුයි...
චුටි පුතා Saturday, 21 May 2022 11:42 PM
කොහේ බෝ කරන්නද...? ඉන්න පොලිස් බල්ලෝ ඔක්කොම " පුස්සෝ " !!! ඔය පොලිෂ් බල්ලෙක්ව අල්ලාගෙන කෝට් එක ගලවලා බලන්න ..ඇතුලේ හිස්.අපේ කොල්ලෙක් එක්ක හැරෙන්නවත් බැහැ...
chandima Saturday, 21 May 2022 04:00 PM
පොලිසියට වාහන ගෙනත්, ජලතුවක්කු ගෙනත්, බල්ලොත් ගෙනත් ඉස්සරහට හොඳ සෙල්ලමක් දෙන්න වගේ යන්නේ....!
ගමේ එකාලා Saturday, 21 May 2022 05:13 PM
පොලිස් දෙපාර්තමේන්තුව ඉස්සරහට වැඩ අල්ලන්න වගේ හදන්නේ?
Rocky Saturday, 21 May 2022 06:27 PM
මාර කොමිස් පාරක් වදින්න ඇති..!
සෑමි Saturday, 21 May 2022 07:52 PM
ඉන්න පොලිස් බල්ලෝ ට්‍රේන් කරන්න බැරිද?
චුටි මහත්තයාSaturday, 21 May 2022 11:48 PM
ට්‍රේන් කරන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. උන් ඔක්කොම ජරාව කන්න පුරුදුවෙලානේ. දේශපාලුවන් දෙන ඕනෑම ජරාවක් කාලා ...උන් කියන ඕනෑම ජරා වැඩක් කරන්න පුරුදුවුනා මිසක් පොලිසියට පැවරී ඇති රාජකාරි කිරීමට දැන් උන්ගේ කැමැත්තක් නැත. දැන් අලුතෙන් ගෙන්වන පොලිස් බල්ලෝ හොඳට පොලිෂ් එකට හිටියට , අපේ රටේ ජරාව කන පොලිස් බල්ලෝ එක්ක සෙට්වුනාට පස්සේ උනුත් නරක් වෙනවා.
Asanka Sunday, 22 May 2022 12:20 PM
පොලිසියට අලුතින් බල්ලන් මොකටද? අපි දැක්කනේ මේ ටිකේම..!