IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොලිස් මාර්ග බාධකයේ කළබලයෙන් වෙඩි වැදි අයෙක් මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොටු ගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයකු වෙඩි වැදී බරපතල තුවාල සහිතව මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතිඅතර පොලිස් නිලධාරියකුත් තුවාල ලබා ඇතැයි සී දුව පොලීසිය කියයි .

අද 8 අළුයම දොළහයි තිහට පමණ ඇතිවූ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පූගොඩ බංගලා වත්ත ශානික දේශාන් නමැති තිස් අට හැවිරිදි පුද්ගලයකු බව හෙළි වී ඇත.

සීදුව දෙස සිට කොටුගොඩ දෙසට මෝටර් රථයක් ධාවනය වී ඇති අතර කොටු ගොඩ මස්කඩේ හන්දියේ තාවකාලික පොලිස් මුරපොලේ සිටි නිලධාරීන් එම මෝටර් රථය නවතා පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත .

පොලිස් නිලධාරීන් එම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් පොලිස් නිිිිලධාරින් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර ඇතැයි ද ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීයකු අත තිබූ තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියකු හා එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි .

තුවාලකරුවන් මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථයේ පැමිණි පුද්ගලයා එහිදී මිය ගොස් ඇත .

මෝටර් රථයේ පැමිණි සෙසු පුද්ගලයන් තිදෙනා මේ අවස්ථාවේදී පලා ගොස් ඇතැයි ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද පොලීසිය සඳහන් කරයි.



අදහස් (7)

පොලිස් මාර්ග බාධකයේ කළබලයෙන් වෙඩි වැදි අයෙක් මරුට

ලුම්බිණි Thursday, 08 August 2024 07:37 AM

ඔය කියන්නේ පොලිසිය කියන කතාව නේද ?

:       0       0

පුරවැසියා Thursday, 08 August 2024 07:55 AM

ඔය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ගිනි අවි ඉවත් කරලා නිවැරැදි ව ක්‍රියාත්මක වන ගිනි අවි ටිකක් පොලිසියට අරන් දෙන්න

:       0       0

Chinthaka Thursday, 08 August 2024 08:04 AM

ඡායාරූපය මිනිහා කොහොම කෙනෙක්ද කියලා පෙන්වා දෙනවා

:       0       0

Lakshitha Thursday, 08 August 2024 08:10 AM

අනිවාර්යෙන් පාතාල කේස් තමයි. ඔය මාර්ග බාදකේ වෙන පොලීසියෙ උන් හිටියෙ නෑද මේ තුන්දෙනාගේ ඔලුවට තියන්න පුලුවන් එකෙක්.

:       0       0

CK.Lankaputhra Thursday, 08 August 2024 08:38 AM

හරියට හරි, පාර මැද යුක්තිය හරියටම ඉෂ්ට කරලා වගේ...

:       0       0

රංබොඩ Thursday, 08 August 2024 09:19 AM

සෑම පුරවැසියෙක්ම නීතියට ගරුකළ යුතුයා. නිවැරදි සාමාන්‍ය පුරවැසියෙකුටම නිල ඇඳුමෙන් සිටින පොලිස් හෝ හමුදා නිලධාරීන් දුටුවිට ඇති වන්නේ ආරක්ෂිත හැඟීමකි. රාජකාරියට බාධා කරන්නේ වැරැදි කරන මිනිසුන්ය. නැතිනම් මොකක් හෝ බලයකින් හිස උදුම්මා ගත් මිනිසුන්ය. ඔවුන්ට දඬුවම් ලැබීම සමාජය නිවැරැදි මාවතකට යන පියවරකි...!

:       0       0

Gniljee Thursday, 08 August 2024 12:28 PM

මේක ඇත්තක්ද ? වාහනේ සීසීටීවී, කළු පෙට්ටිය පරීක්‍ෂා කළොත් තමයි ඇත්ත එළියට එන්නේ . කාටද පහර දී වෙඩි තියන්න හැදුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 946 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5749 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3285 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 283 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1455 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1571 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28426 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site