රත්මලාන පොලිස් මුර පොළේ සිට හෙරොයින් මත් කුඩු විකුණූ බව කියන සේවකයෙක් අත්අඩංගුවට ගත් පොලිසිය එහි සිටි සැරයන්ගෙන් හා පොලිස් කොස්තාපල්ගෙන් ප්‍රශ්න කිරීමට යයි.
පොලිස් උපාය දූතයකුට කුඩු පැකට්ටුවක් විකුණද්දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මේ වැටලීම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්මලානේ පොලිස් මුරපොලේ ඩියුටි ඉන්න රාළහාමිලා නොදැනුවත්ව කොහොමද එතන කුඩු විකුනන්නේ?අනිවාර්යෙන් රාළහාමිලත් ෂෙයාර් හෝල්දර්සලා වෙන්න ඇති .දැන් ඉතින් පොලිස් රාළහාමිලා කුඩු ගංජා විකුණන බව හැමෝම දන්නවනේ? (ස)
කුඩු විකුනන්න කියාපු තැන (ස)
රට ඉවරයි විනාශයි. ළමයෙක් ලපටියෙක් හදාගන්න පුළුවන් රටක් නොවෙයි මේක. මේ අවනඩු කාට කියන්නද ? ඔබගේ ළමයා මත්කුඩු පාවිච්චි කළොත් ඒ ගැන පුදුම නොවන්න (නි)
අර අතුරුගිරිය පොලීසියේදී පැරසිටමෝල් කුඩු වලට මාරු කරපු කුඩු තමා මෙතන විකුනනවා ඇත්තේ. (ස)
ලොක්කෝ ගෙන්වනවා පොඩ්ඩෝ විකුණනවා.පුදුම වෙන්න දෙයක් නැහැ.අනේ රටට ගිය කල (නි)
දේශපාලකයන්ට කුඩු ගේන්නත්,පොලිසිවලට ඒවා විකුණන්නත් බැරිබව කව්ද කිව්වේ?අවුරුදු 30ක් යුද්දේ ඉවරකළාට මේ මත්ද්‍රව්‍යත් භයානක ත්‍රස්තවාදයක්ම තමයි කියලා කාටද වැටහෙන්නේ? (නි)
ලංකාවට මුලින්ම ආයුධ, මත් කුඩු සහ ත්‍රස්තවාදය හඳුන්වා දුන් යුගය අපට මතකයි. දැන් ඉතින් ඒ කාලයේ ලංකාවේ හිටිය අය නැවත මතක් කිරීම තමා අපට කරන්න වෙලා තියෙන්නේ. (නි)
අර හිටපු ගමන් පාන් පිටි බවට පත්වන මත් කුඩුවලට වෙන වැඩේ තමයි මේක.(අ)
මේවා ගෙන්නන අය කවුද කියලා ලොකු ලොක්කෝ හැමෝම දන්නවා .නමුත් ඔවුන්ව අල්ලන්නේ නැති එකයි ප්‍රශ්නය (නි)
ඕවා කන්ටේනර් ගණන් ගේන්නේ අපේ සුදු ඇදගත්තු සබාවේ කට්ටිය තමයි,ඉතින් ඕවා කොහේ හරි විකුණන්න වෙනවා,ඕක තමයි ආසියාවේ ආශ්චර්යය. (නි)
අද නිතිය රකින්න ඕනෑ අයම ඒවා කඩන කාලයක් ඇතිවෙලා. ඉතින් අවංක නිලධාරීන්ටත් එයින් ලැබෙන්නේ නරක නාම (නි)
බී.ඕ.පී.ත් තිබුණාද? (නි)