ගල්කිස්ස හුලුදාගොඩ දී පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයා හික්කඩුවේ කළුපේ කලවානේ අජිත් සම්පත් (23) බවට ඔහුගේ පියා විසින් අද හඳුනා ගැනිණි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මොහු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිසියට වෙඩි තැබීම නිසා පොලිස් වෙඩි පහරින් පසුගිය 18 වැනි ඔහු මියගියේය. එහෙත් ඔහුගේ පියා ඒ.පී. නෙල්සන් මහතා කියනුයේ තම පුතා මීට වසර 4කට පමණ පෙර ගොඩනැගිලි පින්තාරුකරන්කු ලෙස කොළඹ ආ බවත් වසර 4කින් ඔහු නොදුටු බවත් ඔහු පොලිසියට කීවේය. බිරිය විදේශ ගතව රැකියාවක් කරන බවත් අවුරුදු තුනක දරුවකු ද ඔහුට සිටින බවත් ඔහු පොලිසියට පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොල්ල ගෙදරින් තරහ වෙලා යන්න ඇති.එහෙම යනවනේ ඉතින් සමහර කොල්ලෝ...කොල්ල ගෙදර මිනිස්සුන්ව මග අරිනවා නම් ගමේ ඉන්න දෙමව්පියෝ කොහොම හොයන්නද ..චන්දිට තාම මේ ලෝකේ සිද්ද වෙන දේවල් ගැන එච්චර තේරුමක් නැහැ වගේ... චන්දිත් බලන්නකෝ මාසයක් විතර කොහේ හරි ඇත පළාතකට ගිහින් අම්මටට කොච්චර ඕනේ වුනත් එහෙම හොයන්න පුලුවන්ද කියල..කවදාවත් හරියට කරුණු කාරනා දන්නේ නැතුව මිනිස්සුන්ට වැරදි පටවන්න එපා නිකන් චන්ඩිය වගේ.. (දී)
චන්දි, මම හිතුවෙම ඔය ඉගෙන ගන්න විදේශයකට ගිහින් ඔයාගේ අම්මා තාත්තා ඔයා ගැන හොයනවා කියලනේ. සමාවෙන්න වැරදියට තේරුම් ගත්තට. (දී)
කව්රු ,මොනවා කිවත්,මේ නැති වෙච්ච දරුවා මගේ පුතාට වඩා අවරුද්දයි වැඩිමල් අදහස් දාපුවා දැක්කම හිතා ගන්න පුළුවන් මෙයාලත් ,දරුවෝ ගැන තියෙන උනන්දුව ..!!!මේ තාත්ත අවරුදු 4කින් පුතාව දැකල නැහැ ,එත් අවරුදු 3ක ළමයෙක් සහ බිරිදක් ඉන්න බව දන්නවා පුදුම පියෙක් ..!බමුණු..,ඔයානම් මහා 60 පිරිච්ච සියා කෙනෙක් වගේනෙ (දී)
අංගුලිමාල මම දැකලා නැහැ. අහලා තියෙනවා.චන්දී,පතන්න හොද අම්මෙක් ලබන්න. තාත්තෙක් ලබන්න. හොඳ දරුවෝ ලබන්න.මංගල සුත්‍රය කියවන්න.පිළිපදින්න. මේ සිද්ධිය ගැන මමත් කම්පාවෙනවා.ඒ දරුවා ගැන පින් දෙනවා. (නි)
චන්දි තොත්ත බබෙක්, පැහැසර අපේ රට ගැන කතා කරන්න එපා.(නදී)
පොලිසියට ආගමක් නැහැ. සල්ලි පමණයි තියෙන්නේ.(නදී)
මම හිතන්නේ මෙතන තියන ලොකුම ප්‍රශ්නේ මෙහම මිනිස්සුන්ව මරල දන්නා පොලිසීයට තියන අයිතිය මොකද්ද කියන එකයි. කාලයක් පාරවල් ගානේ, තවත් කාලයක් ටයර්වල .... හැම ආගමකම කියන්නේ මිනිස් ජීවිතය ගොඩක් වටිනා දෙයක් කියල. අපේ මිනිස්සු හැමදේම බලන්න පුරුදු වෙලා එන්නේ තමන්ගේ දේශපාලන කුහකත්වයත් එක්ක. මේ වගේ දුකක් දැනෙන්න තමන්ටම මේ වගේ දයක් වෙන්න ඕන. (අ)
ඔය හරි අමිල (අ)
ලංකාදීප බලනකොට අතරින් පතර රූපවතී ගේ ජීවිත කතාවත් කියවන්න පුළුවන් අපිට (දී)
දරුවා අවුරුදු 4කින් දැක්කේ නැහැ කියන එකේ තේරුම මොකක්ද? ඒ කියන්නේ මේ පියා දරුවෝ ගැන සොයා බැලුවේ නැහැ කියන එකද?තමන්ගේ දරුවා කොහෙද යන්නේ ,මොනවද කරන්නේ කියලා බලන්නේ නැද්ද? වයස 23ක් කියන්නේ පොඩි දරුවෙක්ද? අවුරුදු 4 කින් නොදැක්කා නම් මේ ළමයා වයස 19දිනෙ ගිහින් තියෙන්නේ. නොසැලකිල්ල නිසා සිදුවෙන මෙවැනි විපත් ගැන ඇත්තටම කනගාටුයි (නි)
චන්ඩි ඔය කියනවා වගේ මමත් කාලයක් ඔය දුක වින්ද ? දරුවාගේ කට හඩ ඇසුවේ නැතිනම් නින්ද යන් නැහැ, දරුවා කෑවද? පාසල් ගියාද? ඒ දුක දන්නේ තවත් දරු දුක දන්නා අම්ම කෙනෙක්ම මිස,වචනයෙන් කියන්න බැහැ, ඒ දුක...? ඒ ත් අද මට ඒදුක දැනෙන් නේ අඩුවෙන් මොකද අද මගේ දරුවා මාසමග විදේශයක අද්‍යාපනය ලබන නිසා ...? මගේ දරුවට අද මගේ සෙනෙහස ලැබෙනවා ..සෑම මවකගේම සිතේ දුක් නිවේවා ! සෑම දරුවෙක්ටම මවගේ සෙනේහය නොඅඩුව ලැබේව !!! (දී)
ආර්ථිකය දුර්වල කට්ටිය විදේශ වලට රැකියා කරන්න ගියාම අවුල්ද (දී)
අනේ ජයා,ඔයා නොදන්නවා උනාට .. ,මන් මේ හොයා බලන්නේ මගේ ඇස් දෙක වගේ ඉන්න පුතාල දෙන්න ගැනයි!! කොහොමත් තාත්තෙකුට වඩා දරුවෝ ගැන අම්ම කෙනෙක් ගොඩක් සැලකිලිමත් වෙනවානේද...?මොකද කියන්නේ මගේ වචනෙට එකගද නැද්ද...? (දී)
අනේ ජයා,ඔයා නොදන්නවා උනාට .. ,මන් මේ හොයා බලන්නේ මගේ ඇස් දෙක වගේ ඉන්න පුතාල දෙන්න ගැනයි!! කොහොමත් තාත්තෙකුට වඩා දරුවෝ ගැන අම්ම කෙනෙක් ගොඩක් සැලකිලිමත් වෙනවානේද...?මොකද කියන්නේ මගේ වචනෙට එකගද නැද්ද...? (දී)
චන්දිගේ අම්මටයි , තාත්තටයි , චන්දිව විස්වාස නැතුවද කොහෙද ඒකනේ ඔය හොයන්නේ.(නදී)
චන්දි, ඔය වගේ හැම පවුලම වාසනාවන්ත නැහැ. (නි)
අමිල,ඔයා මාව තේරුම් අරන් නැහැ වගේ,මන් කියන්නේ අම්මෙක්,තාත්තෙක් ,තමන්ගේ දරුවෙක් වසර4ක් නොදැක,නොබලා ඉන්නේ කොහොමද..? අපි මේ රට ඉදගෙනත් හැමදාම කෝල් කරලා බලනවා.දැන් ස්කිප් තියෙන නිසා හැමදාම බැරිනම් දවසක් හැර දවසක් බලනවා මොනවද කරන්නේ,කොහෙද යන්නේ එන්නේ ඒක දෙමාපියන් වුන අපගේ යුතුකම නේද..?දැනුත් මම වැරදිද අමිල (දී)
චන්දි, ඔයා හරියට බබෙක් වගේනේ කතාකරන්නේ , අවුරුදු 19 කියන්නේ වැඩිහිටියෙක් , පියාට පුළුවන් ද දරුවන් මැරෙනකම් පස්සෙන් එලව එලවා හුරතල් කරන්න.(නදී)