ත්‍රස්ත විමර්ශන පොලිසියේ පරීක්ෂකයකු ලෙස පෙනී සිටිමින් කෝට්ටේ දෙමළ වෛද්‍යවරයකුගේ පුතකුගෙන් රුපියල් 70,000ක කප්පමක් ගත් බව කියන බලපිටිය පොලිසියේ හිටපු උප සේවා පොලිස් පරීක්ෂකවරයෙක් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දුරකතන නාමාවලිය බලා දෙමළ මිනිසුනට කතා කර ඔවුන් කොටි සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි චෝදනා කර කිහිප දෙනකුගෙන් ඔහු කප්පම් කා ඇතැයි පොලිසිය කියයි.
වාහනයකින් ගමන් කරද්දී පානදුර පාලම උඩදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උල තියන්න ඕනෑ. දෙමල මිනිස්සුත් මේ රටේ අයිතිවාසිකම් තියෙන මිනිස්සු ,මොවුන් අපේ ජාතියට රටට කැලකක්. උපරිම දඬුවම් දිය යුතුයි (නි)
බළපිටියේ තියෙන්නේ පාතාලයක් විතරයි. (නි)
අදායම් බදු එක්ක තර්ජනය කරලා බදු ගන්නවා වගේ වැඩක්.(නදී)
මෙයා අර කොස්ගොඩ නදුන් කියන හිටපු උප පොලිස් පරික්ෂක ගේ කෙනෙක්ද දන්නේ නැහැ.? කොහොම නමුත් හොරයක් නැත්නම් ඇයි මෙච්චර කාලයක් කප්පම් දුන්නේ ? කොහොම නමුත් මේ දොස්තර මහතාගේ පුතා ගැනත් හොයලා බලන්න.(නදී)
මෙයාගේ සේවා කාලය කොහොම ඇතිද ?(නදී)
අන්තිම කප්පම කිව්වේ ? මින් පස්සේ මිනිහ නැද්ද නැත්නම් පොලිස්කාරයා නැද්ද ?(නදී)
බලපිටියේ පොලිසියක් තියෙනවද? මන් හිටි කාලේ නම් අහුන්ගල්ලේ අම්බලන්ගොඩ හැර බලපිටියේනම් තිබ්බේ නැහැ. (නදී)
මේ වැඩේ කරන්න පරක්කු වැඩී 2005/2009 වගේ කාලෙක කරානම් හොදට හම්බ කරගන්න තිබුන අරය හින්ද සේරම අතේ පත්තුවෙනවා මේ කලේ (අ)
මේවගේ අයව යුනිෆෝම් එක පිටින්ම එල්ලුම් ගහට යවන්න තියෙන්නේ. අසාධාරණයෙන් හම්බු කරන් කන මිනිස්සු. (දී)
යුනිෆෝම් එක එල්ලන්න කියන්නේ හරියට යුනිෆෝම් එක කප්පම් ගත්ත වගේනේ. එල්ලන කෙනෙක් යුනිෆෝම් ගලවලා එල්ලන්න. ඕවට වියදම් කරලා තියෙන්නේ රටේ බදු ගෙවන මිනිස්සු. (නදී)
වරුණ කට කට! අයිත් පටන්ගත්ත! (ත)