ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයකු මිනී මැරුමක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටියදී තවත් මනුෂ්‍ය ඝාතනයක් කළැයි රිමාන්ඩ් ගත කැර ඇතැයි ගල්කිරියාගම පොලීසිය කියයි.
නාරම්මල හොරොන්බාවේ ඩී එම් පී වික්‍රමරත්න එම සැරයන් බවත් පලාගල පහලගම කේ ඩී එන් ධර්මසිරි රණතුංග නම් යතුරුපැදිකරු 2011 -6 -20 වැනිදා වෙඩි තබා මරා යතුරුපැදිය ද පැහැරගෙන ගොස් ඇති බවත් පොලීසියට පැමිණිලි කැර තිබේ.ඒ අනුව මෙම සැරයන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් අලුගෝසුවන් බදවා ගන්න ඕනේ නැහැ බලෙන්ම මේ අයගෙන් කෙනෙක් පත් කලනම් හරිනේ (දී)
මෙයාට පිස්සුද එහෙම නැතිනම් හැටිද (දී)
දවල්ට පොලිස්, රෑට මිනිමැරුම් මංකොල්ල (නි)
මෙයාටත් පොලිස් වෙදකම කළා නම් හරිනේ (නි)
ඔය කියවෙන්නේ කෙලින්ම කරපු මිනීමැරුම් ගැනනේ. ඒ අනුව හිතාගන්න බැරිද පොලිසියට අල්ලගෙන එන සැකකරුවන්ට කොහොම සළකන්න ඇද්ද කියලා? හිතනකොටත් බයයි. (නි)
පවු අනේ සාජන් මහත්තයා.තව සැරයක් දෙකක් ඇප දීල එලියට දාන්න. (නදී)
මෙයා ඇමති ආරක්ෂක නිසා ඉක්මනින්ම එළියට එයි. සුබ අනාගතයක් (නි)
ධම්මෝ හවේ රක්කති ධම්ම චාරි (ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ.) උතුම් ධර්ම චක්‍රය මැදිකර ගනිමින් මේ උතුම් ධර්මොපදෙසය ආදර්ශ පාටය ලෙස නිල කබායේ දරාගෙන ඇතැමුන් කරන මේ දේවලින් බුදු දහමටත් කරන්නේ නින්දාවක්. වහාම නිල ලාංඡනය සංසෝදනය කිරීමට කාලය ඇවිත්.(නදී)
ස්වාමින්වහන්ස, මට හිතෙන විදියට නිල ලාංඡනය සංසෝදනය කිරීමට වඩා හමුදා පොලිසි සංසෝධනය කල යුතුයි. මේ අය දුෂණ, අපරාධ සහ මැරකම් වලින් පිරිලා. අද මුළු රටම සංසෝධනය කල යුතු තත්වයකට පත් වෙලා.(නදී)
ඔය ආරක්ශක අංශ වල අපරාධ වලට සැකකරන මහත්වරුන්ගේ වැඩ හරියට අර අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත් වැල් පොලිය වගෙයි.එකක් ඉවර වෙන්න කලින් තව එකක්.ඒක පස්සෙන් තව එකක්. (නි)
දැන් පොලිසි වලයි, ආමි එකෙයි අයට වැඩිපුර වැඩ නැහැනේ (නි)
උපරතන හාමුදුරුවනේ, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, අපේ හාමුදුරුවනේ. ඔය ධර්ම චක්‍රය පොලිසියේ නිළ ඇඳුමට සවි කරන්න කියලා කිවුවේ ඇයි? දලයි ලාමාටවත් බැරිවුණා මේ ගැන යමක් කියන්න. මෙහෙම යනකොට බුදු දහම ඉතුරු වෙයිද අපේ හිමියනේ? (නි)