IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පොලිස් හොරකම අල්ලන්න පොලිසිය කනප්පු කරකවයි?

කළුතර කටුකුරුන්ද පොලිස් සුභසාදක සංගමයේ රුපියල් 13 ලක්ෂයක් සොරා ගත් හොරුන් ඇල්ලීම සඳහා පොලීසිය කනප්පුවක් කරකැවූ බව පොලිස් ආරංචි කියයි.

කුරුණෑගල පැත්තෙන් ගෙන ආ බව කියන කට්ටඩියකු කනප්පුවට මතුරා දේව ගණයේ දෙදෙනකු ලවා කනප්පුව කරකැවූ බවත් එම ආරංචි පවසයි.

ඉරිදා මෙම ගුරුකම කර ඇත.

දේව ගණයේ දෙදෙනා පොලිස් සාමාජිකයන්ගේ පවුල්වලින්ම තෝරා ගෙන ඇත.

කනප්පුව පුස්තකාලයටත් සමූපකාරයටත් ‘ගමන්‘කළ බවත් ඉන් පසු සල්ලි තැන්පත් කර තිබූ ලොකරය ළඟ නැවතුණු බවත් කියති.

පසුගිය 24 වැනිදා මෙම සොරකම වාර්තා විය.

පොලිස් සමූපාකාර සමිතියේ එකතුවූ මුදල් ද, පසු දින බඩු ගැනීමට තිබුණු මුදල් ද සොරා ගෙන ඇත.

සමූපකරයේ දොර කඩා නැති බව ද වාර්තා විය.

සොරුන් ඇල්ලීම සඳහා දකුණු කළුතර පොලීසිය පරීක්ෂණ පවත්වද්දී කනප්පු කර කැවීම කර ඇත්තේ පරීක්ෂකයන්ගේ අනුදැනුමකින් තොවය යැයි ද කියති.

මේ ගැන විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ එවැනි සිද්ධියක් නොවූ බව කළුතර පොලිස් නිලධරයන් පවසන බවයි.



අදහස් (0)

පොලිස් හොරකම අල්ලන්න පොලිසිය කනප්පු කරකවයි?

අනුර Tuesday, 02 April 2013 05:02 AM

කිසිවක් නොකර සිටිනවාට වඩා යමක් කරන එක හොදයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 01 April 2013 07:34 PM

මේ වගේ දේවල් නීතියට අනුකූලද?(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Monday, 01 April 2013 07:59 PM

ආසියාවේ ආස්චර්යයේ නාඩගම. සාජන්ට් නල්ලතම්බි ලත් ඉන්නවා.(නදී)

:       0       0

සරත් Monday, 01 April 2013 03:06 PM

දැන් එහෙනම් හොරු අල්ලන්න කනප්පු කරකවමු. ආයේ පොලීසි ගානේ රස්තියාදු වෙන්න ඕනෙම නැහැ. (ස)

:       0       0

ගාමිණි Monday, 01 April 2013 03:04 PM

අනේ ! අර හීරෝස් පොලිස් සුනඛයාට කරන අවනම්බුවක මහත‍ ! (ස)

:       0       0

කනා Tuesday, 02 April 2013 08:34 AM

ඇත්තටම පොලිසියේ සමහරු කනප්පුවක් තරම්වත් වැඩක් නැහැ. (නි)

:       0       0

වරුණ Monday, 01 April 2013 03:18 PM

නවීන තාක්ෂණයට වඩා මේවා හොදයි (දී)

:       0       0

කනා Tuesday, 02 April 2013 08:27 AM

ඇත්තටම පොලිසියේ සමහරු කනප්පුවක් තරම්වත් වැඩක් නැහැ . (නදී)

:       0       0

සතිෂ් Monday, 01 April 2013 08:49 PM

මොනවා කලත් අන්තිමට් අපේ උරුමය සොයා එන්න වෙනවා(දී)

:       0       0

රිස්වාන් - සව්දි. Monday, 01 April 2013 03:46 PM

දැන් පොලිස් බල්ලන්ට වැඩ නැති වෙනවා. (ස)

:       0       0

ඕෂධී Tuesday, 02 April 2013 01:31 PM

අන්තිමට මොන තාක්ෂනය තිබුනත් මෙතන තමයි නතර වෙන්නේ (දී)

:       0       0

තිසල් Monday, 01 April 2013 04:03 PM

පොලිසිය රිවර්ස් ජියර් එකෙන් 21 වෙනි සියවසෙන් 18 වෙනි සියවසට යන්න හදනවා. හැම පොලිසියකටම මන්ත්‍ර ගුරුකම් හූනියන් කළුවර අදුන බැලිය හැකි අය බදවාගන්න.(නදී)

:       0       0

බන්දුල Tuesday, 02 April 2013 09:42 AM

ගමේ කසිප්පු අල්ලන්නත් කනප්පු කැරකෙවුවා නම් හරි නේද? (නි)

:       0       0

එරංග Monday, 01 April 2013 10:03 PM

අපි හැම සොරකමකටම මේක යොදා ගනිමු (දී)

:       0       0

කේ. හේමසර හිමි Monday, 01 April 2013 05:10 PM

රට හිනස්සවන වැඩ මේවා.(නදී)

:       0       0

කමල් Monday, 01 April 2013 10:43 PM

ඉතින් අපි ස්ථානාධිපති ධූරයට කට්ටඩියෙක්ව පත්කරමුකෝ. (නි)

:       0       0

පාලිත Monday, 01 April 2013 10:46 PM

මට හිනා යනවා (දී)

:       0       0

රංග ශානි Monday, 01 April 2013 10:55 PM

මොනවද මේ වැඩ? මේවා වෙන රටවලට එහෙම දැනගන්න තියන්නවත් එපා. (නි)

:       0       0

තිලංක Monday, 01 April 2013 05:15 PM

පොලිසිය කනප්පු කරකවල???(නදී)

:       0       0

පෙරේරා_ඕමාන් Monday, 01 April 2013 05:37 PM

පොලිසියට පිට හොරු අල්ලන්න පුලුවන්නම් මොකද ඇතුලේ හොරු අල්ලන්න බැරි. ජනතාව නොමග යවන්න හදනවා . එහෙමනම් පොලිසිවලට මන්තරකාරයෝ ටිකක් බදවාගත්තනම් වැඩේ හරි.(නදී)

:       0       0

පෙරේරා Monday, 01 April 2013 05:53 PM

පොලිසි තිබුනේ ඉස්සර. දැන් යුනිපෝම් ඇදගත්ත මැර කන්ඩායමක් විතරයි.(නදී)

:       0       0

ලංකාසිරි Monday, 01 April 2013 06:04 PM

පොලිසියේ තක්කඩි ගොඩට කට්ටඩි ගොඩකුත් එකතුවුනාම තමයි හරි.(නදී)

:       0       0

සතිෂ් Tuesday, 02 April 2013 12:34 AM

පොලිසිය කනප්පුව කරකැවුවට කනප්පුව කැරකිලා තියෙන්නෙ පොලිසිය වටේමනේ. (නි)

:       0       0

මෙත්සිරි Tuesday, 02 April 2013 02:05 AM

මොනවා කලත් අන්තිමට පරණ ක්‍රමයට එන්නම වෙනවා (දී)

:       0       0

කමල් Monday, 01 April 2013 06:57 PM

ගුප්ත දේ ගැන මාගේ විශ්වාසයක් නැතත්, මෙහි යම් විද්‍යාවක් තිබෙනවාදැයි සොයා බලා පරිහරණයට ගත හැකි නම් භාවිතය වැරදි නැහැ නේද? පොලිස් නිල සුනඛ අංශය මෙන්ම. පොලිස් නිල කනප්පු කැරකවීමේ අංශය කියලා එකකුත් හදමු. මෙය විහළුවක් නොවන බවත් සලකන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 524 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 58 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 413 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 508 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 704 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1000 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site